News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති ප්‍රපාතය සහ වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකලාපය..

Feb 27, 2026 at 10:51 AM
|

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති ප්‍රපාතයට ප්‍රධාන හේතුවක් ලෙස වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකලාපය හේතු වූ බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගෙ මතයයි. රටේ ජනාධිපතිවරයා තේරීමට ලක්ෂ 120ක් ඡන්දය දුන්නද, ක්‍රිකට් පාලනය තීරණය කරන්නේ වරදානවලට යට වූ  සංවෘත කල්ලියකි.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක වුවද කුමාර් සංගක්කාර වුවද රොශාන් මහානාම වුවද, පවතින මේ දූෂිත ව්‍යුහය ඇතුළේ ක්‍රිකට් නිලවරණයකට ඉදිරිපත් වුවහොත් ඔවුන් අන්ත පරාජයකට පත්වීම සහතික වශයෙන්ම සිදු වෙයි. එයට හේතුව එහි ඇත්තේ ප්‍රතිපත්ති සහ දැක්ම මත පදනම් වූ ඡන්ද ක්‍රමයක් නොව, වරදාන සහ සන්තෝසම් මත පදනම් වූ ගනුදෙනුවක් බැවිනි.

ලෝකයේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තම ක්‍රිකට් පාලකයන් තෝරා ගන්නේ ඉතා විනිවිද පෙනෙන නමුත් සීමිත පිරිසකගේ මැදිහත් වීමෙනි. එම පිරිස සිය තේරීම් ගැන වගකියන අතර, පෞද්ගලික අභිලාශයන්ට වඩා රටේ ක්‍රිකට් උන්නතිය වෙනුවෙන් වගවීමක් එම නියෝජිතයන්ට ඇත. ඔවුන්ගෙ රටේ ක්‍රිකට් ව්‍යවස්ථා නිර්මාණය වී ඇත්තේ වෘත්තියභාවය ඉහළින්ම රකින ආකාරයෙනි.

ප්‍රධාන රටවල් කීපයක ඡන්ද පද්ධතීන් දළ වශයෙන් මෙසේය.

1) ඕස්ට්‍රේලියාව (Cricket Australia)

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලනය සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රාන්ත සංගම්වලට සීමා වී ඇත.

සමස්ත ඡන්ද සංඛ්‍යාව- සාමාන්‍යයෙන් ඡන්ද 18 කි.

බෙදී යන ආකාරය: ප්‍රධාන ප්‍රාන්ත 6 ක් (New South Wales, Victoria, Queensland, Western Australia, Southern Australia, Tasmania) ඇති අතර, එක් ප්‍රාන්තයකට ඡන්ද 3 බැගින් හිමිවේ.

2) එංගලන්තය (ECB)

එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් පාලනය ප්‍රධාන Counties මත පදනම් වේ.

සමස්ත සාමාජිකයන් 41 කි

බෙදී යන ආකාරය:

පළමු පෙළ කවුන්ටි (First-Class Counties) 18 ක සභාපතිවරු

ජාතික කවුන්ටි (National Counties) 21 ක සභාපතිවරු

MCC (Marylebone Cricket Club) සහ ජාතික කවුන්ටි සංගමයේ සභාපතිවරු 4

3) ඉන්දියාව (BCCI)

ලෝකයේ ධනවත්ම ක්‍රිකට් මණ්ඩලය වුවද, එහි ඡන්ද සංඛ්‍යාව ලංකාවට වඩා බෙහෙවින් අඩුය.

සමස්ත ඡන්ද සංඛ්‍යාව: සාමාන්‍යයෙන් 38 කි.

බෙදී යන ආකාරය: ඉන්දියාවේ ප්‍රාන්ත සංගම් (State Associations) සඳහා එක් ඡන්දය බැගින් හිමිවේ.

