News Category
From Date
To Date
Maximum Number of Result

ජාතිය අමතා කෙඳිරිගෑම..

Mar 19, 2026 at 09:20 AM
|

සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක  කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.

රටේ රාළ ඒක දකින්නේ ජාතිය අමතා කරපු කෙදිරිගෑම විදිහටයි. ජාතිය අමතලා අනුර කරපු කෙඳිරිගෑමෙන් පස්සේ ජනතාව නං අනුරට අමතනවා ඇහුණා.ඇත්තට අනුර ඒ කතාව කළේ කුමාර ජයකොඩිව බේරගන්න බව පැහැදිලියි.ජනවාරි මාසයේ ඇමරිකන් USS එබ්‍රහම් ලින්කන් නෞකාව අරාබි මුහුද පැත්තට යාත්‍රා කරනකොට රටේ රාළ මතුවෙන්න පුළුවන් අවධානම ගැන අනතුරු ඇඟවීමක් කළා.

මොකද ඇමරිකාව ඔය වගේ යුධ නෞකාවක් පරිවාර නෞකාත් එක්ක ස්ථාන ගත වෙන්නේ මාළු අල්ලන්න නෙවෙයි කියලා අනුරට නොතේරුණාට පහ වසර ළමයෙකුට උනත් තේරෙනවා මේ මොකාටද එන්න හදන්නේ කියලා.ඊට පස්සේ පෙබරවාරි 28 වෙනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දුන්න ගමන් රටේ රාළ ආයෙත් අනතුරු ඇඟවීමක් කළා.රටේ රාළ කිව්වේ මේ යුද්ධ කල් ඇදෙන කලාපීය යුද්ධයක් බවට පත්වෙනවා කියලයි.

එතනදී රටක් විදිහට අපට මුහුණ දෙන්න වෙන තත්වය සහ ඒකට තියන එකම විසදුම ගැනත් කිව්වා.මේ ප්‍රශ්නයට රටම එකතුවෙලා මුහුණ දෙමු ඒ වෙනුවෙන් ජාතිය එකඟතා වැඩපිලිවෙලකට යමු කියලා යෝජනා කළා.හැබැයි අනුර ජාතිය අමතලා කරපු කෙඳිරිගෑමෙන් එහෙම වැඩපිලිවෙලකට එයා එකඟ නැති බව පේනවා.අනුර සම්පුර්ණයෙන්ම එයාගේ ආර්ථික ආවේෂණ කමිටුව මත විශ්වාසය තියලා තියන බව පේනවා.

දැන් අනුරගේ කැබිනට් එක බවට පත්වෙලා තියෙන්නේ මේ ආර්ථික ආවේෂණ කමිටුව.අනුර කරලා තියෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුල විවිධ තැන්වල ඉන්න නිළාධාරින් සහ අනූරට හිතවත් කට්ටිය දාගෙන ආර්ථික ආවේෂණ කමිටුව කියලා එකතුවක් හදාගැනීමයි.ඊට පස්සේ අනුර දවසකට, දෙකකට සැරයක් ඒක කැඳවන එකයි.සාමන්‍යයෙන් ජෙප්පෝ ප්‍රශ්නයක් ආපු ගමන් කරන්නේ ටක් ගාලා කමිටුවක් හදලා ඒක කැඳව කැඳව ඉන්න එකයි.

රටට කැඳත් නැති වෙනකං අනුර ඔය කමිටුව කැඳව කැඳව හිටීයි.රටේ රාළ කීයටවත් කියන්නේ නෑ ආර්ථික ආවේෂණ කමිටුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලා.මොනවා හරි ටිකක් වෙනවා ඇති.හැබැයි ප්‍රශ්නට උත්තරය හම්බවෙන්නේ නෑ. ඇත්තටම මේ ප්‍රශ්නය පරිපාලන උත්තරයක් විතරක් හරියන්නේ නෑ.මේ තියන දේවල් ටික කළමණාකරණය කරලා හොයන්න පුළුවන් සීමිත උත්තරයක් විතරයි.මෙතෙන්ට දැන් ඕනි දේශපාලන උත්තරයක්.

