News Category
From Date
To Date
Maximum Number of Result

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක්..

Jan 17, 2026 at 07:27 PM
|

(නන්දන ගුණතිලක සහෝදරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ පසු එහිදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රටේ රාළ තැබූ සටහනකි)

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම " නමින් පළවුන ලිපියේ නන්දන ගුණතිලක සහෝදරයාගේ අසනීප තත්වය සහ ප්‍රතිකාර කිරීමට සජිත්ගේ මැදිහත්වීම ගැන කතා කරලා තිබ්බා. ඇත්තටම ඒ ප්‍රශ්නය ගැන කතා කිරීම රටේ රාළ ටිකක් කල්දාලා තිබුණේ.ඒත් දැන් ප්‍රශ්නය ගැන කතා කරන නිසා රටේ රාළටත් කට අරින්න සිද්ධවෙනවා.

ඇත්තටම නන්දන ජපුර රෝහලට ඇතුල් වෙන්නේ ලොකු ලෙඩක් කියලා හිතාගෙන නෙවෙයි.

දවස් දෙක තුනකින් යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.නමුත් බඩේ තරලයක් එකතු වීම සහ මුත්‍රා පිටවීමේ අවුලක් එක්ක නන්දනගේ වකුගඩු සහ අක්මාවේ ආසාධිත තත්වයක් තියන බව වැටහීමෙන් රෝහලේ ඉන්න දිනන ගනන වැඩි වෙනවා.රටේ රාළට මේ පණිවිඩය දෙන්නේ ජවිපෙ හිටපු කෙනෙක්.එයා දැනගෙන හිටියේ ජපුර ඉන්නවා කියලා විතරයි.ඊට පස්සේ රටේ රාළ කතා කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩට. 

ජාගොඩ ඒ වෙනකොට විස්තරය දැනගෙන හිටියා සහ එයා අවස්ථා කීපයක් නන්දන බලන්න ගිහින් තිබුණා.ඒ අතරතුර එක දවසක් නන්දන රටේ රාළටත් කතා කළා.මේ අතර විමල්ලුත් ඇවිත් නන්දනව බලලා ගිහින් තිබ්බා.ඔය අතර තුර නන්දන රාගම රෝහලට මාරු කරලා යවන්න තීරණය කරනවා.ඒ වෙනකොටත් ජපුරේ වකුගඩු සහ අක්මාව ආශ්‍රිත විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් යටතේ නන්දන අධීක්ෂණය වෙමින් තිබුණා. 

ජපුරෙන් ට්‍රාන්සර් කළත් බිල ගෙවන්නේ නැතිව යන්න දෙන්නේ නෑ.නන්දන රාගමට ට්‍රාන්සර් කරන කතාව ආවම රටේ රාළ ජාගොඩගෙන් අහුවා කවුද බිල ගෙවන්නේ කියලා.ජාගොඩ කිව්වා RW ගෙවනවා කියලා.ඊට පස්සේ හොයලා බලද්දී තමයි ටච් වෙන්නේ රනිල් බිල ගෙවන්න වජිරට පවරාලා කියලා.ඒක නන්දන දැනගෙන හිටියා වගේ ට්‍රාන්ස් එකට ඉස්සෙල්ලා දවසේ නන්දන වජිර කතා කරලා තිබුණා.

රාගමට ට්‍රාන්සර් කරන දවසේ 9.30 ට ජපුරේ බිල ආවා.බිල ලක්ෂ හතරයි ගාණක්.පහටම කිට්ටුයි. ඒ වගේම ජපුරේ නිර්දේශයේ තිබුණා ලංකා හොස්පිටල් එකට ගිහින් MRI එකක් කරගෙන රාගමට යන්න.කොහොමත් එදා ලංකා හොස්පිටල් එකෙන් ඒක කරන්න බැරි නිසා කෙලින්ම රාගම යන්න තීරණය කරනවා.කොහේ යන්නත් බිල ගෙවන්න ඕනි.වජිරත් නෑ බිල ගෙවන්න කවුරුත් එන්නෙත් නෑ.වජිර රනිල් එක්ක අනුරාධපුරේ.

