මරණයේ බර: වෙනිසියුලානු ජනාධිපති මධුරෝ ආරක්ෂා කළ කියුබානු සටන්කරුවෙකුගේ සාක්ෂිය
ජනවාරි 3 වනදා වෙනිසියුලාවට එල්ල කළ ඇමරිකානු අධිරාජ්‍යවාදී ප්‍රහාරයට එරෙහිව සටන් කළ සියලුම කියුබානුවන් මිය ගියේ නෑ.
එම ආක්‍රමණයට මුහුණ දුන් ඒකකයේ සිටි කියුබානු ජාත්‍යන්තරවාදී සටන්කාමියෙකු වන යොහන්ඩ්‍රිස් වරෝනා ටොරස්ගේ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙනවා. සම්මුඛ සාකච්ඡාව සිදු කළේ ඉග්නාසියෝ රමොනෙට් (“ෆිදෙල් කස්ත්‍රෝ-මගේ ජීවිතය” පොතේ කතුවරයා) විසින්.
යොහන්ඩ්‍රිස් වරෝනා ටොරස් වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝගේ පුද්ගලික ආරක්ෂක ඒකකයේ සාමාජිකයෙකු ලෙස මාස දෙකකුත් දින හයක් සේවය කරල තියෙනවා. ඔහුගේ වසර 23 ක හමුදා සේවයේ වඩාත්ම තීව්‍ර අත්දැකීම මෙය බවත් යොහන්ඩ්‍රිස් වරෝනා කියනවා.
ජනවාරි 3 වනදා දෛවෝපගත සෙනසුරාදා දවසක්. පැය හයක සේවා මුරය ඔහු භාරගත්තෙ මධ්‍යම රාත්‍රියේයි. සියල්ලම සන්සුන් බවක් පේන්න තිබුණත් ලොකුම අනතුර තියෙන්නෙ උදාසීනත්වය තුළ කියල යොහන්ඩ්‍රිස් දැනගෙන හිටියා. ඒ නිසා ඔහු තම රාජකාරි අධික උනන්දුවකින් හා අවධානයකින් ඉටු කරමින් හිටියා.
ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගැනීම සඳහා එදින උදෑසන කැරකස් වෙත ගොඩබසින ඇමරිකානු කමාන්ඩෝ කණ්ඩායමට අයත් පළමු හෙලිකොප්ටරය ඔහු දැක්කෙ පාන්දර 2 ට විතර.
ඔහු රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක මුරපොළෙන් පිටව ගොස් මීටර් කිහිපයක් දුරින් සැඟවෙලා වෙඩි තියන්න ඔහුට යන්තම්වත් වෙලාවක් තිබිල නෑ. එම තත්පර කීපයේදී ඔහු තම ජීවිතය ගත කළේ එම තීරණය හෝ වාසනාව මතයි.
මිලිමීටරයක නිරවද්‍යතාවයකින් යුත් සිතියමකින් මඟ පෙන්වනු ලැබූ, ප්‍රහාරකයින් තත්පර කිහිපයකින් ඔහු අල්ලාගෙන හිටිය ආරක්ෂක මුරපොළට වෙඩි තියල තියෙනවා.
"අපිට වඩා ගොඩක් වෙඩි බලයක් එයාලට තිබුණා," යොහන්ඩ්‍රිස් කියනවා. "අපිට තිබුණේ සැහැල්ලු අවි විතරයි. ඔවුන්ට පක්ෂව තිබුණු අනෙක් කාරණය නම් සියල්ල කොහෙද කියලා ඔවුන් දැනගෙන හිටියා වගේ. ඒ නිසා අපි කියුබානුවන් නැවතී සිටි බැරැක්ක සහ නේවාසිකාගාරවලට වෙඩි තියලා, මුල් අය අතර සිටි නායකයින් මරා දැමීමට ඔවුන් සමත් වුණා."
මෙම පළමු අධිකාරී නොලත් නිලධාරියාට පුද්ගලික ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ වසර 23 ක පමණ පළපුරුද්දක් තියෙන අතර මීට පෙර මෙවැනි දෙයක් අත්විඳල තිබුණේ නෑ. නමුත් ඔහු හොඳින් පුහුණුව ලබා සිටි අතර, එදින උදෑසන ඔහු සතුරන්ට වෙඩි තබමින් මැගසිනයෙන් මැගසිනය හිස් කළා.
