News Category
From Date
To Date
Maximum Number of Result

ජාතිය අමතා කෙඳිරිගෑම..

Mar 19, 2026 at 09:20 AM
|

සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක  කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.

රටේ රාළ ඒක දකින්නේ ජාතිය අමතා කරපු කෙදිරිගෑම විදිහටයි. ජාතිය අමතලා අනුර කරපු කෙඳිරිගෑමෙන් පස්සේ ජනතාව නං අනුරට අමතනවා ඇහුණා.ඇත්තට අනුර ඒ කතාව කළේ කුමාර ජයකොඩිව බේරගන්න බව පැහැදිලියි.ජනවාරි මාසයේ ඇමරිකන් USS එබ්‍රහම් ලින්කන් නෞකාව අරාබි මුහුද පැත්තට යාත්‍රා කරනකොට රටේ රාළ මතුවෙන්න පුළුවන් අවධානම ගැන අනතුරු ඇඟවීමක් කළා.

මොකද ඇමරිකාව ඔය වගේ යුධ නෞකාවක් පරිවාර නෞකාත් එක්ක ස්ථාන ගත වෙන්නේ මාළු අල්ලන්න නෙවෙයි කියලා අනුරට නොතේරුණාට පහ වසර ළමයෙකුට උනත් තේරෙනවා මේ මොකාටද එන්න හදන්නේ කියලා.ඊට පස්සේ පෙබරවාරි 28 වෙනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දුන්න ගමන් රටේ රාළ ආයෙත් අනතුරු ඇඟවීමක් කළා.රටේ රාළ කිව්වේ මේ යුද්ධ කල් ඇදෙන කලාපීය යුද්ධයක් බවට පත්වෙනවා කියලයි.

එතනදී රටක් විදිහට අපට මුහුණ දෙන්න වෙන තත්වය සහ ඒකට තියන එකම විසදුම ගැනත් කිව්වා.මේ ප්‍රශ්නයට රටම එකතුවෙලා මුහුණ දෙමු ඒ වෙනුවෙන් ජාතිය එකඟතා වැඩපිලිවෙලකට යමු කියලා යෝජනා කළා.හැබැයි අනුර ජාතිය අමතලා කරපු කෙඳිරිගෑමෙන් එහෙම වැඩපිලිවෙලකට එයා එකඟ නැති බව පේනවා.අනුර සම්පුර්ණයෙන්ම එයාගේ ආර්ථික ආවේෂණ කමිටුව මත විශ්වාසය තියලා තියන බව පේනවා.

දැන් අනුරගේ කැබිනට් එක බවට පත්වෙලා තියෙන්නේ මේ ආර්ථික ආවේෂණ කමිටුව.අනුර කරලා තියෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුල විවිධ තැන්වල ඉන්න නිළාධාරින් සහ අනූරට හිතවත් කට්ටිය දාගෙන ආර්ථික ආවේෂණ කමිටුව කියලා එකතුවක් හදාගැනීමයි.ඊට පස්සේ අනුර දවසකට, දෙකකට සැරයක් ඒක කැඳවන එකයි.සාමන්‍යයෙන් ජෙප්පෝ ප්‍රශ්නයක් ආපු ගමන් කරන්නේ ටක් ගාලා කමිටුවක් හදලා ඒක කැඳව කැඳව ඉන්න එකයි.

රටට කැඳත් නැති වෙනකං අනුර ඔය කමිටුව කැඳව කැඳව හිටීයි.රටේ රාළ කීයටවත් කියන්නේ නෑ ආර්ථික ආවේෂණ කමිටුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලා.මොනවා හරි ටිකක් වෙනවා ඇති.හැබැයි ප්‍රශ්නට උත්තරය හම්බවෙන්නේ නෑ. ඇත්තටම මේ ප්‍රශ්නය පරිපාලන උත්තරයක් විතරක් හරියන්නේ නෑ.මේ තියන දේවල් ටික කළමණාකරණය කරලා හොයන්න පුළුවන් සීමිත උත්තරයක් විතරයි.මෙතෙන්ට දැන් ඕනි දේශපාලන උත්තරයක්.

