News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රභාකරන්ගේ මනෝ විකාර රාජ්‍යය කුඩු කළ තමලනීගේ කතාව..

May 19, 2026 at 03:12 PM
|

වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.

ඇය නමින් සිවගාමි යාලිනී ය.

නමුත් ලෝකයම ඇයව හැඳින්වූයේ "තමලනී" නමිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දරුණුතම කාන්තා බලකායේ දේශපාලන නායිකාව වූ ඇය, පසුව සැබෑ ලෝකය දැක සත්‍යය වෙනුවෙන් පෑන අවි කළ නිර්භීත ගැහැනියක බවට පත් වූවාය.

1990 දශකයේ මුල් භාගයේදී, යාන්තම් වයස අවුරුදු 14 ක් වූ කුඩා තමලනීව කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යනු ලබන්නේ ඇගේ අධ්‍යාපන සිහින සියල්ල පොළොවට සමතලා කරමිනි.

පොත් බෑගය වෙනුවට ඇගේ කරට වැටුණේ සයනයිඩ් කරලකි, අතට පත්වුණේ ටී-56 ගිනි අවියකි.

ළමා සොල්දාදුවෙකු ලෙස බෞද්ධ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වූ හබරණ "යකා වංගුව" හමුදා කඳවුරට එල්ල වූ දරුණු ප්‍රහාරයට පවා ඇය නායකත්වය දුන්නාය.

ඇයට සහජයෙන්ම පිහිටි ලේඛන සහ පරිකල්පන හැකියාව හඳුනාගත් සංවිධානය, ඇයට "සුදන්දිර පරවෛහල්" (නිදහස් කුරුල්ලෝ) පුවත්පතේ ප්‍රධාන වගකීම පැවරීය.

එය නිදහස් කුරුල්ලන්ගේ පුවත්පතක් නොව, ප්‍රභාකරන්ගේ ලේ පිපාසිත මතවාදය වපුරන මෙවලමක් පමණක් බව ඇයට වැටහෙන්නට එවකට ප්‍රඥාවක් තිබුණේ නැත.

යුද්ධයේ සාපය තමලනීගේ පවුලම බිලිගත්තේය.

ඇගේ 16 හැවිරිදි නැඟණිය වූ "සන්ධ්‍යා" ද බලහත්කාරයෙන් "දිවි බිලි බලඇණියට" බඳවාගත් අතර, පසුව කිලිනොච්චි ගෝනවිල් ප්‍රදේශයේදී ඇය ඛේදජනක ලෙස මියගියාය.

2009 මැයි මාසයේදී මුලතිව් වන්නි වනාන්තරයේ අවසාන සටන නිමාවෙද්දී, තමලනී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූවාය.

එදා ඇය සිතුවේ ඒ ඇගේ ජීවිතයේ අවසාන දිනය කියාය.

නමුත්, ඇත්තෙන්ම ඇගේ සැබෑ මනුෂ්‍ය ජීවිතය ආරම්භ වූයේ එදවසය.

එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ඇයව ඉදිරිපත් කෙරුණු අතර, ඔහු ඇයව මරා දැමීමට හෝ සිරගත කිරීමට වෙනුවට යොමු කළේ පුනරුත්ථාපන කඳවුර වෙතය.

වවුනියාවේ "පුන්තෝට්ටම්" පුනරුත්ථාපන කඳවුරේදී ඇය නව ජීවිතයක් ලැබුවාය.

මේ අතරතුර, ලේ වැගිරීම් පෙන්වා සල්ලි හම්බකරන දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරය පුරා අසත්‍ය ප්‍රචාරයක් යැවීය.

ඔවුන් කීවේ ශ්‍රී ලංකා හමුදාවේ උසස් නිලධාරීන් විසින් තමලනීව සමූහ දූෂණයට ලක් කර මරා දමා ඇති බවයි.

නමුත් පුනරුත්ථාපනය වී සමාජයට පැමිණි තමලනී, මාධ්‍ය ඉදිරියට පැමිණ ඩයස්පෝරාවේ මූණට කෙළ ගසමින් කියා සිටියේ, "ඒක පට්ට පල් බොරුවක්! සිංහල හමුදාව මට සැලකුවේ තමන්ගේම සහෝදරියකට වගේ" කියාය.

ඩයස්පෝරාවේ කුප්‍රකට අවලාද හඳුනාගත්, කැනඩාවේ පදිංචිව සිටි එම්. ජයකුමාර් නම් දෙමළ ජාතිකයා තමලනීගේ මේ නිර්භීතකම දැක ඇයට ආදරය කළේය.

ඔහු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේය.

ඒ අනුව 2013 වසරේදී ඇය පූර්ණ නිදහස ලබා සාමාන්‍ය සමාජයට පිවිසියාය.

