News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදයට හෝ ඉස්ලාමීය නොවන පාලනයකට ලෝකයේ ප්‍රබල රටවල් බය ඇයි?

Jan 3, 2026 at 01:35 PM
|

අපි කලින් ඉරාන ජල අර්බුදය ගැන කලින් කතා කළා, දැන් එහි සෑබෑ ගැටළුව විදි වලට ඇවිත්! කොහොමත් මැදපෙරදිග දේශපාලනය කියන්නේ හරියට චෙස් පුවරුවක් වගේ. එක ඉත්තෙක් එහා මෙහා වෙද්දී මුළු ක්‍රීඩාවේම ස්වරූපය වෙනස් වෙනවා. පසුගිය කාලය පුරාම ඉරානය ඇතුළතින් වගේම පිටතිනුත් "පාලන තන්ත්‍රයේ වෙනසක්" ගැන කතාබහ මතු වුණා. වීදි බැස උද්ඝෝෂණය කරන සාමාන්‍ය වැසියන්ගේ හඬ අපි  මාධයෙන් ඇසුවා. නමුත්, ලෝක දේශපාලන සිතියම දෙස බැලූ විට අපට පෙනෙන අමුතු ඇත්තක් තිබෙනවා. ඒ තමයි, ඉරානයේ වත්මන් "මුල්ලා පාලනය" බිඳ වැටෙනවාට ලෝකයේ ප්‍රබල රටවල් සහ කණ්ඩායම් රැසක් ඇත්තටම අකමැති බව! 

ඉතින් ඇයි ඔවුන් ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදයට හෝ ඉස්ලාමීය නොවන පාලනයකට බය? 'මුල්ලා පාලනය' බිඳ වැටෙනවාට සැබවින්ම අකමැති කවුද? බල දේශපාලනයේ ඒ සැඟවුණු කතාව අද මේ ලිපියෙන් ගැඹුරින් සොයා බලමු.

අපි ඉරානය ගැන කතා කරද්දී 1979 වසර අමතක කරන්න බැහැ. ඊට කලින් ඉරානය පාලනය කළේ "ෂා" රජු . ඒ කාලේ ඉරානය කියන්නේ බටහිර පන්නයේ ඉතාමත් නවීන රටක්. කාන්තාවන්ට නිදහස තිබුණා, විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනයක් තිබුණා. නමුත් "ඉස්ලාමීය විප්ලවය" සමඟ සියල්ල වෙනස් වුණා. ආගමික නායකයින් හෙවත් 'මුල්ලා'වරුන් රටේ පාලනය අතට ගත්තා. එතැන් පටන් ඉරානය ලෝකයේ 'බටහිර විරෝධී' කඳවුරේ ප්‍රධානියෙක් බවට පත් වුණා. අද අපි දකින දේශපාලන අර්බුදය නිර්මාණය වෙන්නේ මෙන්න මේ ආගමික පාලනය සහ නූතන ලෝකය අතර ඇති වන ගැටුම නිසයි.

රුසියාව!

ඉරාන පාලනය ආරක්ෂා විය යුතු බවට වැඩිපුරම ප්‍රාර්ථනා කරන රට රුසියාවයි. ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට මැදපෙරදිග කලාපයේ සිටින ශක්තිමත්ම සහ විශ්වාසවන්තම සහකරු තමයි ඉරානය. බටහිර සම්බාධක හමුවේ රුසියාව හුදකලා වෙද්දී, ඉරානය ඔවුන්ට යුදමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද විශාල සහයක් ලබා දෙනවා. විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධයේදී ඉරාන 'ෂහීඩ් 136' ඩ්‍රෝන යානා රුසියාවට මොන තරම් වටිනාකමක් එකතු කළාද යන්න රහසක් නෙවෙයි. 

රුසියාවට ඉරානය කියන්නේ තමන්ගේ යුදමය උපකරණ පරීක්ෂා කරන පිටියක් වගේම, බටහිරට එරෙහිව තිබෙන 'දෙවන පෙරමුණක්'. ඉරානයේ පාලනය වෙනස් වී, එහි බටහිර හිතවාදී ඉස්ලාමීය නොවන  රජයක් පිහිටුවනු ලැබුවහොත්, රුසියාවට මැදපෙරදිග තිබෙන බලය සහ යුදමය සහයෝගය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. රුසියාවට ඉරානය කියන්නේ හුදෙක් රටක් නෙවෙයි, එය බටහිර බලයට එරෙහිව තිබෙන ශක්තිමත් පවුරක්.