ඒකයි රටේ රාළ කිව්වේ අනුරට සියලු පක්‍ෂ නායකයන් කැඳවන්න කියලා.එතනදී තමයි සියලු පක්‍ෂ නායකයන් ඇතුලත්වන දේශපාලන කම්ටුවක් හදන්න ඕනි.ඕනි නං සියලුම ආගමික නායකයන්වත් කැඳවලා සර්ව ආගමික කමිටුවක් හැදුවත් කමක් නෑ.අනුරට තව කමිටු ඕනි නං ඒවත් දාගත්තට කමක් නෑ. විජිතටත් කමිටුවක් හදලා දීලා කියලා ආරංචියි.හැබැයි මෙතනදී තීරණාත්මක වෙන්නේ දේශපාලන කම්ටුවයි.එකෙන් ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න ආර්ථික ආවේෂණ කමිටුවක් හැදුවට කමක් නෑ.

රටේ රාළ දේශපාලන කමිටුවක් ඉල්ලන්නේ නිකං නෙවෙයි.මෝඩ ජෙප්පෝ හිතනවා ඇති රනිල් හරි,සජිත් හරි,නාමල් හරි,දිලිත් හරි,චම්පික හරි ජනාධිපති කරන කුමන්ත්‍රණයක් කියලා.මේ වෙලාවේ ආණ්ඩුව පෙරලෙනවට රටේ රාළ කීයටවත් කැමති නෑ. රටේ රාළ යෝජනා කරන වැඩපිළිවෙළ හැදෙන්නේ අනුරගේ මූලිකත්වයෙන්.හැබැයි එහෙම දෙයක් කරන්න තරමේ විවෘත මනසක් සහ ශක්තිමත් කොන්දක් අනුරට නෑ.

මේ ආණ්ඩුව පත්වෙලා දැන් අවුරුද්දයි මාස හයක් වෙනවා.ඒ කාලය පුරාම ආණ්ඩුව ෆේල්.කිසිම වැඩක් කරගන්න බෑ.අත ගහන ගහන වැඩේ ෆේල්.අඩූම ගානේ රිලව් ටික ගණන් කරගන්නවත් බෑ.ඒක නිසා මේ ආණ්ඩුව කියන්නේ ජනතා විශ්වාසය නැති කරගත්ත ආණ්ඩුවක්.තිබුණ ජනවරම අහමි කරගත්ත ආණ්ඩුවක්.ඇත්තටම මේක නියම පාණ්ඩුවක්.දැන් රටේ ජනතාවගෙන් 85%ක් විතර ආණ්ඩුවට විරුද්ධයි.මේ වගේ අර්බුදයකදී ඒ විරුද්ධ කණ්ඩායම තමයි කළමණාකරණය කරගන්න ඕනි.

හැබැයි මේ අමන මරි මෝඩ ආණ්ඩුව වැඩ හදන්නේ තමන් එක්ක ඉන්න 3% දිහා බලාගෙන.එහෙම කරන්න ගිහින් එක පාරක් වැරදුන ගමන් අර 85%ම නැගිටිනවා.ඒක නවත්තන්න 3%ට බෑ. ඇත්තටම ජවිපෙ කියන්නේ ඒ දේශපාලන අවබෝධය තිබුණ පක්ෂයක්.එහෙම පක්ෂයක් තමයි ටිල්වින්ලා,අනුරලා අද හැඟීම් දැනෙන්නේ නැති හිරි වට්ටපු පක්ෂයක් බවට පත්කරලා තියෙන්නේ.

ඔයාලට මතක ඇති සෝමවංශ අමරසිංහ චන්ද්‍රකා එක්ක, මහින්ද,මෛත්‍රි එක්ක එකඟතාවලට ගියා.ඒ එයාලා හොඳ හින්දා නෙවෙයි.ශ්‍රීලනිපය එක්ක සන්ධානය හැදුවේ ශ්‍රීලනිප හොඳ හින්දා නෙවෙයි.එදාත් මහින්දට දුෂණ චෝදනා තිබුණා.හැබැයි සෝමවංශ දැක්කා කොටි පරද්දන වැඩේට හොඳම මිනිහා මහින්ද කියලා.ඒක නිසා දේශපාලන එකඟතාවයකට ගියා.එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවා.ජවිපෙ මැදිහත්වෙලා මානෙල් මල් ව්‍යාපාරය වගේ ව්‍යාපාර හදලා රටම යුද්ධෙට සුදානම් කළා. අන්න ඒ අවශ්‍යතාවය තමයි මෙතනත් තියෙන්නේ.

