ඛනිජ තෙල් හුඹස් සහ ලක්මාලිගේ "හුංඩු" බේගල්..
ජනපති අනුර කුමාර ගේ හුන්ඩු කතාවත් ලක්මාලි ගේ අමු කෙබරත් වාක්‍යයෙන් වාක්‍යය බිද දැමිය හැකිව තිබියදී ඒ ගැන කරැණු නොදැන විවාදවලට ගොස් විපක්ෂයේ අය ඇණ ගන්නේ ඇයි?
දත්ත සහිත සැබෑ ඉතිහාසය:-
ඊයේ දෙරණ නාලිකාවේදී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රකාශය ඇසූ ඕනෑම බුද්ධිමත් අයෙකුට සිනහ යනු ඇත. "සංස්ථාව පටන් ගත්ත දා සිට එක ලීටරයක තෙල් ටැංකියක්වත් හැදුවේ නෑ" කීම හරියට මහපාරේ යන වාහන දැක දැක පාරවල් හදලා නෑ කියනවා වැනි අමු බොරුවකි. ඇය වැනි "විෂ ක්‍යාවන්ට" කට උත්තර නැති කරන සැබෑ ඉතිහාසය සහ වර්තමානය මෙන්න.
1. සිරිමාවෝ බණ්ඩාරනායක යුගය (1961 - 1962)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ආරම්භය:
එතෙක් විදේශීය සමාගම් (Shell, Caltex, Mobil) සතු වූ තෙල් ඒකාධිකාරය බිඳ දමමින් 1961 දී සංස්ථාව පිහිටුවා 1962 දී වැඩ ඇරඹීය. එකල තිබුණේ කොලොන්නාව වැනි සීමිත ගබඩා කිහිපයක් පමණි. නමුත් සංස්ථාව ආරම්භ කළ විගස දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ප්‍රාදේශීය ගබඩා (Bulk Depots) 12 කට අධික ප්‍රමාණයක් අලුතින් ඉදිකිරීම ඇරඹීය.
2. ඩඩ්ලි සේනානායක යුගය (1969)
සපුගස්කන්ද පිරිපහදුව සහ දැවැන්ත ටැංකි පද්ධතිය:
ලක්මාලි පවසන පරිදි අලුතින් ටැංකි හැදුවේ නැත්නම්, 1969 දී සපුගස්කන්ද පිරිපහදුව ඉදිකරන විට ඒ වටා ඉදිවූ දැවැන්ත බොරතෙල් සහ නිමි තෙල් ටැංකි 40 කට අධික ප්‍රමාණය අහසින් පාත් වූ ඒවාද? මෙරට වැඩිම ඉන්ධන ධාරිතාවක් අදටත් රඳවා ගන්නේ එදා ඉදිකළ මේ ටැංකි පද්ධතිය තුළයි.
3. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ යුගය (2002 - 2004)
මුතුරාජවෙල විප්ලවය සහ Lanka IOC:
• මුතුරාජවෙල පර්යන්තය: 2004 දී විවෘත වූ මුතුරාජවෙල පර්යන්තය යනු මෙරට දෙවන විශාලතම තෙල් ගබඩා සංකීර්ණයයි. මුහුද මැද සිට නල මාර්ග හරහා තෙල් ලබාගත හැකි අතිනවීන ටැංකි 16 ක් මෙහි ඉදිකෙරිණි.
• Lanka IOC පැමිණීම (2003): රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදී ඉන්දියානු තෙල් සමාගම මෙරටට ගෙන්වා, ත්‍රිකුණාමලයේ අතහැර දමා තිබූ චීන වරාය ටැංකි සංකීර්ණයෙන් කොටසක් අලුත්වැඩියා කර ධාරිතාව වැඩි කළේය.