විශේෂත්වය වන්නේ ඉන්දියාවේ ජනගහනය සහ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අතිවිශාල වුවත්, පාලක මණ්ඩලයේ තීරණ ගනු ලබන්නේ මෙම නියෝජිතයන් 38 දෙනා විසිනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විධායක සභාව තේරීම සඳහා වන ඡන්ද ක්‍රමය නිර්මාණය වී ඇත්තේ කෙසේද බලමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිලවරණය යනු ලෝකයේ අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩලවලට සාපේක්ශව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් සහිත නිළවරණයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව, විධායක සභාව තේරීම සඳහා ඡන්ද 60ක් වරම් ලබා ගනී. (මෙය තීරණය වන්නේ සාමාජිකයන් 140-150 අතර ප්‍රමාණයක්, සාමාජිකත්වය අලුත් වීම මත පදනම්ව). වර්තමානයේ එහි සාමාජික සංඛ්‍යාව 147කි.

ඡන්ද අයිතිය බෙදී යන ආකාරය සහ ක්‍රීඩා සමාජ වර්ගීකරණය පහත දැක්වේ.

ලංකාවේ ක්‍රිකට් ඡන්දය ප්‍රධාන කාණ්ඩ කිහිපයකට බෙදා ඇත.

i. පූර්ණ සාමාජික ක්‍රීඩා සමාජ (Full Member Clubs): මේවා ප්‍රධාන පෙළේ (Tier A සහ Tier B) ක්‍රීඩා සමාජ වේ. සාමාන්‍යයෙන් එක් සමාජයකට ඡන්ද 1 බැගින් හිමිවේ. විධායක සභාව තේරීමේ ඡන්දයේදි මොවුන්ගෙ බලපෑම ඉතා වැඩිය.

මීට අමතරව විධායක කමිටු තීරණ ගැනීමේදි පහත සඳහන් ස්ථර වල මතයද වැදගත් වේ.

ii. අනුබද්ධ සාමාජිකයන් (Affiliate Members): මොවුන්ට හිමිවන්නේ ඡන්ද 1 බැගින් පමණි.

iii. දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් (District Cricket Associations): දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් එක් දිස්ත්‍රික්කයකට ඡන්ද 2 බැගින් හිමිවේ.

iv. පළාත් ක්‍රිකට් සංගම් (Provincial Cricket Associations): පළාත් 9 සඳහා එක් පළාතකට ඡන්ද 2 බැගින් හිමිවේ.

v. විශේෂිත සංගම් (Controlling/Other Bodies): පාසල් ක්‍රිකට් සංගමය, විනිසුරුවන්ගේ සංගමය, පුහුණුකරුවන්ගේ සංගමය වැනි ආයතන වලටද ඡන්ද අයිතිය ඇත.

🟢 ප්‍රධාන වශයෙන් විධායක කමිටුව තේරීම සඳහා ඡන්ද අයිතිය ඇති ක්‍රීඩා සමාජ (Major Clubs)

ලංකාවේ ක්‍රිකට් දේශපාලනයේ තීරණාත්මක බලය ඇත්තේ මෙම පළමු පෙළ ක්‍රීඩා සමාජ සතුවයි. ඉන් කිහිපයක් නම්,

SSC (Sinhalese Sports Club)

NCC (Nondescripts Cricket Club)

CCC (Colombo Cricket Club)

Tamil Union C & AC

Colts Cricket Club

Bloomfield C & AC

Burgher Recreation Club (BRC)

Moors Sports Club

Ragama Cricket Club

Chilaw Marians Cricket Club

PanaduraSports Club

Saracens Sports Club

Badureliya Sports Club

මීට අමතරව යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජවලටද ඡන්ද අයිතිය හිමිය.

බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට කිසිදු දායකත්වයක් නොදක්වන, ක්‍රීඩා පිටියක් තබා හරියට පිත්තක්වත් නැති සමහර නාමික ක්‍රීඩා සමාජ පවා මේ ඡන්ද බලය උපයෝගී කරගනිමින් වැජඹෙයි. නිලවරණයක් ලං වෙද්දී මේ කුඩා සමාජවල නිලධාරීන්ට ලැබෙන සුඛෝපභෝගී සංචාර, ක්‍රීඩා උපකරණ සහ මූල්‍ය වරප්‍රසාද හමුවේ රටේ ක්‍රිකට් අනාගතය පාවා දීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

🔴 ඇයි අනුර කුමාරට වුණත් මෙතැනදී දිනන්න බැරි?

රටේ පොදු ජනතාව ක්‍රිකට් ආයතනය දෙස බලන්නේ පිළිකුලෙනි. නමුත් ඒ ජනතාවට ක්‍රිකට් පාලකයන් තේරීමට බලයක් නැත. බලය ඇත්තේ ඉහත කල්ලියටයි.

අනුර කුමාර දිසානායක මහතාට රටේ ජනතාව ඡන්දය දුන්නේ හොරකම සහ දූෂණය නැති කිරීමටයි. නමුත් ක්‍රිකට් නිලවරණයකදී ඡන්දය හිමි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ හොරකම සහ දූෂණය දිගටම පවත්වාගෙන යමින් තමන්ට ලැබෙන කොටස ලබා ගැනීමටයි. එවැනි තැනක ප්‍රතිපත්තිගරුක නායකයෙකුට කිසිදු ඉඩක් නැත. රොශාන් මහානාම වැන්නකුට මෙම ඡන්ද ක්‍රමය හරහා කිසි දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයට තේරී පත් විය නොහැක. මෙහි ඇත්තේ වරදාන වරමකි. මේ ක්‍රමය තුළින් ජයග්‍රහණය කිරීමට නම් ක්‍රිකට් ගැන දැන නොගත්තත් කමක් නැත. නමුත් ඕනෑම ප්‍රතිපත්ති ගරුක නොවන සන්තෝසම් වරදාන දීමට හැකි දූෂිතයෙක් වීමට හැකි විය යුතුය.

🔴 විසඳුම කුමක්ද? විසඳුමක් නැද්ද? 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින මෙම අර්බුදය පුද්ගලයන් මාරු කිරීමෙන් පමණක් විසඳිය නොහැකි බව දැන් පැහැදිලිය. අවශ්‍ය වන්නේ ආයතනයේ සමස්ත පාලන ව්‍යුහයම (Governance Structure) නවීකරණය කරන විධිමත් ප්‍රතිසංස්කරණයකි.

🟢 ව්‍යවස්ථාමය වෙනසක් (Constitutional Reform) ඉක්මණින්ම අවශ්‍යය.

දැනට පවතින ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනුවට, විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ප්‍රමුඛ කමිටුව විසින් යෝජනා කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත වැනි, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව ව්‍යවස්ථාවක් වහාම බලාත්මක කළ යුතුය. එමගින් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව තාර්කික මට්ටමකට (උදාහරණ ලෙස 15-20 දක්වා) අඩු කිරීම අත්‍යවශ්‍ය වේ.

🟢 වෘත්තීයමය මණ්ඩලයක (Professional Board Model) අවශ්‍යතාවය

දේශපාලන හෝ ක්‍රීඩා සමාජ බලපෑම්වලින් තොර, විෂයය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් (Independent Directors) සමන්විත පාලක මණ්ඩලයක් පත් විය යුතුය. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් අනුගමනය කරන මෙම Corporate Model ක්‍රමය තුළ තීන්දු තීරණ ගනු ලබන්නේ පෞද්ගලික වාසි මත නොව, ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් පමණි.

🟢 ඡන්ද අයිතිය ප්‍රතිසංවිධානය කිරීම

ක්‍රිකට් ක්‍රීඩාවට සක්‍රීයව දායක නොවන, නාමික ක්‍රීඩා සමාජ සතු ඡන්ද අයිතිය අහෝසි කළ යුතුය. ඒ වෙනුවට පළාත් මට්ටමින් ක්‍රීඩාව පාලනය වන, වඩාත් විමධ්‍යගත එහෙත් මධ්‍යම පාලනයට වගකියන ව්‍යුහයක් සකස් කළ යුතුය.

