ඛනිජ තෙල් හුඹස් සහ ලක්මාලිගේ "හුංඩු" බේගල්..
ජනපති අනුර කුමාර ගේ හුන්ඩු කතාවත් ලක්මාලි ගේ අමු කෙබරත් වාක්‍යයෙන් වාක්‍යය බිද දැමිය හැකිව තිබියදී ඒ ගැන කරැණු නොදැන විවාදවලට ගොස් විපක්ෂයේ අය ඇණ ගන්නේ ඇයි?
දත්ත සහිත සැබෑ ඉතිහාසය:-
ඊයේ දෙරණ නාලිකාවේදී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රකාශය ඇසූ ඕනෑම බුද්ධිමත් අයෙකුට සිනහ යනු ඇත. "සංස්ථාව පටන් ගත්ත දා සිට එක ලීටරයක තෙල් ටැංකියක්වත් හැදුවේ නෑ" කීම හරියට මහපාරේ යන වාහන දැක දැක පාරවල් හදලා නෑ කියනවා වැනි අමු බොරුවකි. ඇය වැනි "විෂ ක්‍යාවන්ට" කට උත්තර නැති කරන සැබෑ ඉතිහාසය සහ වර්තමානය මෙන්න.
1. සිරිමාවෝ බණ්ඩාරනායක යුගය (1961 - 1962)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ආරම්භය:
එතෙක් විදේශීය සමාගම් (Shell, Caltex, Mobil) සතු වූ තෙල් ඒකාධිකාරය බිඳ දමමින් 1961 දී සංස්ථාව පිහිටුවා 1962 දී වැඩ ඇරඹීය. එකල තිබුණේ කොලොන්නාව වැනි සීමිත ගබඩා කිහිපයක් පමණි. නමුත් සංස්ථාව ආරම්භ කළ විගස දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ප්‍රාදේශීය ගබඩා (Bulk Depots) 12 කට අධික ප්‍රමාණයක් අලුතින් ඉදිකිරීම ඇරඹීය.
2. ඩඩ්ලි සේනානායක යුගය (1969)
සපුගස්කන්ද පිරිපහදුව සහ දැවැන්ත ටැංකි පද්ධතිය:
ලක්මාලි පවසන පරිදි අලුතින් ටැංකි හැදුවේ නැත්නම්, 1969 දී සපුගස්කන්ද පිරිපහදුව ඉදිකරන විට ඒ වටා ඉදිවූ දැවැන්ත බොරතෙල් සහ නිමි තෙල් ටැංකි 40 කට අධික ප්‍රමාණය අහසින් පාත් වූ ඒවාද? මෙරට වැඩිම ඉන්ධන ධාරිතාවක් අදටත් රඳවා ගන්නේ එදා ඉදිකළ මේ ටැංකි පද්ධතිය තුළයි.
3. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ යුගය (2002 - 2004)
මුතුරාජවෙල විප්ලවය සහ Lanka IOC:
• මුතුරාජවෙල පර්යන්තය: 2004 දී විවෘත වූ මුතුරාජවෙල පර්යන්තය යනු මෙරට දෙවන විශාලතම තෙල් ගබඩා සංකීර්ණයයි. මුහුද මැද සිට නල මාර්ග හරහා තෙල් ලබාගත හැකි අතිනවීන ටැංකි 16 ක් මෙහි ඉදිකෙරිණි.
• Lanka IOC පැමිණීම (2003): රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදී ඉන්දියානු තෙල් සමාගම මෙරටට ගෙන්වා, ත්‍රිකුණාමලයේ අතහැර දමා තිබූ චීන වරාය ටැංකි සංකීර්ණයෙන් කොටසක් අලුත්වැඩියා කර ධාරිතාව වැඩි කළේය.
