News Category
From Date
To Date
Maximum Number of Result

මුවෙහි මී පැණිත් හදවතේ හලාහල විෂත් රැගෙන යන ජයිශංකර් ගේ මෙහෙයුම..

Dec 23, 2025 at 06:56 PM
|

ජයිශංකර්ට මා තරම් කැමැති ශ්‍රී ලාංකිකයෙක් ඔබට සොයාගත නොහැක... 

ඒ, ඔහුගේ කථිකත්වය, දැනුම, අත්දැකීම්, අති ශූර බුද්ධිය සහ තම රට වෙනුවෙන් ජාත්‍යාන්තරය ඉදිරියේ පෙනී සිටින සිංහ සෙයියාවත් නිසායි. ඔහුගේ සිනහව හුරතල් ය. නමුත් මොළය බිහිසුණු ය. පුරාණ බමුණු වචනවලට අනූව මුවෙහි මී පැණිත් හදවතේ හලාහල විෂත් රැගෙන සතුරා ආක්‍රමණය කරන්නට ජයිශංකර්ට ඇති ශූරත්වය, රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ කෙල පැමිණි ඔහුගේ පියාගෙන් ලැබූ දායාදයකි.

මා ඔහුට කෙතරම් කැමති වුවත්, ජයිශංකර් යනු ඉතාමත් කපටි, සාහසික, දරුණු ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බව නොකියා බැරිය. ඔහු රටට මෙන්ම BJPයටද පක්ෂපාතීය. ඔහුගේ පියාගේ රැකියාව පෙර පැවති රජයන් විසින් නැති කළ බව කතා කරන සෑම විටෙකම වචනවල නැතත් ඔහුගේ මුහුණේ ඉරියව්වලින් පෙන්වන්නේ වෛරයයි. ජයිශංකර් දේශපාලනයේ ඉන්නා තෙක් කොංග්‍රස් පක්ෂයට බලය ලබාගැනීමට ඉඩ නොදෙන සෙයියාවක් ඔහු නිහඬවම පෙන්වයි. පාකිස්තානය ගැන කතාකරද්දී ඔහුගේ මුහුණෙන් ගම්‍යවන, වචනයෙන් සහ ඉරියව්වලින් පෙන්වන අකමැත්ත, නින්දාසහගත බව සහ වෛරී ස්වභාවය සැඟවීමට ඔහු උත්සාහකරන්නේ නැත. අතිශයින්ම වැදගත් අන්තර්ජාතික සමුළුවලදී පවා ඔහු පාකිස්තාන මාධ්‍යවේදීන් හෙළාදකින්නේ සිය රාජ්‍යතාන්ත්‍රික භාවය අවියක් ලෙස භාවිතා කරමිනි. ඉන්දියාවේ තරුණ තරුණියන් බොහෝ දෙනා ජයිශංකර්ට වහ වැටී ඇත්තේ ඔහුගේ මේ පාකිස්තානයට එරෙහි රාජ්‍යතාන්ත්‍රික ප්‍රචණ්ඩත්වයත්, තැනට සුදුසු ලෙස ලබා දෙන බුද්ධිමත් පිළිතුරුත් නිසාවෙනි.

ඔහු ලියන පොත්පත් සියල්ලම වාගේ ඉන්දියාවේ සාහිත්‍යමය ඉතිහාසය ලෝකයාට කවන ඒවාය. ලෝකයේ හොඳම රාජ්‍ය තාන්ත්‍රික පොත ලෙස ඔහු හඳුන්වන්නේ මහා භාරතයයි. මහා භාරතයේ කියැවෙන යුද්ද සහ විසඳුම් එකින් එක ගෙනහරිමින් ඔහු ඒවා පැහැදිලි කරන ආකාරය අසා සිටිද්දී ඔහුගේ මතය ප්‍රතික්ශේපකිරීමට සක්කරයාටවත් බැරිය.

