වඩමරච්චි මෙහෙයුම 1987 මැයි 26 දා සිට ජූනි 04 දක්වා, සටනට පෙර සහ පසු සිදුවීම්..
1985 ශ්‍රීමහා බෝධි ප්‍රහාරයත්, 1987 අරංතලා භික්ශු ඝාතනයත්, 1987 කිතුල් උතුව බස් මගී සමූල ඝාථනයත් නිසා කොටින් මර්ධනය කිරීම සඳහා ඉක්මනින්ම ගත හැකිව තිබූ කුමන හෝ ප්‍රහාරාත්මක මෙහෙයුමක් වෙත යොමුවීමට රජයට සිදුව තිබුනා. එහෙත් එවකට හමුදාව සතුව තිබුනු සීමිත පිරිස් බලය සහ යුධෝපකරණ හැකියාව නිසාත් 'පහරදී පැනයන' Hit & Run පන්නයේ ගරිල්ලා සටනකදී රජයේ හමුදාවට කලහැකි තේරීම් ප්‍රමාණය ඉතාම අඩුය.
එවැනි සංදර්භය යටතේ තමන් සතු ඉතා සීමිත සම්පත් හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන අත්කර ගැනීම සඳහා කලහැකි හොඳම තේරීම වූයේ යාපනය අර්ධ ද්වීපයේ වඩමරච්චිය අල්ලා ගැනීමයි එමගින් කොටි තමන්ගේ සියලු සැපයුම් සඳහා යොදා ගනිමින් තිබුනු වෙල්වැටිතුරය සහ තමිල් නාඩුව අතර තිබූ ඉපැරනි හොරබඩු මාවත අවුරා දැමීමට හැකිවන නිසාය. උතුරේ සටන්කාමීන් ඒ වනවිට තම සියළු සැපයුම් කරගනිමින් සිටියේ මේ හරහාය. සටන් වලින් තුවාල ලබන තම සාමාජිකයින් වැඩිදුර ප්‍රථිකාර සඳහා තමිල්නාඩුව වෙත ගෙන යන්නේද මේ මාර්‍ගයෙනි.
1987 මැයි 26 දා උදේ සමස්ථ යාපනය අර්ධ ද්වීපයට ඇඳිරි නීතිය පනවා ගුවනින් අවවාද පත්‍රිකා හෙලුව සාමාන්‍ය වැසියන්හට පාසල් කෝවිල් වැනි ආරක්ෂිත ස්ථාන කරා රොක්වන ලෙස.
නාවික හමුදාව වෙත්තිලකර්නි නගර්කෝවිල් මනල්කාඩු ඔස්සේ කන්කසන්තුරය දක්වා මුහුදු ආවේක්ශන කළාපයක තමන් සතුව පැවති සුලු නාවික යාත්‍රා ප්‍රමාණය ස්ථානගත කලා. ගුවන් හමුදාව Siai Marchettis වර්ගයේ කුඩා ගුවන් යානා 6 ක් භූමි ඉලක්ක සඳහා පහර දීමටත්, ඇව්රෝ යානා දෙක සැපයුම් සහ තුවාල කරුවන් ඉවත් කිරීමේ මෙහෙයුම් වලටත්, බෙල් හෙලිකොප්ටර් යානා 4ක් පමන ක්ශණික ගුවන් ආවරණ වෙඩි සහාය සැපයීමටත් යොදවා තිබුනා. යුද හමුදාව එවකට තමන් සතුව තිබූ උපරිම ප්‍රහාරක බළය වූ 5000 ක පමන සෙබල පිරිසක් මෙහෙයුම සඳහා යොදවා තිබුනා.
