මේ අනුර බිමල් උත්සාහය රුපියල් බිලියන 2304ක මහා හොරකමකටද?.. ආණ්ඩුව යුරෝ මිලියන 6,400 ක දැවැන්ත මුදලක් විශුද්ධිකරණයට කොළඹ ඇබිලිපිටිය දුම්රිය භාවිතා කරාවිද?
කොළඹ සිට ඇබිලිපිටිය දක්වා භුමිය පාවා දීම යුරෝ මිලියන 6,400 ක දැවැන්ත කළු සල්ලි සුදු කරන උත්සාහයක්ද?
අද මම අපුරු සමාජ මාධ්‍ය සටහනක් දුටිමි. ඒ යුරෝ බිලියන 6.4ක් හෙවත් රුපියල් බිලියන 2304ක දැවැන්ත කොරියානු ආයෝජනයක් හරහා කොළඹ සිට අභිලිපිටිය දක්වා විදුලි දුම්රිය මගක් ඉදිකිරීමට යෝජනාවක් බිමල් රත්නායකගේ අමාත්යංශය හරහා අනුර කුමාර මහතාට යොමු කර ඇති බව. ප්‍රවාහනය විදුලියට හැරවීම සදහා වසර ගණනක සිය හඩ නගන මට මේ පුවත ඉතාම සතුටට කාරණයක් බව නොකිව මනාය. නමුදු කරුණු සොයා බැලීමේදී පෙනෙන්නට තිබෙන්නේ මෙය තවත් වංචාකාරී කළු සල්ලි සුදු කිරීමේ උත්සහයක් විය හැකි බවයි. පහත දැක්වෙන්නේ එම සමාජ මාධ්‍ය සටහනේ පළමු වැකි කිහිපය.
"කැළණිවැලි දුම්රිය මාර්ගය අදියර 2ක් යටතේ කොළඹ වරාය නගරයේ සිට හම්බන්තොට වරාය දක්වා විදුලිකරණය කරනලද නවීණ දුම්රිය මාර්ගයක් ලෙස ඉදිකිරීම හා ඒ ආශ්‍රිත ආර්ථික ප්‍රදේශය සංවර්ධනය කිරීම වෙනුවෙන් EURO 6,400 Million ක දැවැන්ත විදේශීය ආයෝජනයක් සදහා දකුණු කොරියානු GAON NURI T&C CO. LTD සමාගම රාජ්‍ය පෞද්ගලික ආයෝජනයක් (Public Private Partnership - PPP) ලෙස තම අභිලාශය සහ පුර්ණ ව්‍යාපෘති වාර්තාව ජනාධිපති කාර්යාලයට සහ ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධනය අමාත්‍යංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කර ඇත."
මේකත් නිකන් හාල් ගෙන්නපු සමාගමකට ගල් අඟුරු ගෙන්න දුන්න ආකාරයේම දුෂිත ගනුදෙනුවක් ලෙස පෙනෙන්නේ ඇයි? දුම්රිය මාර්ග ගොඩ නැගීම ඒ පිළිබද අත්දැකීමක් විශේෂ ප්‍රගුන්‍යක් තියන සමාගමක් කරන්න ඕන දෙයක්. මෙතන දුම්රිය පද්ධති ස්ථාපනය කිරීම ගැන දන්න, ඒ පිළිබද නිපුණතාවයක් තියන පාර්ශවය මොකද්ද කියල පෙන්න නැහැ. noori gaon tnc කියන්නේ වෙබ් අඩවියකවත් නැති කාටවත් නොපෙනෙන සමාගමක්. Noori Gaon TNC කියල ඇලුමිනියම් දොර ජනෙල නිෂ්පාදනය කරන සමාගමක් නම් තිබෙනවා. එම සමාගමේ වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 5-10 අතර කියා ලේඛන වල සදහන් වේ. එනම් බිමල් රත්නායක මහතාගේ අමාත්යංශය එම සමාගමේ වාර්ෂික පිරිවැටුම මෙන් 1280 ගුණයත් 640ත් ගුණයත් අතර මුදලක් ලංකාවේ දුම්රිය වියප්රුතියට ආයෝජනය කරන බව ප්‍රකාශ කරයි. ඊට සමාන නම් තිබෙන nooritnc කියන්නේ ඉංජිනේරු නිෂ්පාදන සමාගමක්, noori Gaon කියන්නේ ආහාර සමාගමක්. මේ දෙකම ලංකාවේ ලොකුම දුම්රිය වියාපෘතිය කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඔවුන්ට කෑම කඩයක් නම් දාන්න පුළුවන්.
ඔවුන්ගේ වෙබ් ලිපිනයේ වෙබ් අඩවියක්වත් නැහැ. ආරක්ෂක අමාත්‍යංශයේ රාජ්‍ය ලාංචනයට ගොනෙක් දාපු පක්ෂයකට වෙබ් අඩවිය නැති සමාගමක් දැම්මොත් ප්‍රශ්න අඩුයි කියල හිතුනද දන්නේ නැහැ. ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කරන සමාගමේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ පොඩි හෝටල් කාබරයක. එකත් ඉතාම පහල පන්තුයේ කුඩා හෝටල් තියන ගොඩනැගිල්ලක්. මගේ අත්දැකීමට අනුව මෙවැනි සමාගම් බොහෝ විට කළු සල්ලි සුදු කරන්න පාවිච්චි කරන වියාජ සමාගම්. එහෙම සමාගමකට ලංකාවේ අනාගතයට තීරණාත්මක වන වියාපෘතියක් බාර දෙන්න තරම් රජයේ නායකයන් මුදලට කෑදරද? බිමල් රත්නායකගේ අමාත්යංශය ප්‍රකාශ කරන විදිහට මේ අදෘශ්‍යමාන සමාගමට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අක්කර දහස් ගණනක් මේ ගිවිසුම යටතේ අවුරුදු 99ක් සදහා බදු දීමට නියමිතයි.
මගේ අදහසනම්, මෙය ඉතාම දුෂිත ගනුදෙනුවක්. රටේ ඉදනම විශාල ප්‍රමාණයක් පවරා දී කාගේ හෝ මඩිය තරකර ගැනීම සදහා කරන මගඩියක්. නැතිනම් මේ විශුද්ධිකරණයට ලක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කළු සල්ලිද කියා අපට අසන්නට වීම වැළකිය නොහැකියි.
- සංඛ චන්දිම අභයවර්ධන
ps: මගේ නිරීක්ෂණය නිවැරදි නොවේ නම් කරුණාකර සාක්ෂි සාදක සහිතව මේ කරණය නිවැරදි කිරීමේ වගකීම බිමල් රත්නායක සතුයි. සෝදන බලකාය හරහා පහතින් අසභ්‍ය ප්‍රකාශ කිරීමෙන් මේ අශුචි ප්‍රමාණය සෝදාගැනීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
(මුමුණුපොතෙන් උපුටා ගන්නා ලදී)


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්