News Category
From Date
To Date
Maximum Number of Result

1972 සිදුවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය..

Jan 19, 2026 at 06:51 AM
|

බෙහෙවින් මතභේදයට තුඩු දුන් හය වැනි වසර නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල රජය තාවකාලිකව  අත්හැර දැමුවා ...

නිසි අධ්‍යයනයකින්,

 සැබෑ අරමුණකින් තොරව,

 ජනතාවගේ සිතේ සැක සංකා ඇතිවන ආකාරයේ සිදුවීම් සහිතව,

  කඩිමුඩියේ කරන කටයුතු  සාර්ථක නොවන බවට තවත් උදාහරණයක් ලෙස එය ඉතිහාසයට එක් වුණා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන විට නිදහසින් පසුව ප්‍රථම වතාවට මෙරට

පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුළ සිදු වූ විශාලතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පාසල් ශිෂ්‍යයන් වශයෙන් ප්‍රථම වරට මුහුණ දීමට සිදු වූයේ අපටයි..

ඒ 1972  වසරේ හයවැනි ශ්‍රේණියේ...

එතෙක් පැවති අධ්‍යාපන ක්‍රමය අනුව දහවැනි ශ්‍රේණියේදී මුහුණ දුන් අපොස සාමාන්‍ය පෙළ

G C E (O/L) / General Certificate of Education Ordinary Level විභාගය වෙනුවට  09 වැනි  ශ්‍රේණිය අවසානයේදී මුහුණ දෙන ජාතික පොදු අධ්‍යයන සහතික පත්‍ර National Certificate of General Education ( N C G E ) විභාගය වෙනුවෙන්..

නව විෂය නිර්දේශය  වසර දෙකක් තිස්සේ සාකච්ඡා කර ඇරඹූ එකක්..

එතෙක් සාමාන්‍ය පෙළට විද්‍යා විෂය  තුනට කඩා ඉගැන්නුවත්, Physics Chemistry Biology ,

නව ක්‍රමය යටතේ 09 වැනි ශ්‍රේණිය අවසානයේ පෙනී සිටින ප්‍රධාන විභාගයේදී,

 එම විෂයන් තුනම එක්කර විද්‍යාව Science යනුවෙන් වූ විෂයේ  ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට සිදුවුණා..

එමෙන්ම ඉතිහාසය භූගෝලය ප්‍රජාචාරය වැනි විෂයන් එකට එක්කර සමාජ අධ්‍යයනය විෂය  නිර්මාණය කර තිබුණා.

සමාජ අධ්‍යයනය විෂය තුළ  ඉතිහාසයට ඇති තැන අඩුකර තිබුණේ නැහැ..

එහි වැඩිම කොටස වෙන්කර තිබුණේ ඉතිහාසයටයි..

එමෙන්ම එම විෂය ඉගෙනීමේදී වඩාත් සිත් ගන්නා සුළු ආකාරයට 

දරුවන්ගේ සිතට ඇතුල්වීම සඳහා ප්‍රායෝගික 

වැඩසටහන් ඇතුළත් කර තිබුණා..

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ පරිසරය සහ සමාජය වෙත ගොස් ඉගෙන ගැනීම සඳහා පාඩම් රැසක් එයට අන්තර්ගතව තිබුණා..

මට මතක විදියට එම විෂය අපේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා...

( ඉන් වසර නවයකට පසුව 1984 වසරේ ගුරු වෘත්තියට පිවිසි මම,

මගේ පත්වීම විද්‍යා ගුරු පත්වීමක් වුවත්,

 මා එවකට සේවය කළ අම්පාරේ දුෂ්කර ප්‍රදේශයක පාසලේ සමාජ අධ්‍යයනය ගුරුවරයෙක් නැති කාල සීමාවකදී,

ස්ව කැමැත්තෙන්ම එම එම විෂය භාරගෙන ඉගැන්වීම් කටයුතු කළේ විෂයට පාසල් ජීවිතයේ තිබුණු ඇලුම් බව නිසාම වන්නට ඇති..

එමෙන්ම එවර එම පාසලේ හොඳම ප්‍රතිඵලය සඳහන් වූයේ එම විෂය වෙනුවෙන් ) 

එමෙන්ම නවවැනි ශ්‍රේණියේදී මුහුණ දෙන  විභාගයට විෂයයන් දහයක් ඇතුළත් වූ අතර  ප්‍රාග් වෘත්තීය විෂය එක සහ දෙක යනුවෙන් අලුත් විෂයන් දෙකක් ඇතුලත් කර තිබුණා..

එම විෂයන් දෙකට කෘෂිකර්ම කර්මාන්ත  ක්ෂේත්‍රයන් ඇතුලත් වන පරිදි විෂයන් ගණනාවක් තිබූ අතර එයින් දෙකක් තෝරා ගත යුතුව තිබුණා..

කෘෂිකර්මය යටතේ ප්‍රායෝගිකව අනිවාර්යයෙන් කළ යුතු වැඩ කොටසක් එයට අන්තර්ගත වුණා..

ඒ සඳහා ප්‍රදේශයට ගැලපෙන පරිදි තෝරා ගත යුතු  වගාවන් නම්කර තිබුණා..

