News Category
From Date
To Date
Maximum Number of Result

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක්..

Jan 17, 2026 at 07:27 PM
|

(නන්දන ගුණතිලක සහෝදරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ පසු එහිදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රටේ රාළ තැබූ සටහනකි)

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම " නමින් පළවුන ලිපියේ නන්දන ගුණතිලක සහෝදරයාගේ අසනීප තත්වය සහ ප්‍රතිකාර කිරීමට සජිත්ගේ මැදිහත්වීම ගැන කතා කරලා තිබ්බා. ඇත්තටම ඒ ප්‍රශ්නය ගැන කතා කිරීම රටේ රාළ ටිකක් කල්දාලා තිබුණේ.ඒත් දැන් ප්‍රශ්නය ගැන කතා කරන නිසා රටේ රාළටත් කට අරින්න සිද්ධවෙනවා.

ඇත්තටම නන්දන ජපුර රෝහලට ඇතුල් වෙන්නේ ලොකු ලෙඩක් කියලා හිතාගෙන නෙවෙයි.

දවස් දෙක තුනකින් යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.නමුත් බඩේ තරලයක් එකතු වීම සහ මුත්‍රා පිටවීමේ අවුලක් එක්ක නන්දනගේ වකුගඩු සහ අක්මාවේ ආසාධිත තත්වයක් තියන බව වැටහීමෙන් රෝහලේ ඉන්න දිනන ගනන වැඩි වෙනවා.රටේ රාළට මේ පණිවිඩය දෙන්නේ ජවිපෙ හිටපු කෙනෙක්.එයා දැනගෙන හිටියේ ජපුර ඉන්නවා කියලා විතරයි.ඊට පස්සේ රටේ රාළ කතා කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩට. 

ජාගොඩ ඒ වෙනකොට විස්තරය දැනගෙන හිටියා සහ එයා අවස්ථා කීපයක් නන්දන බලන්න ගිහින් තිබුණා.ඒ අතරතුර එක දවසක් නන්දන රටේ රාළටත් කතා කළා.මේ අතර විමල්ලුත් ඇවිත් නන්දනව බලලා ගිහින් තිබ්බා.ඔය අතර තුර නන්දන රාගම රෝහලට මාරු කරලා යවන්න තීරණය කරනවා.ඒ වෙනකොටත් ජපුරේ වකුගඩු සහ අක්මාව ආශ්‍රිත විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් යටතේ නන්දන අධීක්ෂණය වෙමින් තිබුණා. 

ජපුරෙන් ට්‍රාන්සර් කළත් බිල ගෙවන්නේ නැතිව යන්න දෙන්නේ නෑ.නන්දන රාගමට ට්‍රාන්සර් කරන කතාව ආවම රටේ රාළ ජාගොඩගෙන් අහුවා කවුද බිල ගෙවන්නේ කියලා.ජාගොඩ කිව්වා RW ගෙවනවා කියලා.ඊට පස්සේ හොයලා බලද්දී තමයි ටච් වෙන්නේ රනිල් බිල ගෙවන්න වජිරට පවරාලා කියලා.ඒක නන්දන දැනගෙන හිටියා වගේ ට්‍රාන්ස් එකට ඉස්සෙල්ලා දවසේ නන්දන වජිර කතා කරලා තිබුණා.

රාගමට ට්‍රාන්සර් කරන දවසේ 9.30 ට ජපුරේ බිල ආවා.බිල ලක්ෂ හතරයි ගාණක්.පහටම කිට්ටුයි. ඒ වගේම ජපුරේ නිර්දේශයේ තිබුණා ලංකා හොස්පිටල් එකට ගිහින් MRI එකක් කරගෙන රාගමට යන්න.කොහොමත් එදා ලංකා හොස්පිටල් එකෙන් ඒක කරන්න බැරි නිසා කෙලින්ම රාගම යන්න තීරණය කරනවා.කොහේ යන්නත් බිල ගෙවන්න ඕනි.වජිරත් නෑ බිල ගෙවන්න කවුරුත් එන්නෙත් නෑ.වජිර රනිල් එක්ක අනුරාධපුරේ.

