ඇත්තටම අනුරගේ සහ ආණ්ඩුවේ හතුරා කවුද...?
ජනාධිපතිවරයා යූටියුබ්කරුවන් කිහිප දෙනෙක් මුණගැහිලාලු...
එහි අරමුණ බැසගෙන යන ජනප්‍රියත්වය සහ නැග එන ජනතා අප්‍රසාදය බැලන්ස් කිරීමලු...
කඩාගෙන යන මහ සොරොව් අත්ලෙන් වසා නැවතිය හැකිද...?
ව්‍යාජ සමාජ මාධ්‍ය කැම්පේන් වලින් බලය ලබාගත්තාට තවදුරටත් ව්‍යාජ සමාජ මාධ්‍ය කැම්පේන් තුළින් බලය නඩත්තු කරන්න පුළුවන්ද..?
ඇත්තටම අනුරගෙ සහ ආණ්ඩුවෙ හතුරා කවුද...?
මේ මොහොතේ අනුරගෙ ආණ්ඩුවෙ සතුරා සජිත්ද...? නාමල්ද..? රනිල්ද...? දිලිත්ද...?
නෑ මේ මොහොතේ අනුරගේ සතුරා අනුර සහ අනුරගෙ කණ්ඩායමෙ අතීත කියුම් සහ වර්තමාන භාවිතය අතර අහසට පොළොව මෙන් ඇති පරස්පරයයි...
3% ක් වූ ජනමතය 42% ක් දක්වා ජනමතය වර්ධනය වූයේ ඇයි...?
ජනතාව තුළ පැවති 76 වසරක පාලනය කෙරෙහි ඇති කල කලකිරීම, ඒ මතින් තම තමන්ගෙ දියුණුවට ඇති බාධාව ඒ 76 වසරෙ පාලකයන් බව ජන මනස තුලට කා වැද්දීම, ඒ පාලකයන් කෙරෙහි වෛරයක් සහ ක්‍රෝධයක් ඇති කිරීම, හැබැයි අපි ඒ කොටසින් වෙනස් යැයි ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැංවීමයි...
අනුර ජනාධිපති වී වසර එකහමාරක් නික්ම යාමටත් මත්තෙන් ඒ විශ්වාසයට කුමක් සිදු වුණේද...?
ඉතිහාසයේ කුමන ආණ්ඩුවකටත් වඩා වේගයෙන් ඉතාමත් කෙටි කාලයක් තුල අනුරලා වේගයෙන් ජන අප්‍රසාදයට පත් වෙමින් යන්නෙ ඇයි...?
දිට්වා සුළි කුණාටුව නිසාද...? ඊශ්‍රායල - ඉරාන යුද්ධය නිසාද...?
නැහැ... ඔවුන් වේගයෙන් ජන අප්‍රසාදයට පත් වෙමින් සිටින්නෙ මේ සිදුවීම වලදි මොවුන්ගෙ හැසිරීම සහ උත්තර ඔවුන් අතීතයේදී සිදුකළ විවේචනයන්ට සහමුලින්ම පරස්පර සහ ප්‍රතිවිරුද්ධ නිසාය..
ගිලිහී යන ජනප්‍රසාදය ඉහළ නැංවීමට ඔවුන් භාවිතා කරන්නට යන්නේද යල් පැන ගිය ක්‍රමවේදයන්මය...
එනම් තෙල් පෝලිම්වල තමන්ගෙ එවුන් දාගෙන වොයිස් කට් දීම, තමන්ගෙ හෙංචයි රූපවාහිනී නාලිකා තුළ වෙන රටවල තෙල් මිළ සංසන්දනය කිරීම, ජනතාව අතරට පිරිහීමට සහ විහිළුවට ලක්ව ඇති දේශපාලඥයන් සහ නිලධාරීන් ලවා මාධ්‍ය හමු පැවැත්වීම, පස්ස කඩාගත් තඩියෙක් සේ ජනාධිපති පාර්ලිමේන්තුවට දිවගෙන ඒම සහ තෝරාගත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ලවා මාධ්‍ය හමු පැවැත්වීම..
මේ සියල්ලම ජනතාවගෙ මොළ සේදීමට පැවති ආණ්ඩුද ක්‍රියාත්මක කළ එහෙත් අසාර්ථක වූ උත්තරය...
ජනතාවට දැන් අවශ්‍යය කයිය නොව වැඩය..
භාණ්ඩාගාරය පිරිලා, ඉතිහාසයේ වැඩිම ආර්ථික ඉලක්ක සපුරලා, අයවැය පරතරය අඩු කරලා එකී මෙකී නොකී කිසිම දෙයක් ජනතාවට වැඩක් නැත. ජනතාවට අවශ්‍යය ව්‍යසනයකදි තමන් පත් කරපු ආණ්ඩුව තමන්ගෙ ආණ්ඩුව තමන් වෙනුවෙන් දෙන ප්‍රායෝගික විසඳුම් පමණි...