එමෙන්ම අනෙක්  ප්‍රාග් වෘත්තීය විෂයට ශිෂ්‍යයන්ට  සමාජයේ යම් රැකියා ක්ෂේත්‍රයකට අදාල කර්මාන්තයක් ,

ප්‍රදේශයට අදාළ කර්මාන්තයක්,

 ප්‍රායෝගිකව ඉගෙන ගැනීම සඳහා විෂය නිර්දේශය සකස් කර තිබුණා..

උදාහරණයක් වශයෙන් කොහු කර්මාන්තයට අදාළ පාපිසි නිපදවීම අපේ ගම් ප්‍රදේශයේ පාසලක් විසින් කරා මට මතකයි..

පොල් ලෙලි තලා කොහු ලබා ගැනීමේ සිට ලණු අඹරා එම ලණුවලින් පාපිසි නිර්මාණය කිරීම දක්වා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම කටයුත්තේ එදා නිරත වුණා..

එම කොහු වලට ඩයිවර්ග දමා විවිධ වර්ණ සහ රටා තුළින් අපූරු පාපිසි නිර්මාණය කර තිබුණා මට මතකයි..

ඒවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට තරම් හොඳ තත්ත්වයේ නිර්මාණ වුණා..

සමහර පාසල් වල රේඩියෝ අලුත්වැඩියාව  කාර්මික කටයුතු වඩු කර්මාන්තය වැනි දේ ද එම විෂය තුළට ගොනුකරගෙන කටයුතු කළ බව මතකයි..

එම විෂය නිර්දේශය යටතේ 1975 වසරේ දී NCGE විභාගයට අපට පෙනී සිටීමට සිදුවුණා..

එම විභාගයට පෙනී සිට සමත් වෙන අයගේ උසස් පෙළ විෂය නිර්දේශයද වෙනස් කර තිබුණා..

GCE (A/L) වෙනුවට Higher Natural Certificate of Education ( HNCE) විභාගයට සරසවි ප්‍රවේශය සඳහා පෙනී සිටීමට සකස් කර තිබුණා..

උසස්  පෙළ ඉගෙන ගැනීමේ දී පළමු වසරේ දී විද්‍යා අධ්‍යාපනය විෂය ධාරාව හැදෑරීමේදී ගණිත, ජීව විද්‍යා ශිෂ්‍යයන් එකම විෂය නිර්දේශයක් ඉගෙන ගත් අතර ඊළඟ වසර දෙකේදී ධාරා දෙක වෙනම බෙදී ඉගෙන ගැනීමට සකස් කර තිබුණා..

ඒ තිබුණු තවත් සුවිශේෂත්වයක් නම් විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද 

මව් බස ඉංග්‍රීසි සහ සංස්කෘතික උරුමය යන විෂයන් තුනට අනිවාර්යයෙන් පෙනී සිටීමට සිදුවීමයි...

ඒ අනුව උසස්පෙළ කවර විෂය ධාරාවක් ඉගෙන ගත්තත් සංස්කෘතික උරුමය ඉංග්‍රීසි සහ මව්බස යන විෂයන් එම විෂය නිර්දේශයට ඇතුල්වී තිබුණා.

සංස්කෘතික උරුමය යටතේ මෙරට ඉතිහාසය සහ රටට දරුවෙකුට ඇලුම් කරන මනසක් ඇතිවිය හැකි ආකාරයට විෂය නිර්දේශය සකස්වී තිබුණා..

එමෙන්ම උසස් පෙළ කවර විෂය ධාරාවක් යටතේ ඉගෙන ගත්තත් ව්‍යාපෘති විෂය නැමැති විෂයද අනිවාර්ය කර තිබූ අතර ව්‍යාපෘති විෂයට සතියේ එක් දිනක එක ළඟ කාල පරිච්ඡේද හතරක් වෙන් කර තිබූ අතර,

  විදුහල පැවති ප්‍රදේශයේ යම් සමාජ සේවා හෝ සංවර්ධන කටයුත්තක් ව්‍යාපෘතියක් ලෙස තෝරා ගෙන වසර දෙකක් තුළදී නිම කිරීමට ඒ සැලසුම් කර තිබුණා..

අප ඒ සඳහා තෝරා ගෙන කටයුතු කළේ ,

රිච්මන්ඩ් විදුහලට සැතපුම් දෙකක් තුනක් පමණ  ඈතින් පිහිටි වටරැක ග්‍රාමයේ ඒ වන විට තිබුණු බරවා රෝගය මර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්..

ගාල්ල සෞඛ්‍ය අධිකාරි කාර්යාලය සමඟ එක්ව  අප විසින් සකස් කරනු ලැබූ වැඩසටහනක් යටතේ එම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක ලෙස කරගෙන ගිය බවද මතකයි.

එම විෂය භාරව කටයුතු කළ  බණ්ඩාර සර් ඒ සඳහා අපට මග පෙන්වීම සහ මෙහෙයවීම කළ ආකාරයද විශිෂ්ට බව සඳහන් කළ යුතුයි..

