News Category
From Date
To Date
Maximum Number of Result

ගෝඨාභට කොවිඩ් සහ අනුරට දිට්වා ගලපමු..

Dec 25, 2025 at 07:32 AM
|

ඊයේ සටන වැඩ සටහනට සහභාගී වුන රජයේ නියෝජිතයෙක් කීවා මෙම කාළගුණ ආපදාව තමයි මෑත කාලීනව රට මුහුණ දුන් විශාලතම ව්‍යසනය කියලා.

ඒක ව්‍යවසනයට රජය වෙන් කරන්නේ  අනුරගේ ආපදා කලමනාකරණයට රු බිලියන 195 ක සහ බිලියන 500 ක වශයෙන් බිලියන 695 ක ඇස්තමෙින්තුවක්.

හැබැයි මෑත කාලයේ අපේ රට මුහුණ දුන්න ලොකුම ව්‍යසනය කොවිඩි වසංගතය.

කිසිම රටකට අපිට උදවි කරන්න එනවා තබා ඔවුනුත් හිර වෙච්ච ලෝක වසංගතයක තුළ ලංකාව හිර වුන විශාලතම ව්‍යවසනය ඒක.

.⭕ අද මේ සුළි කුණාටු ආපදාව තුළ  රජයට රකින්න ඕන පවුල් ඒකක 150 000 යි.

හැබැයි කොවිඩ් වසංගතය ඇතුලේ පවුල් එකක ලක්ෂ65 ක වගකීම රජයට ගන්න වුනා.‼️

⭕ අද ගෙවල් පිරිසිදු කරගන්න රැපියල්  25000 දෙනකොට

එදා පවුල් පිටිං නිවාස ඒකක ලක්ෂ 12 ක පමණ මිනිස්සු රට වටේ නිරෝධායනය කරන්න බිලියන 25 ක් වියදම් වුනා. අද නිවාස පිරිසිදු කරන්න වැය වෙන්නේ නිවාස ඒකක ලක්ෂ 4.5 කට රුපියල් බිලියන   11.25 යි.

⭕ අනුර ඉදිරිපත් කරපු ආපදාවේ ජනතා සහනාධාර පැකේජය බිලියන 195 යි ( ඒක ඇතුලේ තමයි ඔය නිවාසයයි ඉඩමයි දෙකම නැති වුනොත් රැපියල් කොටියක්  දෙනවා කීව ටකරමක් ගියත් ලක්ෂ 10 දෙනවා කීව පොරොන්දු තියෙන්නේ.) 

හැබැයි කොවිඩ් සමයේදී  එක ⁣ගෙදරකට රු 5000 බැගින් දෙවරක් සහ රු 5000 වටිනා භාන්ඩ මළු දෙවරක් ලබා දෙන්න

දෙකෝටි විසි ලක්ෂයක් එන්නත්කරනය PCR කරණය  වෙනුවෙනි වියදම් වුන මුදල බිලියන කීයද බලන්න 

පවුල් ඒකක 65 ලක්ෂයකට රු 5000 බැගින් දෙවරකි ලබා  දීමට  බිලියන  65 ක්

රු 5000 භාන්ඩ මල්ලක් ලබා  දෙන්න  බිලියන 65 ක්

රටේ ආපදාව තුළ වෙලදාම කර ගන්න බැරිවුන එළවළු බිත්තර  වැනි නිෂ්පදෙකයන්ගෙන්  නිෂ්පදෙ මිළට ගන්නහමුදාව ලවා රැස් කරවන්න  බිලියන 10 ක් 

එන්තක්කරණය සහ රට පුරා නිරෝධායනය සහ PCR කටයුතු සදහා බිලායන 146 ක් ලෙස

කෙටි කාලීන ආපදා කළමනාකරණයට 

❌  රුපියල් බිලියන 286 ක වියදමක්දරලා තියනවා..‼️

ඊළගට මේ ආපදාව සමග අනුර රට පවත්වාගෙන යන්න බිලියන 500ක් සම්මත කර ගත්තා.

ගෝඨාභය රටේ ලක්ෂ 18 ක රාජ්‍ය සේවයකට වසරක් ගෙදර ඉදන් වැඩ කරන්න ඔවුන්ගේ වැටුප්,නොකපා 

සංචාරක ආදායම් 0 වැටිලා තියෙනකොට

පිටරට ශ්‍රමික ආදායම 50% කානි බිදවැටිලා ඔවුන් ලංකාවට නොමිලයේ ගෙනවිත් නිරෝධායනය කරන විට

රටේ ආදායම දවසට බිලියන 200 ක්,වෙලා වියදම රුපියල් බිලියන 500 වෙලා දෛනිකව රාජ්‍ය ආදායමේ හිගයක් නිර්මාණය වෙනවිට.