"අපිට වෙඩි තියන්න, වෙඩි තියන්න සිද්ධ වුණා. ආරක්ෂා කරලා මරන්න සිද්ධ වුණා," ඔහු පවසනවා. "අපිට පහර දෙන ගුවන් යානාවලට එරෙහිව අපි සටන් කළා. අපේ ආයුධ කුඩා වුණත්, අපි සටන් කිරීම නතර කළේ නැහැ; අපි ඒවාට මුහුණ දුන්නා. මම පුහුණුව ලත් කෙනෙක්, සටන් කරන හැටි මම දන්නවා, නමුත් ඔවුන් අපට වඩා දැඩි ලෙස සන්නද්ධව සිටියා. ඒ මොහොතේ, මගේ එකම සිතුවිල්ල සටන් කිරීම පමණයි. අපිට වෙඩි තියන්න සිද්ධ වුණා, මම ඒක කරන්න පටන් ගත්තා."
කියනවාට වඩා ඇමරිකාවේ තුවාල ලැබූ ගණන වැඩියි.
"ඔවුන්ගේ වෙඩි බලයේ වාසිය තිබුණත්, අපි ඔවුන්ට ජීවිත හානි සිදු කළ බව මට විශ්වාසයි. ඔවුන් පිළිගන්නවාට වඩා ඒක වැඩියි. අපි දැඩි ලෙස සටන් කළා. අපි හැමෝම වගේ වැටෙන තුරු, මැරෙන තුරු හෝ තුවාල වන තුරු අපි වෙඩි තැබුවා." යොහන්ඩ්‍රිස් තවදුරටත් පවසනවා.
ට්‍රම්ප් සහ ඔහුගේ ගෝලයන් මුලින් විශ්වාස කිරීමට උත්සාහ කළා වගේ එය ඉක්මන් හෝ පහසු සටනක් වෙලා නෑ. දවස ගෙවී යත්ම, කියුබානුවන්ගේ ප්‍රතිරෝධය මැඩ පැවැත්වීමට සමත් වෙලා තියෙන්නෙ මරණය සහ පතොරම් නොමැතිකම නිසා බව පැහැදිලි වෙලා තියෙනවා.
යොහන්ඩ්‍රිස් සියල්ල ඉතා පැහැදිලි ලෙස සිහිපත් කරනවා. ඔහුගේ දෑස් රූප එකින් එක සමාලෝචනය කරන බව පේනවා. ඔහු අඬයි. ඔහු කෝපයෙන් අඬයි.
ගැටුම කිසිදා අමතක කළ නොහැකි බව ඔහු පවසනවා. නමුත් සියල්ලටම වඩා, කණ්ඩායමේ දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ මියගිය සගයන්ගේ සිරුරු ගෙන යාමට සිදු වූ පැය ගණන වේදනාත්මකයි කියනවා.
"අපි ඔවුන්ව රැගෙන හානි වූ ගොඩනැගිල්ලකට ගෙන ගියා. එය ඉතා දුෂ්කර වුණා, මන්ද ඔවුන් අප දන්නා, පැය කිහිපයකට පෙර අපි ඔවුන් සමඟ ජීවත් වූ මිනිසුන් වූ නිසා. නමුත් අපි ඔවුන් සියල්ලන්ම රැගෙන ගියා. අපි ඔවුන්ගෙන් කිසිවෙකු අතහැරියේ නෑ."
"බෝම්බ වැටෙන්න පටන් ගත්තම, ඔයා හිතන්නේ සටන් කරන එක ගැන විතරයි. ඒකයි අපි එතන හිටියේ, ඒකයි අපි කළේ. මට ඉතුරු වෙලා තියෙන්නේ ඒවා නවත්තගන්න බැරි වීමේ වේදනාව විතරයි.
මේ වේදනාව," ඔහු පපුවට ගහගෙන කියනවා, "මට සතුරාට විරුද්ධව සටන් කරන්න වෙනවා."✊✌️
https://www.facebook.com/share/p/1HJ4ZyLqiG/
ප්‍රියන්ත මධුකුමාර
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..