News Category
From Date
To Date
Maximum Number of Result

වඩමරච්චි මෙහෙයුම 1987 මැයි 26 දා සිට ජූනි 04 දක්වා, සටනට පෙර සහ පසු සිදුවීම්..

Jun 19, 2026 at 02:26 PM
|

1985 ශ්‍රීමහා බෝධි ප්‍රහාරයත්, 1987 අරංතලා භික්ශු ඝාතනයත්, 1987 කිතුල් උතුව බස් මගී සමූල ඝාථනයත් නිසා කොටින් මර්ධනය කිරීම සඳහා ඉක්මනින්ම ගත හැකිව තිබූ කුමන හෝ ප්‍රහාරාත්මක මෙහෙයුමක් වෙත යොමුවීමට රජයට සිදුව තිබුනා. එහෙත් එවකට හමුදාව සතුව තිබුනු සීමිත පිරිස් බලය සහ යුධෝපකරණ හැකියාව නිසාත් 'පහරදී පැනයන' Hit & Run පන්නයේ ගරිල්ලා සටනකදී රජයේ හමුදාවට කලහැකි තේරීම් ප්‍රමාණය ඉතාම අඩුය.

එවැනි සංදර්භය යටතේ තමන් සතු ඉතා සීමිත සම්පත් හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන අත්කර ගැනීම සඳහා කලහැකි හොඳම තේරීම වූයේ යාපනය අර්ධ ද්වීපයේ වඩමරච්චිය අල්ලා ගැනීමයි  එමගින් කොටි තමන්ගේ සියලු සැපයුම් සඳහා යොදා ගනිමින් තිබුනු වෙල්වැටිතුරය සහ තමිල් නාඩුව අතර තිබූ ඉපැරනි හොරබඩු මාවත අවුරා දැමීමට හැකිවන නිසාය. උතුරේ සටන්කාමීන් ඒ වනවිට තම සියළු සැපයුම් කරගනිමින් සිටියේ මේ හරහාය. සටන් වලින් තුවාල ලබන තම සාමාජිකයින් වැඩිදුර ප්‍රථිකාර සඳහා තමිල්නාඩුව වෙත ගෙන යන්නේද මේ මාර්‍ගයෙනි.

1987 මැයි 26 දා උදේ සමස්ථ යාපනය අර්ධ ද්වීපයට ඇඳිරි නීතිය පනවා ගුවනින් අවවාද පත්‍රිකා හෙලුව සාමාන්‍ය වැසියන්හට පාසල් කෝවිල් වැනි ආරක්ෂිත ස්ථාන කරා රොක්වන ලෙස. 

නාවික හමුදාව වෙත්තිලකර්නි නගර්කෝවිල් මනල්කාඩු ඔස්සේ කන්කසන්තුරය දක්වා මුහුදු ආවේක්ශන කළාපයක තමන් සතුව පැවති සුලු නාවික යාත්‍රා ප්‍රමාණය ස්ථානගත කලා. ගුවන් හමුදාව Siai Marchettis වර්ගයේ කුඩා ගුවන් යානා 6 ක් භූමි ඉලක්ක සඳහා පහර දීමටත්, ඇව්රෝ යානා දෙක සැපයුම් සහ තුවාල කරුවන් ඉවත් කිරීමේ මෙහෙයුම් වලටත්, බෙල් හෙලිකොප්ටර් යානා 4ක් පමන ක්ශණික ගුවන් ආවරණ වෙඩි සහාය සැපයීමටත් යොදවා තිබුනා. යුද හමුදාව එවකට තමන් සතුව තිබූ උපරිම ප්‍රහාරක බළය වූ 5000 ක පමන සෙබල පිරිසක් මෙහෙයුම සඳහා යොදවා තිබුනා.

