News Category
From Date
To Date
Maximum Number of Result

ජාතිකවාදය සහ පොදු මහජනතාව සමඟ නොබැඳෙන (ජාතිකවාදී) නායකයෝ

Jan 6, 2026 at 06:30 AM
|

අරුණ කාන්ත බන්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළේ ජීවන්ත ජයතිස්ස (2020-11-19)

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරාජය සමහරුන් සැලකන්නේ ලෝකයේ නැගී එන “ජාතික ආර්ථික” ප්‍රවනතාවය සුනු විසුනු වීමට එල්ල වුනු මරු පහරක් ලෙසයි. ඔවුනට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අමෙරිකාවේ මෙතෙක් බලයට පත්වූ ජනාධිපතිවරුන් අතර ලෝකයේ නව ආර්ථික ප්‍රවනතාවයක් වන “ජාතිකවාදී ආර්ථිකය” ප්‍රචලිත කිරීම සඳහා පෙනී සිටින්නා වූ අද්විතීය ලෝක නායකයා ලෙසයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඔහුගේ හැසිරීම අධ්‍යයනය කළ විට එවැන්නක් විද්‍යාමාන වන්නේ නැති බවයි මගේ වැටහීම. මට එසේ පැවසීමට හේතු සාධක ලෙස ඉදිරිපත් කළ හැකි කරුණු අතර, කියුබාව වැනි රටකට ඔබාමා පාලනයේදි ලබා දුන් සහනශීලී භාවය ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණි විගසම නවතා දැමීම සහ ආක්‍රමණික විලාශය මූලිකයි. ඔහුගේ කාලය තුළ වෙනිසියුලාවේ මදුරෝ පාලනයත් පෙරලා දැමීමට අමෙරිකානු කුමන්ත්‍රණ එක පිට එක සිදු කළා. බොලිවියාවේ ඛනිජ සම්පත අත්පත් කර ගැනීම වෙනුවෙනුත් ට්‍රම්ප් පාලනයේ දායකත්වය අතිශය භයානකයි. ඔවුන් බොලිවියාවේ දියත් කළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ඉවෝ මොරලෙසගේම භයානක දේශ විරෝධී ක්‍රියා නිසා බොලිවියාවෙන් පිටව යාමට පවා සිදු වූවා.ජාතිකවාදී ආර්ථික සහිත ඉතියෝපියාවට ,ඉරානයට , එරෙහිව කරන ලද කටයුතු , සිරියානු තෙල් සම්පත්වලට අවසානයේ කරන ලද මැදිහත්වීමෙන් සහ තායිවානයේදී සහ සවුදි අරාබියේ ට්‍රම්ප් පාලනයේ මැදිහත් වීමත් එවැනි තත්වයකයි පවතින්නේ.

මගේ පෞද්ගලික අදහස වන්නේ ඔබාමා පාලනයේ ජාත්‍යයන්තර ගුණ දොස් විචාලීම හෝ ට්‍රම්ප් පාලනය “අමෙරිකාවට පමණක් අදාළ ජාතික ආර්ථිකය පෙරටු කර ගත් වැඩ පිලිවෙල ආරක්ෂාකිරීමට දැක්වූ දායකත්වය කිරා මැන බැලීම කරනවාට වඩා “ගෝලීය, ජාතික ආර්ථිකයන් පෙරටු කර ගත් රාජ්‍යයන්” යනු මොනවාද ඒවා ගෝලීය සමාජ ,අර්ථික,දේශපාලන ප්‍රවනතාවයන් සමඟ පෑහෙන්නේ කෙළෙසද කියා සොයා බැලීම අපගේ මඟ හෙළි පෙහෙළි කර ගැනීමට පහසු වේ යැයි කියායි. කෙසේ වෙතත් විද්‍යාවට එරෙහිවන කිසිදු ජාතිකවාදී නායකයෙකුට පැවතිය නොහැකි බව කොරෝනා ව්‍යසනය සහ කාලගුණික ගැටලු පිලිබද ඔහු දැක්වූ අදහස් මත පරාජයට පත් ට්‍රම්ප් ජනාධිපති විසින් ඔප්පුකලා.

