News Category
From Date
To Date
Maximum Number of Result

අදහස් ප්‍රමෝට් කර බලාත්කාරයෙන් ලිංගික අනන්‍යතා වෙනස් කළ හැකිද?

Dec 25, 2025 at 07:27 AM
|

ලිංගිකත්වය කියන්නේ ශ්‍රී ලංකාව තුළ ජාතිකත්වයට, රටේ සංස්කෘතික වටිනාකම්වලට පහරදීලා හීනමානයෙන් යුත් මිනිස්සු හදන්න පාවිච්චි කරන ප්‍රබලතම මතවාදී මෙවලමක්. හැබැයි ලිංගිකත්වය පිළිබඳ කිසිම විද්‍යාත්මක හෝ සමාජීය පදනමක් නැති මිත්‍යා මත කන්දරාවක් ඔස්සේ තමයි මේ පහරදෙන අය ඒ වැඩේ කරන්නේ.

අද හැමෝම කතාවෙන සමලිංගිකත්වය හා ලිංගික දිශානති කතාව ගැනත් මේ පිරිස ලංකාවේ හදලා තිබුණේ එහෙම කථිකාවක්. ලංකාව වගේ නොදියුණු ආසියාතික රටවල්වල නූගත් මිනිස්සු මේවාට විරුද්ධ වුණාට දියුණු, ශිෂ්ට, විද්‍යාව දන්න බටහිර රටවල මිනිස්සු මේවා හරිම ආදරයෙන් වැළඳගෙන ඉන්නවා කියන අදහස තමයි ඔවුන්ගේ ලොකුම උදාන වාක්‍යය වුණේ.

ඇත්තටම බටහිර සමාජය තුළ මේ දේවල්වලට කොයි තරම් විරෝධයක් තියනවාද? ඒවා නිසා ඒ රටවල ඇති වුණු බරපතළ සමාජීය අර්බුද මොනවාද? කියන එක ගැන ලංකාවේ අපේ බොහෝ අයට මෑතක් වන තුරු කිසිම අවබෝධයක් තිබුණේ නෑ.

හැබැයි මෑතකදී ඩොනල් ට්‍රම්ප්ලා, ඉලෝන් මස්ක්ලා වගේ අය මේකට විරුද්ධව එල්ල කරපු බර අවි ප්‍රහාරයත් එක්ක ලංකාවේ රැඩිකල් දුර්මතයටත් බරපතළ අභියෝගයක් එල්ල වුණා. යූඑස්ඒඩ් වැනි සංවිධාන සමලිංගිකත්වය ප්‍රවර්ධනයට මහා පරිමාණයෙන් සැපයූ අරමුදල් ගැන ප්‍රසිද්ධ කතාබහක් ඇති වීමත්, මෑතකදී නෙට්ෆ්ලික්ස් සම්බන්ධව ඉලෝන් මස්ක් පළ කළ Cancel Netflix for the health of your kids කියන පණිවිඩයෙන් ඇතිවූ ආන්දෝලනයත් වගේ කාරණා මීට අදාළ තවත් උදාහරණ.

මේ මොනවා වුණත් මේ ගැන කතා කරද්දි බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ඉතින් මේවා ප්‍රමෝට් කළාට මොකද? ප්‍රමෝට් කළා කියලා ස්වභාවිකව සමරිසි නැඹුරුවක් නැති අයට මේ අදහස් බලෙන් ඔබ්බවලා බලෙන් ඒ අයගේ ලිංගික දිශානතිය වෙනස් කරන්න බැහැ නේද කියන ප්‍රශ්නය.

මේකට තියන ජනප්‍රිය විද්‍යාත්මක උත්තරය තමයි ප්‍රමෝට් කිරීම මගින් කෙනෙකුගේ ලිංගික අනන්‍යතාව, ලැදියාව, සමරිසි හෝ නොරිසි බව වෙනස් කරන්න බෑ කියන එක. හැබැයි ඒ සරල උත්තරයෙන් ආවරණය නොවන කාරණා ගණනාවක් මේ සමඟ බැඳී තිබෙනවා.

ප්‍රමෝට් කිරීමෙන් කිසිදු බලපෑමක් නැත්නම් ඇතැම් පිරිස් මේ සඳහා මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන්නේ මොන අරමුණකින්ද? මොකද ස්වභාවිකව මෙවැනි ලිංගික දිශානතීන්ගේ වෙනස්කම් සහිත පිරිස ඉන්නේ ජනගහනයෙන් ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි. එතකොට මේ සඳහා විශාල වශයෙන් අරමුදල් පොම්ප කරන්නේ හුදු ස්වභාවිකව ලිංගික දිශානතීන්ගේ වෙනස්කම් ඇති ප්‍රජාවගේ අහිංසක අයිතීන් රැකගැනීම සඳහා විතරද කියන ප්‍රශ්නය ඕනෑම කෙනෙකුට සරලව මතුවෙනවා.