ඉරාකය!

ඉරාකයේ දේශපාලනය දෙස බැලූ විට, එහි ඉරාන හිතවාදී ෂියා කණ්ඩායම් ඉතා ප්‍රබලයි. ඉරානය සහ ඉරාකය අතර පවතින්නේ ආගමික මෙන්ම දේශපාලනික බැඳීමක්. ඉරාකයේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ඉරානයේ සහය මතයි.

සිතා බලන්න, ඉරාකය තුළ ක්‍රියාත්මක වන 'හෂ්ද් අල්-ෂාබි' වැනි සන්නද්ධ කණ්ඩායම් වලට පුහුණුව සහ මුදල් දෙන්නේ ඉරානයයි. ඉරානයේ මුල්ලා පාලනය බිඳ වැටුණොත්, ඉරාකයේ සිටින මෙම කණ්ඩායම් අනාථ වෙනවා. මෙය ඉරාකය තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති කිරීමට පවා හේතු විය හැකියි. එම නිසා, ඉරාකය සැමවිටම කැමති තමන්ගේ අසල්වැසියා වන ඉරානය ශක්තිමත් ආගමික පාලනයක් යටතේ පවතිනවාටයි.

තුර්කිය!

තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන්ගේ දේශපාලන දර්ශනය සහ ඉරානයේ මුල්ලා පාලනය අතර මතවාදී ගැටුම් තිබුණත්, ඔහු ඉරානයේ බටහිර හිතවාදී ඉස්ලාමීය නොවන පාලනයකට දැඩි ලෙස බිය වෙනවා. මෙහි තවත් පැත්තක් තිබෙනවා. ඒ තමයි කුර්දි  ජනතාවගේ ප්‍රශ්නය. ඉරානයෙත් තුර්කියෙත් කුර්දි ජනතාව ජීවත් වෙනවා. ඉරානයේ පාලනය බිඳ වැටී අස්ථාවර වුවහොත්, එය තුර්කියේ සිටින කුර්දි බෙදුම්වාදීන්ට ශක්තියක් විය හැකි බව එර්ඩොගන් දන්නවා. අනෙක් අතට, ඉරානයේ නව පාලනයක් ඊශ්‍රායලය සමඟ සමීප සබඳතා පැවැත්වීමට ඉඩ ඇති අතර, එය තුර්කියේ කලාපීය බල ව්‍යාපෘතියට තර්ජනයක්.

සෞදි අරාබිය! 

සෞදි අරාබිය සහ ඉරානය කියන්නේ දශක ගණනාවක පසමිතුරන්. නමුත් තර්කානුකූලව බැලූ විට, සෞදි අරාබිය වඩාත් කැමති "දුර්වල මුල්ලා පාලනයක්" සහිත ඉරානයකට මිස, "ශක්තිමත් බටහිර හිතවාදී ඉස්ලාමීය නොවන" ඉරානයකට නෙවෙයි.

"ඇයි ඒ?"

ඉරානය බටහිර හිතවාදී ඉස්ලාමීය නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවහොත්, ලෝකයේ ආයෝජන සහ අවධානය වේගයෙන් ඉරානය දෙසට ගලා එනු ඇත. ඉරානය සතු ඉන්ධන සම්පත සහ ස්වභාවික වායු නිධි ලෝකයේ විශාලතම ඒවා අතර තිබෙනවා. ඉරානය සම්බාධක වලින් මිදී නිදහස් වුවහොත්, ඔවුන් සෞදි අරාබියේ තෙල් වෙළඳපොළ ආක්‍රමණය කරනු ඇත. එවැනි ශක්තිමත් ආර්ථික ඉරානයක් සෞදි අරාබියේ නායකත්වයට විශාල අභියෝගයක්.

පලස්තීනය!