කාල් මාක්ස්-එංගල්ස් සහ කාල් මාක්ස්ගේ 200 වැනි වැනි ජන්ම දින සංවත්සරය

අධ්‍යයනයේ පහසුව තකා කාල් මාක්ස්-එංගල්ස් වැනි ආර්ථික විද්‍යාඥයන් ඔවුන්ගේ “අධ්‍යයන” ජීවිතයේ තරුණ කාලයේ ලියූ ආර්ථික විද්‍යා තීසීසයන් විශේෂයෙන්ම කොමියුනිස්ට් ප්‍රකාශනය ලිවීමට බලපෑ ලෝක ආර්ථික දේහයන් පිළිබඳව සැකෙවින් සලකා බලමු. සත්‍යය වශයෙන්ම ඔවුන් වැනි ප්‍රාඥයන් ජීවත් වූයේ මානව ශිෂ්ඨාචාරයේ එක් අද්විතීය සංධිස්ථානයක් වූ ධනවාදයේ භද්‍ර යෞවන අවධියේයි. ධනවාදය යුරෝපය පුරාම බටහිර ලෝකය පුරාම, එතෙක් පැවැති අධිරාජ්‍යයන් බිඳ දමමින් ධනවාදී භද්‍ර යෞවනයා කෙළි දෙලින් පසු වෙමින් සිටියා. කාල් මාක්ස්-එංගල්ස් සුසංයෝගය යුරෝපය පුරා ධනවාදී ආර්ථිකයේ හැසිරීම් අන්වීක්ෂීය විශ්ලේෂණයට භාජනය කරනු ලැබුවා. එහිදී ඔහු ධනපති ආර්ථිකය පවත්වා ගෙන යාමේදී සුවිශේෂී මතුවන සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හෙළිදරව් කරනු ලැබුවා. ඔවුන් දෙපලගේ අධ්‍යයනයන්හි අග්‍ර ඵලය ලෙස සැළකෙන ප්‍රාග්ධනය හෙවත් “දාස් කැපිටාල්” නම් ලේඛනය සහ කොමියුනිස්ට් ප්‍රකාශනය කාල්මාක්ස්ගේ 200 වන ජන්ම ශත සංවත්සරයේදී ලෝකයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් විසින් නැවත සමාලෝචනය කර ඇගැයීමට ලක් කරනු ලැබුවා.

එහි විශේෂත්වය වන්නේ කාල් මාක්ස්ගේ 200 වැනි සංවත්සරය වැටී තිබුණේ ඔහු විස්තර කළ පසුව ලෙනින් විසින් නම් කරන ලද ධනවාදී ආර්ථිකයේ ඊළඟ අවධිය හෙවත් අධිරාජ්‍යයවාදී අවධිය හෙවත් නව ලිබරල් ආර්ථික මොඩල අවධියේදී වීම විශේෂයක්. ඔවුන් එහිදී මාක්ස්-එංගල්ස් ඉදිරිපත් කළ දැවැන්ත ලියවිල්ල කාරනා පහකට සංක්ෂිප්ත කර නව ලෝකයේ අවධානය කෙරෙහි යොමු කරණු ලැබුවා. එම කරුණු පහ නම්,

එම කරුණු පහ නම්,

1) ධනපති ආර්ථික මොඩලය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යය වන “අත්‍යාවශ්‍යය නොවන” භාන්ඩ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීම සහ ඒවා මිළදී ගැනීමට හැකියාව ඇති මධ්‍යයම පන්තියක් නිර්මාණය කිරීම..

2) එම ක්‍රියාවලිය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා දැවැන්ත අධි නිෂ්පාදනයක් ඇති වීම.

3) එම අධි නිෂ්පාදනය තව දුරටත් විකුණා ගැනීමට තරම් වෙළෙඳ පොල පුළුල් නොවන ලෙස මධ්‍යම පන්තිය සිරවීම..

4) අධි නිශ්පාදනය මිලදීගැනීමට නොහැකිවීම සහ ඊට සමාන්තරව ආර්ථිකය කඩා වැටීම.

5) පවත්නා සමාජ ආර්ථික මොඩලයන්ගේ වෙනස්වීම ඉල්ලා පොදු ජනයා අරගල කිරීම(සමාජවාදී විප්ලවය )

විප්ලවය යන ක්‍රියාවලිය හැරුනු කොට අනෙක් කරුණු හතරම මේ වන විටත් ඔප්පු කර ඇති බවයි ආර්ථික විචාරකයන්ගේ මතය.

