News Category
From Date
To Date
Maximum Number of Result

ලෝක සිනමාවේ සලකුණක් වූ බ්‍රිජිට්.. බිජිට් බාදෝ

Dec 30, 2025 at 06:06 PM
|

ලතා වල්පොල මහත්මිය ගැන අද අපි හැමෝම කතාකරනවා.

ලතා කියන්නෙ ලංකාවේ සංගීත ක්ශේස්ත්‍රයේ අයිකොන් එකක්. ඒ වගේම තමයි බ්‍රිජිට් බාදෝ කියන්නෙ ලෝක සිනමාවේ අයිකොන් එකක්.

  1980 දශකයේ තරුණයා පත්තරය බොහොම ජනප්‍රියයි. මේ පත්තරයේ මැද පිටු දෙක වෙන්වෙලා තියෙන්නෙ බොහොම ලස්සන බටහිර තරුණියන්ගෙ පෝස්ටර් වෙනුවෙන්. 

ඒ කාලෙ ගොඩාක් තරුණයො මේ මැද පිටු දෙකේ තියන පිංතූර නිදන කාමරේ බිත්තියේ අලවනවා.

මේ ආකාරයට නිතර නිතර පලකෙරෙන රූප අතර මතකයේ රැඳෙන මූනක් තිබුනා බ්‍රිජිට් කියන නමින්.

එක දවසක් තරුණයා පත්තරේ ලිපියක් පලවෙලා තිබුනා "බටහිර තිරයේ කාමදේනුව" කියන නමින්.

ඒ සඳහා පාවිච්චි කරලා තිබුනේ වෙරළක අශ්වයෙක් සමග පිංතූරයකට පෙනී ඉන්න බ්‍රිජිට් බාදෝ.

ඒ ලිපියට අනුව ප්‍රංශ ජාතික තරුණියක් වූ බ්‍රිජිට් හොලිවුඩයේ නිලියන්ට අභියෝග කරනවා විතරක් නෙවෙයි ඔවුන්ව අභිබවා යනවා. ලෝකයේ ඕනෑම කඩවසම් නළුවෙක්.. ධනවතෙක් වශී කරගන්න බ්‍රිජිට්ට පුළුවන් බවත් ඒ ඕනෑම අයෙක් සමග යහන්ගත වෙන්න බ්‍රිජිට්ට හැකි බවත් ඒ ලිපියේ සඳහන් වුනා වගේ මතකයි.

සෙන්ට් ත්‍රොපේ වෙරළ තීරයේ ගත් ඒ පිංතූරය බොහොම ලස්සනයි.  සෙන්ට් ත්‍රොපේ වෙරළ තීරය බලන්න දවසක යන්න ඕනෙ එදා හිතුනා.

මේ කියන කාලයේ මම තරුණයා පත්තරේ කියවන්නෙ අපේ අසල්වැසියන්ගේ ගෙදරදි.  

ඇත්තටම මේ කියන තරම් බ්‍රිජිට් කාමදේනුවක්ද?

බ්‍රිජිට් උපදින්නෙ පැරීසියේ ධනවත් පවුලක. ඒ 1934 අවුරුද්ද. බොහොම තද නීති රීති පනවන තාත්තා යටතේ බ්‍රිජිට් ගෙවන්නෙ අසීරු ළමා කාලයක්. ඒත් එක්කම පැරීසිය නාසීන්ගේ පාලනයට යටත්වෙනකොට බ්‍රිජිට් කුඩා දැරියක්. බැලේ රංගනයත් ගායනයත් ඉගෙනගන්න බ්‍රිජිට් බොහොම බැගෑපත් වෙනවා දෙමාපියන් ඉදිරියේ. අන්තිමේදී බැලේ හා සංගීත ගුරුවරියන් තමන්ගෙ  නිවසටම ගෙන්වලා පාඩම් ලබාදෙන්න එයාගෙ සීයා ඉදිරිපත්වෙනවා.