පසුව ජයකුමාර් මාධ්‍ය වෙත මෙසේ පවසා තිබුණි:

"රජයේ ආරක්ෂක අංශ මගේ බිරිඳට ඉතාමත් යහපත් සහ නිවැරදි පුනරුත්ථාපනයක් ලබා දුන්නා. අවිහිංසාවේ සැබෑ අර්ථය ඇය වටහා ගත්තේ ඒ නිසයි. ඇය සැබෑ ලෝකය දැක්කේ සිංහල මිනිසුන් නිසා."

නිදහස් වූ තමලනී මහත් බලාපොරොත්තු ඇතිව තම උපන්ගම වූ පරන්තන් බලා ගියාය.

නමුත් එහිදී ඇයට උරුම වූයේ කටුක අත්දැකීමකි.

ගමේ ඇතැම් මිනිසුන් ඇයට ද්‍රෝහියෙකු ලෙස සැලකූහ. "උඹලා අපේ දරුවන්ව යුද්ධයට බිලි දීලා, දැන් උඹලා විතරක් හොඳින් ජීවත් වෙනවා" යැයි කියමින් ඔවුහු ඇයට නින්දා කළහ.

 කොටි මතවාදයෙන් තවමත් පීඩිතව සිටි තමන්ගේම මිනිසුන් අතර ජීවත් විය නොහැකි තැන, තමලනී රැකවරණය සොයා ආවේ සිංහල බහුතරයක් වෙසෙන කොළඹ නුගේගොඩ ප්‍රදේශයටය.

එහිදී ඇයට කිසිදු හිරිහැරයක් නැතිව, නිදහසේ සාමාන්‍ය ගැහැනියක ලෙස ජීවත් වීමේ අයිතිය ලැබුණි.

අවාසනාවකට, ඇයට සැබෑ ලෝකයේ සතුට විඳීමට ලැබුණේ වසර දෙකක් වැනි කෙටි කාලයකි.

2015 වන විට ඇය දරුණු අක්මා පිළිකාවකින් පීඩා වින්දාය.

ඇයව ඇතුළත් කෙරුණේ කළුබෝවිල (දකුණු කොළඹ) ශික්ෂණ රෝහලටය.

තමලනීගේ අවසාන දින කිහිපය ගැන ඇගේ සැමියා කැනඩා පුවත් සේවයට දෑසට කඳුළු පුරවාගෙන මෙසේ පවසා තිබුණි:

"ඇය අවසන් හුස්ම හෙළුවේ කළුබෝවිල රෝහලේදී. සිංහල දොස්තරලා, නර්ස්ලා ඇයව බේරගන්න පුදුමාකාර සටනක් දුන්නා. තමන් දවසක්දා සතුරන් ලෙස දැකපු මිනිස්සු තමන්ව බේරගන්න මෙච්චර වෙහෙසෙනවා දැකලා තමලනී ඇඬුවා. ඒ සිංහල වෛද්‍යවරුන්ගේ සෙනෙහස ඇගේ හදවත උණු කළා. ඇය වැඩියෙන්ම දුක් වුණේ ඒ ආදරය දකින්න මෙච්චර කල් ප්‍රමාද වුණ එක ගැනයි..."

මියයාමට පෙර තමලනී, ප්‍රභාකරන් නැමැති මානසික රෝගියාගේ විකෘති සිහිනය සහ කොටි සංවිධානයේ කෲරත්වය ලෝකයටම හෙළි කිරීමට පොත් දෙකක් ලිව්වාය.

ඉන් වඩාත්ම ප්‍රසිද්ධ වූයේ «ஒரு கூர்வாளின் நிழலில்» (“Oru Koorvaalin Nizhalil”) හෙවත් "තියුණු අසිපතක සෙවන යට මගේ අරගලය" කෘතියයි.

මෙම ග්‍රන්ථය දෙමළ ඩයස්පෝරාවේ මුදල් සෙවීමේ වෙළඳාමට සහ බොරු ප්‍රචාරවලට එල්ල කළ මාරාන්තික අතුල් පහරක් විය.

තමන් ඇතුළු දහස් ගණන් දෙමළ තරුණ තරුණියන්ගේ ජීවිත කොටි සංවිධානය විසින් විනාශ කළ අන්දම ඇය එහි සාක්ෂි සහිතව ලියා තිබුණි.

අදටත් දෙමළ ඩයස්පෝරාව තමලනී යන නාමයට පවා බයය, ඇයට නිබඳවම අපහාස කරන්නේ එබැවිනි.

මන්ද, ඇය ජීවිතයෙන් වන්දි ගෙවා ලියා තබා ගියේ ඊළාම් සිහිනයේ නිරුවත සහ සිංහල මිනිසාගේ හදවතේ ඇති සැබෑ මනුෂ්‍යත්වය පිළිබඳ නොමැකෙන සත්‍ය සාක්ෂිය වන බැවිනි.

(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.