News Category
From Date
To Date
Maximum Number of Result

අප කන දේ නිෂ්පාදනය කළ යුතුයි - ඊබ්‍රහිම් ට්‍රොරේ

Jan 26, 2026 at 11:37 AM
|

බුකිනාවේ ජනාධිපති කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ දීර්ඝ සහ දුෂ්කර සටනක් ජයගෙන තියෙනවා.

"අපේ ආහාර ස්වෛරීභාවය සඳහා වන සටන ජයගෙන තියෙනවා” බුකිනාවේ ජනාධිපති කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ තම රට ආහාර ස්වෛරීභාවය තහවුරු කරගත්තා කියල ඉතාම ජයග්‍රාහී ලීලාවෙන් කියල තියෙනවා. ඔහු මෙහෙම කිව්වෙ 2026 අලුත් අවුරුදු දේශනයේදීයි.

ඇත්තටම මේක දීර්ඝ සහ දුෂ්කර සටනක කුසලානයක්.

"අපේ ආහාර ස්වෛරීභාවය සඳහා වන සටනේ වසර වන්නෙ 2024යි. අපගේ සියලු උත්සාහයන් මෙම අරමුණ කරා යොමු කළ යුතුයි. අප කන දේ නිෂ්පාදනය කළ යුතු අතර අප නිෂ්පාදනය කරන දේ අනුභව කළ යුතුයි." බුකිනා ෆාසෝ ජනාධිපති කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ 2024 වසර පටන් ගත්තෙ එහෙම කියමින්. ඔහු මෙහෙම කිව්වෙ 2023 දෙසැම්බර් 31වනදා අලුත් අවුරුදු දේශනයේදී.

ඇත්ත වශයෙන්ම  එදා බුකිනා ෆාසෝ රට තිබ්බ විදිහට මෙය ඉතා නිර්භීත ප්‍රකාශයක් වුණා. ඔහු 2022 ඔක්තෝබර්වලදී රට භාර ගන්නකොට දළ දේශීය නිෂ්පාදනය 1.6% කයි තිබුණේ.

නමුත් 2023 අවුරුද්ද අවසන් වෙනකොට ඒ කියන්නෙ අවුරුද්දකින් 3% දක්වා වැඩි වෙලා තිබුණා. රට අරන් යන්න ඕනි මොන දිශාවටද කියල ට්‍රොරේ දැනගෙන හිටියා. ඒ සඳහා ඔහුට නිර්භීත සැලැස්මක් තිබුණා. ඒ වෙනුවෙන් ඔහු වැඩ කරමින් හිටියා.

මේ අවබෝධය සහ නිර්භීතකම නිසාම ඔහු තමන්ගෙ මිනිස්සුන්ට කියනවා “2024 අපේ ආහාර ස්වෛරීභාවය සඳහා වන සටනේ වසරයි” කියලා.ඇත්ත වශයෙන්ම ට්‍රෝරේගේ අලුත් අවුරුදු දේශනය සැමරීමක් නෙවෙයි. ඒක විඳ දරාගැනීම සඳහා කැඳවීමක් වුණා.

මිනිස්සු ඒක භාර ගත්තා. මිනිස්සු ට්‍රොරේගේ වචනය විශ්වාස කළා. ඒ වගේම ඔහු රටේ ආහාර ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් සියල්ල පෙළ ගැස්සුවා.

ඒ අනුව කැප්ටන් ට්‍රොරේ රට පුරාම වගා ඉඩම් පුළුල් කළා. ඔහු එක් ප්‍රාදේශීය සභාවකට අනිවාර්යෙන්ම  ‍හෙක්ටයාර් 12ක් වගා කිරීමට නියම කළා. ඒ වෙනුවෙන් තරුණ,තරුණියන් 8,000ක් බඳවාගෙන පුහුණු කළා. ඔවුන්ට නවීන කෘෂි උපකරණ, බෙහෙත්, පොහොර සහ දැනුම ලබා දුන්නා.

ඒ විතරක් නෙවෙයි, ඔහු තක්කාලි පේස්ට්, තිරිඟු, කජු, කපු සහ කිරි පැක්ටරි  විවෘත කළා. ඒ විතරක් නෙවෙයි වහල දාල තිබ්බ ඒවා අලුතින් හැදුවා. අලුතින් මිරිදිය මත්ස්‍ය වගාවන් ආරම්භ කළා. විශාලම මස් සැකැසුම් කර්මාන්ත ශාලා විවෘත කළා.