යුද්ධයෙන් පස්සෙ පැරීසිය බොහොම වෙනස්. යුද්ධයෙන් පීඩාවට පත්වූ පැරිස් වාසීන් නිදහස උපරිමයෙන් භුක්ති විඳින අතර සිනමාව.. වේදිකාව.. සංගීතය බොහොම ඉහල තලයකට ගමන් කරනවා.

1950 අවුරුද්දේ Elle  කියන ප්‍රංශ සඟරාවේ මුල් පිටුව සරසන්න බ්‍රිජිට්ට අවස්ථාව ලැබෙන්නෙ අහම්බෙන්. ඒ වෙනකොට ඇයට වයස අවුරුදු 15 අවසන් වුනා විතරයි.

එක දවසකින් පැරීසියේ විතරක් නෙවෙයි මුළු ප්‍රංශයේම අවධානය දිනාගන්න තරුණ බ්‍රිජිට්ට හැකිවෙද්දි සිනමාවෙන් හා වේදිකාවෙන් ආරාධනාවන් ගලාගෙන එනවා.

දෙමව්පියන් බොහොම තදින් විරුද්ධ වුනත් තමන්ගෙ සීයාගෙ බලවත් මැදිහත්වීම මත මේ කුඩා තරුණියට හැකිවෙනවා නිලියක් බවට පත්වෙන්න.

1950 දශකය කියන්නෙ ලෝක සිනමාවේ වගේම කලාවේ ස්වර්ණමය දශකය විදිහට හැඳින්වෙන කාල වකවානුවක්. යුද්ධයෙන් පස්සෙ බිහිවෙන නිර්මාණ බලන්න ලස්සනයි. ඒ වගේම තඟකාරීයි.

කවුද මේ කාලෙ ඉන්න බලවත් නිලියන්.?

ඔද්‍රෙ හෙප්බර්න්.. මැරිලින් මොන්‍රෝ..  ග්‍රේස් කෙලී .. එලිසබෙත් ටේලර්..  සොෆියා ලොරේන්..  ඩොරිස් ඩේ.  මේ නම් අහපු ගමන් අපිට හිතෙනවා මේ කාලය කොයිතරම්  තරඟකාරීයිද කියලා. මේ නම්  ලෝකය පුරාම ප්‍රසිද්ධයි. මේ අය අතරින් ග්‍රේස් කෙලී හා මැරිලින්  හැරෙන්න අනිත් හැමදෙනාව ඉතාම දිගු කාලයක් සිනමාවේ රැඳෙනවා. මැරිලින් අවාසනාවන්න්ත විදිහට අකාලයේ  මිය යද්දි ග්‍රේස් කෙලී මොනාකෝ රජු සමග විවාහවෙලා ගතකරන්නෙ නිහඬ ජීවිතයක්.

මෙන්න මේ වගේ සුපිරි නිළියන් එක්කයි  බ්‍රිජිට්  බාදෝට තරඟ කරන්න වෙන්නෙ.

ගායනයේත්.. නර්තයේත්.. රංගනයේත් එක වගේ දක්ශ කුඩා බ්‍රිජිට් බාදෝ වැඩිම මිළක් අයකරන නිළියන්ගේ ලයිස්තුවේ ඉහලටම ගමන් කරනවා. 

විවිධ හැල හැප්පීම් නැතුවාම නෙවෙයි. නමුත් වසර විස්සක් පමණ කාලයක් තුල හොලිවුඩ් තිරයේ වගේම යුරෝපයේත් .. ලෝකය පුරාමත් බ්‍රිජිට්ව සලකන්නෙ ඉහලම තත්වයේ නිළියක් විදිහට.

1972 වසරට ලඟාවෙද්දි බ්‍රිජිට් බාදෝට වයස  අවුරුදු 39ක්. ඇය ඉහලම ගෙවීම් ලබන ජනප්‍රිය නිලියක්. නමුත් එයා කියනවා ලබන වසරින් පස්සෙ රඟපෑමෙන් වගේම ප්‍රසිද්ධ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම සමුගන්න බව.

රූපවාහිනී සාකච්ඡාවකදී ඇය කියනවා මෙන්න මේ වගේ කතාවක්.