අනුරාධපුරේ නෙවෙයි ලෝකේ කොහේ හිටියත් සල්ලි ට්‍රාන්සර් කරන්න පුළුවන්.ලංකාවේ ලිබරල් කදවුරේ තෝතැන්න තමයි එජාපය.හැබැයි එජාප සභාපති දන්නේ නෑ එහෙම සල්ලි ට්‍රාන්ස් කරන්න පුළුවන් කියලා.දැන් ගමේ ගොඩේ ජෙප්පොත් ඕවා දන්නවා.කොහොම හරි පැය ගාණක් ලෙඩා ගන්න බෑ.ප්‍රතිකාර නෑ.රටේ රාළ ජාගොඩ කතා කරනවා.ඒ මනුස්සයත් පට්ට අසරණවෙලා.

අන්තිමට ශතෙන් සතේ රුපියලෙන් රුපියල් එකතු කරලා ගෙවනවා වගේ නන්දනගේ නංගී බිල ගෙව්වා.බිල ගෙවන තැන හිටිය රටේ රාළ යාලුවෙක් මැසේජ් එකක් දාලා තිබුණා.ඇය අමාරුවෙන් බිල ගෙව්වා කියලා.අන්තිමට රාගම ගෙනියනකොට හොඳම හවස් වුනා.වජිරට කළේ බලු වැඩක්.ඒකට හරියන වචනය ඒක තමයි. මේක මිනිහෙක්ගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. රනිල් මේක දන්නේ නැතිව ඇති.හැබැයි රටේ රාළ මේක ලියන්නේ රනිල්ට දැනගන්නත් එක්ක.

ඔය වගේ තක්කඩි නං රනිල් ලග ඉන්නේ නන්දනට විතරක් නෙවෙයි රනිල්ටත් දෙයියන්ගේම පිහිටයි.පස්සේ තමයි රටේ රාළ " නන්දන වෙනුවෙන් අපි " කියන WhatsApp group එක හදලා ජනතාවගෙන් උදව් ඉල්ලන්නේ. ඇත්තටම ඒකෙන් තමයි නන්දන ලෙඩවෙලා සහ උදව් ඕනි කියලා රට දැන ගන්නේ.වජිරලා වගේ තුට්ටු දෙකේ වැඩ කරන මිනිස්සු අතර මනුස්සයෝ කොච්චර ඉන්නවද කියලා ඒ group එකට ආවම හොඳට බලා ගන්න පුළුවන්.වජිර සහ ජෙපාපෝ අතර කිසි වෙනසක් නෑ.

රටේ රාළට මෙහෙම හිතුනා.නන්දනට අක්මාවේ ප්‍රශ්නයට දිගටම ඇල්බියුමින් දුන්නා.ඒක පැය ගානක් නතර වෙලා තිබුණේ බිලේ ප්‍රශ්නයත් එක්ක.අනික රාගමට ගෙනියන්න පරක්කු වීමත් නන්දනට බලපායිද කියලා.නන්දන වෙනුවෙන් ජපුර රෝහලෙන් කරපු treatment ගැන සෑහිමකට පත්වෙන්න පුළුවන්.මේ අතර මේක ජනගත වෙනවත් එක්ක රටේ රාළගේ යාලුවෙක් කතා කරලා කිව්වේ සජිත් ප්‍රේමදාස නන්දනගේ නංගිගේ phone number එක ඉල්ලනවා කියලා. මම එයාට නම්බරය දිලා අක්කට මැසේජි එකක් දැම්මා Sajith will call you කියලා.

