News Category
From Date
To Date
Maximum Number of Result

ගෘහයේ සීමාවෙන් මිදී ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ පළමු ගෘහ නිර්මාණ ශිල්පිනිය..

Aug 24, 2026 at 04:27 PM
|

👉 ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.  

👉 අදින් වසර 108කට පෙර එනම් 1918 පෙබරවාරි 01 වැනිදා මහනුවර දී මෙලොව එළිය දුටු ඇගේ නම මිනෙට් ද සිල්වාය. 

👉 ඇගේ පියා, ශ්‍රී ලංකාවේ ප්‍රකට නීතිඥයෙකු හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ ජෝර්ජ් ඊ. ද සිල්වා ය. මව, කාන්තා ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් කළ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිනියක වූ ඇග්නස් ද සිල්වා ය.

👉 කුඩා කල සිටම ආනන්ද කුමාරස්වාමි වැනි සංස්කෘතික දැවැන්තයන්ගේ ඇසුර ලබමින් පෝෂණය වූ ඇය, එදවස පිරිමින්ට සීමා වී තිබූ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රය තෝරා ගත්තේ සැබෑම අභියෝගයක් ලෙසිනි. මුම්බායි නුවරින් මූලික අධ්‍යාපනය ලබා, පසුව බි්‍රතාන්‍යයේ සුප්‍රකට Architectural Association School of Architecture  වෙත ගිය ඇය, එහි අධ්‍යාපනය ලබා Royal Institute of British Architects  හි ලියාපදිංචි වූ ප්‍රථම ආසියාතික කාන්තාව බවට පත් වූවාය.

👉 1948දී ලංකාව නිදහස ලබන විට, මිනෙට් ද සිල්වා ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වී සිටියාය. නූතන ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ ලෝක ශිඛරය ලෙස සැලකුණු CIAM (Congrès Internationaux dz Architecture Moderne) සංවිධානයට තේරී පත් වූ පළමු ආසියාතික කාන්තාව වූයේද ඇයයි. ලෝ කොර්බුසියර්, වෝල්ටර් ග්‍රෝපියස් සහ පැබ්ලෝ පිකාසෝ වැනි කලා හා ගෘහ නිර්මාණ ලෝකයේ දැවැන්තයන් සමඟ එකට හිඳ අදහස් හුවමාරු කරගත් ඇය, බටහිර අදහස් ඒ අයුරින්ම කොපි නොකර, තමන්ගේ රටේ පසට ගැළපෙන පරිදි ඒවා නැවත අර්ථකථනය කිරීමට තරම් දැක්මක් ඇති තැනැත්තියක වූවාය.

👉 ඇය බටහිර අනුකරණය එකහෙළා ප්‍රතික්ෂේප කරමින් නූතනත්වයට ශ්‍රී ලාංකේය අභිමානය එක් කළාය. 1951දී මහනුවර නිර්මාණය කළ කරුණාරත්න නිවස හරහා කඳු බෑවුමක ස්වාභාවික පරිසරයට කිසි අයුරකින් හානි නොකර ගොඩනැගිල්ලක් තනන්නේ කෙසේදැයි ඇය ලෝකයට පෙන්වා දුන්නාය. එහි ජෝර්ජ් කීට්ගේ බිතුසිතුවම් මෙන්ම ස්වාභාවික ආලෝක රටාද අඩංගු විය. 

👉 1952දී කොළඹ ඉදි කළ පීරිස් හවුස් මගින් මහලින් උසස් කළ ටෙරස්, ‘මැද මිදුල‘ සහ කබොක් ගල් භාවිත කරමින් උෂ්ණ කලාපීය නිවසකට නවීනතම ආදර්ශයක් දුන් ඇය, 1957 දී සේනානායක ෆ්ලැට්ස් නිවාස සංකීරණය  හරහා මහල් නිවාස සංකල්පයට නූතන භාවයක් එකතු කළාය.