ඒකයි රටේ රාළ කිව්වේ අනුරට සියලු පක්‍ෂ නායකයන් කැඳවන්න කියලා.එතනදී තමයි සියලු පක්‍ෂ නායකයන් ඇතුලත්වන දේශපාලන කම්ටුවක් හදන්න ඕනි.ඕනි නං සියලුම ආගමික නායකයන්වත් කැඳවලා සර්ව ආගමික කමිටුවක් හැදුවත් කමක් නෑ.අනුරට තව කමිටු ඕනි නං ඒවත් දාගත්තට කමක් නෑ. විජිතටත් කමිටුවක් හදලා දීලා කියලා ආරංචියි.හැබැයි මෙතනදී තීරණාත්මක වෙන්නේ දේශපාලන කම්ටුවයි.එකෙන් ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න ආර්ථික ආවේෂණ කමිටුවක් හැදුවට කමක් නෑ.

රටේ රාළ දේශපාලන කමිටුවක් ඉල්ලන්නේ නිකං නෙවෙයි.මෝඩ ජෙප්පෝ හිතනවා ඇති රනිල් හරි,සජිත් හරි,නාමල් හරි,දිලිත් හරි,චම්පික හරි ජනාධිපති කරන කුමන්ත්‍රණයක් කියලා.මේ වෙලාවේ ආණ්ඩුව පෙරලෙනවට රටේ රාළ කීයටවත් කැමති නෑ. රටේ රාළ යෝජනා කරන වැඩපිළිවෙළ හැදෙන්නේ අනුරගේ මූලිකත්වයෙන්.හැබැයි එහෙම දෙයක් කරන්න තරමේ විවෘත මනසක් සහ ශක්තිමත් කොන්දක් අනුරට නෑ.

මේ ආණ්ඩුව පත්වෙලා දැන් අවුරුද්දයි මාස හයක් වෙනවා.ඒ කාලය පුරාම ආණ්ඩුව ෆේල්.කිසිම වැඩක් කරගන්න බෑ.අත ගහන ගහන වැඩේ ෆේල්.අඩූම ගානේ රිලව් ටික ගණන් කරගන්නවත් බෑ.ඒක නිසා මේ ආණ්ඩුව කියන්නේ ජනතා විශ්වාසය නැති කරගත්ත ආණ්ඩුවක්.තිබුණ ජනවරම අහමි කරගත්ත ආණ්ඩුවක්.ඇත්තටම මේක නියම පාණ්ඩුවක්.දැන් රටේ ජනතාවගෙන් 85%ක් විතර ආණ්ඩුවට විරුද්ධයි.මේ වගේ අර්බුදයකදී ඒ විරුද්ධ කණ්ඩායම තමයි කළමණාකරණය කරගන්න ඕනි.

හැබැයි මේ අමන මරි මෝඩ ආණ්ඩුව වැඩ හදන්නේ තමන් එක්ක ඉන්න 3% දිහා බලාගෙන.එහෙම කරන්න ගිහින් එක පාරක් වැරදුන ගමන් අර 85%ම නැගිටිනවා.ඒක නවත්තන්න 3%ට බෑ. ඇත්තටම ජවිපෙ කියන්නේ ඒ දේශපාලන අවබෝධය තිබුණ පක්ෂයක්.එහෙම පක්ෂයක් තමයි ටිල්වින්ලා,අනුරලා අද හැඟීම් දැනෙන්නේ නැති හිරි වට්ටපු පක්ෂයක් බවට පත්කරලා තියෙන්නේ.

ඔයාලට මතක ඇති සෝමවංශ අමරසිංහ චන්ද්‍රකා එක්ක, මහින්ද,මෛත්‍රි එක්ක එකඟතාවලට ගියා.ඒ එයාලා හොඳ හින්දා නෙවෙයි.ශ්‍රීලනිපය එක්ක සන්ධානය හැදුවේ ශ්‍රීලනිප හොඳ හින්දා නෙවෙයි.එදාත් මහින්දට දුෂණ චෝදනා තිබුණා.හැබැයි සෝමවංශ දැක්කා කොටි පරද්දන වැඩේට හොඳම මිනිහා මහින්ද කියලා.ඒක නිසා දේශපාලන එකඟතාවයකට ගියා.එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවා.ජවිපෙ මැදිහත්වෙලා මානෙල් මල් ව්‍යාපාරය වගේ ව්‍යාපාර හදලා රටම යුද්ධෙට සුදානම් කළා. අන්න ඒ අවශ්‍යතාවය තමයි මෙතනත් තියෙන්නේ.