දකුණු ඉන්දියාවේ උපත ලබා දිල්ලියේ හැදී වැඩුණද ඔහු විවාහ වන්නේ ජපන් ජාතික කාන්තාවක් සමග ය. භාෂා 6 ක් පමණ චතුර ලෙස කතා කරන ඔහු හා කරට කර සිටීමට ආසියා මහද්වීපයේම කිසිදු රටකින් අමාත්‍යවරයෙක් සොයාගත නොහැකි ය. Diplomatic services හි ඔහුගේ සේවය කළ වසර ගණන, මෙය ලියන මගේ ජීවිත කාලයටත් වඩා වැඩි ය. බුද්ධි අංශ හා ශක්තිමත් සම්බන්ධතා මෙන්ම විරුද්ධ පාර්ෂවය පක්ෂයක් වුවද රටක් වුවද එයට සිය ඔත්තු කරුවන් රිංගවීමට මෙන්ම, ප්‍රතිවාදියාව වචනයෙන් මෙල්ල කරගැනීමට, ප්‍රතිවාදියාගේ කෙතරම් දරුණු වාග් ප්‍රහාරයකින් වුවද කිසිදු ලෙසකින් චංචල නොවන බව ඔහුගේ මනසේ දැඩි ගතිය ප්‍රදර්ශනය කරයි. ඔහු පෙරළා පහර දෙන විට එම ප්‍රහාරය ඔහු සැලසුම් කරන්නේ ප්‍රතිවාදියාගේ දරාගැනීමේ සීමාවට වඩා කිහිප ගුණයක් ඉහළිනි. 

මීට වසරකට පමණ පෙර ජර්මනියේදී පැවති සමුළුවකදී ඔහු කියා සිටියේ ඉන්දියාව විසින් ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට හොඳ අසල්වැසියෙකු වෙමින් උපකාර කළ නිසා, ශ්‍රී ලංකාවද හොඳ අසල්වැසියෙකු ලෙස එම උපකාර මතක තබාගෙන වැඩ කළ යුතු බවයි. තවත් තැනක ජයිශංකර් යුරෝපයට කෙලින්ම පහර එල්ල කළේ යුරෝපයේ ප්‍රශ්න ලෝකයේම ප්‍රශ්න බවත්, ලෝකයේ ප්‍රශ්න යුරෝපයේ ප්‍රශ්න නොවන බවත් යන මානසිකත්වයෙන් යුරෝපය මිදිය යුතු බව කියමිනි. මා කැමතිම ඔහුගේ කතාවක්නම්, ඇමරිකාවත් සමග සම්බන්ධතා තබාගෙන සිටියදීම ඉන්දියාව විසින් රුසියානු තෙල් මිළදී ගැනීම සම්බන්ධයෙන් බටහිර මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකදී ඔහු දුන් පිළිතුරයි. ලෝකයේ බොහෝ රාජ්‍යතාන්ත්‍රික ගැටළුවලට ඒ කෙටි පිළිතුරෙන් ගතහැකි දේවල් බොහෝයි.

ඉන්දියාව තුළ BJP හි පාලනය තවත් බොහෝ කල් පවත්වා ගැනීමට මෙන්ම ලෝකය තුළ ඉන්දියානු ව්‍යාප්තිය මෙන්ම ආධිපත්‍යය බලාත්මක කිරීමේ මෙහෙයුමට මේ කෙට්ටු මිනිසාගෙන් වන සේවය අප්‍රමාණ ය.

මා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව Soft power technique හරහා ආක්‍රමණය කිරීමට ගෙතූ රාවණා ප්‍රබන්ධය විශ්වාස නොකළ ද, ජයිශංකර් ගැන කියද්දී මගේ මතකයට එන්නේ රාවණා ය. ඔහු එතරම්ම දක්ශ යක්ෂයෙකි.

ඉන්දියාවේ වාසියට ඕනෑම රටක් බිල්ලට ගැනීමට ඔහු දෙවරක් නොසිතයි. තමන්ට වඩා දුර්වල පාලකයින් සිටින රටවල්, ඒ පාලකයින්ගේ මානසික, ශාරීරික මෙන්ම පෞර්ෂ දුර්වලතාද අධ්‍යයනය කරන ජයිශංකර් ඔවුන්ව නම්මා ගන්නේ ඔවුන්ටත් නොදැනීම ය. ඔහු සිය මතයට එකඟ නොවන අය පිළිබඳව අනුකම්පා විරහිත ය. පෞර්ෂයක් සතු නායකත්වයක් ඇති රටවල්වලට ඔහු ඇඟිලි ගසා වැඩ වරද්දාගන්නේ නැත. මෝදි බලයට පත්වී ගතවුණ දශක එකහමාර තුළ, ජයිශංකර් විසින් කිසිදු ලෙසකින් සෘජුවම ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම්වලට ඇඟිලි ගසා නැත. ඒ, ඔහු පරාජය වන ව්‍යාපෘති ආරම්භ කිරීමට අකමැති නිසා ය. නමුත් අනුර නමැති පෞර්ෂයෙන් හීන, දෙවැනි සිරිසේනයා ජනාධිපති වූ දා සිටම ජයිශංකර්ගේ තුන්වැනි ඇස නිරන්තරයෙන්ම පවතින්නේ ශ්‍රී ලංකාව දෙස ය. රට තුළ අර්බුද වැඩිවෙන්න වැඩිවෙන්න ජයිශංකර්ගේ ශ්‍රී ලංකාවට පාන සෙනෙහස වැඩෙයි. අනුරව ස්පර්ෂ කරනු වස් ශ්‍රී ලංකාවට නිතර නිතර පැමිණෙයි. ජයිශංකර්ගේ චරිතය අධ්‍යයනය කළ අයෙකුට මේවා ඒ තරම් සුබ ලකුණු නොවන බව වටහාගැනීම අපහසු නැත.