" සිනමාවට එනකොට මට අවුරුදු පහලව අවසන් වුනා විතරයි.  හැමදේම අළුත්. මම සිනමා ලෝකෙ ගැන.. ජනප්‍රියත්වය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. හරියට හා බෙනේ ඇතුලට වැටුණු ඇලිස් වගේ.

මම මේ මගේ ජීවිතේ ගැන හෝ සිනමාව ගැන කං කෙඳිරිගානවා නෙවෙයි. 

සතියකින් දෙකකින් මම යන යන තැන පැපරාසීන්.. ධනවත් බලවත් පිරිමින්.. දේශපාලකයන්.. රජවරු.. කුමාරයො හැමතැනම. ඇත්ත..  මම ඇතිවෙන්න විනෝද වුනා. රඟපෑම.. ගායනය.. වේදිකාව.. ලෝක සංචාර.. අතට පයට මෙහෙකාරයො.. මේ හැමදේම දවසේ කොටස් බවට පත්වුනා.   ඉඳහිට පුවත් පත් කියවන මම පුදුම වෙනවා.

යුරෝපයේ සෙක්ස් සිම්බල් එක..  සුරූපී කාමධේනුව.. තරුණයන් වසඟකරන හෙරෝයින්..  සෙක්ස් සහ බ්‍රිජිට්. .. මොකක් ? මේ මම ගැනද කියන්නෙ. 

අවුරුදු පහලවක් විස්සක් ගතවුනා තමයි නොදැනීම. එතකොට මම කවුද?

පත්තර කාරයො කියන විදිහට සෙක්ස් සිම්බල් එකක්ද.?  මට ඒ මිනිස්සු එක්ක තරහක් නෑ.

මම රඟපෑවාට.. පිංතූරවලට පෙනී හිටියාට මම සෙක්ස් සිම්බල් එකක් නෙවෙයි. නිළි රැජිණකුත් නෙවෙයි. මේ වගේ පට්ටම් දෙන්නෙ ඔබ වගේ පත්තර මහත්තුරු. මේ ඔක්කොම ඇති. හොඳටම ඇති.

මට දැන් හිතෙනවා මේ ඔක්කොම මගේ පිට බලෙන් පැටවුවා වගේ.

දැන් මම මගේ ජීවිතේ හොයාගෙන යන්න ඕනෙ. මට ඕනෙ නිදහස. මගෙ බල්ලො තුන්දෙනයි.. පූසො හය හත්දෙනයි එක්ක මට ඕනෙ නිදහස් ජීවිතයක්.

සෙන්ට් ත්‍රොපේ වෙරල තීරයේ තියෙන මගේ ගෙදර හැරෙන්න මට වෙන කිසිදෙයක් ඕනෙ නෑ.

මේ තමයි මගේ සමුගැනීම."

නළු නිලියො ඔය වගේ තමයි.. හිටපු ගමන් සමුගන්නවා. වසර කීපයකට පස්සෙ ආපහු එනවා.

ඔහොම ගියාට ඒ අයට ඉන්න බෑ ලෝක  අවධානය නැතුව.. රතු කාපට් එක නැතුව.. ෆ්ලෑශ් ලයිට් නැතුව.

බ්‍රිජිට් බාදෝ කියලා වෙනසක් නෑ. ආපහු එනවා සැකයක් නෑ.

අන්න එතන තමයි අපිට වැරදුනේ.

1973 අවුරුද්දෙන් පස්සෙ  බ්‍රිජිට් කිසිම දවසක ආපහු සිනමාවට එන්නෙ නෑ.

සිනමාවට තියා කිසිම ප්‍රසිද්ධ  උත්සවයකට එයා සහභාගිවෙන්නෙ නෑ. 

කලාතුරකින් පුවත්පත් හෝ රූපවාහිනී සකාච්ඡාවකට එක්වුනත් ඒ එයා පෙනී සිටින සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පමණයි. 

කොරිදා ද තොරොස් සටන් නවත්වන්න බ්‍රිජිට් විශාල මෙහෙයක් කරනවා.

