News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති ප්‍රපාතය සහ වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකලාපය..

Feb 27, 2026 at 10:51 AM
|

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති ප්‍රපාතයට ප්‍රධාන හේතුවක් ලෙස වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකලාපය හේතු වූ බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගෙ මතයයි. රටේ ජනාධිපතිවරයා තේරීමට ලක්ෂ 120ක් ඡන්දය දුන්නද, ක්‍රිකට් පාලනය තීරණය කරන්නේ වරදානවලට යට වූ  සංවෘත කල්ලියකි.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක වුවද කුමාර් සංගක්කාර වුවද රොශාන් මහානාම වුවද, පවතින මේ දූෂිත ව්‍යුහය ඇතුළේ ක්‍රිකට් නිලවරණයකට ඉදිරිපත් වුවහොත් ඔවුන් අන්ත පරාජයකට පත්වීම සහතික වශයෙන්ම සිදු වෙයි. එයට හේතුව එහි ඇත්තේ ප්‍රතිපත්ති සහ දැක්ම මත පදනම් වූ ඡන්ද ක්‍රමයක් නොව, වරදාන සහ සන්තෝසම් මත පදනම් වූ ගනුදෙනුවක් බැවිනි.

ලෝකයේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තම ක්‍රිකට් පාලකයන් තෝරා ගන්නේ ඉතා විනිවිද පෙනෙන නමුත් සීමිත පිරිසකගේ මැදිහත් වීමෙනි. එම පිරිස සිය තේරීම් ගැන වගකියන අතර, පෞද්ගලික අභිලාශයන්ට වඩා රටේ ක්‍රිකට් උන්නතිය වෙනුවෙන් වගවීමක් එම නියෝජිතයන්ට ඇත. ඔවුන්ගෙ රටේ ක්‍රිකට් ව්‍යවස්ථා නිර්මාණය වී ඇත්තේ වෘත්තියභාවය ඉහළින්ම රකින ආකාරයෙනි.

ප්‍රධාන රටවල් කීපයක ඡන්ද පද්ධතීන් දළ වශයෙන් මෙසේය.

1) ඕස්ට්‍රේලියාව (Cricket Australia)

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලනය සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රාන්ත සංගම්වලට සීමා වී ඇත.

සමස්ත ඡන්ද සංඛ්‍යාව- සාමාන්‍යයෙන් ඡන්ද 18 කි.

බෙදී යන ආකාරය: ප්‍රධාන ප්‍රාන්ත 6 ක් (New South Wales, Victoria, Queensland, Western Australia, Southern Australia, Tasmania) ඇති අතර, එක් ප්‍රාන්තයකට ඡන්ද 3 බැගින් හිමිවේ.

2) එංගලන්තය (ECB)

එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් පාලනය ප්‍රධාන Counties මත පදනම් වේ.

සමස්ත සාමාජිකයන් 41 කි

බෙදී යන ආකාරය:

පළමු පෙළ කවුන්ටි (First-Class Counties) 18 ක සභාපතිවරු

ජාතික කවුන්ටි (National Counties) 21 ක සභාපතිවරු

MCC (Marylebone Cricket Club) සහ ජාතික කවුන්ටි සංගමයේ සභාපතිවරු 4

3) ඉන්දියාව (BCCI)

ලෝකයේ ධනවත්ම ක්‍රිකට් මණ්ඩලය වුවද, එහි ඡන්ද සංඛ්‍යාව ලංකාවට වඩා බෙහෙවින් අඩුය.

සමස්ත ඡන්ද සංඛ්‍යාව: සාමාන්‍යයෙන් 38 කි.

බෙදී යන ආකාරය: ඉන්දියාවේ ප්‍රාන්ත සංගම් (State Associations) සඳහා එක් ඡන්දය බැගින් හිමිවේ.

