News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රංශය දණගැස්වූ නාසි හමුදාවේ සුපිරි පෙත්ත.. සෙබළුන් රොබෝවරුන් කළ අදටත් ලෝකය අගාදයකට ඇද දැමු Pervitin රහස

Feb 25, 2026 at 05:41 AM
|

"පැය 72ක් එකදිගට නිදි නැතුව සටන් කරන්න පුළුවන්ද?"

අහද්දිත් පුදුමයි නේද? හැබැයි 1940 අවුරුද්දේ මැයි මාසයේදී, හිට්ලර්ගේ නාසි හමුදාව ප්‍රංශය ආක්‍රමණය කරද්දී මේ පුදුමය ඇස් පනාපිටම සිද්ධ වුණා. ලෝකයම හිතාගෙන හිටියේ ප්‍රංශය කියන්නේ ලේසියෙන් හෙල්ලන්න බැරි මහා බලවතෙක් කියලා. හැබැයි සති හයක් වැනි කෙටි කාලයකින් මුළු ප්‍රංශයම හිට්ලර්ගේ කකුල් දෙක ළඟ දණ ගැහුවා.

මේක කොහොමද වුණේ? ජර්මන් සෙබළුන්ට මැජික් බලයක් තිබුණද? නෑ... ඒ පිටුපස තිබුණේ රසායනාගාරයක හැදුණු පුංචි පෙත්තක්. අද අපි කතා කරන්නේ දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය වෙනස් කළ ඒ බිහිසුණු රහස, එනම් "Pervitin" (පර්විටින්) ගැනයි.

📍 ජර්මනිය භාවිතා කළේ Blitzkrieg එහෙමත් නැත්නම් විදුලි වේගයෙන් එල්ල කරන ප්‍රහාර කියන උපක්‍රමයයි. මේ උපක්‍රමය සාර්ථක වෙන්න නම් සෙබළුන් රෑ දවල් නැතුව, විවේකයක් නැතුව, සතුරන්ව වට කරගෙන ඉදිරියටම යන්න ඕනේ.

සාමාන්‍ය මනුස්සයෙක්ට දවස් දෙක තුනක් නිදි නැතුව ඉන්න බැහැ. ඇඟ රිදෙනවා, මොළය වෙහෙසෙනවා, බය හිතෙනවා. හැබැයි නාසි සෙබළුන්ට මේ කිසිම දෙයක් දැනුණේ නැහැ. ඔවුන් ප්‍රංශයේ ආර්ඩෙනස් වනාන්තරය මැදින් දවස් තුනක් තිස්සේ නොනැවතී ඇවිදගෙන ආවා. ඔවුන් හරියට රොබෝවරු වගේ. මේ අමුතු ශක්තිය පිටුපස තිබුණේ අද අපි මත්ද්‍රව්‍යයක් විදියට හඳුන්වන Methamphetamine (Crystal Meth) අඩංගු Pervitin පෙත්තයි.

🧪1930 ගණන්වල අගභාගයේදී ජර්මනියේ Temmler රසායන විද්‍යාගාරයේදී තමයි මේ පෙත්ත නිපදවන්නේ. ඒ කාලේ මේක වෙළඳපොළේ ප්‍රසිද්ධ වුණේ හරියට "කොකා කෝලා" වගේ සාමාන්‍ය දෙයක් විදියට. වැඩ අධික අයට, ගෘහණියන්ට, විභාග කරන ළමයින්ට පවා මේක මුලදී නිර්දේශ කළා.

නමුත් යුධ හමුදාවේ ප්‍රධාන වෛද්‍යවරයෙක් වුණු Otto Ranke දැක්කා මේ පෙත්තෙන් පුදුම වැඩක් ගන්න පුළුවන් කියලා. ඔහු සෙබළුන් යොදාගෙන කළ පරීක්ෂණවලින් හෙළි වුණා

මේ පෙත්ත ගත්තම නින්ද යන්නේ නැහැ. බය, තෙහෙට්ටුව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මනුස්සයෙක්ට අසීමිත ආත්ම විශ්වාසයක් ලැබෙනවා. වේදනාව දැනෙන්නේ නැහැ.

🍬 1940 ප්‍රංශ ආක්‍රමණයට කලින්, ජර්මන් හමුදාව සෙබළුන්ට පෙති මිලියන 35කට වඩා බෙදා දුන්නා. මේවාට හමුදාව ඇතුළේ කිව්වේ Panzerschokolade කියලා. මොකද මේ පෙති සමහර වෙලාවට චොකලට් ඇතුළේ හංගලත් දුන්නා.