මීළඟට තනි තනි පුද්ගලයාගේ ලැදියාව වෙනස් වුණත් නැතත් මේවා ප්‍රවර්ධනය කිරීමෙන් අද වන විට ලෝකය පුරාම සමාජ ගැටලු කන්දරාවක් මතු වී තිබෙනවා. කුඩා හා නව යොවුන් වියේ දරුවන්ට මෙය තදින් බලපානවා. අවශ්‍ය නම් ඒවා වෙනම විස්තරාත්මකව කතා කළ හැකියි. කොහොම වුණත් ඒ ගැටලු නිසා තමයි ලෝකයේ බහුතරයක් රටවල මේවා ප්‍රවර්ධනයට විවිධ මට්ටමේ සීමා පනවා ඇත්තේ සහ ප්‍රවර්ධනය කරපු රටවලත් මේවාට විරුද්ධව විශාල විරෝධයක් මතු වෙන්නේ.

මෑතකදී ලංකාවේත් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ බුර්කිනෝ ෆාසෝහි තරුණ ජනාධිපති ඉබ්‍රාහිම් සමලිංගිකත්වයට එරෙහි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කළා. හැබැයි ඔහුගේ සිස්ටම් චේන්ජ් වීරකම් ගැන කතා කළ බොහෝ අය ඒ පනත ගැන කතා කළේ නැහැ.

ලෝකයේ රටවල් 195ක් අතරින් තවමත් සමලිංගික විවාහ නීතිගත කර ඇත්තේ රටවල් 38ක වගේ සුළු ප්‍රමාණයක විතරයි.

චීනය, රුසියාව වැනි ලෝකයේ වේගයෙන් නැගී එන හා ලෝක දේශපාලනයට ප්‍රබල බලපෑමක් කරන බලවත් රාජ්‍යයන් තුළ කිසිසේත්ම සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට ඉඩදෙන්නේ නැහැ.

චීනය සමලිංගිකත්වය නීතිමය වරදක් ලෙස සලකන්නේ නැහැ. අතීතයේ චීනය එය මානසික රෝග ලැයිස්තුවට ඇතුළත් කර තිබුණත් 2001 වසරේ සිට චීනයේ මනෝ විද්‍යා සංගමය එය ස්වභාවික තත්ත්වයක් බව පිළිගන්නවා. හැබැයි ඔවුන් කිසිම ආකාරයකින් සමලිංගික විවාහවලට හෝ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවලට නීතිමය අවසර ලබාදීලා නැහැ. එහෙම නොදෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක ගැන අප සිතා බැලිය යුතුයි.

මොකද චීනය කියන්නේ රටේ යහපැවැත්ම, සමාජ ස්ථාවරභාවය ගැන ගැඹුරින් හිතලා ඉතාම සැලසුම් සහගතව තීරණ ගන්න රටක්. මහා පරිමාණ සමාගම්වලට, බිස්නස් කාරයන්ට හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ගේ රටේ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමට චීන රජය කිසිදු ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි ප්‍රශ්නවලදි අප ආදර්ශයට ගත යුත්තේ චීනය වැනි රටවල් මිසක බටහිර රටවල් නොවෙයි.

ඊළගට ට්‍රාන්ස් ජෙන්ඩර් කියන කාරණය සලකා බැලුවොත් එතෙන්දි මේ ප්‍රවර්ධනය කරන්න බෑ කියන කතාව පවා බිඳ වැටෙනවා. මොකද ඒක කිසිසේත්ම ස්වභාවික තත්ත්වයක් නෙමෙයි.

එතෙන්දි කරන්නේ ලිංගික දිශානතිය වෙනස් කරන්න ඕන කියන අදහස හය හතර නොතේරෙන ළමා වියේදීම බලෙන් මනසට කාවද්දලා, Puberty Blocking වගේ ක්‍රම මගින් ශරීරයේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරීත්වය බලෙන් නතර කරලා, හෝමෝන එන්නත් කරලා, මිල අධික ශල්‍යකර්ම මගින් ශරීර අවයව කපලා කොටලා කරලා බලහත්කාරයෙන් ලිංගික අනන්‍යතාව වෙනස් කරන එක. මෙය කිසිසේත්ම ස්වභාවිකත්වයට ඉඩදීමක් ලෙස සලකන්න බැහැ.