දැන් අප මේ සම්බන්ධව ලෝකයේ වත්මන් අත්දැකීම් සැලකිල්ලට ගතහොත් ලෝකය පුරා අධි නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමට ලක්වීම අප හොඳින්ම අත් දකිනු ලැබුවා.කොවිඩ්19 වෛරස වසංගතය ලෝකයට පැමිණීමට පෙර නිෂ්පාදන අතිරික්තයක් නව ලිබරල් ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අත්විඳිමින් සිටියා. කොවිඩ්19 වෛරස වසංගතය මගින් එක් අතකින් තත්වය තීව්‍ර කිරීමට උත්තේජනයක් වූවා මෙන්ම ලෝකයේ නව ලිබරල් සමාජ ආර්ථික ක්‍රියාවලිය ස්වභාවික ලෙස බිඳ වැටීම මධ්‍යයම පන්තිය ප්‍රමුඛ පීඩිත ජනයාට විද්‍යාමාන වීම තාවකාලිකව වලකනු ලැබුවා.ආසන්න වශයෙන් මුලුමනින්ම මධ්‍යම පන්තියක් බිහිකර ඇති කිසිදු දියුණු ධනවාදී රාජ්‍යයක 3% කට වඩා ආර්ථික වර්ධනයක් තිබුනේම නෑ.පලමු වරට එය වෙනස් කලේ ට්‍රම්ප්.නමුත් ඒ තුල සහායක රාජ්‍යන්ගේ ආර්ථික වැටීම වේගවත් වූවා. ට්‍රම්ප්ට යාමට ඉඩ තිබුනෙත් කෙටි දුරක් පමණයි. ධනවාදී ආර්ථික මොඩලයට සුවිශේෂී වෙනස්කම් කිරීමට බහුතරය මධ්‍යම පන්තිය බවට පත් රාජ්‍යයන්ට ලොකු ඉඩක් තවත් ඉතිරිව නෑ.

ජාතික ආර්ථික වැඩ පිළිවෙලක අවශ්‍යයතාවය සහ පරිධියේ රටවල්

සමාජයක් ඉදිරියට ගැනීමට ජාතික ආර්ථික වැඩ පිළිවෙලක අවශ්‍යයතාවය වැඩිපුරම පවතින්නෙ පරිධියේ රටවල් වලටයි. (සමහරුන් ඒ තුල දැනටමත් ගොත්‍රික තත්වයන් වේගයෙන් වෙනස් කර තිබෙනවා) .

පවතින නව ලිබරල් ආර්ථිකයේ යෞවන අවධිය පැවතියේ ජාතික ආර්ථික මොඩලයක් ලෙස.එය ආර්ථික වර්ධන වේගය 6%ත් 7%ත් අතර මට්ටමක පවත්වා ගෙන යනු ලැබුවා. යුරෝපය පුරා ඒ සඳහා අවශ්‍යයවන මධ්‍යයම පන්තියත් පුළුල් කරණු ලැබුවා.ඒ සදහා ආරක්ෂනවාදයත් හොදින් 1950-1980 කාලයේදී භාවිතා කෙරුනා. චීනය කෝටි 70ක් දක්වා චීන මධ්‍යයම පන්තිය වර්ධනය කරගනු ලැබුවා. ඉන්දියාවේ මධ්‍යමපාන්තික ජනගහනය කෝටි 30යි. ඉන්දියාවට තවත් යම් ප්‍රමාණයකට ඔවුන්ගේ මධ්‍යයම පන්තිය වර්ධනය කරගැනීමේ හැකියාවක් තිබෙනවා. අප්‍රිකානු මහද්වීපයේ රටවල් වලට පමණක් මෙම තත්වය වර්ධනය කර ගැනීමේ හැකියාව අන් අයට වඩා ඉතිරිව තිබෙනවා.කෙසේ වුවත් දැන් ලෝක ආර්ථික වේගය 3% සීමාවේ පවත්වාගෙන යන්නේත් ඉතාම අපහසුවෙන්. ආර්ථික වර්ධන වේගය 3% සීමාවෙන් පහළට පැමිණෙනවා යනු ආර්ථිකයන් කඩා වැටුණු බව සනිටුහන් වීමයි.