අනුරාධපුරේ නෙවෙයි ලෝකේ කොහේ හිටියත් සල්ලි ට්‍රාන්සර් කරන්න පුළුවන්.ලංකාවේ ලිබරල් කදවුරේ තෝතැන්න තමයි එජාපය.හැබැයි එජාප සභාපති දන්නේ නෑ එහෙම සල්ලි ට්‍රාන්ස් කරන්න පුළුවන් කියලා.දැන් ගමේ ගොඩේ ජෙප්පොත් ඕවා දන්නවා.කොහොම හරි පැය ගාණක් ලෙඩා ගන්න බෑ.ප්‍රතිකාර නෑ.රටේ රාළ ජාගොඩ කතා කරනවා.ඒ මනුස්සයත් පට්ට අසරණවෙලා.

අන්තිමට ශතෙන් සතේ රුපියලෙන් රුපියල් එකතු කරලා ගෙවනවා වගේ නන්දනගේ නංගී බිල ගෙව්වා.බිල ගෙවන තැන හිටිය රටේ රාළ යාලුවෙක් මැසේජ් එකක් දාලා තිබුණා.ඇය අමාරුවෙන් බිල ගෙව්වා කියලා.අන්තිමට රාගම ගෙනියනකොට හොඳම හවස් වුනා.වජිරට කළේ බලු වැඩක්.ඒකට හරියන වචනය ඒක තමයි. මේක මිනිහෙක්ගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. රනිල් මේක දන්නේ නැතිව ඇති.හැබැයි රටේ රාළ මේක ලියන්නේ රනිල්ට දැනගන්නත් එක්ක.

ඔය වගේ තක්කඩි නං රනිල් ලග ඉන්නේ නන්දනට විතරක් නෙවෙයි රනිල්ටත් දෙයියන්ගේම පිහිටයි.පස්සේ තමයි රටේ රාළ " නන්දන වෙනුවෙන් අපි " කියන WhatsApp group එක හදලා ජනතාවගෙන් උදව් ඉල්ලන්නේ. ඇත්තටම ඒකෙන් තමයි නන්දන ලෙඩවෙලා සහ උදව් ඕනි කියලා රට දැන ගන්නේ.වජිරලා වගේ තුට්ටු දෙකේ වැඩ කරන මිනිස්සු අතර මනුස්සයෝ කොච්චර ඉන්නවද කියලා ඒ group එකට ආවම හොඳට බලා ගන්න පුළුවන්.වජිර සහ ජෙපාපෝ අතර කිසි වෙනසක් නෑ.

රටේ රාළට මෙහෙම හිතුනා.නන්දනට අක්මාවේ ප්‍රශ්නයට දිගටම ඇල්බියුමින් දුන්නා.ඒක පැය ගානක් නතර වෙලා තිබුණේ බිලේ ප්‍රශ්නයත් එක්ක.අනික රාගමට ගෙනියන්න පරක්කු වීමත් නන්දනට බලපායිද කියලා.නන්දන වෙනුවෙන් ජපුර රෝහලෙන් කරපු treatment ගැන සෑහිමකට පත්වෙන්න පුළුවන්.මේ අතර මේක ජනගත වෙනවත් එක්ක රටේ රාළගේ යාලුවෙක් කතා කරලා කිව්වේ සජිත් ප්‍රේමදාස නන්දනගේ නංගිගේ phone number එක ඉල්ලනවා කියලා. මම එයාට නම්බරය දිලා අක්කට මැසේජි එකක් දැම්මා Sajith will call you කියලා.