4. මහින්ද රාජපක්ෂ යුගය (2010 - 2014)
හම්බන්තොට (මාගම්පුර) තෙල් පර්යන්තය:
හම්බන්තොට වරාය ආශ්‍රිතව තෙල් ටැංකි 14 ක් සහිත දැවැන්ත ගබඩා පද්ධතියක් ඉදිවිය. ලක්මාලි පවසන පරිදි "ලීටරයක්වත් හැදුවේ නැත්නම්" මේ යෝධ ටැංකි කට්ටලය ඇයට පෙනෙන්නේ නැත්තේ ඇයි ⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️
5. රනිල් වික්‍රමසිංහ යුගය (2022 - 2024) -
ලිබරල්කරණය සහ ඩොලර් වාසිය:-
ආර්ථික අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණාත්මක පියවරක් වූයේ ලෝකයේ දැවැන්ත තෙල් සමාගම්වලට ලංකාවේ දොරගුළු විවර කිරීමයි.
• Sinopec (චීනය):
හම්බන්තොට සහ මුතුරාජවෙල ගබඩා පහසුකම් භාවිතා කරමින් ඔවුන් අද මෙරට ඉන්ධන සැපයුම සහතික කරයි.
• RM Parks (ඇමරිකාව) සහ United Petroleum (ඕස්ට්‍රේලියාව):
මෙම සමාගම් හරහා මෙරටට ලැබුණු විශාලතම වාසිය නම්, රජය සතු ඩොලර් සංචිතය වැය නොකර එම සමාගම්වල ඩොලර් වලින්ම තෙල් ගෙන්වා මෙරට ඉන්ධන පෝලිම් නැති කිරීමයි.
• ඩොලර් වාසිය:
මෙම සමාගම් පැමිණීම නිසා මාසිකව රජයට ඉන්ධන ගෙන්වීමට වැය වන ඩොලර් මිලියන 500 කට අධික බරින් කොටසක් නිදහස් විය. මෙය රටේ රුපියල ස්ථාවර වීමට සෘජුවම බලපෑවේය.
ලක්මාලිට "හුංඩුවකින්" සංග්‍රහයක්
ලක්මාලි හේමචන්ද්‍ර "සංස්ථාව පටන් ගත්ත දා සිට එක ලීටරයක්වත් හැදුවේ නෑ" කියන්නේ ඇයට දත්ත කියවීමට ඇති අකමැත්ත නිසා විය යුතුය.
• සංස්ථාව ආරම්භයේ තිබූ ධාරිතාවට වඩා දහස් ගුණයක ධාරිතාවක් අද වන විට සපුගස්කන්දේ සිට හම්බන්තොට දක්වා විහිදී තිබේ.
• ඇය කියන විදිහට, ලංකාවත් ඇය වගේම හිස පවා දමන්න පුළුවන් "හුඹස්" නම්, රටේ ලක්ෂ සංඛ්‍යාත වාහන දුවන්නේ ඇයගේ බේගල් වලින්ද ⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️
නීච විෂ පතුරුවමින්, ජනතාව නොමඟ යවන මෙවැනි අය රූපවාහිනී තිර මතට පැමිණෙන්නේ කරුණු දැනගෙන නොව, තමන්ගේ දේශපාලන හුඹස් ආරක්ෂා කර ගැනීමටයි.
1961 සිරිමාවෝ මැතිණියගේ සිට රනිල් වික්‍රමසිංහයන් දක්වා සියලු පාලකයින් මෙරට ඛනිජ තෙල් ගබඩා පද්ධතිය කාලයට සාපේක්ෂව පුළුල් කළ බව අමුතුවෙන් කිව යුතු නැත.
ලක්මාලි හේමන්ද්‍ර දැන්වත් "හුංඩුව" පසෙක තබා ඇත්ත ඇති සැටියෙන් දැකීමට ඇස් පෙනේවායි පතමු. නමුත් ඇත්ත නැත්ත කර රට විනාස කරපු ජනතා විමුක්ති පෙරමුණට බොරුවෙන් තොර ලෝකයක් නැත.
- උදය ප්‍රභාත් පතිරණ
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..