කාල් මාක්ස්-එංගල්ස් චීනය ඉන්දියාව ප්‍රමුඛ ආසියානු කලාපයේ ආර්ථිකයන් ලෝක ධනපති ආර්ථික සිතියමේ කුඩා තිත් ලෙසවත් සළකුනු නොවුනු කාලයක ලියවුණු ඔවුන්ගේ ආර්ථික විද්‍යා තිසීසයන් වල නොලියවුනු ආසියානු ආර්ථිකය අද වන විට ලෝක ආර්ථික සිතියමේ සුවිශේෂී විශාලත්වයක් අත්කරගනිමින් සිටී. මෙම රටවල මෙම තත්වයේ ආර්ථිකයන් පවත්වා ගෙන යාමට බටහිර ආර්ථික ලෝකය හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථික මොඩලය වෙනුවට ජාතික ආර්ථික ආර්ථික මොඩලය සූක්ෂම ලෙස භාවිතා කර ප්‍රාග්ධනය රැස් කල අයුරු තව දුරටත් ගවේෂණය කල හැකියි. එම ගවේෂණයේ වත්මන් ප්‍රතිඵලය ලෙස “ජාතික ආර්ථිකය” නම් සංකල්පය පෙරට පැමිණේ. ඒ අනුව තමන්ගේ රටේ ආර්ථික මර්මස්ථාන, ආර්ථික සම්පත් වෙනත් රටවලට නතු නොකරන ක්‍රමවේදයන් අනුගමණය කර ජාත්‍යන්තර වෙළදාමට අවතීර්ණ වීම මෙම ක්‍රමවෙදය තුළ දක්නට සුවිශේෂී ලක්ෂණයයි.දේශීය ව්‍යයවාසකයා දිරිගන්වමින් නව දේශීය කර්මාන්ත ගොඩ නංවමින් දේශීය කර්මාන්ත තුළට නව තාක්ෂණය මුසු කරමින් මෙම ආර්ථික ක්‍රමවෙදය පවත්වාගෙන යනවා. ඉන්දියාව චීනය බංගලාදේශය පමණක් නොවෙයි පකිස්ථානය ඉන්දුනීසියාව මැලේසියාව,තායිලන්තය, වියට්නාමය , සිංගප්පූරුව ,පිලිපීනය,කම්පුච්‍ යාව,පිලිපීනය, බොලීවියාව ,ඉතියෝපියාව වැනි රටවල් අණුගමනය කරන්නේත් එම ක්‍රමවේදයයි.ඔවුන් එමගින් පහලම ස්තරයන් වෙත වේගයෙන් මුදල් ගලා යෑම තහවුරු කර තිබෙනවා .ඒ මගින් පසුගාමී ගෝත්‍රික භාවයෙන් මිනිසුන් වේගවත්ව මුදාගෙන තිබෙනවා.අනෙක් රටවලට වඩා ජාත්‍යන්තර වෙලදාමත් සිදු කරනවා .

අපගේ සාකච්ඡාවට සාකච්ඡාවට බඳුන් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් අමෙරිකානු ජනාධිපතිවරයා ඉහත සඳහන් කළ රටවල හෝ අප වැනි පසුගාමී රටවල ජාතික ආර්ථිකයන් නඟා සිටුවීමට අවශ්‍යය මුල්‍යයම හෝ තාක්ෂණ දායකත්වය සැපවූවේ නැහැ. එපමණක් නොවෙයි සහයෝගය නොදීම කෙසේ වෙතත් බාධා නොකර හිඳීමවත් කළේ නැහැ. ඉතියෝපියාවේ උපායමාර්ගික පුනරුද වේල්ල බෝම්බ දමා විනාශ කිරීමට පවා යෝජනා කරා.

අනෙක් අතට මා දකින බරපතලම කාරණය අමෙරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ජාත්‍යන්තර ජාතිකවාදීයෙකු යැයි සිතන සමහර ජාතිකවාදීන් තම තමන්ගේ රටවල ජාතික නායකයන් බවට පත් කරගත් බොහෝ ඊනියා ජාතික නායකයෝ ඉතා සීඝ්‍රයෙන් එම රටවල ජාතික ආර්ථිකයක් ගොඩ නැගීමට අවශ්‍යය සියළු සම්පත් විකුණමින් අන් ජාතීන් සතු කරමින් කොමිස් සයුරේ කිමිදෙමින් සිටිනවා. ඔවුන්ගේ ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීමට අවශ්‍යය නීති රීති පවා සකසමින් නිර්ලජ්ජිත දේශපාලන ක්‍රීඩාවක නිරත වෙමින් සිටිනවා.

ජේ ආර් ,රොනල්ඩ් රේගන් සහ 1987

අපේ රටේ අසීමිත බලයක් තිබූ නායකයෙක් වන ජේ ආර් ජයවර්ධන මහතා දැඩි ගෞරවයකින් දැඩි ආදරයකින් පසුවූ අමෙරිකානු ජනාධිපතිවරයෙක් වන්නේ රොනල්ඩ් රේගන් මහතායි. නමුත් ඉන්දියාව අප රට සම්බන්ධයෙන් එදා 87දී ගත් ස්ථාවරය සම්බන්ධයෙන් ඔහු ඉන්දියාව සමඟ එක පෙළට හිට ගත්තා. ඒ නිසා ජාතිකවාදී බලවේග තේරුම්ගත යුතු වන්නේ අපේ රටේ නායකයන් නිවැරැදිව රට ඉදිරියේ තබා කටයුතු නොකරන්නේ නම් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නොව ෆිදෙල් කස්ත්‍රෝ පන්නයේ නායකයෙක් පත්වුවත් අපරට අමෙරිකාවෙන් තබා ඉන්දියාවෙන් වත් ආරක්ෂා කර ගත නොහැකි බව.

