News Category
From Date
To Date
Maximum Number of Result

වගකීම මග ඇරපු උන් කරන චෝදනාවෙන් රණවිරුවෙකු බේරා ගනිමු..

Mar 16, 2026 at 05:35 AM
|

⭕ සහරාන්ගේ මල්ලි රිස්වාන් බෝම්බයක් හදන්න ගිහිං ඇහැ ගැලවිලා ජාතික රෝහළට ගේනවා යහපාළන ආන්ඩුව කාලේ . ගෑස් ටැංකියක් පුපුරලා තුවාළ වුන බව කියලා ප්‍රතිකාර අරගෙන ඔහු කාත්තකුඩි වල මැරෙනකම්ම පාස්කු ප්‍රහාරය වෙනුවෙන් උරදෙනවා.

⭕ මාවනැලලේ බුද පිළිම කඩන විට එය සහරාන්ගේ කංඩායම මෙහෙය වන අන්තවාදී ක්‍රියවක් කියන එකට පොළීසියට ඔත්තඅව දෙන්නේ මාවනැල්ල සමගි පෙරමුණු මන්ත්‍රී කබීර් හාෂීම් ගෙි සම්බන්ධීකරණ ටල්කම් වරයෙක්. ඔහුට සහරාන්ගේ කල්ලිය වෙඩි තබනවා ඔහු ආබාධිත වෙනවා.

⭕ 2015 ජවිප හිටපු,ජාතික ලැයිස්තුවේ 2 වෙනි ඉිරිපති කිරීම වුන ව්‍යාපාරික ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ පුත්තලම නුවරඑළිය ප්‍රදේශ වල ඉඩම් වල ඊබ්‍රාහිම් ගේ පුතුන් බෝම්බ හදන්න සහ ත්‍රස්තවදී කටයුතු වලට යොදාගෙන තිබෙනවා.

⭕ පොළිස් බුද්ධි අංශයට සහරාන් සමග මරාගෙන මැරැනු ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ පුතුන් සමීපව ඇසුරුකරන බවට තොරතුරු ලැබිලා තියනවා

⭕ රවී සෙනවිරත්න ( අද මහජන ආරකිෂක අමාත්‍යංශයේ ලේකම්) එවකට CID ප්‍රධානියා වෙනවා.

ෂානි අබෙිසේකර එවකට රවී සෙනවිරත්න යටතේ මෙහෙයුම් අධ්‍යක්ෂක වෙනවා.

ඉදින්‼️

සහරාන්ගේ මල්ලී ගෑස් ටැංකියක් පුපුරලා කියලා ඇහැක් එලියට ඇවිත් රෝහළ් ගත කරහම ඒක වෛද්‍යවරු ලවා පුපුරණ ද්‍රව්‍ය මත සිදුවුන අනතුරක්ද යන්න හොයා ගන්න බැරි වුන ( මොකද ඒ වනවිටත් සහරාන්ගේ සමස්ථ පවුල රාජ්‍ය බුද්ධි අංශයේ නිරීක්ෂණ මත ත්‍රස්තවාදයට වැඩ කරන බවට සැක කොටසක්) :‼️

කබීර් හාෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්ට වෙඩි තිබ්බාම ආයුධ සහිත මුස්ලාම් සන්නන්ධ කංඩායමක් පසු පස හඔා ගොස් අල්ලා ගන්න බැරි වුන

ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ දෙමටගොඩ ගෙදර ප්‍රහාරයට පෙර සහ ප්‍රහාරයෙන් පසු ඇතිවන තත්වයට මුහුණ දෙන්න සහ අවශ්‍ය විටකදී ගේ ඇතුලේම මරාගෙන මැරෙන්න සුදානම්ව තිබ්බ බව පුන පුනා පාස්කු ප්‍රහාරය විමර්ශණ කමිටු කොමිසම් වල ලීයවී තිබෙන

රටක

රවී සෙනවිරත්නලා ෂානි අබෙිසේකරලා අතින් පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න තිබුන සියළු බුද්ධි මෙහෙයුම් දියාරු විදිහට ඉටු කර නොතිබීම වහගන්න

පාස්කු ප්‍රහාරය වෙනවිට මේ රටේවත් නොහිටිය

තමන්ගේ ජීවිතය ප්‍රබාකරන් ඉවරකරන්කට යොදවපු මිනිහෙක්

රාජපක්ෂලාගෙන් පලි ගන්නවා කියාගෙන පත්වෙච්ච ආන්ඩුවකට මුවා වෙලා

අද ෂානිලා රවී සෙනවිරත්නලා තමන් අතින් පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න තිබු සියළු අවස්ථා මග හැරීම වහගන්න

CID ඇතුලේ දස වද බන්ධනයට ලක් කිරීම සාධාරණද ????⭕

එදා අප්‍රේල් 21 නිවරදිව රටේ CID වැඩ කරානම්

පාස්කු ප්‍රහාරයත් වලක්වලා සහරාන් අත් අඩංගුවටත් අරං

සුරේෂ් සලේලා ගෝඨාභය ජනාධිපති කරන්න ප්‍රහාර එල්ල කරන්න කීවද කියලා අහගන්නත් තිබ්බා 😃😃

අපි පෙනී ඉන්නේ පාස්කු ප්‍රහාරය තමන්ගේ රාජකාරිය ඇතුලේ මග ඇරපු කපටි මිනිසුන්ගේ ක්‍රියා කලාපයට එරෙහිවය.‼️

එයට සම්බන්ධ නැති මිනිසුන් පටලවා ඇත්ත යට ගසා බොරුවක් ඉතිහාසයේ කළු පැල්මකට ලියවීමට එරෙහිවය. ‼️

ෂානිලා රවීලා මාළිමා ආන්ඩුව තුළ වැඩ කරන්නේ ගොරක දඩමස් කරන්නට බව අපි ජනතාවට පෙන්නා දෙන්නෙමු.

එය වටහාගන්න බුද්ධිමත් ජනතාව සලේ වෙනුවෙන්

රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සටන් කරපු මිනිස්සු පවුලක්,වෙනුවෙන් මිනී මැරැවා හෝ ක්‍රිස්තියානි ආගමිකයන් මැරීමට හවුල් වුනා යන ලේබලය ඇලවීම නතර කරන්නය ‼️

ඔබේ අත්සන අපට පුජා කරන්න යැයි ඉල්ලා සිටිනවා..

මේ මගින් සුරේෂ් සලේ අධිකරණය ඉදිරියේ නිවරදි බව ඔප්පු කරන්න ඉඩ හදාගන්නවා.

CID තුළ ශාරීරික සහ මානසිකව අභීත රණවිරුවෙකු හට කරන අඩත්තේට්ටම නතර කර ගන්න පාර හදනවා.

අපි ඔබට ඇත්ත දකින්න ආරාධනා කරනවා.

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.