👉 එපමණක් නොව, 1958දී මහනුවර ඇරඹි වටපුළුව නිවාස යෝජනා ක්‍රමය හෙවත් ”88 Acres” ව්‍යාපෘතිය ආසියාවේ ප්‍රථම ජන සහභාගීත්ව නිවාස ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එකතු විය. එහිදී රජයේ සුළු සේවකයන්ගේ සිට ඉහළ නිලධාරීන් දක්වා විවිධ ජාතීන්ට අයත් ජනතාවගේ අදහස් විමසමින්, භූමියේ හැඩයට ගැළපෙන පරිදි අඩුවියදම් ගෙවල් 250ක් සැලසුම් කිරීමට ඇය සමත් වූවාය. පසුව 1982දී මහනුවර සාම්ප්‍රදායික උළු වහලවල් සහ විවෘත මණ්ඩප භාවිත කරමින් ඇය නිර්මාණය කළ මහනුවර සංස්කෘතික මධ්‍යස්ථානය ඇගේ තවත් අග්‍රගණ්‍ය නිර්මාණයකි.

👉 මිනෙට්ගේ ගොඩනැගිල්ලක් යනු හුදෙක් බිත්ති හතරක් නොව, දේශීය කලාගාරයකි. ඇය තමන්ගේ ගොඩනැගිලි අලංකාර කිරීමට දුම්බර රටා පැදුරු, දඹුළු පැදුරු, ලී කැටයම්, බතික්, මැටි භාණ්ඩ සහ අතින් වියන ලද රෙදිපිළි සෘජුවම භාවිත කළාය. ඇය ගොඩනැගිලි සැලසුම් කරන අතර, ගැමි හස්ත කර්මාන්ත කරුවන්ටද ස්ථිර ජීවනෝපායක් උදා කර දුන්නාය. 

👉 විසිවැනි සියවසේ මැද භාගයේ, ගොඩනැගිලි හදන මේසන් බාස්වරුන් මෙහෙයවීම කාන්තාවකට ලෙහෙසි පහසු වූයේ නැත. පිරිමි ආධිපත්‍යය පැවති ක්ෂේත්‍රය තුළ ව්‍යාපෘති අහිමිවීම් සහ වෘත්තීය නොසලකා හැරීම් ඇයට අඩුවක් නැති වුවද, ඇය සිය අසමසම හැකියාවෙන්ම ඒ සියල්ලට පිළිතුරු දුන්නාය. ඇය ලියූ The Life and Work of an Asian Woman Architect  නම් ස්වයං චරිතාපදානය, ආසියානු කාන්තා ගෘහ නිර්මාණ ශිල්පිනියකගේ අභියෝගාත්මක අත්දැකීම් ලෝකයට හෙළි කළ ඓතිහාසික ලියවිල්ලකි.

👉 කාලයේ වැලි තලාවෙන් යටපත් කිරීමට තැත් කළද, මෑත දශකවලදී ලෝක ගෘහ නිර්මාණ විද්වතුන් සහ ජාත්‍යන්තර කෞතුකාගාර මිනෙට් ද සිල්වාගේ නිර්මාණ නැවත නැවතත් හදාරන්නට පටන් ගෙන ඇත. 

👉 1998 දී ජීවිතයෙන් සමුගත් මිනෙට් ද සිල්වා අපට කියා දුන්නේ සැබෑ නවෝත්පාදනය යනු පිටරටින් එන අදහස් ඒ අයුරින්ම කොපි කිරීම නොව, තමන්ගේ රටේ පස, පරිසරය සහ සංස්කෘතිය අවබෝධ කරගෙන ඒවා නවීන ලෝකයට ගැළපෙන ලෙස නැවත අර්ථකථනය කිරීම බවය.

