බඩී ව්‍යාපෘතිය
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අමුතුම මඟුලක් හඳුන්වා දී ඇත. ඒ යහළුවන් හඳුනාගැනීමට යි.
අපට පොඩි කාලයේ ලැබුණු පෙළ පොත්වල ද යහළුවන් ගැන කතා කෙරිණි. මතක හැටියට ඈන් හා මුරු ඒවායේ සිටියේ ය. එහෙත් අමුතු යහළුවන් හඳුනාගැනීමක් එහිදී සිදු නොකෙරිණි.
මෙවර ඒ වෙනුවට ටොම්, ෆුමිකෝ සහ ඇන්ජලී ඇතුල් කර ඇත. යහළුවන් හඳුනාගැනීමට වෙබ් අඩවියක නමක් ද සඳහන් වේ. එම වෙබ් අඩවිය සම ලිංගික සහකරුවන් සොයා ගැනීම සදහා වෙන් වූ එකකි. යහළුවන් හඳුනාගැනීමේ පාඩමක් ඇතුල් කර ඇත්තේ කුමකටදැයි පැහැදිලි ය. මේ අතපසුවීමක් හෝ වැරදීමක් නොවේ.
ළමයින් සඳහා ඉගැන්වීමට ඇති මොඩියුලවල මේ හැරෙන්න තවත් වෙබ් අඩවි, youtube නාලිකාවලට පිවිසිය හැකි QR කෝඩ් ගණනාවක් සඳහන්ය. ඒ එකක් හෝ පිළිගත හැකි මට්ටමේ ඒවා නොවේ. මේ සිදුකර ඇත්තේ අමන, තුප්පහි වැඩකි. 6 වසරේ සිටින අහිංසක දරුවන්, කිරි සප්පයන් පවා විනාශ කරන අහස පොළව නුහුලන පාපතර ක්‍රියාවකි.
මීට පෙර ද සඳහන් කර ඇති පරිදි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇත්තේ එකම අරමුණකි. එනම් සිංහල බෞද්ධයාට පහර ගැසීම, සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම, බුදු දහමට අවමන් කිරීම සහ ඉතිහාසය විකෘති කිරීම යි.
මෙම සිද්ධිය සාධාරණීකරණය කිරීමට තර්ක කිහිපයක් මාලිමාව පැත්තෙන් ගොඩනඟනු දක්නට ලැබේ. එකක් නම් මේ ප්‍රතිසංස්කරණ ඔවුන් බලයට පත්වීමට පෙර පටන් ගත් ඒවා බවයි. කවුරුන් පටන් ගත්ත ද මේවා වැරදිය. 76 වසරක සාපය නිමා කිරීමට කියා පැමිණයේ, 76 වසරක සිදුවූ දේවල් යළි කිරීමට නොවන නිසා ඒ කතා කියා ඇඟ බේරාගත නොහැකි ය.
මෙය අතපසු වීමක් බව තවත් කතාවකි. මේ අතපසුවීමක් නොව තක්කඩි වැඩකි. ඊනියා මධ්‍යස්ථ, ස්වාධීන ගුරුවරියන් කිහිපදෙනෙකු යොදාගෙන වීඩියෝ කිහිපයක් නිර්මාණය කර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාධාරණීකරණය කිරීමට වැඩපිළිවෙළක් ද මාලිමාව පැත්තෙන් අරඹා ඇත. ඒවා හැකි තරම් බෙදා හරින ලෙස ඔවුන්ගේ whatsapp සමූහ තුළ හුවමාරු වේ. ඒ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැක ගැනීමට ඔවුන් තුළ ඇති උනන්දුවයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් හඳුන්වන මේ සමස්ත ක්‍රියාවලිය වහා නතර කළ යුතුය. සිංහල බෞද්ධ විරෝධය වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ හරිණි අමරසූරිය වැන්නක අධ්‍යාපන ඇමතිනිය ව සිටිය දී කිසිදු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කිරීමට ඉඩ නොදිය යුතු ය. මොන නමින් මොන ප්‍රතිසංස්කරණ කිරීමට උත්සාහ දැරුව ද අවසානයේ එය නවතින්නේ ඇයගේ අවශ්‍යතා සපුරාලීම සදහායි.
මේ සිදු කරන අවමන් සහගත, නින්දා සහගත වැඩපිළිවෙලට කිසිදු අවසරයක්, ඉඩක් හෝ සමාවක් දිය නොහැකි ය. අධ්‍යාපන ඇමතිවරියත්, බඩී ව්‍යාපෘතියට සම්බන්ධ වූ ජාතික අධ්‍යාපන ආයතනයේ පංගුකරුවනුත් වහා ඉල්ලා අස්විය යුතුය.
(මහාචාර්ය චන්න ජයසුමනගේ මුහුණුපොතිනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..