විශේෂත්වය වන්නේ ඉන්දියාවේ ජනගහනය සහ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අතිවිශාල වුවත්, පාලක මණ්ඩලයේ තීරණ ගනු ලබන්නේ මෙම නියෝජිතයන් 38 දෙනා විසිනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විධායක සභාව තේරීම සඳහා වන ඡන්ද ක්‍රමය නිර්මාණය වී ඇත්තේ කෙසේද බලමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිලවරණය යනු ලෝකයේ අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩලවලට සාපේක්ශව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් සහිත නිළවරණයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව, විධායක සභාව තේරීම සඳහා ඡන්ද 60ක් වරම් ලබා ගනී. (මෙය තීරණය වන්නේ සාමාජිකයන් 140-150 අතර ප්‍රමාණයක්, සාමාජිකත්වය අලුත් වීම මත පදනම්ව). වර්තමානයේ එහි සාමාජික සංඛ්‍යාව 147කි.

ඡන්ද අයිතිය බෙදී යන ආකාරය සහ ක්‍රීඩා සමාජ වර්ගීකරණය පහත දැක්වේ.

ලංකාවේ ක්‍රිකට් ඡන්දය ප්‍රධාන කාණ්ඩ කිහිපයකට බෙදා ඇත.

i. පූර්ණ සාමාජික ක්‍රීඩා සමාජ (Full Member Clubs): මේවා ප්‍රධාන පෙළේ (Tier A සහ Tier B) ක්‍රීඩා සමාජ වේ. සාමාන්‍යයෙන් එක් සමාජයකට ඡන්ද 1 බැගින් හිමිවේ. විධායක සභාව තේරීමේ ඡන්දයේදි මොවුන්ගෙ බලපෑම ඉතා වැඩිය.

මීට අමතරව විධායක කමිටු තීරණ ගැනීමේදි පහත සඳහන් ස්ථර වල මතයද වැදගත් වේ.

ii. අනුබද්ධ සාමාජිකයන් (Affiliate Members): මොවුන්ට හිමිවන්නේ ඡන්ද 1 බැගින් පමණි.

iii. දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් (District Cricket Associations): දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් එක් දිස්ත්‍රික්කයකට ඡන්ද 2 බැගින් හිමිවේ.

iv. පළාත් ක්‍රිකට් සංගම් (Provincial Cricket Associations): පළාත් 9 සඳහා එක් පළාතකට ඡන්ද 2 බැගින් හිමිවේ.

v. විශේෂිත සංගම් (Controlling/Other Bodies): පාසල් ක්‍රිකට් සංගමය, විනිසුරුවන්ගේ සංගමය, පුහුණුකරුවන්ගේ සංගමය වැනි ආයතන වලටද ඡන්ද අයිතිය ඇත.

🟢 ප්‍රධාන වශයෙන් විධායක කමිටුව තේරීම සඳහා ඡන්ද අයිතිය ඇති ක්‍රීඩා සමාජ (Major Clubs)

ලංකාවේ ක්‍රිකට් දේශපාලනයේ තීරණාත්මක බලය ඇත්තේ මෙම පළමු පෙළ ක්‍රීඩා සමාජ සතුවයි. ඉන් කිහිපයක් නම්,

SSC (Sinhalese Sports Club)

NCC (Nondescripts Cricket Club)

CCC (Colombo Cricket Club)

Tamil Union C & AC

Colts Cricket Club

Bloomfield C & AC

Burgher Recreation Club (BRC)

Moors Sports Club

Ragama Cricket Club

Chilaw Marians Cricket Club

PanaduraSports Club

Saracens Sports Club

Badureliya Sports Club

මීට අමතරව යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජවලටද ඡන්ද අයිතිය හිමිය.

බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට කිසිදු දායකත්වයක් නොදක්වන, ක්‍රීඩා පිටියක් තබා හරියට පිත්තක්වත් නැති සමහර නාමික ක්‍රීඩා සමාජ පවා මේ ඡන්ද බලය උපයෝගී කරගනිමින් වැජඹෙයි. නිලවරණයක් ලං වෙද්දී මේ කුඩා සමාජවල නිලධාරීන්ට ලැබෙන සුඛෝපභෝගී සංචාර, ක්‍රීඩා උපකරණ සහ මූල්‍ය වරප්‍රසාද හමුවේ රටේ ක්‍රිකට් අනාගතය පාවා දීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

🔴 ඇයි අනුර කුමාරට වුණත් මෙතැනදී දිනන්න බැරි?

රටේ පොදු ජනතාව ක්‍රිකට් ආයතනය දෙස බලන්නේ පිළිකුලෙනි. නමුත් ඒ ජනතාවට ක්‍රිකට් පාලකයන් තේරීමට බලයක් නැත. බලය ඇත්තේ ඉහත කල්ලියටයි.

අනුර කුමාර දිසානායක මහතාට රටේ ජනතාව ඡන්දය දුන්නේ හොරකම සහ දූෂණය නැති කිරීමටයි. නමුත් ක්‍රිකට් නිලවරණයකදී ඡන්දය හිමි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ හොරකම සහ දූෂණය දිගටම පවත්වාගෙන යමින් තමන්ට ලැබෙන කොටස ලබා ගැනීමටයි. එවැනි තැනක ප්‍රතිපත්තිගරුක නායකයෙකුට කිසිදු ඉඩක් නැත. රොශාන් මහානාම වැන්නකුට මෙම ඡන්ද ක්‍රමය හරහා කිසි දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයට තේරී පත් විය නොහැක. මෙහි ඇත්තේ වරදාන වරමකි. මේ ක්‍රමය තුළින් ජයග්‍රහණය කිරීමට නම් ක්‍රිකට් ගැන දැන නොගත්තත් කමක් නැත. නමුත් ඕනෑම ප්‍රතිපත්ති ගරුක නොවන සන්තෝසම් වරදාන දීමට හැකි දූෂිතයෙක් වීමට හැකි විය යුතුය.

🔴 විසඳුම කුමක්ද? විසඳුමක් නැද්ද? 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින මෙම අර්බුදය පුද්ගලයන් මාරු කිරීමෙන් පමණක් විසඳිය නොහැකි බව දැන් පැහැදිලිය. අවශ්‍ය වන්නේ ආයතනයේ සමස්ත පාලන ව්‍යුහයම (Governance Structure) නවීකරණය කරන විධිමත් ප්‍රතිසංස්කරණයකි.

🟢 ව්‍යවස්ථාමය වෙනසක් (Constitutional Reform) ඉක්මණින්ම අවශ්‍යය.

දැනට පවතින ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනුවට, විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ප්‍රමුඛ කමිටුව විසින් යෝජනා කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත වැනි, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව ව්‍යවස්ථාවක් වහාම බලාත්මක කළ යුතුය. එමගින් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව තාර්කික මට්ටමකට (උදාහරණ ලෙස 15-20 දක්වා) අඩු කිරීම අත්‍යවශ්‍ය වේ.

🟢 වෘත්තීයමය මණ්ඩලයක (Professional Board Model) අවශ්‍යතාවය

දේශපාලන හෝ ක්‍රීඩා සමාජ බලපෑම්වලින් තොර, විෂයය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් (Independent Directors) සමන්විත පාලක මණ්ඩලයක් පත් විය යුතුය. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් අනුගමනය කරන මෙම Corporate Model ක්‍රමය තුළ තීන්දු තීරණ ගනු ලබන්නේ පෞද්ගලික වාසි මත නොව, ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් පමණි.

🟢 ඡන්ද අයිතිය ප්‍රතිසංවිධානය කිරීම

ක්‍රිකට් ක්‍රීඩාවට සක්‍රීයව දායක නොවන, නාමික ක්‍රීඩා සමාජ සතු ඡන්ද අයිතිය අහෝසි කළ යුතුය. ඒ වෙනුවට පළාත් මට්ටමින් ක්‍රීඩාව පාලනය වන, වඩාත් විමධ්‍යගත එහෙත් මධ්‍යම පාලනයට වගකියන ව්‍යුහයක් සකස් කළ යුතුය.