ඒ සැනින් සජිත් අක්කට කෝල් එක අරන් තිබුණා.ඒ වගේම රාගම රෝහලේ ඩිරෙක්ටර් කොන්ෆරන්ස් කෝල් එකට අරන් තිබුණා.අක්කා ඉල්ලලා තිබුණා මට රෝහලේ ඉන්න අවසර දෙන්න කියලා.ඒකට අධ්‍යක්ෂ ok කරලා එන්න කියලා තිබුණා.අක්කා එහෙන් පිටත් වෙද්දී සජිත් රාගමට ඇවිත්.සජිත් එනකොට ප්‍රතිකාර යම් පමණකට පටන් අරන්.එතකොටත් නන්දන රාගම HDU එකට මාරු කරලා තිබුණේ.සජිත්ගේ මැදිහත්වීමත් එක්ක සියලුදේ වේගවත් වුන බව කියන්න ඕනි.

ඇත්තටම සජිත් එච්චර සංවේදී කෙනෙක් කියලා රටේ රාළ හිතුවේ නෑ.සජිත් එක්ක දේශපාලන මත ගැටුම් තියනවා.ඒත් මේ විශිෂ්ඨ මනුස්සත්වය අගය කරන්න රටේ රාළ කිසිසේත් පසුබට වෙන්නේ නෑ.හදවතින්ම ස්තුතියි සජිත්.ඒ වගේම මේ ප්‍රශ්නයේදී රටේ රාළත් එක්ක දිගටම කතා කරපු අය හිටියා.චම්පික,උදය ගම්මන්පිල,දිලිත් ජයවීර,රාජිත,කරූ ජයසූරිය,නවින් දිසානායක, මහාචාර්ය චන්න ජයසුමන නිතර කතා කළා. අවශ්‍ය උදව් කියන්න කිව්වා.ඊට අමතරව රවී කරුණානායක නන්දනගේ නංගිත් එක්ක අවශ්‍ය මැදිහත්වීම් කරලා තිබුණා.

ඇත්තටම මෙතනදී විමල් සහ ජයන්ත සමරවීර නන්දනගේ තත්වය සම්බන්ධව හොයලා බලමින් මැදිහත් වුනා.ඒ වගේ ජාතික නිදහස පෙරමුණේ සාමාජිකයන් " නන්දන වෙනුවෙන් අපි " group එක හරහා මුදල් ආධාර කරලා තිබුණා.ඒ සියලු දෙනාටම රටේ රාළ ස්තුති වන්ත වෙනවා.ඒ වගේම ලංකා නිව්ස් වෙබ් එකේ පලවුන පුවතේ වජිර බිල ගෙව්වා කියන එක බොරුවක්.සජිත්ගේ මැදිහත්වීම ගැන කියපු කතාව හරි.මේ ලිපිය ලියන මොහොත වෙද්දිත් වජිර ඒ මුදල් ලැබෙන්න සලස්වලා නෑ.

ඇත්තටම හරි නං දැන් වජිර ඒ මුදල දුන්නත් ගන්න හොඳ නෑ.

ඒත් ඉතින් එයාලා වෙචිචි අපහසුතා සහ ණය උනේ කාටද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.මේ ලිපිය Lanka News Web එකේ පල කරන්න කියලා ඉල්ලනවා.ඒ වගේම මේ ගැන රනිල්ගේ අවධානය යොමු කරන්න එජාප සාමාජිකයෙකුට පුළුවන්.රනිල් ඔය වගේ තුට්ටු දෙකේ වැඩක් කරයි කියලා රටේ රාළ කීයටවත් හිතන්නේ නෑ. හැබැයි ඉතින් ඒ වගේ වැඩ නොකලත් ඔය වගේ තුට්ටු දෙකේ වැඩකරන දේශපාලන තක්කඩ් ලග තියාගැනීමෙන් රනිල්ටයි එජාපයටයි දෙකටම දෙයියන්ගේම පිහිටයි.

රටේ රාළ කියන්නේ බොරුවක් නං වජිරටත් පුළුවන් CID එකට පැමිණිල්ලක් දාන්න එයාගේ කීර්තිනාමයට හානි කළා කියලා.ඒකට මේ කෑල්ලත් එකතු කරගන්න.ඇත්තටම වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක්.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ,

(රටේ රාළගේ මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.