"මරු" නවීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ!
පොත් වලට සමගාමීව , අපේම LMS එකක් අවශ්‍යයි ඇයි?
පොතේ තියෙන්නේ 'ව්‍යවහාරික තාක්‍ෂණවේදය', හැබැයි යවන්නේ අවුරුදු 13ක් පරණ වීඩියෝ වලට!
මේ දවස්වල හම්බවෙන අලුත් පෙළපොත් දැක්කම හිනා යනවා වගේම දුකත් හිතෙනවා. මේ ෆොටෝ ටික පොඩ්ඩක් බලන්න.
මේ තියෙන්නේ 6 ශ්‍රේණියේ අලුත් "ව්‍යවහාරික තාක්‍ෂණවේදය" පොතේ "ජල සම්පත්" පාඩම.
"නවීන තාක්ෂණය" මුසු කරනවා කියලා මේ පොත්වලට එකතු කරලා තියෙන්නේ නිකම්ම නිකන් YouTube ලින්ක්ස් ටිකක් විතරයි. ඒකත් හරියට කරලා නෑ.
මොකක්ද මේකේ තියෙන බරපතල අවුල?
1️⃣ වගකීමක් නැති පුද්ගලික චැනල්:
මේ ලින්ක් කරලා තියෙන වීඩියෝ (උදා: Mother Daughter Creations, Periwinkle) අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒවා නෙවෙයි. මේවා කවුරුහරි පුද්ගලිකව කරන චැනල්. හෙට දවසේ මේ චැනල් අයිති කෙනා නම වෙනස් කරලා, මේකේ නුසුදුසු වීඩියෝ එකක් දැම්මොත් හරි, චැනල් එක අයින් කළොත් හරි අපේ ළමයි බලන්නේ මොනවාද? ඒකට වගකියන්නේ කවුද? 🤷♂️
2️⃣ යල් පැනගිය තාක්ෂණය:
එක වීඩියෝ එකක් දාලා තියෙනවා අවුරුදු 13ක් පරණයි! අනිත් ඒවා අවුරුදු 5-6ක් පරණයි. "තාක්ෂණවේදය" උගන්වන්න අවුරුදු 13ක් පරණ වීඩියෝ දාන එක විහිළුවක් නෙවෙයිද? අද කාලේ අපේ ඉස්කෝලේ දරුවෝ මීට වඩා ගුණාත්මක 3d animation වීඩියෝ හදනවා.
3️⃣ ළමයි අතරමං කිරීම:
පොඩි ළමයෙක් මේ ලින්ක් එකෙන් YouTube ගියාම, එහා පැත්තේ "Suggested Videos" කියලා වැටෙන්නේ මොනවාද කියලා කාටවත් පාලනය කරන්න බෑ. පාඩම පැත්තක දාලා ළමයා වෙන අනවශ්‍ය දේවල් (Ads/Games) බලන්න පෙළඹෙනවා.
✅ එහෙනම් මොකක්ද වෙන්න ඕන? 💡
අපිට ඕන නිකම්ම ලින්ක් කොපි පේස්ට් කරපු පොත් නෙවෙයි. රජය මැදිහත් වෙලා හදන ක්‍රමවත් LMS (Learning Management System) එකක් හෙවත් "ඩිජිටල් ඉගෙනුම් පද්ධතියක්".
ඇයි LMS එකක් වැදගත් වෙන්නේ?
🔐 ආරක්ෂාව: LMS එකක් කියන්නේ පාසලක් වගේ ආරක්ෂිත තැනක්. ඒකේ කුණුහරුප ඇඩ්ස් (Ads) වැටෙන්නේ නෑ. දරුවාට බයක් නැතුව ලොග් වෙන්න පුළුවන්.
📚 අපේකම සහ ගුණාත්මක බව:
පිටරට වීඩියෝ කෑලි අමුණන්නේ නැතුව, අපේ විෂය නිර්දේශයට හරියටම ගැලපෙන, සිංහල/දෙමළ භාෂාවෙන් හදපු අලුත් වීඩියෝ පාඩම් මේකට දාන්න පුළුවන්.
🔗 ස්ථිර සබැඳි: රජයේ සර්වර් එකක තියෙන නිසා ලින්ක් කවදාවත් කැඩෙන්නේ නෑ. වීඩියෝ අයිතිකාරයෝ මාරු වෙන්නේ නෑ.
ප්‍රගතිය: දරුවා ඇත්තටම පාඩම බැලුවද, අභ්‍යාස කළාද කියලා ගුරුවරයාට සිස්ටම් එක හරහා බලාගන්න පුළුවන්.
6 වසරේ ළමයි කියන්නේ මේ රටේ අනාගතය. එයාලට පාර පෙන්නන්න ඕන "කැලේ පාරකින්" නෙවෙයි, "ආරක්ෂිත අධිවේගී මාර්ගයකින්" (Official LMS).
අධ්‍යාපන බලධාරීන් "Smart වෙනවා" කියන එකේ නියම තේරුම තාම වටහාගෙන නෑ වගේ. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?
(මුහුණු පොතෙන්)


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්