News Category
From Date
To Date
Maximum Number of Result

එංගලන්තයේ ලිංගික අධ්‍යාපනය ගැන උදම් අනන ලංකාවේ රැඩිකල් තාත්තලා නොදත් කතාව..

Jan 23, 2026 at 11:45 AM
|

👉 එංගලන්තයේ ජීවත් වන ලාංකිකයෙකු තමන්ගේ දරුවාගේ ලිංගික අධ්‍යාපනයේ තරම ගැන ආඩම්බරයෙන් උදම් අනන වීඩියෝවක් පහුගිය දිනවල හැම තැනම ෂෙයා වෙමින් තිබුණා. 

👉 ඒ වීඩියෝව හා ලිංගික අධ්‍යාපනය ගැන කියන්න කලින් පහත තියන කරුණු ටික දිහා ටිකක් බලන්න. 

👉  2024 වසරේ එංගලන්තය හා වේල්සය තුළ ස්ත්‍රී දූෂණ 69958ක් වාර්තා වී තිබෙනවා. අන්තර්ජාලය හෝ වෙනත් වක්‍ර ක්‍රම මගින් සිදුවූ ලිංගික අපයෝජනත් සමඟ මේ ප්‍රමාණය 190620ක් බව Crime in England and Wales: year ending September 2024 වාර්තාවේ සඳහන්ව තිබෙනවා.  

👉 ඒ වගේම 2024 වසරේ පොලිස් වාර්තා අනුව එංගලන්තය හා වේල්සය තුළ Online abuse  ඇතුළු විවිධ වර්ගයේ ළමා අපචාර 102878ක් වාර්තා වී තිබෙනවා. මේ අතරින් 61845ක් ශාරීරිකව සිදුවූ අතවර හෙවත් Contact offence ගනයට වැටෙන ඒවා. 

👉  හිටපු පෙම්වතා, අනියම් පෙම්වතා, හිටපු සැමියා වැනි සහකරුවන් අතින් ලිංගික ඊර්ෂ්‍යාව, තමාව හැර යාමේ වේදනාව වැනි කාරණා මත කාන්තාවන් ඝාතනය කිරීම Femicide ලෙස හැඳින්වෙනවා. 2022 වසරේදී මේ ක්‍රමයට එංගලන්ත කාන්තාවන් 122ක් ඝාතනය වී තිබෙනවා. 

👉  2014 සිට අද දක්වා මේ අයුරින් ඝාතනය වී ඇති කාන්තාවන් ගණන 2000ක් පමණ වන අතර, ඒ අනුව සෑම දින තුනකටම එක් කාන්තාවක් වශයෙන් මේ ඝාතන සිදුවන බව  එරට රජයේ වාර්ති පෙන්වා දෙනවා. 

👉 2022 වසරේ දී එංගලන්තයේ සිදුවූ අවුරුදු 18 අඩු දැරියන්ගේ ගැබ් ගැනීම් ප්‍රමාණය 14233ක් බව ද ගාඩියන් ඇතුළු එරට බොහෝ ප්‍රකට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තෙන්ම මීට දශකයකට හමාරකට පෙර මේ ප්‍රශ්නය මීටත් වඩා බරපතළ මට්ටමින් තිබුණත් රජයේ දැඩි මැදිහත් වීම මත, පසුගිය කාලය තුළ එය සැලකිය යුතු පහත බැසීමක් පෙන්නුම් කරනවා. 

👉 2022 වසරේ එංගලන්තයේ දෙමාපියන් 1000ක් සම්බන්ධ කරගනිමින් කළ සමීක්ෂණයකට අනුව ඔවුන්ගෙන් 87%ක් තම දියණියන් ප්‍රසිද්ධ ස්ථානවලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වූ බව පවසා තිබෙනවා. මේ අනුව මේ හිංසනයන් අපරාධමය වරදක් ලෙස නීතිගත කිරීමට දෙමාපියන් 95%ක් තම කැමැත්ත පළ කොට තිබෙනවා. 

