2026 පළවෙනි හෑල්ල.. කොළඹ මහ නගර සබාව
ඊයෙ දවසෙ මම දැක්කා ජෙපි බඩී නෙට්ලා සෙට් එකක්ම කොළඹ අයවැය දිනාගැනීම සම්බන්දයෙන් හෙන උජාරුවෙන් කතා කරනවා.
කොළඹ ඡන්ද ගාන ගත්තොත්
මාලිමාව 81,814 මන්ත්‍රීල 48
SJP + UNP = 84,672 මන්ත්‍රීලා 42
කොට්ථාස ක්‍රමේට පිං සිද්ද වෙන්න මන්ත්‍රීල ටිකක් වැඩි වුනාට උබලා අපේ පක්ශ දෙකටත් පරාද වෙච්ච උන් කියලා මුලින්ම ඔලුවෙ තියාගන්න.
මාලිමාවට මන්ත්‍රීල ඉන්නෙ 48යි. හැබැයි නගරාධිපති වුනේ ඡන්ද 61ක් අරගෙන.
මෙදා අයවැය දෙවැනි කියවීමට ඡන්ද 58යි.
ඒ වැඩි වුන 10 ඇතුලෙ මල්පැල ටික එකතු කරගෙන තියෙනවා
කුඩු ලාල්ගෙ පුත්තු දෙන්නව. ස්වාධීන කණ්ඩායමෙන් ආවෙ.
ආයෙ නැනෝ පොහොර වංචාවට සම්බන්ධ එකෙක් වියදම් කරලා ගෙනාව ස්වාධීන කණ්ඩායමේ 1ක් ඉන්නවා.
කුප්‍රකට වරායෙ ගණුදෙනු කරන උතුරු කොළඹ එකෙක්ගෙ ස්වාධීන කණ්ඩායමකින් ආව 1ක් ඉන්නවා.
මුස්ලිම් කොන්ග්‍රස් එකේ එකෙක් ඉන්නවා.
හැබැයි උබලා ඡන්දෙට කලින් කිවුවෙ මොකද්ද. තනි මාලිමාවෙ පාලනයක්. කාත් එක්කවත් එකතු වෙන්නෙ නෑ . අනිත් ඔක්කම හොරු, අපි විතරයි හොඳ, ස්වාධීනව එන්නෙත් පරණ හොරු වගේ ඒවා
හැබැයි දැන් හරියට මහින්ද මහත්තයගෙ සැලුන් දොර වගේ
61 වෙනවා
රෑ කෑමක් දුන්නම 56 වෙනවා
වටගල බෙදන්න ගත්තම ආයෙ 58 වෙනවා.
මොන මගුලක්ද බන්. මහින්ද වගේමනෙ..
පරණ තිබ්බ ක්‍රමේ වෙනස් කරන්න ආපු උබලත් ඒ පරණ ක්‍රමෙන්ම බලය රැකගන්න බලනවා.
අනිත් කාරනය තමා වසර දෙකක් යනකන් නගරසභාවෙ අයවැයක් පැරැද්දුවා කියලා නගරාධිපති මාරු වෙන්නෙත් නෑ. නගරාධිපතිට බලය තියෙනවා අයවැය පැරදුනත් දිගටම කරගෙන යන්න.
එහෙම තියෙද්දි උබලම පට්ට දූශිතයි කියපු උනුයි, කුඩ්ඩොයි දාගෙන අයවැය පාස් කරලා පට්ට ආතල් එකක් ගන්නවා.
ඇත්තටම මට උබලව තේරෙන්නෙ නෑ.
එක්කො කෙලින් කියපල්ලා, උබලා බලය ගන්න ඕන එකෙක් එක්ක එකතු වෙනවා කියලා. මොකද කුඩ්ඩො දෙන්නෙක් එක්ක එකතු වුනාට පස්සෙ ඊට වඩා පල්ලෙහාට වැටෙන්න තැනක් නෑනෙ..
ගේම් ගහලා බලය තියාගන්න හැදුවට භූමියෙ ඡන්ද ප්‍රතිපලෙන් උබලා පරාදයි. ඊලඟ ඡන්දෙන් හොඳටම තේරෙයි.
එතකන් මේ ක්‍රමෙන්ම යන්න.පොඩ්ඩක්වත් වෙනස් වෙන්න එපා.
- Ruwin Fernando
(මුහුණු පොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..