ඔහු අපේ සංස්කෘතික උරුමය විෂය භාර ගුරුවරයා ලෙසද ඉතාමත් හොඳින් හිතට දැනෙන්න එන විෂය ඉගැන්නුවා.

( මංකොල්ල කරුවෙකු විසින් මගේ අත බැදි ඔරලෝසුව  කඩා ගත්තේ ද එම ව්‍යාපෘති විෂයට වට රැක යන ගමනකදී බව සඳහන් විස්තරයක් මම මීට පෙර මුහුණු පොතටද කර තිබුණා)

ව්‍යාපෘති විෂයේ සහ සංස්කෘතික උරුමය ඉංග්‍රීසි සහ මව්බස විෂයන්හි ලකුණු සරසවි පිවිසුමට කෙලෙස අදාල වේදැයි අපට හරියටම අද කිව නොහැක්කේ,

 එම අධ්‍යාපන ක්‍රමය 1977 වසරේ බලයට පත් වූ රජය විසින් නැවත වෙනස්කර ය පැරණි ක්‍රමයට සමාන ක්‍රමයකට යාම නිසයි..

ඒ නිසා එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් බලාපොරොත්තු ඉලක්කය කරා එදා පරපුරට  යෑමට නොහැකි වුණා..

වසර පහක් කිසිදු ගැටලුවකින් තොරව එම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් පැවතුනා.

ඒ 1977 නැවතත් වෙනස් වීමේ හේතුවෙන් අපේ උසස් පෙළ කාලය වසර තුනහමාරක් පමණ දිගට ඇදී ගියා..

අතරමගදී වෙනස් වූ විෂය නිර්දේශය නිසා අපට නැවතත් පැරණි ක්‍රමයට උසස් පෙළට මුහුණ දීමට සිදුවුණා..

ඒ නිසා 1979 වසරේ අපොස උසස් පෙළ විභාග දෙකක් පැරණි දේශය සහ අතුරු නිර්දේශය වශයෙන් පැවතිය අතර  සරසවි වලට සිසුන් බදවා ගැනීමේ දී යම් ගැටළු සහගත තත්ත්වයක් උදාවුනා...

කෙසේ වෙතත් එය  කණ්ඩායම් දෙකටම සාධාරණයක් වන පරිදි අවසානයේ විසඳා ගත් බවද මතකයි..

එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී  අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියේ ද නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියේද ගුරු වෘත්තියෙන් සිය ජීවිතය ඇරඹූ  නිහතමානී සරල මිනිසුන් දෙදෙනෙක්..

අධ්‍යාපනය අමාත්‍ය ධුරය දැරූ 

ආචාර්ය  අල්ලාහජ් බදුර්දීන් මහමුද් මහතා ගම්පොළ සහිරා විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර තිබූ අතර ,

මාතර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි  නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ බී.වයි .තුඩාවේ මහතා ද ගුරු වෘත්තියෙන් ජීවිතය ඇරබූ කෙනෙක්.....

විශේෂයෙන්ම මෙහිදී මට අද හිතෙන දෙයක් තිබෙනවා..

ආචාර්ය බර්දුදින් මහමුද් මැතිතුමා මුස්ලිම් ජාතිකයෙක්..

රටක අනාගතයේ තීරණය වන අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනස් කළේ ඔහු අධ්‍යාපන ඇමතිවරයා වශයෙන්..

එහෙත් ගැටලුවක් ඇති නොවන පරිදි සියලු දෙනාගේ සිත් දිනාගෙන,

අත්දැකීම් වලින් සපිරි සිය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟින්,

 අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් බොහෝ දෙනා සමගින් සාකච්ඡා කරමින්,

 ඒ සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගනිමින් ,

 කෙතරම් දක්ෂ ලෙස එම කටයුත්ත ඉටුකරනු ලැබුවාද යන කරුණ  වර්තමානයේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් සමඟ සිහියට නැගෙනවා..

ඔවුන් සැබෑ ශ්‍රී ලාංකිකයින්....

සමාජයට අනාගතයට තදින් බලපාන, 

යම් සුවිශේෂී කටයුත්තක් කරන විට ,

එය සාර්ථක වීමට ,

එයට මූලිකත්වය ගන්නා පුද්ගලයන් පිළිබඳව, සමාජයේ තිබෙන විශ්වාසය ඉතාමත් වැදගත් වෙනවා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ ආචාර්ය බදු දීන් මහමුද් මහතාත්  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරි පෙළ නායකයෙකු වූ  බි වයි තුඩාවේ මහතාත්

එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්,

මව්බිමටත්,

 එම මව්බිමේ  ඓතිහාසික සංස්කෘතික හර පද්ධතීන්ටත් අහිතක් නොකරන අය බවට එදා ජනතාව තුළ විශ්වාසයක් තිබුණා.

මෙම කටයුත්තේදී රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් එයට නායකත්වය දුන් ,

එවකට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරය හෙබවූ ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතා ද විශිෂ්ට අධ්‍යාපනඥයෙක්..

... ලාල් ද අල්විස්....

(මුහුණුපොතින් උපුටා ගන්නා ලදී)




සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.