පළමුවන බ්‍රිගේඩය බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ අණදීම යටතේ තොන්ඩමනාරු වලින් වඩමරච්චිය වෙත අතුලුවෙද්දී කර්නල් විජය විමලරත්නගේ අණදීම යටතේ දෙවන ප්‍රහාරක බ්‍රිගේඩය ඊට 8 කි.මී දකුණට වන්නට පැති ආරක්ශාව සපයමින් ප්‍රහාරය දියත් කලා. උදෑසන 8 ට පමන ක්ෂනික විහිදුම් බලකාය ( RD F) හෙලිකොප්ටර් යානා අටකින් පමන ( එවකට ගුවන් හමුදාව සතුව තුබුනේ හෙලි යානා 8 ක් පමනයි ) පලාලි වලින් ගුවන්ගත වෙලා කරවෙඩ්ඩි හන්දියෙන් ගොඩබැහැල තාවකාලික කදවුරක් ඉදිකිරීමට කටයුතු කලා . ඒවනවිට වඩමරාච්චි සටන ආරම්භවී නොතිබු බැවින් හමුදා කදවුරක් එම ස්තානයේ ඉදිකරන්න යනවයැයි සිතූ කොටි RDF භටපිරිස් වෙත දැඩි ප්‍රහාරයක් එල්ලකලා. වඩමාරාච්චි සටනේ පලමු වෙඩිප්‍රහාරය ආරම්භ උනේ එයයි. මේ සමග කොමාණ්ඩෝ බලඝනයක් වඩමරච්චි සටන් කළාපයට දකුනින් මුහුදින් ලඟාවී නැවැත්වීමේ බලකා Blocks ලෙස යෙදවුවා.
මීට අමතරව වඩමරච්චි මෙහෙයුමට මූලාරම්භයක් ගැනීම සහ කොටින්ට සැබෑ මෙහෙයුම පිලිබඳව නිශ්චිත නිගමනයක එළැඹීමට නොහැකි වන පරිදි අවධානය වෙනතක යොමුකිරීමේ ව්‍යාජ මෙහෙයුම් ගනනාවක්ම මැයි 18 දා සිට තොන්ඩමනාරු, කුරුම්බසෙට්ටි, කඩ්ඩුවාන් සහ නාවක්කලු ප්‍රදේශ වල සිට දියත් කලා. ඊට අමතරව 1 වන සිංහ රෙජිමේන්තුව අලිමංකඩ සිට අයියකච්චිය දක්වා ඉදිරි ගමනක යෙදුනා.
පළමු බ්‍රිගේඩයේ ගමන අඩපන කිරීම සඳහා කොටින් තොන්ඩමනාරු පාළම පුපුරුවාහැරි නිසා ඉදිරි ගමන අඩාල වුනත් ඉංජිනේරු බළකායේ උදව්වෙන් කිසියම් පිළිසකර කරගැනීමකින් පසු ප්‍රමාදවී ඉදිරි ගමන ඇරඹුනා. කොටින් තම භූමිය ආරක්ශා කරගැනීම සඳහා බිහිසුනු සටනකට අවතීර්ණවූ අතර හමුදාවට විශාල වශයෙන් හානි සිදුවුනා. වෙල්වැටිතුරෙයි ප්‍රදේශය ආරක්ශා කරගැනීම සඳහා තීරණාත්මක සටනකට කොටින් අවතීර්ණය වන්නේ එහි ඔවුන්ගේ 'කැනඩා බංකරය' නමැති දෙමහල් රක්ශණීය මුරපල පළමුවන ඊළාම් සටනේ භාවාත්මක සංකේතයක් වූ නිසායි.
කාලතුවක්කු සහ ශ්‍යාමශෙට්ටි ගුවන් ප්‍රහාර වලින් පසුව මැයි 28 දා දහවල් හමුදාව විසින් වෙල්වැටිතුරය අල්ලාගත්තා. මේ සටනින් පසුව කොටින්, ප්‍රමාද කිරීමේ ප්‍රහාර සහ ස්නයිපර් ප්‍රහාර වලට පසුබැස්සේ ඔවුන්ගේ බලසෙනග ආරක්ශා කර ගැනීමටයි. දෙවන බ්‍රිගේඩය 30 වනදා පමන වනවිට උඩුප්පිඩි නෙල්ලි අඩි හරහා වඩමාරච්චියේ හදවත අල්ලාගෙන තිබුනා.
මැයි 31 දා පේදුරු තුඩව අල්ලාගැනීමෙන් පසු මෙහෙයුම සාර්ථකව අවසන් වූවා. මේ වනවිට දකුණු ඉන්දියාවේ දේශපාලන නායකයින් විසින් අගමැති රජීව් ගාන්ධි වෙත මහත් ලෙස බලපෑම් කිරීමේ ප්‍රථිපළයක් ලෙස ඉන්දීය ගුවන් යානා විසින් ජූනි මස 04 දා යාපනයට ගුවනින් ටොන් 25 ක ආහාර සැපයුම් හෙලමින් ඉන්දියාව ශ්රීලංකා රජයට බලවත් ලෙස තර්ජනය කලා.