ආසියාවෙ වැඩිම ප්‍රතිශතයකින් සහ ලෝකයෙ තුන්වෙනි තැනට වැඩිම ප්‍රතිශතයකින් ඛනිජ තෙල් මිළ ඉහළ යද්දි, යුද්ධයට පෙර ගෙනාපු තෙල් පවා අසාධාරණ ලෙස වැඩි කරද්දී, ඒ වැඩි කරලාත් සමහර ෂෙඩ් වල තෙල් නැති වෙද්දි, තෙල් පෝලිම් හැදෙද්දී ... ඕකට ජනතාවාදී ආණ්ඩුවක් ඕනද..? අනුර විපක්ෂයේ හිටියා නම් අහන්නෙ එහෙමය..
ඉදිරියට ඒ යැයි අනාවැකි කිව විදුලි අර්බුදයට හේතුවද යුද්ධය නොව බාල ගල් අඟුරු ජාවාරම බව මේ රටේ පොඩි එකෙක් පවා දන්නවා..
යුද්ධය ආරම්භ වූයේ පෙබරවාරි 28 වුනත් මේ රටේ ගෑස් පෝලිම් ඇති වූයේ ජනවාරි සිටය. ජනාධිපති කියන්නෙ අවුරුදු ගානක් තිබ්බ කාටරය කඩා නව සමාගම් සමග ගිවිසුම්ගත වූ බවයි.
නැව් හතරක් තිබ්බ ඕමානයෙ OQ Gas සමාගමට ගෑස් සමාගම ඉවත් කර නැව් දෙකක් පමණක් ඇති ස්විට්සර්ලන්තය මූලික කරගත් ජියෝගෑස් ට්‍රේඩින් (Geogas Trading) සමාගමට ගෑස් ටෙන්ඩරය ලබා දීම ගෑස් හිඟයට හේතුවයි. කාටරය කැඩුවා නම් ගෑස් ටෙන්ඩරය දිය යුත්තෙ ඊට වඩා හොඳ සමාගමකටය.
ඊයෙ රාත්‍රිය වන විට බස් ගාස්තු ඉහළ ගොස්ය. ඛනිජ තෙල් මිල ඉහළ යාමත් සමග අනිකුත් භාණ්ඩ හා සේවා ඉහල යාම වැලැක්විය නොහැකිය. උද්ධමනය ඉහළ යනු ඇත.
සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ, ආනයන සහ අපනයන ආර්ථිකය.. ඉදිරියේදී මේ සියල්ලම කඩාගෙන වැටෙනු ඇත..
මෙන්න මේ සියල්ලටම විසඳුම පැලවත්තේදි හමු වූ යූටියුබ් කරුවන් ලවා හයිප් කිරීමද...?
ඕවාට ඉස්සර කිව්වෙ අතීසාරයට අමුඩ ගහනවා කියාය. බඩ යන එකට බෙහෙත් දෙනවා මිසක අමුඩයක් ගසා පස්ස පැත්තෙ හිල වසා වැඩක් නැත.
ජනාධිපතිවරයා ගිලිහී යන තම ජනප්‍රියතාවය රඳවා ගැනීම සඳහා මැතිවරණයක් ආසන්නයේදී ගැසිය යුතු තුරුම්පු මේ වන විට පාවිච්චි කරමින් ඇත. එහෙත් ජනතාව අතරින් එන ඕර්ගනික් විරෝධය යූටියුබ් කරුවන්ට බජට් වෙන් කර පොප් අප් කිරීමට නොහැකිය.
මේ මොහොතේ විජේවීරව අළු මතින් නැගිට්ටවා ගෙන ඒම අනුරගෙ ජනප්‍රියත්වය නංවනවාට වඩා ලේසිය. කට කෑවාත් ඇත්ත එයය.
අනුරගෙ පැරණි කියුම් කෙරුම් සහ අද හැසිරීම නිසා ඔහු ජෝකරයෙකු වී අවසානය. ජෝකරයෙක් වීරයෙක් කිරීමට හැකියැයි යූටියුබ්කරුවන්ද සිතනවා නම් ඔවුන්ද මොලේ පරික්ෂා කර ගත යුතුය. ඔන්න ඔහේ පැලවත්තෙ සල්ලි ගහ හොලවලා උඹලා කීයක් හෝ හොයාගෙන බඩවියත රැක ගැනීම ගැන නම් අවංකවම මම සතුටුය.
(නිලන්ත සත්සර ගමගේ ගේ මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..