"ඔටුනු ඇතුළේ උකුණෝ පවුල් පිටින්? අතීත එංගලන්තයේ අප්පිරියා සහගත රහස්!
අඩෝ මචං, අද අපි UK වල සෙන්ට් සුවඳ ගගා, Central Heating Boiler එකෙන් රත් වෙච්ච වතුරෙන් "ෂවර්" එකක් දාගෙන ටියුබ් එකේ (London Tube) යන විදියට නෙවෙයි බං ඉස්සර එංගලන්තේ රජ පවුල් පවා හිටියේ. මේක ඇහුවම උබට අද රෑට නින්ද යන්නෙත් නැති වෙයි. UK වල ඉතිහාසයේ හැංගිච්ච, අහද්දිත් ඇඟ හිරිවැටෙන "කුණු" කතාවක් මේක.
බලමුකෝ එහෙන් මෙහෙන් අහුලගත්ත ඒ කාලේ අමුතුම සිරිත් විරිත් ටිකක්.
👑 ජීවිතේටම නෑවේ දෙපාරයි?
ලෝක ඉතිහාසයේ හිටපු "ගඳම" රැජින ගැන අහලා තියෙනවද? එයා ඇගේ මුළු ජීවිත කාලෙටම නාලා තියෙන්නේ දෙපාරයි. එකක් ඉපදුණ ගමන්, අනික Wedding එකට කලින්. එච්චරයි! ඒක එයාගේ කැමැත්ත නෙවෙයි, එංගලන්තය ඇතුළු යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ (Middle Ages) තිබ්බ අමුතුම සිරිත් විරිත් නිසා වෙච්ච දෙයක්.
❄️ Central Heating Boiler නැති UK!
අද වගේ "බොයිලර්" එකක් නැති, Central Heating නැති ඒ කාලේ UK වල සීතල දරාගන්න එක ලේසි නැහැ මචං. ඉතින් වතුර රත් කරලා නානවා කියන එක මාරම කට්ටක් කන්න ඕනේ වැඩක්. වතුර ටිකක් රත් කරගන්න එකම ලොකු Project එකක්. ඒකත් එක හේතුවක් මිනිස්සු නෑම සීමා කරන්න. අපේ එංගලන්තේ හිටපු පළමු එලිසබෙත් රැජින පවා කිව්වේ "මම මාසෙකට සැරයක් නානවා, මට ඒක අවශ්‍ය වුණත් නැතත්" කියලා. ඒ කාලේ හැටියට ඒක මාරම Clean වැඩක්ලු!
💩 තේම්ස් නදිය සහ "The Great Stink"
අද අපි ලස්සන බලන්න යන River Thames එක ඉස්සර නිකන්ම විවෘත වැසිකිළියක් වගේලු මචං. 1858 අවුරුද්දේ ලන්ඩන් වල ගඳ කොච්චර දරුණු වුණාද කියනවා නම්, ඒකට කිව්වේ "The Great Stink" කියලා. මිනිස්සු තමන්ගේ Toilet waste පවා පාරට හැලුවේ ජනේලෙන්. ඒ කාලේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න බැරි නිසා ජනේල වලට ක්ලෝරයිඩ් දාපු රෙදි එල්ලගෙනලු හිටියේ. අද වගේ පිරිසිදු UK එකක් හැදුණේ ඔය වගේ කුණු ගඳ මැද්දෙන් ආපු ගමනකින්.
💐 Bridal Bouquet එකේ ඇත්තම සීන් එක
අද කාලේ මනමාලියෝ මල් කළඹක් අතට ගන්නේ ලස්සනටනේ. හැබැයි ඒ කාලේ UK වල මනමාලියෝ මල් පොකුරු අතට ගන්නේ ලස්සනට නෙවෙයි, ඇඟෙන් එන Body Odor එක වහගන්න. ගොඩක් වෙලාවට Wedding ගත්තේ ජුනි මාසේ, මොකද මැයි මාසේ තමයි මිනිස්සු අවුරුද්දටම නාන එකම මාසෙලු. ඉතින් ඒ ගඳ පොඩ්ඩක් හරි Cover කරගන්න තමයි මල් පොකුර පාවිච්චි කළේ.
🦷 කළු වෙච්ච දත් තමයි Fashion එක!
දැන් කාලේ අපි දත් සුදු කරගන්න දඟලනවනේ? හැබැයි Tudor කාලේ එංගලන්තේ දත් කුණු වෙලා කළු වුණ එක සල්ලිකාරකමේ ලකුණක්. මොකද සීනි (Sugar) ගොඩක් මිල අධිකයි. ඉතින් දත් කුණු වුණාම කියන්නේ "අම්මටසිරි මූ මාර සල්ලිකාරයෙක්, මූ මාර විදිහට සීනි කනවා" කියලා. කටේ දත් කුණු වෙලා එන Bad Breath එකයි, කළු දත් ටිකයි වහගන්න තමයි එදා ගෑණු ළමයි "Fans" (හුළං පෙති) පාවිච්චි කළේ.
👑 ඔටුන්න (Crown) පාවිච්චි කළේ "උකුණු ආවරණයක්" විදිහට!
මේක තමයි පට්ටම කතාව. ඒ කාලේ Beauty Goals වුණේ Greasy Hair. මොකද කොණ්ඩේ තෙල් ගතියට තිබ්බොත් උකුණෝ (Lice) බෝ වෙනවා අඩුයි කියලා ඔවුන් වැරදියට හිතුවා. හැබැයි කෑම කනකොට පිඟානට උකුණෝ බුරුතු පිටින් වැටෙන එක නවත්තන්න තමයි රජවරු පවා Crown එක නැත්නම් ලොකු තොප්පි (Hats) පාවිච්චි කළේ. අද අපි දකින ඒ දිලිසෙන රත්තරන් ඔටුනු ඇතුලේ එදා උකුණෝ පවුල් පිටින් පදිංචි වෙලා හිටියා කිව්වොත් උබ විශ්වාස කරනවද?
අද අපි ලන්ඩන් ටවර් (Tower of London) එකට ගිහින් Crown Jewels බලද්දී, ඒවායේ දිලිසීම නෙවෙයි, ඒ කාලේ ඒ ඔටුනු ඇතුලේ හිරවෙලා හිටපු "උකුණෝ" ගැන හිතපං මචං. පරණ කාලේට යන්න තිබ්බා නම් කියලා හිතෙන හීනය මේක ඇහුවම කුඩු වෙලා යනවා නේද?
ලෝකේ කොහේ හිටියත්, මොන සෙන්ට් එක ගැහුවත්, හිත පිරිසිදුව තියාගන්න එක තමයි වැදගත්ම දේ මචං. මොකද ඉතිහාසය සුන්දරයි කිව්වට, සමහර තැන් වලදී ඒක ඇත්තටම "ගඳයි"! Specially United Kingdom.
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..