පළමුවන බ්‍රිගේඩය බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ අණදීම යටතේ තොන්ඩමනාරු වලින් වඩමරච්චිය වෙත අතුලුවෙද්දී කර්නල් විජය විමලරත්නගේ අණදීම යටතේ දෙවන ප්‍රහාරක බ්‍රිගේඩය ඊට 8 කි.මී දකුණට වන්නට පැති ආරක්ශාව සපයමින් ප්‍රහාරය දියත් කලා. උදෑසන 8 ට පමන ක්ෂනික විහිදුම් බලකාය ( RD F) හෙලිකොප්ටර් යානා අටකින් පමන ( එවකට ගුවන් හමුදාව සතුව තුබුනේ හෙලි යානා 8 ක් පමනයි ) පලාලි වලින් ගුවන්ගත වෙලා කරවෙඩ්ඩි හන්දියෙන් ගොඩබැහැල තාවකාලික කදවුරක් ඉදිකිරීමට කටයුතු කලා . ඒවනවිට වඩමරාච්චි සටන ආරම්භවී නොතිබු බැවින් හමුදා කදවුරක් එම ස්තානයේ ඉදිකරන්න යනවයැයි සිතූ කොටි RDF භටපිරිස් වෙත දැඩි ප්‍රහාරයක් එල්ලකලා. වඩමාරාච්චි සටනේ පලමු වෙඩිප්‍රහාරය ආරම්භ උනේ එයයි. මේ සමග කොමාණ්ඩෝ බලඝනයක් වඩමරච්චි සටන් කළාපයට දකුනින් මුහුදින් ලඟාවී නැවැත්වීමේ බලකා Blocks ලෙස යෙදවුවා. 

මීට අමතරව වඩමරච්චි මෙහෙයුමට මූලාරම්භයක් ගැනීම සහ කොටින්ට සැබෑ මෙහෙයුම පිලිබඳව නිශ්චිත නිගමනයක එළැඹීමට නොහැකි වන පරිදි අවධානය වෙනතක යොමුකිරීමේ ව්‍යාජ මෙහෙයුම් ගනනාවක්ම මැයි 18 දා සිට තොන්ඩමනාරු, කුරුම්බසෙට්ටි, කඩ්ඩුවාන් සහ නාවක්කලු ප්‍රදේශ වල සිට දියත් කලා. ඊට අමතරව 1 වන සිංහ රෙජිමේන්තුව අලිමංකඩ සිට අයියකච්චිය දක්වා ඉදිරි ගමනක යෙදුනා. 

පළමු බ්‍රිගේඩයේ ගමන අඩපන කිරීම සඳහා කොටින් තොන්ඩමනාරු පාළම පුපුරුවාහැරි නිසා ඉදිරි ගමන අඩාල වුනත් ඉංජිනේරු බළකායේ උදව්වෙන් කිසියම් පිළිසකර කරගැනීමකින් පසු ප්‍රමාදවී ඉදිරි ගමන ඇරඹුනා. කොටින් තම භූමිය ආරක්ශා කරගැනීම සඳහා බිහිසුනු සටනකට අවතීර්ණවූ අතර හමුදාවට විශාල වශයෙන් හානි සිදුවුනා. වෙල්වැටිතුරෙයි ප්‍රදේශය ආරක්ශා කරගැනීම සඳහා තීරණාත්මක සටනකට කොටින් අවතීර්ණය වන්නේ එහි ඔවුන්ගේ 'කැනඩා බංකරය' නමැති දෙමහල් රක්ශණීය මුරපල පළමුවන ඊළාම් සටනේ භාවාත්මක සංකේතයක් වූ නිසායි. 

කාලතුවක්කු සහ ශ්‍යාමශෙට්ටි ගුවන් ප්‍රහාර වලින් පසුව මැයි 28 දා දහවල් හමුදාව විසින් වෙල්වැටිතුරය අල්ලාගත්තා. මේ සටනින් පසුව කොටින්, ප්‍රමාද කිරීමේ ප්‍රහාර සහ ස්නයිපර් ප්‍රහාර වලට පසුබැස්සේ ඔවුන්ගේ බලසෙනග ආරක්ශා කර ගැනීමටයි. දෙවන බ්‍රිගේඩය 30 වනදා පමන වනවිට උඩුප්පිඩි නෙල්ලි අඩි හරහා වඩමාරච්චියේ හදවත අල්ලාගෙන තිබුනා. 