රේගු සහ  සුරාබදු  ආදායම් පහලටම වැටෙනකොට

රජයේ පුනාරාවර්ථන වියදම ඇතුලේ ලොකුම පංගුවට එනම් රාජ්‍ය සේවක වැටුප සහ විශ්‍රාම වැටුප ගෙවන්න 

රැපියල් මිලියන 865 ක් වෙන් කරා රටේ රාජ්‍ය සේවකයන්ට අනුර අද මේ ආපදාවට වෙන්කල සංවර්ධන ඇස්තමේන්තුව වන බිලියන 500 ක් වෙනකොට

එදා රටේ සංවර්ධනය පරිපාලනය කඩා නොවැටෙන්න  ගෝඨාභය බිලියන 865 ක් වෙන්කරගෙන රට අරං ආවා.

මේ ආපදාවෙන් රටට වුන අලාභය ගනන් බලලා තියෙන්නේ ඩොලර් බිලියන 4 යි.

එනම් රුපියල් වලින් ( ඩොලරයක් රු 310 ලෙස ගතහොත් )  රුපියල් ට්‍රිලියන 1.24යි.

එදා කොරෝනා වසංගතයෙන් අපට වසරට අහිමි වුන පාඩුව ඩොලර්,බිලියන 10 යි කියලා මහ බැංකුව ප්‍රකාශ කරනවා. එනම් එතකෙට ඩොලරයක් රු 165 යි නම්  

ට්‍රිලියන 1.65 ක අලාභයක් ජනිත කරලා තියනවා.

අපි අද මේ ව්‍යසනය එක්ක  ජාතියට නැතිවුනේ මරණ 605 විතර ( මට නිවරදිම අගය මතක නෑ  )

හැබැයි අපේ කොරෝණා මරණ  3000+   තිබුනා .‼️

සෑම ව්‍යසනයක්ම රටට බරක් . ඒක ලොකුද පොඩිද අදාල නෑ.

සෑම රජයක්ම තමන්ගේ  වගකීම ඒ,වෙලාවේ  ඉටු කරන්න ඕන.

සුපුරුදු පරිදි  කොරෝණා අතරේ  කොරෝණා පොකුරු බිහිවෙනවා කියලා ගාමන්ටි වහපියවි කියලා එදා විපක්ෂයේ හිටිය ජවිපය කෑ ගැහුවා  එදා මිනිස්සුත් ජවිපයට වසංගතය අස්සේ දේශපාලනය කරන්න එපා කීවා.

අද ජවිපය ආන්ඩුවේ ඉන්නවා එද වගේම අද විපක්ෂයේ ඉන්න අයට  ජවිපය කියනවා ගංතුරේ ආපදාවේ දේශපාලනය කරන්න එපා කියලා.

හැබැයි රජයක් කියන්නේ සියල්ල දරාගෙන ජනතාවට අවශ්‍ය දේ කරන්න හැකියාව බලය විසිනි නිර්මාණය කරන කොටස වෙනවා.

ඉතිං අපට මෑත කාලයේ මුහුණ දෙන්න වුන දරුණුම ආපදාවෙි ගිලිලා ඉන්නවා කිය කිය රජය බෑගිරි ගාන්න දෙයක් නෑ. 

අනුර සහ රජය මුහුණ දීලා තියෙන්නේ කොවිඩි වසංගතයට අඩු  ආපදාවකට

පවුල් ඒකක 150000 ක මිනිස්සු සහ දේපල සහිත උවදුරකට  මීට කලිං මේ වගේ ආපදාවකදී කරන දේවල්  උදාහරණ සහිත අත්දැකීම් තියෙන ආපදාවකට.

හැබැයි කොවිඩ් වසංගතය පලමු වරට අත් දැකීමි නැති රටම සහ ලෝකයම  එකතැන නතර කරපු  ආපදාවක්. ඊට කලිජ එවැනි ආපදාවක අතිදැකීම් නැති ව්‍යසනයක්.

රජය සාර්ථක වන්න නම්  

කයියට වඩා වැඩ අවශ්‍ය වෙනවා.

කොවිඩි වසංගතය මෑත කාලයෙි ලංකාව මුහුණ දුන්න විශාලතම ආපදාව වුනා

එය සාර්ථක ද නැද්ද යන්නට උදාහරණ දැන් තිබෙනවා.

දැං අනුරගේ වාරය.

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.