🟢 විනිවිදභාවය සහ වගවීම

මූල්‍ය පරිපාලනය සහ තේරීම් කමිටු ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු අතර, සෑම වසරකම ස්වාධීන විගණනයකට යටත් විය යුතුය.

🟢 සූදු සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවලින් තොර ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය විය යුතුය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය සහ විනය ආරක්ෂා කිරීම සඳහා, කිසිදු ආකාරයක සූදු (Betting) හෝ ඔට්ටු ඇල්ලීමේ (Gambling) ව්‍යාපාරික ආයතනයක් ක්‍රිකට් ප්‍රවර්ධන කටයුතු, තරගාවලි අනුග්‍රහයන් හෝ නිල ඇඳුම් අනුග්‍රහයන් සඳහා සම්බන්ධ කර නොගත යුතුය. ක්‍රීඩාව සදාචාරාත්මකව උසස් මට්ටමක පවත්වා ගැනීමටත්, තරුණ පරපුර දූෂිත ව්‍යාපාරික බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීමටත් මෙම තහනම වහාම ක්‍රියාත්මක විය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් යළිත් ලෝකයේ ප්‍රමුඛතම කණ්ඩායමක් බවට පත් කිරීමට නම්, මෙම ඡන්ද මාෆියාව සහමුලින්ම අතුගා දමන රැඩිකල් වෙනසකට රජය මෙන්ම ක්‍රීඩා ලෝලීන්ද කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය. 

ක්‍රිකට් යනු මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදගැස්මයි. රටේ ජාතික ආඩම්බරයයි.

එම ක්‍රීඩාවේ අනාගතය සහ තීරණ ගැනීමේ සැබෑ අයිතිය තිබිය යුත්තේ වරදානවලට යට වූ ක්‍රීඩා සංගම් වලට නොව, ක්‍රීඩාවට පණ මෙන් ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට සහ මේ රටේ පොදු ජනතාවටයි. සූදු කාරයන්ගෙන් සහ ඡන්ද මාෆියාවෙන් ලංකාවේ ක්‍රිකට් මුදවාගෙන, එය යළිත් ගෞරවනීය ක්‍රීඩාවක් ලෙස ජනතාවට භාර දිය යුතු කාලය එළඹ ඇත. 

මතක තබා ගන්න, ක්‍රිකට් පවතින්නේ පාලකයන් නිසා නොව, ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ශකයා නිසාය.

ක්‍රිකට් වල අයිතිය ක්‍රීඩා ලෝලීන්ට මිස, ඡන්ද ඩීල් කාරයන්ට නොවේ! 

පසුගිය කාලයේ රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිවරයාව සිටි සමයේ මේ දූෂිත ඡන්ද මාෆියාවට අත තැබූ විට, "දේශපාලන අතපෙවීම්" යන ලේබලය අලවා ඔහුව පද්ධතියෙන් ඉවත් කිරීමට ශම්මි ප්‍රමුඛ නඩය කටයුතු කළ හැටි ඔබට මතකය. එහෙත් සැබෑ මහජන නාඩිය හඳුනන, දූෂණයට එරෙහි කොන්දක් ඇති පාලනයක් යටතේ මෙය ඉදිරියට යා යුතුව නැත. වර්තමාන ජනාධිපතිපතිවරයා ප්‍රමුඛ රජයට මේ වෙනුවෙන් පැහැදිලි ජන වරමක් ලැබී ඇත. සැබෑවටම වුවමනාවක් තිබේ නම්, මේ දූෂිත වළල්ලට නිමාවක් තිතක් තියන්නට කටයුතු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මීටත් වඩා හොඳ කාලයක් තවත් නැත.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.