ජාතිකවාදය , පොදු ජනයා සහ ජාතික වස්තූන් සමඟ සූදු කෙළින නායකයෝ

අනෙක් අතට අපේ රටේ පොදු ජනයාට රට සාම්බන්ධයෙන් රටේ නායකයන් සම්බන්ධයෙන් ඇත්තේ ඇල් මැරුණු ආකල්පයකුයි. ඉන්දුනීසියාව, මැලේසියාව,තායිලන්තය, වියට්නාමය සිංගප්පූරුව , වැනි රටක ජාතික වස්තූන් සමඟ සූදු කෙළින නායකයන් හමු වුවහොත් ඔවුන් සියළු දෙනාම ආපසු නිවසට හරවා යැවීමට එම රටවල ජනයා පසු බට වන්නේ නැහැ.ඒ රටවල ජාතිකවාදීන් චරිත සහතික දුන් හොරුන් නෑ.මෝඩ උද්දච්ච ජාතිකවාදීනුත් නෑ.නමුත් ජාතිකවාදී ආර්ථිකයන් ඉදිරියට යමින් පවතිනවා .

කියුබාව වැනි රටක් අමෙරිකාවට කිලෝ මීටර 90ක් වැනි දුරකින් හිඳිමින් අමෙරිකාවට කරනු ලබන අභියෝගය සුළු පටු නැහැ.එහෙත් ඔවුන්ට අත තියන්න ලේසියෙන් බෑ. අමෙරිකාව කල්පනා කලේ ලිබියාව ඉරාකය වැනි රටවල තරුණ පරපුර මෙන් කියුබාවේ තරුණ පරපුරත් ෆිදෙල් ක්‍රස්තෝගේ අභාවයෙන් පසුව හැසිරේවි කියා. ඒ නිසා ෆිදෙල් මිය ගිය පසු අමෙරිකාවේ මියාමි නුවර ආශ්‍රිතව ජීවත් වන කියුබාවෙන් පලා ගිය කියුබානුවන් යොදා ගනිමින් දැවැන්ත උද්ඝෝෂණ සංවිධානය කරමින් සූදානම් වූයේ කියුබාව දමනය කිරීමට. එහෙත් සිදු වූයේ ඔවුන් බලාපොරොත්තු වූ දේට වඩා හාත්පසින්ම වෙනත් කරුණක් ෆිදෙල්ගේ දේහයේ අවසන් කටයුතු කරන දිනයේ හවානා නුවර සිට මියාමි නුවර දක්වා කිලෝමීටර 600ක් දුරට විහිදෙන දැවැන්ත මිනිස් පවුරක් නිර්මාණය වූවා. ඒ සඳහා කියුබානු තරුණයයින් මූලික වී කටයුතු කළා. පැය 24ක් තුළ අමෙරිකාවේ මියාමි නුවර පැවැත්වූ උද්ඝෝෂන හිරු දුටු කඳෝ පැනියන් බවට පත් වූවා. අමෙරිකාවට ආයුධ බලයෙන් සමස්ත කියුබාව විනාශ කළ හැකියි නමුත් රට අත්පත් කරගත් නොහැකියි කියන කාරණය කියුබානුවෝ මනාව තහවුරු කළා. කියුබාව දැවැන්ත ජාත්‍යන්තරවාදයක් ඇති ජාතිකවාදී රාජ්‍යයක්. එහි සිටියේ ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ වගේ නායකයින් නෙවෙයි .ඉරාකයේ හිටියේ දේශය විනාශය කරා ගෙන ගිය නායකයින්.ලිබියාවෙත් අවසානය එහෙමයි.කියුබාව සමග ලංකාව මුලුමනින්ම සසඳන්න බෑ.අපි අවම වශයෙන් යෙන් ඉතියෝපියාව ,ඉන්දුනීසියාව තායිලන්තය ,මැලේසියාව ,බංගලිදේශය,පිලිපීනය ,පකිස්තානය, සිංගප්පූරුව අධ්‍යනය කල යුතුයි . මෙම තත්වය සියලු ශ්‍රී ලාංකික ජාතිකවාදීන් මනාව තේරුම්ගත  යුතුයි.



සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.