2026 පළවෙනි හෑල්ල.. කොළඹ මහ නගර සබාව
ඊයෙ දවසෙ මම දැක්කා ජෙපි බඩී නෙට්ලා සෙට් එකක්ම කොළඹ අයවැය දිනාගැනීම සම්බන්දයෙන් හෙන උජාරුවෙන් කතා කරනවා.
කොළඹ ඡන්ද ගාන ගත්තොත්
මාලිමාව 81,814 මන්ත්‍රීල 48
SJP + UNP = 84,672 මන්ත්‍රීලා 42
කොට්ථාස ක්‍රමේට පිං සිද්ද වෙන්න මන්ත්‍රීල ටිකක් වැඩි වුනාට උබලා අපේ පක්ශ දෙකටත් පරාද වෙච්ච උන් කියලා මුලින්ම ඔලුවෙ තියාගන්න.
මාලිමාවට මන්ත්‍රීල ඉන්නෙ 48යි. හැබැයි නගරාධිපති වුනේ ඡන්ද 61ක් අරගෙන.
මෙදා අයවැය දෙවැනි කියවීමට ඡන්ද 58යි.
ඒ වැඩි වුන 10 ඇතුලෙ මල්පැල ටික එකතු කරගෙන තියෙනවා
කුඩු ලාල්ගෙ පුත්තු දෙන්නව. ස්වාධීන කණ්ඩායමෙන් ආවෙ.
ආයෙ නැනෝ පොහොර වංචාවට සම්බන්ධ එකෙක් වියදම් කරලා ගෙනාව ස්වාධීන කණ්ඩායමේ 1ක් ඉන්නවා.
කුප්‍රකට වරායෙ ගණුදෙනු කරන උතුරු කොළඹ එකෙක්ගෙ ස්වාධීන කණ්ඩායමකින් ආව 1ක් ඉන්නවා.
මුස්ලිම් කොන්ග්‍රස් එකේ එකෙක් ඉන්නවා.
හැබැයි උබලා ඡන්දෙට කලින් කිවුවෙ මොකද්ද. තනි මාලිමාවෙ පාලනයක්. කාත් එක්කවත් එකතු වෙන්නෙ නෑ . අනිත් ඔක්කම හොරු, අපි විතරයි හොඳ, ස්වාධීනව එන්නෙත් පරණ හොරු වගේ ඒවා
හැබැයි දැන් හරියට මහින්ද මහත්තයගෙ සැලුන් දොර වගේ
61 වෙනවා
රෑ කෑමක් දුන්නම 56 වෙනවා
වටගල බෙදන්න ගත්තම ආයෙ 58 වෙනවා.
මොන මගුලක්ද බන්. මහින්ද වගේමනෙ..
පරණ තිබ්බ ක්‍රමේ වෙනස් කරන්න ආපු උබලත් ඒ පරණ ක්‍රමෙන්ම බලය රැකගන්න බලනවා.
අනිත් කාරනය තමා වසර දෙකක් යනකන් නගරසභාවෙ අයවැයක් පැරැද්දුවා කියලා නගරාධිපති මාරු වෙන්නෙත් නෑ. නගරාධිපතිට බලය තියෙනවා අයවැය පැරදුනත් දිගටම කරගෙන යන්න.
එහෙම තියෙද්දි උබලම පට්ට දූශිතයි කියපු උනුයි, කුඩ්ඩොයි දාගෙන අයවැය පාස් කරලා පට්ට ආතල් එකක් ගන්නවා.
ඇත්තටම මට උබලව තේරෙන්නෙ නෑ.
එක්කො කෙලින් කියපල්ලා, උබලා බලය ගන්න ඕන එකෙක් එක්ක එකතු වෙනවා කියලා. මොකද කුඩ්ඩො දෙන්නෙක් එක්ක එකතු වුනාට පස්සෙ ඊට වඩා පල්ලෙහාට වැටෙන්න තැනක් නෑනෙ..
ගේම් ගහලා බලය තියාගන්න හැදුවට භූමියෙ ඡන්ද ප්‍රතිපලෙන් උබලා පරාදයි. ඊලඟ ඡන්දෙන් හොඳටම තේරෙයි.
එතකන් මේ ක්‍රමෙන්ම යන්න.පොඩ්ඩක්වත් වෙනස් වෙන්න එපා.
- Ruwin Fernando
(මුහුණු පොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්