සෙබළෙක් මේ පෙත්තක් ගත්තම ඔහුගේ මොළයේ "Dopamine" මට්ටම ඉහළ යනවා. එතකොට ඔහුට හිතෙන්නේ තමන් ලෝකයේ ඉන්න බලවත්ම වීරයා කියලා. සතුරන් දහස් ගණනක් මැදට වුණත් බයක් නැතුව පනින්න මේ "රසායනික ධෛර්යය" උදව් වුණා.

😱හැබැයි මේකේ භයානක පැත්ත මතු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේ පෙත්තෙන් ලැබෙන්නේ තාවකාලික ගැම්මක් විතරයි. මේවා දිගින් දිගටම පාවිච්චි කරද්දී සෙබළුන්ගේ ස්නායු පද්ධතිය විනාශ වෙන්න ගත්තා.

සෙබළුන් මේ පෙති නැතුව ඉන්න බැරි තත්ත්වයට පත් වුණා. ලිපි මගින් ගෙවල්වලින් පවා මේ පෙති ගෙන්නා ගත්තා.

පෙත්තේ බලය ඉවර වෙද්දී සෙබළුන් දරුණු විදියට කඩා වැටුණා  සමහරුන්ට පිස්සු හැදුණා, තවත් සමහරු තමන්ගේම සගයන්ට වෙඩි තබා ගත්තා.

 දවස් ගණන් නිදි නැතුව, කෑම නැතුව ඉඳලා සෙබළුන්ගේ ශරීර අභ්‍යන්තරයෙන් දියවෙන්න ගත්තා.

ඇත්තටම කිව්වොත්, හිට්ලර් හැදුවේ සටන් කරන මිනිස්සු නෙවෙයි, රසායනික ද්‍රව්‍යවලින් දුවන "මස් වැදලි" ටිකක්.

💉 ඉතිහාසඥයන් පවසන විදියට ඇඩොල්ෆ් හිට්ලර් පවා ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ Theodor Morell හරහා විවිධ මත්ද්‍රව්‍ය එන්නත් කරගෙන තිබෙනවා. යුද්ධයේ අවසාන කාලයේ හිට්ලර්ගේ දෑත් වෙව්ලීම සහ ඔහුගේ අමුතු තීරණ පිටුපස මේ මත්ද්‍රව්‍යවල බලපෑම තිබුණු බව අද පිළිගැනෙන සත්‍යයක්.

⚠️ නාසි හමුදාව මුලදී ජයග්‍රහණය කළේ ඔවුන්ගේ දක්ෂතාවයට වඩා, සතුරන්ව මවිත කළ මේ රසායනික වේගය නිසයි. හැබැයි ස්වභාවධර්මයට විරුද්ධව යන කිසිම දෙයක් ලොකු කාලයක් පවතින්නේ නැහැ. අවසානයේදී ජර්මනිය පරාජය වෙන්න මේ මත්ද්‍රව්‍ය නිසා හමුදාව ඇතුළත ඇතිවුණු විනය පිරිහීමත් එක හේතුවක් වුණා.

අද කාලේ අපි දකින දරුණු මත්ද්‍රව්‍යවල ආරම්භය කොතැනද කියලා දැන් තේරෙනවා නේද..? අද ලෝකයේ වේගයෙන් පැතිර යන වෛරස් වෙලා තියෙන Crystal Meth, Ecstas, Captagon වලට මුලාරම්භය වෙලා තියෙන්නේ නාසි හමුදාව භාවිතා කළ Pervitin කියන ඖෂධය

 එදා යුධ බිමේදී සෙබළුන්ව "රොබෝවරු" කරන්න පාවිච්චි කරපු මේ තාක්ෂණය, අද මුළු ලෝකයම විනාශ කරන මාරයෙක් වෙලා.

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ සහ යුද ගැටුම් පවතින ප්‍රදේශවල The Jihadist Drug ලෙස හැඳින් වෙන්නේ Captagon මත්ද්‍රව්‍යය

ISIS වැනි සංවිධානවල සටන්කාමීන් බිය නැති කර ගැනීමට සහ වෙහෙස නොබලා සටන් කිරීමට මෙය භාවිතා කරනවා.. මෙක හරියටම දෙවන ලෝක යුද්ධයේ නාසි සෙබළුන් Pervitin භාවිතා කළ ආකාරයටම සමානයි... ඉතින් ඔයාලට ISIS ලට අනාගතයේ වෙන දේවල් ගැනත් හිතාගන්න පුළුවන් නේ...

📌 ඔබ මොකද හිතන්නේ? යුද්ධයක් දිනන්න මේ වගේ දේවල් පාවිච්චි කරන එක සදාචාරාත්මකද?

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.