👉 2024 වසරේදී එංගලන්තයේ සිදුවූ දිවි නසා ගැනීම් ප්‍රමාණය 6190ක්. මේ අතරින් 5.8%ක්ම අවුරුදු 19ට අඩු දරුවන්. මේ ලිංගික නිදහසේ ආදීනව ඔවුන්ගේ මරණ කෙරෙහි කෙතරම් බලපෑවාද යන්න වාර්තා වී නැහැ.

👉 මීට අමතරව පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන පිළිබඳ ගැටලුවත් එංගලන්තයේ නිතර සංවාදයට ලක් වන්නක්. එරට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවල පවා මේ ප්‍රශ්නය ගැන කළ සංවාද ඇතුළත් වෙනවා. 

👉  මෙවැනි රටවල සිදුවන ස්ත්‍රී දූෂණ ආදිය ගැන කියන විට සුද්දන්ට වඩා ලංකාවේ ජීවත් වන කළු සුද්දන් බොහෝ විට කලබල වෙනවා. ඔවුන් ඊට එරෙහිව විවිධ තර්ක ඉදිරිපත් කරනවා.  ඒ එක් තර්කයක් තමය ලංකාවේ මෙවැනි සිදුවීම් වාර්තා නොවුණත්, ඒ රටවල අකුරටම නීතිය ක්‍රියාත්මක වන නිසා මෙවැනි සිදුවීම් නිසි පරිදි වාර්තා වන බව පැවසීම. 

👉 හැබැයි මේක ඇත්තක් නෙමෙයි. පොලීසිය පිළිබඳ ඇති අවිශ්වාසය නිසා, ලැජ්ජාව නිසා, පොලීසියේ ඇතැම් පක්ෂපාතී හැසිරිම් නිසා එංගලන්තයේ කාන්තාවන් පවා මෙවැනි දේ ගැන පැමිණිලි කිරීමට මැලි වන බව ඒ රටේ වාර්තාවලම පැහැදිලිව සඳහන් වෙනවා.

👉 අනික අඩුවෙන් හෝ වැඩියෙන් වාර්තා වන්නේ ලිංගික අපරාධ සිදුවීම නිසා කියන සරල කාරණය මෙහිදී අප අමතක කළ යුතු නෑ. හැබැයි අපේ අය කතා කරන්නේ දියුණු යැයි කියන බටහිර රටවල ලිංගික අපරාධයක් බෙහෙතකටවත් සොයා ගැනීමට නැති ගාණට. 

👉 මීට පෙරත් අප කියා ඇති පරිදි කිසිසේත්ම අප ලිංගික අධ්‍යාපනයට විරුද්ධ විය යුතු නැහැ. ඇත්තටම ඔය එංගලන්තයේ තාත්තා කියූ කිසිවක් මැජික් නොවෙයි. ඒ සියල්ල ලංකාවේ පාසල්වල දැනටමත් ඉගැන්වෙනවා. ඒ සියල්ල එසේ වුවත් ලංකාවේ කිසිදු ලිංගික අධ්‍යාපනයක් නැතැයි කියමින් ව්‍යාජ ඝෝෂා නැගීම ලංකාවේ ජීවත් වන රැඩිකල් චරිත කාලයක් තිස්සේ සිදු කරමින් සිටින දෙයක්. 

👉 ඔවුන් ඉදිරිපත් කරන මීළඟ හාස්‍යජනක තර්කය තමයි ලිංගික අධ්‍යාපනය නිසා ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදිය නතර වන බව සහ ලිංගික නිදහස, ලිංගික අධ්‍යාපනය ඇති දියුණු බටහිර රටවල එවැනි දේවල් සිදු නොවන බව පැවසීම.  

👉 ලංකාවේ කුමන හෝ අපචාර සිදුවීමක් වාර්තා වූ වහාම ඔවුන් මේ සුපුරුදු ලිංගික අධ්‍යාපන ඝෝෂාව නඟමින් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර නැති දියුණු බටහිර රටවල් ගැන වර්ණනා ලිවීමත් ආරම්භ කරනවා. 

👉 මේ පින්තූරයේ ඇති කාටූනයේ තිබෙන්නෙත් ලිංගික අධ්‍යාපනය නැති නිසා ලිංගික අපරාධ සිදුවෙනවා කියන අතිශය පැතලි හා ව්‍යාජ අදහස.