අත් හැර දැමූ සුනඛයන් හා පූසන් වෙනුවෙන් ආරක්ශිත නිවාස හදන්නත් ඒ වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්නත් පියවර ගන්න බ්‍රිජිට් ජීවිතේ වැඩි කොටසක් ගෙවන්නෙ සතුන්ගේ සුවපහසුව හා  අයිතිවාසිකම් වෙනුවෙන්.

කොයිතරම් ආරාධනා ආවත් බ්‍රිජිට් නෙවෙයි තමන්ගේ තීරණේ වෙනස් කරන්නෙ.

" ආපහු සිනමාවට එන්න.. අපොයි ඔබට කිසිම අදහසක් නෑ මම ගෙවන නිදහස් ජීවිතේ ගැන.

බැල්කනියට වෙලා මධ්‍යදරණී මුහුදේ ඉර ගිලෙන හැටි බලන් ඉන්න.. මගෙ සුරත්ල් බල්ලන් එක්ක වෙරළෙ ඇවිදින්න යන්න.. ගහක ගෙඩියක් කඩාගෙන කන්න ලැබෙන නිදහස ගැන ඔබ දන්නෙ නෑ.

ඒකයි මේ ප්‍රශ්ණ සේරටම මුල. ෆ්ලෑශ් ලයිට් නැති.. මේකප් නැති.. කොණඩ විලාසිතා නැති.. පැපරාසීන් නැති.. එලාම් එකට අවදිවෙන්න නැති ජීවිතේ ගැන ඔබ දන්නෙ නෑ. "

ඇයට චෝදනා නැතුවාම නෙවෙයි. විශේෂයෙන්ම අණවසර සංක්‍රමණවලට.. අරාබි සංස්කෘතික ආක්‍රමනයර බ්‍රිජිට් තදින්ම විරුද්ධයි. ඇයගෙ අදහස් බොහෝවිට දක්ශිණාංශික බව විචාරකයන් කියනවා.

" පැරීසිය කියන්නෙ විලාසිතා අග නගරය. තරුණ කෙල්ලකට බැරිනම් කොට කලිසමක් ඇඳන් පාරෙ යන්න... මොකද්ද මේ නිදහස.. මොකද්ද මේ විලාසිතා ලෝකය.

තරුණියකගේ පාද දැකලා ඔබගේ හිරි ඔතප් බිඳෙනවා නම් ඔබ කරුණාකරලා ඔබේ ගෙදරටවෙලා ඉන්න. එක්කො ඔබගෙ රටට ආපහු යන්න. නමුත් පැරිස් සංස්කෘතියට ඒ විදිහට තියෙන්නෙ දෙන්න"

1973 අවුරුද්දෙ කියපු විදිහට බ්‍රිජිට් කවදාවත් ආපහු ප්‍රසිද්ධ ජීවිතයට එන්නෙ නෑ.

අද .. ඒ කියන්නෙ 2025 දෙසැම්බර් 28 වෙනිදා බ්‍රිජිට් ජීවිතයෙන් සමුගන්නෙ වයස අවුරුදු 91 දී.

ලෝකය පුරාම එක වගේ ජනප්‍රිය වුනු බ්‍රිජිට් .. සෑම රටකම වගේ තරුණයන්ගෙ සිහින කුමාරිකාව වුනා.

නිදන කාමර බිත්ති.. ලොකර් රූම් දොරවල් බ්‍රිජිට්ගෙ පිංතූරවලින් හැඩවුනා. එයාව අපි හැමෝම දැක්කෙ දක්ශ නිලියක් හෝ සෙක්ස් සිම්බල් එකක් වගේ. 

නිදහස ගැන.. නිදහස්  ජීවිතය ගැන බ්‍රිජිට් කියපු කතාව අපිට හිතන්න ගොඩාක් දේ ඉතිරි කරනවා.

"කාම ධේනුව".. බලෙන් පටවපු මේ තණතුරු පට්ටම් ඇත්තට වලංගුද.?

කුඩා කාලෙ හිතුවා වගේම සෙන්ට් ත්‍රොපේ වෙරළ තීරයට නම් කීප සැරයක්ම ගියා. ඒර්ග් බ්‍රිජිට්ව නම් හමුවුනේ නෑ. 

සුභ ගමන් බ්‍රිජිට්.

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.