පිටරටවල පාසල් සිසුන් ඔය කියන විදියට AI ඉගෙන ගන්නේ නැහැ.. AI පාවිච්චි කිරීම කියන්නේ පාසලෙන් ඉගෙන ගන්න තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි..
.
* පිටරටවල පාසල් සිසුන් ඔය කියන විදියට AI ඉගෙන ගන්නේ නැහැ. AI පාවිච්චි කිරීම කියන්නේ පාසලෙන් ඉගෙන ගන්න තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි.
* විශ්ව විද්‍යාල වල නම් පරිගනක විද්‍යාව ආශ්‍රිතව AI, මැෂින් ලර්නිංග්ස්, කැල්කියුලස් සහ ඒ ආශ්‍රිත විෂයන් උගන්නනවා. ලංකාවෙත් විශ්ව විද්‍යාල වල ඒවා උගන්නනවා.
* කිසිම රටක ඉස්කෝලෙක ඔය කියන විදියට ග්‍රහලෝක තරණය කරන්න උගන්නන්නේ නැහැ.
* වලගම්බා කියලා කියන්නෙ ඇත්තටම ඉඳපු රජකෙනෙක්. හැබැයි එංගලන්තයේ පාසල් දරුවන්ට මිත්‍යාවක් වන ආතර් රජු සහ කඩුව ගැන උගන්නනවා.
මහත්වරුණි, ඔබලාගේ ජාන වලින්ම එන (ඉතාම සාධාරණ හේතුවක්) සුදු හමට බිය වීම අත්හරින්න.
හැම සුද්දම අයිසැක් නිව්ටන් කෙනෙක්, අයින්ස්ටයින් කෙනෙක් නෙවෙයි.
හැම සුද්දම පරිගනක විද්‍යාව කාලා ඉන්න, නාසා එකේ වැඩ කරන අය නෙවෙයි. පරිගනකයක් ඔන් කරගන්න නොදන්නා සුද්දො ඕන තරම් ඉන්නවා.
ඇවරේජ් සුද්දො සෑහෙන ඉන්නවා ලෝකයේ ඇමෙරිකාව තියෙන තැන නොදන්නා.
ඇවරේජ් සුද්දො සෑහෙන ඉන්නවා චක්කරය බැරි.
ඇවරේජ් සුද්දො සෑහෙන ඉන්නවා යුරෝපය කියන්නේ රටක් කියලා හිතන.
ඇවරේජ් සුද්දො තමයි ඔය ලංකාවට ඇවිල්ලා බෑග් උස්සන් බස් වල කෝච්චි වල යන්නේ.
ඒ ගොල්ලො එක්ක AI , ග්‍රහලෝක තරණය ගැන කතා කරලා බලන්න.
ඇන්ග්ලො සැක්සන් , ඉන්දු යුරෝපියන් සංස්කෘති වලින් ලෝකයට දැනුම බිහිවුණා. ඒක ඇත්ත. ඒවා සංස්කෘතිමය, ජානගත කාරනා.
ඉන්දියාවෙන් සහ ආසියාවෙන් බිහි වූ දැනුම ඔවුන්ගේ සංස්කෘතියට සාපේක්ෂයි.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ දැනුම අපේ සංස්කෘතිමය අවශ්‍යතා මත ඇති වූ දැනුම්. වැවක් හදන්නේ කොහොමද, චෛත්‍ය හදන්නේ කොහොමද වගේ කාරණා.
අපිට සහ ලෝකයේ බොහෝ රටවල් වලට දැනුම නිපදවීමෙන් ඊලග අදියරට පරිණාමය වෙන්න කළින් අපි යටත් විජිත වුණා.
ඒ චින්තන රටාව අපි කොතරම් උත්සාහ කළත් ගන්න බැරි දෙයක්. එයට හේතුව ජානගත සහ සංස්කෘතිමය චින්තන රටාවේ වෙනස.
ඕක හරියට ජැමෙයිකාවේ පොඩි දරුවන්ට පොඩි කාලේ ඉඳලම මීටර් 100 උගන්නනවා. අපිත් පොඩි උන්ට මීටර් 100 උගන්නලා උසේන් බෝල්ට් කෙනෙක් හදන්න ඕන කියනවා වගේ වැඩක්.
ඒක හරියට ඉතියෝපියාවේ පොඩි උන්ට පොඩි කාලේ ඉඳලම මැරතන් දුවන්න උගන්නනවා. අපේ දරුවන්ටත් පොඩි කාලෙම දුර දිවීම උගන්නන්න ඕන. අපේ දරුවන් මැරතන් සහ දුර දිවීමෙන් ඔලිම්පික් පදක්කම් ගේවි කියනවා වගේ වැඩක්.
උත්සාහ කරලා බලන්න.
(මුහුණුපොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..