ගින්නෙන් උපන් සීතල: රාජ්‍ය ත්‍රස්තවාදයේ යකඩ සපත්තුවට පෑගී ගිය 'කීර්ති විජයබාහු' හෙවත් සමන් පියසිරිගේ ඛේදනීය ඉරණම!
අසූ අට - අසූ නවය (1987-1989) යුගය කියන්නේ ලාංකීය ඉතිහාසයේ ලියැවුණු රුධිරයෙන් පෙඟුණු කළු පැල්ලමක්. ඉන්දු - ලංකා ගිවිසුමත්, ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ලංකාවට පැමිණීමත් එක්ක මේ රටේ තරුණයන්ගේ ලේ කෝප වෙලා තිබුණේ. මේ ආක්‍රමණයට එරෙහිව නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ 'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ' (DJV) උත්තරීතර අණදෙන නිලධාරියා වුණේ වෙන කවුරුවත් නෙවෙයි; දින 32 ක කෙටි කාලයකට ජවිපෙ දෙවන නායකයා ලෙසත් කටයුතු කළ සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් "කීර්ති විජයබාහු" ය.
ඔහුගේ කතාව හුදෙක් ගරිල්ලා නායකයෙකුගේ කතාවක් පමණක් නෙවෙයි; එය ම්ලේච්ඡ, කෲර පාලනයක් විසින් මේ රටේ අනාගතය බාරගන්න හිටපු අතිදක්ෂ තරුණ පරපුරක් මරා දැමූ ආකාරය පෙන්වන ඛේදවාචකයක්.
දුක් කඳුළු මැදින් පූදින්නට වෙර දැරූ මලක්...
1958 මාර්තු 23 මොරටුවේ ලුනාවේ ඉපදුණු සමන් පියසිරිගේ ළමා කාලය සුන්දර එකක් වුණේ නෑ. පියාගේ අධික බේබදුකම නිසා පවුලට මොරටුවෙන් ගණේමුල්ලට යන්න සිද්ධ වෙනවා. මේ සමාජ පීඩනය මැද වුණත් ඔහු අධ්‍යාපනය අතහැරියේ නෑ. එගොඩ උයන, කුඩා බොල්ලත, හේමමාලි සහ ගලහිටියාව මධ්‍ය විද්‍යාලවලින් ඉගෙන ගෙන 1978 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ වාණිජ අංශයෙන් ඉහළම ලකුණු ලබාගෙනයි. කැලණි සරසවි ඉතිහාසයේ දෙවනුවට ඉහළම ලකුණු ගත් සිසුවා ඔහුයි! ඔහු නූගත් ත්‍රස්තවාදියෙක් නෙවෙයි, රටේ හිටපු අතිවිශිෂ්ට බුද්ධිමතෙක්.
📍කැරැල්ලට පාර කැපූ රාජ්‍ය මර්දනය:
කැලණිය සරසවියේදී උපතිස්ස ගමනායකගේ කතාවක් අසා ජවිපෙ දේශපාලනයට ආකර්ෂණය වූ ඔහු, එජාපයේ (UNP) භීෂණයට එරෙහිව 'සමාජවාදී ශිෂ්‍ය සංගමය' පිහිටුවනවා. ඔහුට අවශ්‍ය වුණේ තමන්ගේ පෞද්ගලික හීන පස්සේ යන්න නෙවෙයි, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී ඉන්නයි.
1983 කළු ජූලිය දඩමීමා කරගෙන ආණ්ඩුව අසාධාරණ ලෙස ජවිපෙ තහනම් කළා. ප්‍රජාතන්ත්‍රවාදී දොරටු වැහෙනකොට, 1987 ඉන්දීය හමුදා ආක්‍රමණයත් එක්ක ඔවුන්ට සන්නද්ධ වීම හැර වෙනත් විකල්පයක් ආණ්ඩුව විසින් ඉතිරි කළේ නෑ. සමන් පියසිරි 11 වැනි සියවසේ චෝල ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ විජයබාහු රජුගේ තරුණ නාමය වූ "කීර්ති විජයබාහු" යන නම තෝරාගන්නේ නූතන ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නයි.
📍රාත්‍රී ආණ්ඩුව සහ මිලිටරි මෙහෙයුම් :
කීර්ති විජයබාහුගේ අණදීම යටතේ DJV සංවිධානය දවල්ට ආණ්ඩුවත්, රෑට "රාත්‍රී ආණ්ඩුවත්" ක්‍රියාත්මක කළා. 1987 අප්‍රේල් 15 පල්ලෙකැලේ කඳවුරට, කටුනායක ගුවන් කඳවුරට, පන්නල, පනාගොඩ සහ කොළඹ පොලිස් මූලස්ථානයට පවා දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් ආයුධ අත්පත් කරගැනීමට තරම් ඔහුගේ යුධ උපායමාර්ග ප්‍රබල වුණා. 1988 දෙසැම්බර් 12 මැගසින් බන්ධනාගාරය පුපුරුවා හැර 170 කට අධික සහෝදරවරුන් පිරිසක් මුදා ගත්තේ ආණ්ඩුව හෙල්ලුම් කවමින්. ත්‍රිකුණාමලයේදී ඉන්දීය හමුදාවට එරෙහිව ප්‍රේමකුමාර් ගුණරත්නම් (ගැමුණු) හරහා ප්‍රහාර දියත් කිරීමට පවා ඔහු කටයුතු කළා.