හෙක්ටයාර පනස්දාහේ  ඉදළ ලක්ෂය දක්වා (50,000 සිට 100,000 දක්වා) ඉඩම්වල බඩ ඉරිඟු, සහල්, සහ මෙනේරි වැනි ප්‍රධාන භෝග වගා කිරීමේ මහා පරිමාණ වැඩසටහන් දියත් කළා.

ඇත්ත වශයෙන්ම ට්‍රොරේ, බුකිනාවේ කෘෂිකාර්මික විප්ලවයක් දියත් කළා.  ඔහු රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් පහෙන් එකක් ඒ කියන්නෙ 22%ක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කරල තියෙනවා. ඒක මේ අවුරුද්දෙ තවත් වැඩි වෙයි කියල හිතනවා. අපේ රටේ වෙන් කරල තියෙන්නෙ 8.2%යි.

අපේ රටෙත් මෙහෙම පෙරලියක් මිනිස්සු අනුරගෙන් බලාපොරොත්තු වුණා. නමුත් ඔහු ආව ගමන් මේසෙට තට්ටු කරල හාල් මිල වැඩි කරල රටින් හාල් ගෙන්නන්න ගත්තා. වගා කරන්නම ඕනි කියල “ලෙනින්” කොහෙවත් කියල නෑ කියල කම්කරු නායක, කෘෂිකර්ම ඇමැති ලාල්කාන්ත කිව්වා.

අවුරුද්දකින් පස්සෙ ඩඩ්ලි ලක්ෂ නවදාහකට රෝල්ස් රොයිස්  කාර් එකක් ගෙනාවා.

 ලංකාවේ එහෙම වුණත් බුකිනාවේ ට්‍රොරේ අංක එකට කෘෂිකර්මාන්තය තියලයි රට කරගෙන යන්නෙ. ට්‍රොරේගේ දැක්ම ඔහුගේම වචනයෙන් කියනවානම්,“රටේ මිනිස්සුගෙන් දහ දෙනෙක්ගෙන් නව දෙනෙක්ම මහ පොළොවත් එක්කනම් ජීවත් වෙන්නෙ ඒක නොසලකා රට දියුණු කරන්නෙ කොහොමද?” මේක තමයි ඔහුගේ දැක්මේ පදනම.

එහෙම බැලුවම අපේ රටේ නම් අට දෙනෙක්ම මහ පොළොවත් එක්ක ඔට්ටු අල්ලලා ජීවත් වෙනවා කියන්න පුළුවන්. නමුත් අනුර, විජිත වලි කන්නෙ තුට්ටු දෙකේ සංචාරකයෝ ගෙන්නා ගන්න.

කොහොම නමුත් ආහාර ස්වෛරීභාවය බුකිනාවේ වත්මන් විප්ලවයේ පදනමයි. එය හිටපු ජනාධිපති තෝමස් සංකාරා විසින් මෙහෙයවන ලද (1983-1987) විප්ලවයේද මූලික අරමුණක් වුණා.

“ඔබව පෝෂණය කරන්නා ඔබව පාලනය කරනවා” කියලා තෝමස් සංකාර එදා කිව්වා. ඔහු අප්‍රිකාවේ චේ කියලත් හඳුන්වනවා.

සංකාරා අධිරාජ්‍යවාදී වහල් බැමි ගැන හරි ලස්සනට මිනිස්සුන්ට තේරුම් කරල දුන්නා. ඔහු මෙහෙම කිව්වා.“ බොහෝ අය අහනවා අධිරාජ්‍යවාදය කොහෙද කියල? ඔබ ආහාර ගන්නකොට ඔබේ පිඟාන දිහා බලන්න. ආනයනික සහල් , බඩ ඉරිඟු සහ මෙනේරි. එය අධිරාජ්‍යවාදයයි”.

ඉතින් බුකිනාවේ මිනිස්සු කියන්නෙ ට්‍රොරේ ගමන් කරන්නෙත් සංකාරගේ අඩි පාරේ කියල. එය වැරැදි නෑ කියලයි මට හිතෙන්නෙ.

කොහොම නමුත්  ආහාර ස්වෛරීභාවය රටක ස්වාධීන පෞරෂයේ වැදගත් සාධකයක් කියල කියන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂාව, ආර්ථික සහ සමාජ අර්බුදවලට මුහුණ දීමේ කේන්ද්‍රීය කුළුණ වෙන්නෙත් ආහාර ස්වෛරීභාවයයි. එය ජයගන්න වැඩ කරනවා කියන්නෙ බලගතු සහ නිර්භීත දේශපාලන කැපවීමක්.

https://www.facebook.com/share/v/1F5ZcKUB1X/

- ප්‍රියන්ත මධුකුමාර

(මුහුණුපොතින්)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.