මේ වෙද්දී ඉන්දියානු රජය අවශ්‍යතාවයක් පැන නැගුනහොත් ශ්‍රීලංකාව වෙත හමුදා මෙහෙයුමකට සූදානම් වන ලෙස හමුදාපති ක්‍රිශ්නස්වාමි සුන්දර්ජී හට, උපදෙස් දී තිබුන බවත්, ඒ අනුව ශ්‍රීලංකාව ආක්‍රමණය කිරීමේ මෙහෙයුමට අදාලව පෙරහුරු අභ්‍යාසයන් ගෝවා ප්‍රදේශයේ සහ අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිතව සිදුකල බවටත් තොරතුරු වාර්ථාවී තිබුනා.
එම සැළසුමට අනුව පලාලි ඇතුළු ගුවන් පථ කිහිපයක් ගුවන්ජාත කොමාණ්ඩෝ Airborne මෙහෙයුම් මගින් අල්ලා ගැනීමටත් සමුද්‍රජාත මැරයින් Seaborne භඨයින් විසින් කන්කසන්තුරය සහ තවත් ජැටි කිහිපයක් අල්ලාගෙන ඉන්පසුව ඉන්දියානු පාබළ හමුදාවේ 54 වන පැරා සේනාංකයත්, ඊට සහාය වශයෙන් 340 වන ස්වාධීන පාබළ බ්‍රිගේඩයත් ගොඩ බැස්සවීම සඳහා ත්‍රිවැන්ද්‍රම්හි සීරුවෙන් තබා තිබුනා.
ඊළඟට සිදුවන ප්‍රමන්ත්‍රන ක්‍රියාවලියකින් ඉන්දු ලංකා සාම ගිවිසුමට 1987 ජූලි 29 දින අත්සන් තැබීමෙන් පළමුවන ඊලාම් සටන අවසන් වෙනවා.
ඒ ශ්රීලංකා හමුදාව සතුව එවකට පැවති සම්පත් වලින් කලහැකිව තිබූ උපරිම වික්‍රමයයි. මන්ද ගරිල්ලා සටනකදී සටන් බිමෙහිදී සම්මත යුද හමුදාවකට නොමැති වාසි සියල්ලම සතුවන්නේ ගරිල්ලන්ටයි. මේ ආකාරයේ සටන් පිලිබඳව ප්රායෝගික අත්දැකීම් නැති හුඟ දෙනෙකුට තියෙන ලොකුම ප්රශ්නයක් තමයි කුඩා භට පිරිසක් පමනක් හිටිය කොටි සංවිධානෙ පරද්දන්න ඒවගේ සිව් ගුණයකින් වැඩි සංඛ්යා බලයක් තිබුන යුද හමුදාවට ඔච්චර කාලයක් ගතවුනේ ඇයි කියන එක.
ඉතින් මේ යුද්දෙ සිද්ධ වුනේ එළාර දුටු ගැමුණු කාලෙ නෙවෙයිනෙ. ඒකාලෙ මහ සටන් සිද්ධ වුනේ යුදගනාව, විජිත පුරය ඒත් නැත්නම් මියුගුණ බලකොටුව වගේ එක් ස්ථානයකට, එක් තැනකට පිටියකට මුහුනට මුහුනලා රැස්වන ප්රථිවිරුද්ධ කණ්ඩායම් දෙක කඩු, හෙලි, තෝමර වලින් එකිනෙකාට පහරදීල මරාගැනීම. ඒ කාලෙ ප්රදේශ ආරක්ශා කිරීමක් නෑ. මූනට මූනලා එකම තැනකට රැස්වෙලා තමයි සටන් කරන්නෙ. ඒ වගේ සංදර්භයකදී නම් සංඛ්යා බලය තීරනාත්මක සාධකය තමයි. ඒත් මහා ඇලෙක්සැන්ඩර් ගෞගමාලා සටනෙදි තමන්ගෙ සේනාවට වඩා දෙගුනයකටත් වැඩි ඩේරියස්ගෙ හමුදාව පැරැද්දුව මේ වගේ අසම්මත යුද උපක්රම ඉතා ශූර ලෙස පාවිච්චි කරල.