බොහෝ පලස්තීනුවන් (විශේෂයෙන් හමාස් වැනි කණ්ඩායම්) ඉරාන පාලනයට සහය දක්වන්නේ ඊශ්‍රායලයට එරෙහිව ඉරානය දක්වන දැඩි ස්ථාවරය නිසායි. ඉරානයේ මුල්ලා පාලනය තමයි ඔවුන්ට මූල්‍ය සහ යුදමය සහය ලබා දෙන ප්‍රධානතම පාර්ශවය. උදාහරණයක් ලෙස, ඉරානය සපයන රොකට් තාක්ෂණය නොමැතිව හමාස් සංවිධානයට ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීම අපහසුයි. ඉරානයේ පාලනය වෙනස් වුවහොත්, නව රජය ඊශ්‍රායලය සමඟ සාමකාමී වනු ඇතැයි ඔවුන් බිය වෙනවා.

වාමාංශිකයන්ගේ ස්ථාවරය?

පුදුමයකට මෙන්, ජෙරමි කෝබින් වැනි බටහිර වාමාංශික නායකයන් සහ ඇතැම් ලිබරල් කණ්ඩායම් ඉරාන පාලනය කෙරෙහි යම් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මෙයට හේතුව ඔවුන් තුළ පවතින දැඩි "ඇමරිකානු විරෝධය" යි. ඔවුන් විශ්වාස කරන්නේ ලෝකයේ ඇමරිකානු ආධිපත්‍යය බිඳ දැමීමට නම් ඉරානය වැනි රටවල් ශක්තිමත් විය යුතු බවයි. එහිදී ඉරාන කාන්තාවන්ට සිදුවන අසාධාරණයන් හෝ මානව හිමිකම් කඩවීම් ගැන ඔවුන් බොහෝ විට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ "අධිරාජ්‍ය විරෝධය" තම පරම අරමුණ කරගත් නිසයි.

චීනය!

ඉරාන පාලනය රැක ගැනීමට වඩාත්ම උනන්දු වන තවත් ප්‍රබල රාජ්‍යයක් වන්නේ චීනයයි. චීනය සහ ඉරානය අතර වසර 25ක දැවැන්ත උපායමාර්ගික ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. චීනයට ඉරානය වැදගත් වන ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා, සම්බාධක නිසා ඉරානයට තම තෙල් විකුණා ගැනීමට අපහසු වී ඇති මොහොතක, චීනය ඉතාමත් අඩු මිලට ඉරාන තෙල් විශාල වශයෙන් මිලදී ගන්නවා. මෙය චීනයේ වේගවත් ආර්ථිකයට විශාල ශක්තියක්.

'එක් තීරයක් - එක් මාවතක්' නම් චීන ගෝලීය වෙළඳ ව්‍යාපෘතියේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස ඉරානය පිහිටා තිබෙනවා. ඒවගේම චීනය සහ ඉරානය බොහෝ විට තෙල් වෙළඳාමේදී ඇමරිකානු ඩොලරය වෙනුවට 'යුවාන්' භාවිත කිරීමට උත්සාහ කරනවා. එහෙත් ඉරානයේ පාලනය වෙනස් වී බටහිර හිතවාදී රජයක් ආවොත් චීනයට මේ සියලු වාසි අහිමි වෙනවා.

අවසන් විග්‍රහය..

ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් වීම යනු හුදෙක් එක් රටක අභ්‍යන්තර කටයුත්තක් පමණක් නොව, එය මුළු මැදපෙරදිගම සහ ගෝලීය බල තුලනයම උඩුයටිකුරු කරන්නකි. දේශපාලන වාසි, ආර්ථික ලාභ සහ කලාපීය බලය වෙනුවෙන් බොහෝ රටවල් ඉරානයේ වත්මන් තත්ත්වය එලෙසම පවතිනවාට කැමතියි.

නමුත් මේ සියල්ල මැද දුක් විදින්නේ ඉරානයේ සාමාන්‍ය ජනතාවයි. ඔවුන් පතන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය බලවතුන්ගේ "භූ-දේශපාලනික ක්‍රීඩාවේ" උකස් කරනු ලැබ තිබෙනවා. ඔබේ අදහස කුමක්ද?  ඉරාන අරගලය ඔබ දකින්නේ කෙසේද?

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.