📍ලේ වැගිරීම් සහ මිනීමරු පාලක කල්ලියේ කුරිරු ප්‍රතිචාරය :
යුද්ධයක් කියන්නේ රෝස මලින් කළ යහනාවක් නෙවෙයි. රාජ්‍ය මර්දනයට මුහුණ දීමේදී DJV සංවිධානයටත් අතිශය දැඩි තීරණ ගන්න සිද්ධ වුණා. ආණ්ඩුව අඩපණ කිරීමේ අරමුණින් UNP සාමාජිකයින් (1783), රජයේ නිලධාරීන් (485), සන්නද්ධ හමුදා (202), ඔවුන්ට විරුද්ධ වූ සිසුන් (187), විදුහල්පතිවරුන්/ගුරුවරුන් (52), භික්ෂූන් (41), වෘත්තීය සමිති නායකයින් (27) සහ මාධ්‍යවේදීන් (9) පවා ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා. හමුදා නිලධාරීන්ට ඉවත් වීමට බල කරමින් ඔවුන්ගේ පවුල්වල අය (162) පවා ඉලක්ක වුණා. එය අතිශය ඛේදනීය තත්වයක්.
නමුත් රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව, රන්ජන් විජේරත්න, සිසිල් වෛද්‍යරත්න සහ ජානක පෙරේරාගේ මෙහෙයවීමෙන් ඊට දුන් ප්‍රතිචාරය ඊටත් වඩා දහස් ගුණයක් ම්ලේච්ඡයි. 'ඔපරේෂන් කම්බයින්' (Operation Combine) හරහා නීතිය බල්ලාට දැමූ ආණ්ඩුව, කළු බළලුන්, කඳුකරයේ රාජාලියෝ, කොළ කොටි සහ PRRA වැනි නිල නොවන මිනීමරු කල්ලි යොදවා ගත්තා. කිසිදු වරදක් නොකළ, හුදෙක් සැකයට බඳුන් වූ අහිංසක තරුණයින් 60,000 ක් පමණ ප්‍රමාණයක් වධ දී මරා, ටයර් සෑයන් මත පුළුස්සා ගංගාවලට වීසි කළා! සම්පූර්ණ තරුණ පරම්පරාවක්ම රාජ්‍ය ත්‍රස්තවාදයේ යකඩ සපත්තුවට පෑගී අළු වී ගියා.
📍අවසාන මොහොතේත් පාවා නොදුන් වීරත්වය :
රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු පක්ෂයේ බර කරට ගත් සමන් පියසිරි, 1989 දෙසැම්බර් 27 දින නාවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නවා. CID ය සහ බුද්ධි අංශ ඔහුට ලබාදුන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි අමානුෂික වධහිංසා. නමුත් ඒ රුධිරය ගලන මොහොතේ පවා ඔහු මානසිකව වැටුණේ නෑ! ඔහුට වධ දුන් අයටත් ඔහු සමාජවාදය ගැන දේශනා කළා මිසක්, තමාගේ එකම සහෝදරයෙකුවත්, පක්ෂයේ එක රහසක්වත් පාවා දුන්නේ නෑ.
📍නීතියේ ආධිපත්‍යය වැළලූ ඝාතනය සහ පවුලට දුන් දඬුවම :
දින කිහිපයක කෲර වධහිංසාවලින් පසු, 1989 දෙසැම්බර් 29 වැනිදා මේ 31 හැවිරිදි තරුණ නායකයාව රාජ්‍ය ඝාතක කණ්ඩායමක් විසින් නීතියෙන් තොරව වෙඩිතබා මරා දැමුවා. ඉන්පසු "පිළියන්දල ගොවිපළක වෙඩි හුවමාරුවකින් මියගියා" කියා නින්දිත බොරුවක් රටට කිව්වා. ඔහුගේ සිරුර මත්තේගොඩ පොල් අතු ගොඩක් උඩට විසි කරලා තිබුණා.
මේ මිනීමරු පාලනය එතනින් නැවතුණේ නෑ. ඔහුත් එක්ක අත්අඩංගුවට ගත් ඔහුගේ මව නිදහස් කළත්, පෙම්වතිය වූ ඉන්ද්‍රාණි සහ නැගණිය වූ රංජනීට CID යේ 6 වෙනි තට්ටුවේදී දැඩි වධ දී වසර දෙකක් පුනරුත්ථාපන කඳවුරුවල හිර කරගෙන හිටියා. හද කම්පා කරවනම සිදුවීම නම්, ඉන්ද්‍රාණිගේ මල්ලි වුණු යන්තම් අවුරුදු 18 ක් වුණු සමන් බන්දුලව අත්අඩංගුවට ගෙන දින දෙකකින් කෲර ලෙස මරා දැමීමයි.
රෝහණ විජේවීර ඝාතනය වී සති 7ක් ඇතුළත, ලලිත් විජේරත්න, රාගම සෝමේ, පති ඇතුළු දේශපාලන මණ්ඩලයේ 13න් 12ක්ම මරා දැමුවා. දිවි ගලවා ගත්තේ සෝමවංශ අමරසිංහ පමණයි.
මේ රටේ අනාගතය ලස්සන කරන්න තිබුණු, අතිවිශිෂ්ට බුද්ධිමත් තරුණ පිරිසක් සහ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දිවි දුන් දහස් ගණන් වීරෝදාර තරුණ ජීවිත, බලලෝභී කෲර පාලකයින්ගේ තුවක්කු බටවලට බිලිවුණේ එහෙමයි. ඒ අඳුරු ඉතිහාසය අපේ හදවත්වල හැමදාමත් ලේ කඳුළු උපදවනවා නියතයි.
✍️ සටහන: chanu
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..