අපි මුහුන දීපු යුද්දෙදි වුනේ හමුදාව උතුරු නැගෙනහිර භූමියට ඇතුල්වෙලා ඊට පස්සෙ ඒ ප්රදේශ වලින් කොටින් පලවා හැරල භූමිය අත්පත් කරගත්තට පස්සෙ නැවත ඒ ප්රදේශ වලට කොටින්ට ඇතුල්වීමට නොහැකි වන ලෙස රැකවල් ලෑම කරන්න වෙමින්. එහෙම අල්ලගන්න භූමිය වටේ සම්බන්ධතා අගල් Communication Trench Lines කපාගෙන මීටර් 25 න් 25 ට විතර (සමහර ප්රදේශවල ඊටත් වඩා පරතරයකින්) බංකර් ඉදිකරගෙන ඉදිරියෙන් එන තර්ජනයට මුහුනදීල දිවා රෑ රකින්න වෙනව. ඒවගේම එහෙම ස්ථානගත කරන භටපිරිස් වලට සැපයුම් ලබාදීම සඳහා සැපයුම් මාර්ග විවෘත්තව තබා ගැනීම ආදියටත් සෑහෙන භට පිරිසක් වැය වෙනව.
මේ රාජකාරිය තනිකරම පැවරෙන්නෙ යුද හමුදාවෙ පාබළ සේනාංක වලට. ඒ කියන්නෙ අනික් සේනාංක වලට මේක කරන්න බෑ. ඉතින් මෙහෙම ඉද්දි කොටින්ට හරිම ලේසියි මාස ගනනාවක් අපේ ඉදිරි ආරක්ශක පෙරමුණ විමර්ශනය කරල ඔවුන්ට පහසුම ස්ථානයක් තෝරාගෙන පහර දෙන්න. රෑට බංකරේ ඉන්නෙ භටයින් 3 දෙනයි. ඉතින් තවත් පැහැදිලි කලොත් මීටර් 100 ක පෙරමුණක් රකින්න වෙන්නෙ භඨයින් 12 දෙනෙකුට.
කොටි මේ වගේ මීටර් 100 ක 200 ක ඔවුන්ට සුදුසුම ස්ථානයක් තෝරගෙන 1000 ක් විතර දාල ගහනව. තවත් පැහැදිලි කරනව නම් සව් කඩදාසියකට යකඩින්නකින් අනිනව වගේ.
ඒක කීබෝඩ් එකේ යුද්ද කරනවට වඩා හුඟාක්ම අමාරු තත්වයක් පුතාලාහ්. ඒනිසා ඒ අත්දැකීම් නැති දරුවො අවසන් විනිශ්චය කීබෝඩ් එකෙන් කොටන්න ඉක්මන් වෙන්න එපා.
(Channa Karunaratne ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ලංකාව තුළ සිදුවන සයිබර් වංචා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියාත්මක වන මෙහෙයුමක් ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
සුරේෂ් සලේ, රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ විශාල සේවාවක් කළා.. - මුලතිව් හිටපු ආඥාපති මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ
මෝදිගේ ‘ඉන්ෆොසිස්’ උගුලේ ලංකාවේ දත්ත හිරවෙයිද? - හැඳුනුම්පත් ටෙන්ඩරය පිටුපස ඇති ඉන්දීය න්‍යාය පත්‍රය කුමක්ද?
ගෝඨාභයගේ නඩුව මැද CID ශානිට සහ රවී සෙනෙවිරත්නට දැඩි දෝස්මුරයක්..
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම සමාගමක් කිරීමට රජයේ අවධානය..
ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ කරගෙන යනවා.. - උවිඳු විජේවීර
යුද්දයට කලින් මිලටත් වඩා ලෝක ඉන්ධන මිල පහළට..
සුගීෂ්වර අත්අඩංගුවට පත්වෙද්දී, ආනන්ද විජේපාලටත් ආයතන දෙකකින් වැටුප් ගත් බවට චෝදනා!..
අපි එක්සත් ජනපදය පරාජයට පත් කළා.. - ඉරානය
සලේ උපවාසය අත්නොහරී..
ඩොලර් මිලියන 808ක් ලේඛණවල නෑ.. මහ බැංකුව කියනවා පොඩි දෙයක්ලු.. - දිනන දකුණ සාමූහිකය
ලෝකයේ ලොකුම ජාවාරම දත්ත ජාවරම බව කී ජනාධිපතිත් මේ ජාවාරමට හවුල් වෙලාද ඉන්නේ? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ - මුදල් නියෝජ්‍ය ඇමති
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්