ඉරානය ඉතිහාසයේ දරුණුතම රාජ්‍යතාන්ත්‍රික හුදකලා වීමකට මුහුණ දෙයිද?
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ගල්ෆ් කලාපයට සහ ජෝර්දානයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්වන ලෙස මෙයින් ඉරානයට නියෝග කර ඇත.
ලෝක ඉතිහාසයේ ආරක්ෂක මණ්ඩල යෝජනාවක් සඳහා රටවල් 135ක් වැනි විශාල සංඛ්‍යාවක් සම-අනුග්‍රාහකත්වය දැක්වූ පළමු අවස්ථාව මෙයයි. මෙහිදී ආරක්ෂක මණ්ඩලයේ රටවල් 13ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර කිසිදු රටක් විරුද්ධ නොවීය.
ඉරානයේ සමීපතම මිතුරන් වන චීනය සහ රුසියාව පවා මෙහිදී ඉරානය බේරා ගැනීමට තම නිශේධ බලය භාවිතා නොකිරීම විශේෂත්වයකි.
එය ඉරානයේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව මුළු මහත් ජාත්‍යන්තර ප්‍රජාවම එක හඬින් දක්වන දැඩි අප්‍රසාදයේ සංඥාවක් බවයි දේශපාලන විචාරකයන් මත පළ කරන්නේ.
විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ සිවිල් වැසියන්ට සහ බලශක්ති පද්ධතිවලට එල්ල වන ප්‍රහාර තවදුරටත් ඉවසා සිටීමට ලෝකය සූදානම් නැති බව මෙයින් පැහැදිලි වන බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) බලවත්ම අංශය වන්නේ ආරක්ෂක මණ්ඩලයයි (Security Council). ලෝකයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ මෙයටයි. මෙහි ස්ථිර සාමාජිකයින් පස්දෙනා වන ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ චීනය යන රටවලට ඕනෑම තීරණයක් තනිවම නතර කිරීමේ 'නිශේධ බලය' (Veto Power) පවතී. සාමාන්‍යයෙන් ඉරානයට හිතවත් රුසියාව සහ චීනය ඔවුන්ට එරෙහිව එන යෝජනා නතර කරන නමුත්, මෙවර ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ලෝකයම පුදුමයට පත් කර ඇත.
කෙසේ වුවද ආරක්ෂක මණ්ඩල යෝජනාවෙන් පසු ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් සටන් විරාමයකට (Ceasefire) එළඹීම සඳහා කොන්දේසි 3ක් ඉදිරිපත් කරන ලදී. එහෙත් වත්මන් යුධ වාතාවරණය හමුවේ මේවා අතිශය ප්‍රායෝගික නොවන (Impractical) ඉල්ලීම් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.
ඒවා නම්,
1. ඉරානයේ "නීත්‍යානුකූල අයිතිවාසිකම්" පිළිගැනීම: තම න්‍යෂ්ටික වැඩපිළිවෙල ඇතුළු ආරක්ෂක කටයුතු සඳහා පූර්ණ ජාත්‍යන්තර අනුමැතිය ඉල්ලා සිටීම.
2. යුධ වන්දි ගෙවීම (Reparations):ඇමරිකාව සහ ඉස්රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ හානියට විශාල මුදලක් ඉල්ලා සිටීම.
3. ජාත්‍යන්තර සහතික (Guarantees): අනාගතයේදී කිසිම දිනක ඇමරිකාව හෝ ඉස්රායලය තමන්ට පහර නොදෙන බවට ස්ථිර ජාත්‍යන්තර බන්ධනීය පොරොන්දුවක් ඉල්ලා සිටීම.
ඉරානය දැන් සිටින්නේ අතිශය තීරණාත්මක මංසන්ධියකය. තම දීර්ගකාලීන මිතුරන් පවා දැන් ඇතියයි පවසන මොහොතක, ඔවුන්ට තවදුරටත් මෙම දැඩි කොන්දේසි මත රැඳී සිටිය නොහැකි බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. ඉදිරියේදී ඉරානය තම ස්ථාවරය ලිහිල් කර ලෝකයට පිළිගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලකට පැමිණීමට සිදුවනු ඇති බවත් එසේ නොවුවහොත්, ඔවුන් තවදුරටත් ජාත්‍යන්තරව හුදකලා වීමත්, රට අභ්‍යන්තරයේ විශාල දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ දීමත් වැළැක්විය නොහැකි වනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
මූලාශ්‍රය: BBC, Reuters, Iran International, AL Jazeera
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..