එදත් ජවිපෙ ඇතුලේ ඉඳන් අනුරලා යුද ජයග්‍රහණය වලක්වන්න නොකරපු දෙයක් නෑ.ජවිපෙ විතරක් නෙවෙයි අපේ රටේ හිටපු ජනාධිපතිවරු හැම කෙනාම වගේ ජාතියට විපතක් උන හැම අවස්ථාවකදීම ප්‍රශ්නය පොදු කරගෙන මුහුණ දෙන්න උත්සහ කළා.සර්වපාක්ෂික සමුළු කැදෙව්වා.ජේආර් පවා සර්වපාක්ෂික සමුළුවක් කැදෙව්වා.දේශපාලන උපක්‍රමයක් විදිහට හරි එහෙම කළා.ඇත්තටම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් දැනුම සහ ශක්තිය තියන මිනිස්සු ඉන්නේ විපක්ෂයේ.

මෙතනදී එයාලගේ සහය ගැනීමෙන් අනුරට කිසිම මදි පුංචිකමක් වෙන්නේ නෑ.දේශපාලන පැත්තකින් තියලා හිතුවොත් ඇත්තටම මේ වගේ වෙලාවක අපේ රටේ ඉන්න ඕනි රනිල් වගේ නායකයෙක්.රවී වගේ මුදල් ඇමති කෙනෙක්.අලි සබ්‍රි,ජීඑල් වගේ විදේශ ඇමති කෙනෙක්.චම්පික,කංචන වගේ බලශක්ති ඇමති කෙනෙක්.රමේෂ්,රාජිත වගේ සෞඛ්‍ය ඇමති කෙනෙක්.එයාලට සාපේක්ෂව හිතුවොත් දැන් ඉන්න ඔක්කොම පාපිසි.ඇත්තටම ඒ අයගේ සහය ගන්න ෆෝමැට් එකක් තියෙන්න ඕනි.

ජෙප්පෝ හිතන විදිහට මහින්ද හිරේ දාලා,රනිල් හිරේ දාලා, චම්පිකලා,ගම්මන්පිලලා,විමල්ලා හිරේ දාලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?ඒ අය හිරේ දාන්න ශානීවත් දාගෙන පස්සෙන් එලෙව්වට අපේ රටට තෙල් එන්නේ නෑ,ගෑස් එන්නේ නෑ. ජනතාවගේ මේ දැවෙන ප්‍රශ්නවලට ඒක උත්තරයක් නෙවෙයි. රටේ රාළට අවසාන වශයෙන් කීයන්න තියෙන්නේ අනුර දැන දැනම ගහන්නේ පට්ට කෙබර.අනිවාර්යෙන්ම ඉන්ධන,ගෑස්,ගල් අඟුරු හිඟයක් එනවා.අනිවාර්යෙන්ම විදුලි කප්පාදුවක් එනවා.

පොහොර ප්‍රශ්නය එනවා.ඒ වගේම ආහාර අර්බුදයක් එනවා. අත්‍යාවශ්‍ය බෙහෙත් හිඟයක් එනවා.ඒක වෙන්නේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සැපයුම් ජාල බිඳවැටීම සහ නිෂ්පාදන ක්‍රියාවලියේ සිද්ධවෙන බිඳවැටීම එක්ක.ඒවාට පෙර සුදානමක් නැති හින්දා.සිංහල අවුරුද්දත් එක්කම මේ රටට ලබන්නේ නරක කාලයක්.යන්න හරි පාර පෙන්නලා දීලා තියෙද්දී උද්දච්චකම සහ වෛරය නිසා වැරදි පාරේ යනවා නම් අනුරට ඒකට විපාක මේ අවුරද්ද අඟදී විදින්න සිද්ධවෙයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.