🟢 විනිවිදභාවය සහ වගවීම

මූල්‍ය පරිපාලනය සහ තේරීම් කමිටු ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු අතර, සෑම වසරකම ස්වාධීන විගණනයකට යටත් විය යුතුය.

🟢 සූදු සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවලින් තොර ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය විය යුතුය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය සහ විනය ආරක්ෂා කිරීම සඳහා, කිසිදු ආකාරයක සූදු (Betting) හෝ ඔට්ටු ඇල්ලීමේ (Gambling) ව්‍යාපාරික ආයතනයක් ක්‍රිකට් ප්‍රවර්ධන කටයුතු, තරගාවලි අනුග්‍රහයන් හෝ නිල ඇඳුම් අනුග්‍රහයන් සඳහා සම්බන්ධ කර නොගත යුතුය. ක්‍රීඩාව සදාචාරාත්මකව උසස් මට්ටමක පවත්වා ගැනීමටත්, තරුණ පරපුර දූෂිත ව්‍යාපාරික බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීමටත් මෙම තහනම වහාම ක්‍රියාත්මක විය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් යළිත් ලෝකයේ ප්‍රමුඛතම කණ්ඩායමක් බවට පත් කිරීමට නම්, මෙම ඡන්ද මාෆියාව සහමුලින්ම අතුගා දමන රැඩිකල් වෙනසකට රජය මෙන්ම ක්‍රීඩා ලෝලීන්ද කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය. 

ක්‍රිකට් යනු මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදගැස්මයි. රටේ ජාතික ආඩම්බරයයි.

එම ක්‍රීඩාවේ අනාගතය සහ තීරණ ගැනීමේ සැබෑ අයිතිය තිබිය යුත්තේ වරදානවලට යට වූ ක්‍රීඩා සංගම් වලට නොව, ක්‍රීඩාවට පණ මෙන් ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට සහ මේ රටේ පොදු ජනතාවටයි. සූදු කාරයන්ගෙන් සහ ඡන්ද මාෆියාවෙන් ලංකාවේ ක්‍රිකට් මුදවාගෙන, එය යළිත් ගෞරවනීය ක්‍රීඩාවක් ලෙස ජනතාවට භාර දිය යුතු කාලය එළඹ ඇත. 

මතක තබා ගන්න, ක්‍රිකට් පවතින්නේ පාලකයන් නිසා නොව, ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ශකයා නිසාය.

ක්‍රිකට් වල අයිතිය ක්‍රීඩා ලෝලීන්ට මිස, ඡන්ද ඩීල් කාරයන්ට නොවේ! 

පසුගිය කාලයේ රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිවරයාව සිටි සමයේ මේ දූෂිත ඡන්ද මාෆියාවට අත තැබූ විට, "දේශපාලන අතපෙවීම්" යන ලේබලය අලවා ඔහුව පද්ධතියෙන් ඉවත් කිරීමට ශම්මි ප්‍රමුඛ නඩය කටයුතු කළ හැටි ඔබට මතකය. එහෙත් සැබෑ මහජන නාඩිය හඳුනන, දූෂණයට එරෙහි කොන්දක් ඇති පාලනයක් යටතේ මෙය ඉදිරියට යා යුතුව නැත. වර්තමාන ජනාධිපතිපතිවරයා ප්‍රමුඛ රජයට මේ වෙනුවෙන් පැහැදිලි ජන වරමක් ලැබී ඇත. සැබෑවටම වුවමනාවක් තිබේ නම්, මේ දූෂිත වළල්ලට නිමාවක් තිතක් තියන්නට කටයුතු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මීටත් වඩා හොඳ කාලයක් තවත් නැත.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.