👉 හැබැයි මේ සියල්ල ඊනියා රැඩිකල් චින්තකයන්ගේ සිහින ලෝක පමණයි. සැබෑ බටහිර ලෝකය එහෙම නැහැ. එංගලන්තය ගැන මෙහි ඉදිරිපත් කළ කාරණා දිහා බැලුවත් මේ බව හොඳින්ම පැහැදිලි වෙනවා. 

👉 එංගලන්තය විතරක් නොවෙයි අනිත් යුරෝපා රටවලත් ලිංගිකත්වයට අදාළ සමාජ ගැටලු ඇති තරම් තිබෙනවා. ඒවා අපේ රටටත් වඩා බරපතළයි. ලිංගික අධ්‍යාපනය දුන් පමණින්, ලිංගික නිදහස තිබූ පමණින් ඒවා නතර වන්නේ නැහැ. සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න බලපාන සංකීර්ණ හේතු ගණනාවක් තිබෙනවා. ඒ ගැන අවශ්‍ය නම් වෙනම කතා කරමු. 

👉 හැබැයි මේ කිසිවක් නොදන්නා තමන්ගේ රට ගැන, සංස්කෘතිය ගැන අධික හීනමානයකින් පෙලෙන ලංකාවේ මිනිස්සු ලිංගිකත්වය ගැන මේ රැඩිකල් ප්‍රලාප පහසුවෙන් වැළදගන්නවා. ඔවුන් මහත් උද්යෝගයෙන් ඒවා සමාජ මාධ්‍යවල බෙදා ගන්නවා. හැබැයි ඇත්ත ලෝකයේ සිදුවන දේවල් ගැන ඔවුන්ට අබමල් රේණුවක අදහසක් කියැවීමක් නැහැ. 

👉 ඔය පිටරටවල ජීවත් වන ලාංකිකයන්ගේ තත්ත්වයත් ඒකම තමයි. මොකද කිසියම් රටක සමාජ ගැටලුවලට අදාළ තොරතුරු විචාරාත්මකව අධ්‍යයනය නොකර, ඒ රටේ ජීවත් වූ පමණින් ඒවා ගැන අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ප්‍රශ්න ගැන ලංකාවේ මිනිස්සු තුළ කොයි තරම් වැරදි අදහස් තියනවාද? හැබැයි තමන් පිටරටක ජීවත් වීම කියන සරල කාරණය ආයුධයක් කරගනිමින් ඔවුන් මේවා සම්බන්ධව පහසුවෙන් බොරු පැතිරවීමට පෙළඹෙනවා. 

👉 අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කථිකාව එක්ක මේ ව්‍යාජ ලිංගික අධ්‍යාපන ඝෝෂාවට නැවත නව පණක් ලැබී තිබෙනවා. 

👉 අවසාන වශයෙන් නැවතත් කිව්වොත් අප කිසිසේත්ම ලිංගික අධ්‍යාපනයට විරුද්ධ නැහැ. දැනටමත් පාසල්වල ලිංගික අධ්‍යාපනය ලැබෙනවා. එය තවදුරටත් පුළුල් කළ යුතු නම් ඒ ගැන සංවාද කිරීමේ වරදක් නැහැ. 

👉  මේ සටහන ලිවීමේ අරමුණ මේ ප්‍රශ්නය ගැන බොහෝ දෙනා තුළ ඇති ජනප්‍රිය මිත්‍යා මතවල සැබෑ තත්ත්වය පෙන්වා දීම පමණයි. මේ සියලුම දත්ත ඒ රටේ පිළිගත් මූලාශ්‍රවලින් ලබාගත් ඒවා. නමුත් ලින්ක්ස් දැමීම පෝස්ට් එකේ රීච් එකට ගැටලුවක් වන නිසා මේ ලිපිය තුළ අදාළ ලින්ක්ස් ඇතුළත් කර නැහැ. අවශ්‍ය නම් ඒවා පසුව කමෙන්ට් තීරුවේ දාන්න පුළුවන්. 

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.