ඒ සැනින් සජිත් අක්කට කෝල් එක අරන් තිබුණා.ඒ වගේම රාගම රෝහලේ ඩිරෙක්ටර් කොන්ෆරන්ස් කෝල් එකට අරන් තිබුණා.අක්කා ඉල්ලලා තිබුණා මට රෝහලේ ඉන්න අවසර දෙන්න කියලා.ඒකට අධ්‍යක්ෂ ok කරලා එන්න කියලා තිබුණා.අක්කා එහෙන් පිටත් වෙද්දී සජිත් රාගමට ඇවිත්.සජිත් එනකොට ප්‍රතිකාර යම් පමණකට පටන් අරන්.එතකොටත් නන්දන රාගම HDU එකට මාරු කරලා තිබුණේ.සජිත්ගේ මැදිහත්වීමත් එක්ක සියලුදේ වේගවත් වුන බව කියන්න ඕනි.

ඇත්තටම සජිත් එච්චර සංවේදී කෙනෙක් කියලා රටේ රාළ හිතුවේ නෑ.සජිත් එක්ක දේශපාලන මත ගැටුම් තියනවා.ඒත් මේ විශිෂ්ඨ මනුස්සත්වය අගය කරන්න රටේ රාළ කිසිසේත් පසුබට වෙන්නේ නෑ.හදවතින්ම ස්තුතියි සජිත්.ඒ වගේම මේ ප්‍රශ්නයේදී රටේ රාළත් එක්ක දිගටම කතා කරපු අය හිටියා.චම්පික,උදය ගම්මන්පිල,දිලිත් ජයවීර,රාජිත,කරූ ජයසූරිය,නවින් දිසානායක, මහාචාර්ය චන්න ජයසුමන නිතර කතා කළා. අවශ්‍ය උදව් කියන්න කිව්වා.ඊට අමතරව රවී කරුණානායක නන්දනගේ නංගිත් එක්ක අවශ්‍ය මැදිහත්වීම් කරලා තිබුණා.

ඇත්තටම මෙතනදී විමල් සහ ජයන්ත සමරවීර නන්දනගේ තත්වය සම්බන්ධව හොයලා බලමින් මැදිහත් වුනා.ඒ වගේ ජාතික නිදහස පෙරමුණේ සාමාජිකයන් " නන්දන වෙනුවෙන් අපි " group එක හරහා මුදල් ආධාර කරලා තිබුණා.ඒ සියලු දෙනාටම රටේ රාළ ස්තුති වන්ත වෙනවා.ඒ වගේම ලංකා නිව්ස් වෙබ් එකේ පලවුන පුවතේ වජිර බිල ගෙව්වා කියන එක බොරුවක්.සජිත්ගේ මැදිහත්වීම ගැන කියපු කතාව හරි.මේ ලිපිය ලියන මොහොත වෙද්දිත් වජිර ඒ මුදල් ලැබෙන්න සලස්වලා නෑ.

ඇත්තටම හරි නං දැන් වජිර ඒ මුදල දුන්නත් ගන්න හොඳ නෑ.

ඒත් ඉතින් එයාලා වෙචිචි අපහසුතා සහ ණය උනේ කාටද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.මේ ලිපිය Lanka News Web එකේ පල කරන්න කියලා ඉල්ලනවා.ඒ වගේම මේ ගැන රනිල්ගේ අවධානය යොමු කරන්න එජාප සාමාජිකයෙකුට පුළුවන්.රනිල් ඔය වගේ තුට්ටු දෙකේ වැඩක් කරයි කියලා රටේ රාළ කීයටවත් හිතන්නේ නෑ. හැබැයි ඉතින් ඒ වගේ වැඩ නොකලත් ඔය වගේ තුට්ටු දෙකේ වැඩකරන දේශපාලන තක්කඩ් ලග තියාගැනීමෙන් රනිල්ටයි එජාපයටයි දෙකටම දෙයියන්ගේම පිහිටයි.

රටේ රාළ කියන්නේ බොරුවක් නං වජිරටත් පුළුවන් CID එකට පැමිණිල්ලක් දාන්න එයාගේ කීර්තිනාමයට හානි කළා කියලා.ඒකට මේ කෑල්ලත් එකතු කරගන්න.ඇත්තටම වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක්.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ,

(රටේ රාළගේ මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.