මැයි 31 දා පේදුරු තුඩව අල්ලාගැනීමෙන් පසු මෙහෙයුම සාර්ථකව අවසන් වූවා. මේ වනවිට දකුණු ඉන්දියාවේ දේශපාලන නායකයින් විසින් අගමැති රජීව් ගාන්ධි වෙත මහත් ලෙස බලපෑම් කිරීමේ ප්‍රථිපළයක් ලෙස ඉන්දීය ගුවන් යානා විසින් ජූනි මස 04 දා යාපනයට ගුවනින් ටොන් 25 ක ආහාර සැපයුම් හෙලමින් ඉන්දියාව ශ්රීලංකා  රජයට බලවත් ලෙස තර්ජනය කලා.

මේ වෙද්දී ඉන්දියානු රජය අවශ්‍යතාවයක් පැන නැගුනහොත් ශ්‍රීලංකාව වෙත හමුදා මෙහෙයුමකට සූදානම් වන ලෙස හමුදාපති ක්‍රිශ්නස්වාමි සුන්දර්ජී හට, උපදෙස් දී තිබුන බවත්, ඒ අනුව ශ්‍රීලංකාව ආක්‍රමණය කිරීමේ මෙහෙයුමට අදාලව පෙරහුරු අභ්‍යාසයන් ගෝවා ප්‍රදේශයේ සහ අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිතව සිදුකල බවටත් තොරතුරු වාර්ථාවී තිබුනා. 

එම සැළසුමට අනුව පලාලි ඇතුළු ගුවන් පථ කිහිපයක් ගුවන්ජාත කොමාණ්ඩෝ Airborne මෙහෙයුම් මගින් අල්ලා ගැනීමටත් සමුද්‍රජාත මැරයින් Seaborne භඨයින් විසින් කන්කසන්තුරය සහ තවත් ජැටි කිහිපයක් අල්ලාගෙන ඉන්පසුව ඉන්දියානු පාබළ හමුදාවේ 54 වන පැරා සේනාංකයත්, ඊට සහාය වශයෙන් 340 වන ස්වාධීන පාබළ බ්‍රිගේඩයත් ගොඩ බැස්සවීම සඳහා ත්‍රිවැන්ද්‍රම්හි සීරුවෙන් තබා තිබුනා. 

ඊළඟට සිදුවන ප්‍රමන්ත්‍රන ක්‍රියාවලියකින් ඉන්දු ලංකා සාම ගිවිසුමට 1987 ජූලි 29 දින අත්සන් තැබීමෙන් පළමුවන ඊලාම් සටන අවසන් වෙනවා.

ඒ ශ්රීලංකා  හමුදාව සතුව එවකට පැවති සම්පත් වලින් කලහැකිව තිබූ උපරිම වික්‍රමයයි. මන්ද ගරිල්ලා සටනකදී සටන් බිමෙහිදී සම්මත යුද හමුදාවකට නොමැති වාසි සියල්ලම සතුවන්නේ ගරිල්ලන්ටයි. මේ ආකාරයේ සටන් පිලිබඳව ප්රායෝගික අත්දැකීම් නැති හුඟ දෙනෙකුට තියෙන ලොකුම ප්රශ්නයක් තමයි කුඩා භට පිරිසක් පමනක් හිටිය කොටි සංවිධානෙ පරද්දන්න ඒවගේ සිව් ගුණයකින් වැඩි සංඛ්යා බලයක් තිබුන යුද හමුදාවට ඔච්චර කාලයක් ගතවුනේ ඇයි කියන එක.

