News Category
From Date
To Date
Maximum Number of Result

පාසල් වල විභාග ඔක්කොම නැති කරලා 6 ශ්‍රේණියෙ ඉඳලා ඉහළට දරුවන්ට විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එක...

Jan 27, 2026 at 12:52 PM
|

මේ තමයි, 6 ශ්‍රේනියෙ ඉඳලා ඉහළට පාසල් වල විභාග ඔක්කොම නැති කරලා, දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එකේ ලකුණු වගුව.


❌ ඔය තුන්වෙනි තීරුවේ තියෙන ජී.පී වී අගය හැදෙන්නේ, පන්ති කාමරයේ ළමයා වැඩ කරන විදිය අනුව 70%කුත්, එක මොඩියුල් එකක් අවසානයේ තියෙන මාසික පරීක්ෂණය වගේ සුළු ඇගයීමකින් 30%ක් වශයෙන් ලකුණු එකතුවෙලා.

❌ අධ්‍යාපනයේ විභාග තරගකාරී බව අඩුකරන්න, පාවිච්චි කරන්න යෝජනා කරපු ක්‍රමය තමයි විභාග සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක. 

හය වසරෙන් පස්සේ ටෙක්නිකලි ඕ ලෙවල් වෙනකන් තියෙන සියලු විභාග අවලංගු වෙනවා මේ ක්‍රමයට අනුව.

❌ පාසල් වල මේ වෙනකොට තියෙන්නේ Exam Based ranking එකක්. අඩුම ගානේ තමන්ගේ පළාත් සභාවෙන්වත් එවන standard Test paper එකක් තමයි හැම ළමයෙකුටම ලැබෙන්නේ. 

ඒ කිව්වේ ඒක ගුරුවරුන්ටවත් විදුහල්පතිටවත් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයටවත්, දෙමව්පියන්ටත් පහසුවෙන් බලපෑම් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෙවෙයි. බලපෑම් කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ, බලපෑම් කරන්න තියෙන අවස්ථාව අඩුයි කියලා.

❌ මේ ස්වාධීන (Objective) ක්‍රමය අයින් කරලා, විභාග ටික දිය කරලා දාලා, GPV ලකුන, ඉතා පහසුවෙන් පක්ෂග්‍රාහී විදියට වෙනස් කරන්න පුළුවන් තැනට පහල දාන එකේ අරමුණ මොකද්ද කියලා පැහැදිලි නෑ.

❌ අපේ රටේ පාසල් පද්ධතිය සහ ඒවගේ ෆේවරේෂන් වෙන හැටි ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කිසිම අම්මා තාත්තා කෙනෙක් මේ වගේ සිස්ටම් එකකට කැමති වෙන්න හේතුවක් නෑ.

❌ මේ විසඳුමෙන් වෙන්නේ, ප්‍රශ්නය විසඳෙන එක වෙනුවට ප්‍රශ්නය විස්ථාපනය වෙන එක. 

ඒ කිව්වේ, දැන් ටියුෂන් ගිහිල්ලා උත්සාහ කරලා විභාගයෙන් වැඩි ලකුණක් ගන්න ක්‍රමය, වඩා සරල කරලා ඒ බලය ගමට, පාසලට දෙමව්පියන්ගෙ අතට බෙදලා දීපු එක තමයි මේ වෙලා තියෙන්නේ. 

දැන් දරුවා ටියුෂන් යවලා මහන්සි වෙන්න අවශ්‍ය නෑ, ඉතා පහසුවෙන් පාසලට අල්ලස් දීල ළමයගේ ජී.පී වී එක වැඩි කරගන්න පුළුවන්.

ඒක විභාගයකින් ලකුණු ගන්නවට වඩා ලේසියි. මේවට කියන්නෙ Subjective Assessment methods කියලා. අන්ත දූෂිත ක්‍රම.

❌ අමතක නොකර සඳහන් කරන්න ඕන කාරණය තමයි, ඉස්කෝලෙන් අස් වෙනකොට දෙන අස්වීම් සහතිකේ පවා මේ GPV, GPA අගයන්,  වසරෙන් වසර සහ විෂයගෙන් විෂයට වෙනම සඳහන් කරනවා කියලා තියනවා.

ඒ කියන්නේ රස්සාවකට යනකොට, කොතැනක හෝ තරගකාරී තේරීමක් තියෙන තැනකදි මේ ගන්න ජී.පී.ඒ අගය ජීවිත කාලය පුරාම හොල්මන් කරනවා.

❌ අපි වගේ ඉතාම සීමිත අවස්ථා තියන රටක, දරුවන්ගේ අධ්‍යාපනයේ එක ලකුණක් හෝ වැඩි කරගන්න දෙමව්පියෝ නොකරන දෙයක් නෑ. (Parents go any length) 

ඉතින් ඔයාලට ඉස්සරහට, බොහෝ විට ටියුෂන් ක්ෂේත්‍රය ක්ශය වෙලා යනවා බලන්න පුළුවන් වගේම, විවිධ ආකාරයේ අල්ලස් පාසල් පද්ධතිය ගිල ගන්න හැටිත් බලාගන්න පුලුවන් වෙයි.

❌ ලෝකයේ නවෝත්පාදන අඩු, වේගවත් ආර්ථික වර්ධනයක් නැති, ස්වභාවික සම්පත් අඩු රටක තරගකාරී නොවන අධ්‍යාපන ක්‍රම පවතින්නෙ නෑ. 

පින් ලන්තයේ, ස්වීඩනයේ වගේ උතුරු යුරෝපීය රටවල්වල තියෙන කැඳයො හදන ඉන්හෙරිටන්ට්ලි ඔතෑනි අසාර්ථක අධ්‍යාපන ක්‍රම අපේ රටට ගැලපෙන්නෙ නෑ.ඒ ගැන වෙනම දවසක කතා කරමු.

ඉලක්ක, කඩයිම්, තරඟ විභාග නැති උනාම වෙන්නේ අනාගත පරම්පරාව මෝඩයෝ වෙන එක විතරයි. (Good times create weak men). 

❌ අපි කැමැති උනත් අකමැතිි වුණත්, මේ ලෝකය කියන්නේම තරඟයක් තමයි. පාසල්වල විභාග ඒකෙ කොටසක්. 

❌ කරුණාකරලා,මේ කන්සෙප්ට් පේපර් එක කියවලා වෙන අවශේෂ කුණුහරුප නැතුව, මේ මාතෘකාව කතා කරන්න

කුනුහරුප වෙබ් සයිට් වත්, ධර්ම චක්‍රයේ හැඩයවත් නෙවෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන ගැඹුරු ප්‍රශ්නය. කරුණාකර ප්‍රශ්නය නිවැරදිව ග්‍රහණය කරගන්න.

එහෙම නැත්නම්, තව අවුරුදු දහයක් විතර ගිහිල්ලා, මේ වගේ ප්‍රතිඵල රටක් විදියටම විඳින්නත් අපි හැමෝම හිත හදාගන්න. 🙏  

(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.