එදත් ජවිපෙ ඇතුලේ ඉඳන් අනුරලා යුද ජයග්‍රහණය වලක්වන්න නොකරපු දෙයක් නෑ.ජවිපෙ විතරක් නෙවෙයි අපේ රටේ හිටපු ජනාධිපතිවරු හැම කෙනාම වගේ ජාතියට විපතක් උන හැම අවස්ථාවකදීම ප්‍රශ්නය පොදු කරගෙන මුහුණ දෙන්න උත්සහ කළා.සර්වපාක්ෂික සමුළු කැදෙව්වා.ජේආර් පවා සර්වපාක්ෂික සමුළුවක් කැදෙව්වා.දේශපාලන උපක්‍රමයක් විදිහට හරි එහෙම කළා.ඇත්තටම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් දැනුම සහ ශක්තිය තියන මිනිස්සු ඉන්නේ විපක්ෂයේ.

මෙතනදී එයාලගේ සහය ගැනීමෙන් අනුරට කිසිම මදි පුංචිකමක් වෙන්නේ නෑ.දේශපාලන පැත්තකින් තියලා හිතුවොත් ඇත්තටම මේ වගේ වෙලාවක අපේ රටේ ඉන්න ඕනි රනිල් වගේ නායකයෙක්.රවී වගේ මුදල් ඇමති කෙනෙක්.අලි සබ්‍රි,ජීඑල් වගේ විදේශ ඇමති කෙනෙක්.චම්පික,කංචන වගේ බලශක්ති ඇමති කෙනෙක්.රමේෂ්,රාජිත වගේ සෞඛ්‍ය ඇමති කෙනෙක්.එයාලට සාපේක්ෂව හිතුවොත් දැන් ඉන්න ඔක්කොම පාපිසි.ඇත්තටම ඒ අයගේ සහය ගන්න ෆෝමැට් එකක් තියෙන්න ඕනි.

ජෙප්පෝ හිතන විදිහට මහින්ද හිරේ දාලා,රනිල් හිරේ දාලා, චම්පිකලා,ගම්මන්පිලලා,විමල්ලා හිරේ දාලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?ඒ අය හිරේ දාන්න ශානීවත් දාගෙන පස්සෙන් එලෙව්වට අපේ රටට තෙල් එන්නේ නෑ,ගෑස් එන්නේ නෑ. ජනතාවගේ මේ දැවෙන ප්‍රශ්නවලට ඒක උත්තරයක් නෙවෙයි. රටේ රාළට අවසාන වශයෙන් කීයන්න තියෙන්නේ අනුර දැන දැනම ගහන්නේ පට්ට කෙබර.අනිවාර්යෙන්ම ඉන්ධන,ගෑස්,ගල් අඟුරු හිඟයක් එනවා.අනිවාර්යෙන්ම විදුලි කප්පාදුවක් එනවා.

පොහොර ප්‍රශ්නය එනවා.ඒ වගේම ආහාර අර්බුදයක් එනවා. අත්‍යාවශ්‍ය බෙහෙත් හිඟයක් එනවා.ඒක වෙන්නේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සැපයුම් ජාල බිඳවැටීම සහ නිෂ්පාදන ක්‍රියාවලියේ සිද්ධවෙන බිඳවැටීම එක්ක.ඒවාට පෙර සුදානමක් නැති හින්දා.සිංහල අවුරුද්දත් එක්කම මේ රටට ලබන්නේ නරක කාලයක්.යන්න හරි පාර පෙන්නලා දීලා තියෙද්දී උද්දච්චකම සහ වෛරය නිසා වැරදි පාරේ යනවා නම් අනුරට ඒකට විපාක මේ අවුරද්ද අඟදී විදින්න සිද්ධවෙයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.