ඉතින් මේ යුද්දෙ සිද්ධ වුනේ එළාර දුටු ගැමුණු කාලෙ නෙවෙයිනෙ. ඒකාලෙ මහ සටන් සිද්ධ වුනේ යුදගනාව, විජිත පුරය ඒත් නැත්නම් මියුගුණ බලකොටුව වගේ එක් ස්ථානයකට, එක් තැනකට පිටියකට මුහුනට මුහුනලා රැස්වන ප්රථිවිරුද්ධ කණ්ඩායම් දෙක කඩු, හෙලි, තෝමර වලින් එකිනෙකාට පහරදීල මරාගැනීම. ඒ කාලෙ ප්රදේශ ආරක්ශා කිරීමක් නෑ. මූනට මූනලා එකම තැනකට රැස්වෙලා තමයි සටන් කරන්නෙ. ඒ වගේ සංදර්භයකදී නම් සංඛ්යා බලය තීරනාත්මක සාධකය තමයි. ඒත් මහා ඇලෙක්සැන්ඩර් ගෞගමාලා සටනෙදි තමන්ගෙ සේනාවට වඩා දෙගුනයකටත් වැඩි ඩේරියස්ගෙ හමුදාව පැරැද්දුව මේ වගේ අසම්මත යුද උපක්රම ඉතා ශූර ලෙස පාවිච්චි කරල.

අපි මුහුන දීපු යුද්දෙදි වුනේ හමුදාව උතුරු නැගෙනහිර භූමියට ඇතුල්වෙලා ඊට පස්සෙ ඒ ප්රදේශ වලින් කොටින් පලවා හැරල භූමිය අත්පත් කරගත්තට පස්සෙ නැවත ඒ ප්රදේශ වලට කොටින්ට ඇතුල්වීමට නොහැකි වන ලෙස රැකවල් ලෑම කරන්න වෙමින්. එහෙම අල්ලගන්න භූමිය වටේ සම්බන්ධතා අගල් Communication Trench Lines කපාගෙන මීටර් 25 න් 25 ට විතර (සමහර ප්රදේශවල ඊටත් වඩා පරතරයකින්) බංකර් ඉදිකරගෙන ඉදිරියෙන් එන තර්ජනයට මුහුනදීල දිවා රෑ රකින්න වෙනව. ඒවගේම එහෙම ස්ථානගත කරන භටපිරිස් වලට සැපයුම් ලබාදීම සඳහා සැපයුම් මාර්ග විවෘත්තව තබා ගැනීම ආදියටත් සෑහෙන භට පිරිසක් වැය වෙනව.

මේ රාජකාරිය තනිකරම පැවරෙන්නෙ යුද හමුදාවෙ පාබළ සේනාංක වලට. ඒ කියන්නෙ අනික් සේනාංක වලට මේක කරන්න බෑ. ඉතින් මෙහෙම ඉද්දි කොටින්ට හරිම ලේසියි මාස ගනනාවක් අපේ ඉදිරි ආරක්ශක පෙරමුණ විමර්ශනය කරල ඔවුන්ට පහසුම ස්ථානයක් තෝරාගෙන පහර දෙන්න. රෑට බංකරේ ඉන්නෙ භටයින් 3 දෙනයි. ඉතින් තවත් පැහැදිලි කලොත් මීටර් 100 ක පෙරමුණක් රකින්න වෙන්නෙ භඨයින් 12 දෙනෙකුට. 

කොටි මේ වගේ මීටර් 100 ක 200 ක ඔවුන්ට සුදුසුම ස්ථානයක් තෝරගෙන 1000 ක් විතර දාල ගහනව. තවත් පැහැදිලි කරනව නම් සව් කඩදාසියකට යකඩින්නකින් අනිනව වගේ.

ඒක කීබෝඩ් එකේ යුද්ද කරනවට වඩා හුඟාක්ම අමාරු තත්වයක් පුතාලාහ්. ඒනිසා ඒ අත්දැකීම් නැති දරුවො අවසන් විනිශ්චය කීබෝඩ් එකෙන් කොටන්න ඉක්මන් වෙන්න එපා.

(Channa Karunaratne ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.