අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම ඉවතට?.. නව දිසාපති අනුපම මංගල වික්‍රමාරච්චි?
අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලනය අධිකාරිය සහ අම්පාර දිසාපතිවරයා අතර ඇතිවි තියෙන සීතල යුද්ධය උණුසුම් තත්වය පැමින ඇති බවත්, ඒ අනුව ඉදිරි දින කිහිපය තුල අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතාට සිය පදවිය අත්හැර කොළඹ ප්‍රදේශයට යෑමට සිදුව ඇති බවත් සමාජ මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කර ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කිරිමට යෝජනා කරන සමහර අනීතික ක්‍රියා දිසාපතිවරයා ක්‍රියාත්මක නොකිරීම නිසා දිසාපතිවරයා සමග උරණවි ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහු අම්පාර දිසාපති තනතුරින් ඉවත් කිරිමට පෙරමුණ ගෙන ඇති බවත් එම තොරතුරු හරහා අනාවරණය කෙරෙයි.
අම්පාර ගල්ඔය පාලම අසල කිලෝමිටර් 02 ක් ඇතුලත වැලි බලපත්‍ර දිම පිලිබදව 2022 වසරේදි නැවැත් වු අතර වර්ථමාන රජය පැමිනිමෙන් පසුව ගිය වසරේ දි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි කරන ලද යෝජනාවක් අනුව එය කිලෝමිටර් 1 දක්වා අඩුකර මාලිමා රජය බලයට පත් කිරිමට කටයුතු කල පිරිසකට දීමට සුදානම් කර ඇති බවත්, පසුව මෙරට ප්‍රධාන මාධ්‍ය තුලින් මෙම අනීතික ක්‍රියාව නිසා ගල්ඔය පාලමට සහ ගල්ඔය ගගට වන හානිය පිලිබදව දැඩි ලෙස හෙලිදරව් කිරිමත් සමගම මුවංගල ග්‍රාම අංක තුන ප්‍රදේශයේ වැලි තොටුපලවල් පහක බලපත්‍ර අත්හිටුවන ලෙසට වසන්ත පියතිස්ස නියෝජ්‍ය ඇමතිවරයා විසින් අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතාට දුරකථනයෙන් උපදෙස් දි ඇති බවත් වාර්තා වේ.
ඒ අනුව දිසාපතිවරයා විසින් භු විද්‍යා සහ පතල් කාර්යංශයේ අම්පාර කැණිම් ඉංජිනේරුවරයාට මේ පිලිබදව ලිඛිතව දැනුම් දි තිබේ.
දිසාපතිවරයා යවන ලද ලිපියේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සමග කරන ලද දුරකථන සංවාදය හා බැදේ යනුවෙන් සදහන් කර තිබේ. (ලිපිය පහත දැක්වේ )
දිසාපති චින්තක අබේවික්‍රම මහතාට අම්පාර දිස්ත්‍රික්කයෙන් පිටව යෑමට සිදුවු ආසන්නම සිදුවිම මෙය බව දිසාපති කාර්යාලයේ සේවකයින් පවසති.
මෙම සිදුවිම සමග අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය පරිපාලන සේවයේ නිළධාරින් වැඩි පිරිසක් දැඩි කල කිරීමකට පත්ව ඇති අතර මෙම රජය පත් කිරිමට දැඩි ලෙස උදව් කරන ලද රාජ්‍ය සේවකයින්ද කල කිරීමකට පත්ව ඇති බව උසස් නිළධාරියෙක් අනාවරණය කර ඇති බවත් එම තොරතුරුවල දක්වා ඇත.
අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා අම්පාර දිස්ත්‍රික්කයේ සෑම ජන කොටසක් සමගම සුහදව කටයුතු කල අතර දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ජනප්‍රිය චරිතයක් වි තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින් සමගමද අම්පාර දිසාපතිවරයා සුහදව කටයුතු කර ඇති නිසා ඔහුගේ හදිසි ස්ථාන මාරුවට ගොවි සංවිධාන වල විරෝධය මතුවෙමින් ඇති බවත් සඳහන් ය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..