- Next page සමාජ මාධ්‍ය පිටුවෙන්

සම්බන්ධිත පුවත් | Related News

නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ජනාධිපති අනුර ප්‍රසිද්ධ මාධ්‍යයේ පුරසාරම් කියලා, බලහත්කාරයෙන් තමන් තනතුර දුන්නා කියපු සංචාරක සංවර්ධන මණ්ඩලයේ බුද්ධික හේවාවසම් තමන්ගේ අස්වීම දීලා ගෙදර ගියා.
ජනතාව ආන්ඩු මාරු කරන්නේය. ආන්ඩුව ජනතාවට බලය ගැනීමට පෙර නොයෙක් තර්ක ඉදිරිපත් කරන්නේය.
මෙයට සියවසකට පෙර අද එනම් 1926 වසරේ අගෝස්තු මස 11 වැනි දින සවස මරදාන හන්දිය අමුතු සිරියක් ගත්තේය. එවකට කොළඔ නගරාධිපති හියුබර්ට් අර්නස්ට් නිව්න්හැම් මරදාන පාරත් පංචිකාවත්ත පාරත් යා කළ හන්දියේ ඉදිවුණු අලුත්ම ගොඩනැගිල්ල විවෘත කරන්නට පැමිණියේය.
ආහාර පිසීමේදී හෝ නැවත නැවත බැදීමේදී වුවද පොල්තෙල් භාවිත කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමේ කිසිදු අවදානමක් නොමැති බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

වොෂින්ටනයේ තීරුබදු තර්ජනය හමුවේ කැනඩාව "චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්" දියත් කර ඇත. එනම් තීරණාත්මකව හා සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම; ස්වෛරීභාවය පිළිබඳ කිසිදු සම්මුතියකට නොපැමිණීම; සහ නීති රීති හා නීත්‍යානුකූල පියවරයන් වෙත යොමු වීමයි. ඇමරිකාවේ සමීපතම හිටපු මිත්‍රයෙකු වන කැනඩාවේ මෙම පියවරෙන් පැහැදිලි වන්නේ එක් දෙයකි. නීති රීති මත තනි අයිතිය පවත්වාගෙන යාමට හෝ අන් අයගේ අනාගතය තීරණය කිරීමට කිසිදු රටකට විශේෂ වරප්‍රසාදයක් නොමැත.

වියට්නාමයට 81යි: නිදහස සඳහා වූ අරගලයේ සිට ලෝකය තුළ විශ්වාසයෙන් නැගී සිටින ජාතියක් දක්වා

2026 සැප්තැම්බර් 2 වැනිදා සමාජවාදී වියට්නාම් ජනරජයේ ජාතික දිනයේ 81 වැනි සංවත්සරය සනිටුහන් කරයි. 1945 වසරේ වියට්නාම නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එරට ඉතිහාසයේ නව යුගයක් ආරම්භ වූ ඓතිහාසික අවස්ථාව මෙම දිනය මගින් සිහිපත් කෙරේ.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස බරපතළ කුමන්ත්‍රණ දෙකක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්

හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට පිටුපස රට බෙදීමේ සහ ඉස්ලාම් අන්තවාදය ආරක්ෂා කිරීමේ බරපතළ කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳව වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනෝමතිකව.. කිසිදු වාර්තාවක හෝ සාක්ෂියක ඔහුගේ නම නෑ.. – නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයන් රැසක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවත්, ඒ සඳහා කිසිදු නෛතික හෝ සාක්ෂිමය පදනමක් නොමැති බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පැවසීය.

සුරේෂ් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධීයි.. - මේජර් අජිත් ප්‍රසන්න

මේජර් ජෙනරල් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධී බව මවිබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න ප්‍රකාශ කරයි.

සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එයට වගකිවයුතුයි.. - ජාතික සංවිධාන එකමුතුව

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණයට ඉදිරිපත්කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට අවධාරණය කරයි.

පළාත් සභාවලට අධිකරණ බලය?.. - 22 සංශෝධනයේ සැඟවුනු කතාව එළියට..