4. මහින්ද රාජපක්ෂ යුගය (2010 - 2014)
හම්බන්තොට (මාගම්පුර) තෙල් පර්යන්තය:
හම්බන්තොට වරාය ආශ්‍රිතව තෙල් ටැංකි 14 ක් සහිත දැවැන්ත ගබඩා පද්ධතියක් ඉදිවිය. ලක්මාලි පවසන පරිදි "ලීටරයක්වත් හැදුවේ නැත්නම්" මේ යෝධ ටැංකි කට්ටලය ඇයට පෙනෙන්නේ නැත්තේ ඇයි ⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️
5. රනිල් වික්‍රමසිංහ යුගය (2022 - 2024) -
ලිබරල්කරණය සහ ඩොලර් වාසිය:-
ආර්ථික අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණාත්මක පියවරක් වූයේ ලෝකයේ දැවැන්ත තෙල් සමාගම්වලට ලංකාවේ දොරගුළු විවර කිරීමයි.
• Sinopec (චීනය):
හම්බන්තොට සහ මුතුරාජවෙල ගබඩා පහසුකම් භාවිතා කරමින් ඔවුන් අද මෙරට ඉන්ධන සැපයුම සහතික කරයි.
• RM Parks (ඇමරිකාව) සහ United Petroleum (ඕස්ට්‍රේලියාව):
මෙම සමාගම් හරහා මෙරටට ලැබුණු විශාලතම වාසිය නම්, රජය සතු ඩොලර් සංචිතය වැය නොකර එම සමාගම්වල ඩොලර් වලින්ම තෙල් ගෙන්වා මෙරට ඉන්ධන පෝලිම් නැති කිරීමයි.
• ඩොලර් වාසිය:
මෙම සමාගම් පැමිණීම නිසා මාසිකව රජයට ඉන්ධන ගෙන්වීමට වැය වන ඩොලර් මිලියන 500 කට අධික බරින් කොටසක් නිදහස් විය. මෙය රටේ රුපියල ස්ථාවර වීමට සෘජුවම බලපෑවේය.
ලක්මාලිට "හුංඩුවකින්" සංග්‍රහයක්
ලක්මාලි හේමචන්ද්‍ර "සංස්ථාව පටන් ගත්ත දා සිට එක ලීටරයක්වත් හැදුවේ නෑ" කියන්නේ ඇයට දත්ත කියවීමට ඇති අකමැත්ත නිසා විය යුතුය.
• සංස්ථාව ආරම්භයේ තිබූ ධාරිතාවට වඩා දහස් ගුණයක ධාරිතාවක් අද වන විට සපුගස්කන්දේ සිට හම්බන්තොට දක්වා විහිදී තිබේ.
• ඇය කියන විදිහට, ලංකාවත් ඇය වගේම හිස පවා දමන්න පුළුවන් "හුඹස්" නම්, රටේ ලක්ෂ සංඛ්‍යාත වාහන දුවන්නේ ඇයගේ බේගල් වලින්ද ⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️
නීච විෂ පතුරුවමින්, ජනතාව නොමඟ යවන මෙවැනි අය රූපවාහිනී තිර මතට පැමිණෙන්නේ කරුණු දැනගෙන නොව, තමන්ගේ දේශපාලන හුඹස් ආරක්ෂා කර ගැනීමටයි.
1961 සිරිමාවෝ මැතිණියගේ සිට රනිල් වික්‍රමසිංහයන් දක්වා සියලු පාලකයින් මෙරට ඛනිජ තෙල් ගබඩා පද්ධතිය කාලයට සාපේක්ෂව පුළුල් කළ බව අමුතුවෙන් කිව යුතු නැත.
ලක්මාලි හේමන්ද්‍ර දැන්වත් "හුංඩුව" පසෙක තබා ඇත්ත ඇති සැටියෙන් දැකීමට ඇස් පෙනේවායි පතමු. නමුත් ඇත්ත නැත්ත කර රට විනාස කරපු ජනතා විමුක්ති පෙරමුණට බොරුවෙන් තොර ලෝකයක් නැත.
- උදය ප්‍රභාත් පතිරණ
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..