ඉතාම හොඳින් පුරුෂයන් හෝ කාන්තාවන් ලෙස ජීවත් වී, පවුල් ජීවිත ගතකොට දරුවන් ලැබූ අය පවා මේ විකෘතියට හසුව බලාත්කාරයෙන් ලිංගිකත්වය වෙනස් කරගත් අවස්ථා තිබෙනවා.

කාඩෑෂියන් පවුලට සම්බන්ධ විලියම් බෲස් ජෙනර්ගේ කතාව මීට අදාළ ලෝක ප්‍රකට උදාහරණයක්. ඔහු හොඳ පිරිමියෙක්. සුප්‍රකට ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙක්. කසාද තුනකින් දරුවන් හය දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒත් 1949 දි උපන් මේ පුද්ගලයා 2015දි ඒ කියන්නේ වයස අවුරුදු 66 දී ලිංගික අනන්‍යතාව වෙනස් කරගනිමින් කාන්තාවක් බවට පත් වෙනවා.

මේ ආකාරයට ලිංගිකත්වය මාරු කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු පවා මතුවීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම මේ ආකාරයට බලෙන් ලිංගික අනන්‍යතාව වෙනස් කළ අයට සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් මිල අධික ප්‍රතිකාර පවා ලබාගැනීමට සිද්ධ වෙනවා. ඒ නිසාම මේ ට්‍රාන්ස් ජෙන්ඩර් ව්‍යාපෘතිය පිටිපස්සේ මහා පරිමාණ ඖෂධ සමාගම් ඉන්නවා කියන එකත් ප්‍රබලව එල්ල වෙන චෝදනාවක්.

මේ තත්ත්වය කොතරම් බරපතළද කිවතොත් මෑතකදී ස්වීඩනය, ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය වැනි රටවල පවා Puberty Blocking නීතිමය වශයෙන් පාලනය කිරීමට කටයුතු කළා. 2022 දී ස්වීඩනයේ National Board of Health and Welfare ආයනතන නිකුත් කළ නිවේදනයක් මගින් වයස 18ට අඩු අය සඳහා ලිංගික හෝමෝන ප්‍රතිකාර සහ වැඩිවිය පැමිණීම සීමා කිරීම අතිවිශේෂ තත්ත්වයකදී පමණක් කළ යුතු බව කියා සිටියා.

එතකොට මේ විදිහට ලෝකය පුරාම මේ සම්බන්ධව දැඩි විරෝධයක් හා එහි අහිතකර පලවිපාක ගැන පැහැදිලි කථිකාවක් ඇතිවූ කාලයක තමයි ලංකාවේ මේ වසංගතය ප්‍රවර්ධනය කිරීම වේගවත් වෙන්නේ.

අද ලංකාවේ තේ සමාගමක් කළ ආකාරයටම වෙනත් රටවලත් මේවා ප්‍රවර්ධනයට උත්සාහ දැරූ සමාගම්වලට එහි අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. අමෙරිකාවේ Anheuser-Busch බියර් සමාගම මුහුණ දීපු ප්‍රශ්නය මීට එක උදාහරණයක්.

කෙටියෙන්ම කිවතොත් ස්වභාවිකව යම් යම් වෙනස්කම් ඇති පුද්ගලයන් හෝ සමරිසි ප්‍රජාව හෙළා දැකීමට පිළිකෙව් කිරීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැහැ.

ඒත් ස්වභාවිකව එවැනි පිරිස් ඉන්නේ ජනගහනයෙන් ඉතාම අල්ප ප්‍රතිශතයක් පමණයි. එතකොට දැන් සිදුවෙමින් තිබෙන්නේ ඒ ඉතාම සුළු පිරිසක ප්‍රශ්නයක් අල්ලා ගනිමින්, ඒ ප්‍රශ්නය සිය දහස් වතාවක් අතිශයෝක්තියට නංවමින්, ඒ සුළු පිරිසේ අන්තවාදී ඉල්ලීම් අනුව සමස්ත සමාජ පද්ධතියේම සැකැස්ම අර්බුදයට ඇද දැමීමක්. ඔය ඉංග්‍රීසි අකුරු කිහිපයේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිටුපස තිබෙන්නේ ඒ කාරණය. ඒ නිසා මේ ප්‍රශ්නයේ සමස්ත වපසරිය දෙස නොබලා ප්‍රවර්ධනය කිරීමේ සමරිසි භාවය ඇති කළ හැකිද වැනි සරල තර්කයකට සීමා වී මේ ප්‍රශ්නය දෙස බැලීම ප්‍රායෝගිකව කිසිදු අර්ථාන්විත භාවයක් නැහැ.

nextpagesl.com


සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.