හිරු සලකුණ වැඩසටහනේදී එම වැඩසටහනට පැමිණි නීතිඥවරුන් විසින් 22 සංශෝධනය පිටුපස ඇති සැඟවුණු කරුණු රැසක් හෙළිදරව් කර ඇති අතර, 22 සංශෝධනයෙන් ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීම මගින් රටේ ඒකීය භාවයට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට ද එහිදී කරුණු අනාවරණය කර ඇත.

2025 දී අත්සන් කළ ඉන්දු- ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්‍රියාත්මක කරන්නැයි කියන්න ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට..

ලබන මස මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් තබන ලද ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම (MoU) ඉක්මනින් හා පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

අමෙරිකාවේ පරාජය අත ළඟ: අමෙරිකාවට ඉරාන යුද්ධය ජයගත නොහැක්කේ ඇයි?

එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම දෛනික බෝම්බ ප්‍රහාර සහ පළිගැනීමේ ප්‍රහාර මාලාවක් බවට මේ වන විට පත්ව ඇත. මේ තත්වය තුළ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හිමි රාජ්‍ය පාලකයෝ මෙන්ම සාමාන්‍ය ජනයා හුස්ම හිරකරගෙන, ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටිති.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනවා.. ඔවුන් වැටෙන්නේ පාතාලයන් ළඟට.. - සිරගෙවල්වල ආතතියට හේතුව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි.

රටම එකට ක්‍රියාවලිය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන බවත්, ඔවුන් වින්දිතයන් බවත්, ඔවුන්ව උසාවි දැමූ පසු ඇප ලබා නොදීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරයට යාමට සිදුවන බවත් එහිදී ඔවුන් වැටෙන්නේ පාතාල අපරාධකරුවන් අතරට බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

"කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" - අධිකරණ ඇමති කියයි

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් "කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" යනුවෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව රැසක දැඩි විරෝධයක් එල්ල වී තිබේ .

කාදිනල්හිමි ඉල්ලන්නේ අසත්‍ය තොරතුරු මත පදනම්වූ සලේගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම නම් කාදිනල්හිමිගේ පෙත්සමටත් අත්විය යුත්තේ එම ඉරණම නොවේද?

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉදිරිපත් කර ඇති පෙත්සම, සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කරුණු මත පදනම් වූවක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලිපියක් මගින් කරුණු අනාවරණය කරයි.

22 වන සංශෝධනය පිටුපස දෙමළ ඩයස්පෝරාවේ බලපෑමක් තිබිය හැකියි.. – නීතිඥ ගාමිණී අල්විස්

රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමක් මත සිදුවන්නක් විය හැකි බව නීතිඥ ගාමිණී අල්විස් මහතා පවසයි.

ශිරාණි බණ්ඩාරනායකව තනතුරෙන් ඉවත් කළේ ඒකීය ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාතී වූ තීන්දු දුන් නිසයි.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය ලබාදුන් නඩු තීන්දු 5ක් පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසන්නේ එම නඩු තීන්දු ඒකීය රටක් තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාති වූ නඩුතීන්දු ලෙස හැඳින්විය හැකි බවයි.

Meta පැරදුණත් ජනතාව වහලුන්ද?.. - Meta නඩුව පිටුපස ඇති ඇත්ත මෙන්න..

සමාජ මාධ්‍ය වේදිකාවලට පරිශීලකයින් ඇබ්බැහි කරවීම, පරිශීලක දත්ත සඟවා රැස්කිරීම සහ විශේෂයෙන්ම ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදුකිරීම යන චෝදනා පදනම් කරගනිමින් Meta සමාගමට එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණයකදී නඩු විභාගයක් ආරම්භ වී තිබේ. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 29ක් එක්ව ගොනුකර ඇති මෙම නඩුව සඳහා කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත නීතිපතිවරුන් ප්‍රධාන වශයෙන් පෙනී සිටියි.

22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.