ඉංග්‍රීසි 6 ශ්‍රේණිය වැඩේට පොඩිම තැනින් බෙල්ල දීලා..
මේ තියෙන්නෙ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩ්‍යුල පොතේ සංස්කාරක මණ්ඩලය. අප මිත්‍ර දර්ශනත් ඉන්නව ඒකෙ. මෙයාලට අමතරව අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මේ පොත අනුමත කළ අවසාන කමිටුවේ ඉඳල තියෙනවා. ඒ කියන්නෙ පොත අන්තිමට අනුමත වෙන්නෙ ඔහුගෙන්.
දැන් ප්‍රශ්නය ඒක නෙමෙයි. පොතේ උපදේශක මණ්ඩලය, ඒ වගේම අනුමත කළ අය කිසිම ප්‍රශ්නයක් නැතුව ඉද්දි මේක සංස්කරණය සහ අධීක්ෂණය කළ වෙරෝෂා නම් සහකාර කථිකාචාර්යවරියකගේ සහ තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර බව අපට වාර්තා වෙනවා.
හැබැයි ප්‍රශ්නගත දෙවැනි මොඩ්‍යුලය ලියපු අය නෙමෙයි, (ලියපු අය බලන්න දෙවැනි පින්තූරයේ මම ලකුණු කරල තියෙනවා), සංස්කරණය සහ අධීක්ෂණය කළ NIE සහකාර කථිකාචාර්යන්ගේ වැඩ තහනම් කරල තියෙන්නෙ.
අඩු තැනින් වතුර ගලාගෙන යන්න ඇරල. අනික මූලික විමර්ශනයක්වත් නැතුව තමා මේ අයගේ වැඩ තහනම් කරල තියෙන්නෙ. එහෙම කරන්න වෙලාවක් තිබුනෙත් නැහැ.
වැඩ තහනම් කළාට ප්‍රශ්නයක් නැහැ, ඒත් පුද්ගලයින් ගණනාවක් ඉන්න කමිටුවක් විසින් කළ ක්‍රියාව ගැන සම්පූර්ණ විමර්ශනය කරල ඉවර වෙලා. මේක එහෙම නෙමෙයි කරල තියෙන්නෙ.
හරිනම් පොත අනුමත කළ ලේකම්ගෙ ඉඳල මේ දාලා තියෙන්නෙ ලැයිස්තුවෙ ඉන්න හැමෝම මේකෙ වගකීම ගන්න ඔින. නැත්නම් කමිටු දාලා ඒවැයින් අනුමැතිය අරගෙන වැඩක් නැහැනෙ. වගකීම ගන්න තමා කමිටු සහ මණ්ඩල දාන්නෙ. හැබැයි දැන් කරල තියෙන්නෙ පොඩිම එකා මරං කන එක.
(මහින්ද පතිරණගේ මුහුණු පොතෙන් උපුටා ගැනිණි)


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්