ජයිශංකර් දක්ශයෙකි. නමුත්, ශ්‍රී ලංකාවට හෙණ ගහලා ගියත් ඔහුට පයිසෙක වගක් නැත. ඔහුගේ ගමන් මග වැටී ඇත්තේ ශ්‍රී ලංකාව වැනි කුඩා, දුර්වල, නිසි හැසිරවීමකින් තොර රටවල් හරහා අඛණ්ඩ භාරත් සංකල්පය  සාක්ෂාත් කරගැනීමයි.

මතක තබාගන්න, ජයිශංකර් පෙනී සිටින්නේ කරන්නේ 17 වතාවක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ, LTTE ත්‍රස්තවාදීන්ට ආයුද පුහුණුව ලබා දුන්, ශ්‍රී ලංකා හමුදාවට බටහිරින් පැමිණි කිසිදු චෝදනාවකදී ජිනීවා හි ශ්‍රී ලංකාව සමග හිට නොගත් ඉන්දියාව වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ වර්තමාන භාරකරු මේ වල්ගෙ දෙපරැන්දේ ගහගෙන දෙකට නැමීගෙන නිවට නියාලු සෙයියාවෙන් කියන කියන ගිවිසුම අත්සන් කරමින්, ඒවා රටෙන් සඟවමින්, ව්‍යවස්ථාව වෙනස් කර, විධායක ජනාධිපතිකම ඉවත් කර කිරීමට යන්නේද LTTE ඩයස්පෝරාවේ මෙන්ම ඉන්දියාවේද බලපෑමටයි. නිවට කරණවෑමියා දුටුවාම එළුවත් රැවුල පානවා කීවද ජයිශංකර් හෝ ඉන්දියාව යනු එළුවන් නොවේ. මුලුමහත් ආණ්ඩුවත්, ජනාධිපතිත්, විපක්ෂයේ කිහිපදෙනෙකුත් දැන් මුලුමනින්ම ඉන්දියාවේ ග්‍රහණයට නතුවී අවසන්. කොත්තුව 250 ට කන්න ගෝල්ෆේස් ගිය කා:ල:ක:ණ්:නි රටවැසියන් නිසා රට කෑලි කෑලිවලට කැඩුවද එයට විරුද්ධ වීමට තරම් විපක්ෂ බලයක් පාර්ලිමේන්තුවේද නැත. ඒ නිසා මේ නිවට ආණ්ඩුව තමාගේ පැවැත්මට මුදල් ලබාදෙන ඕනෑම කෙනෙකුගේ පදයට නටා කුමන විනාශයක් ව්‍යවස්ථාවට කළද, උත්තරීතර පාර්ලිමේන්තුවේදී එය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත. ත්‍රස්තවාදී ඉතිහාසයක් ඇති උන්ට බලය ලබා නොදෙන්නැයි පුන පුනාම අපි කීවේ එනිසායි. ත්‍රස්තවාදීන්ට පුරුදු තමාගේ සුඛවිහරණය සලසා ගැනීම සඳහා මුදල් ලබාදෙන ඕනෑම කෙනෙකු වෙනුවෙන්  රටවල් කාබාසිනියා කිරීමයි. ත්‍රස්තවාදියා ඉන් එහා වෙනත් කිසිවක් නොදනියි. උන්ට සල්ලි වීසි කරන ඕනෑම ඩයස්පෝරාවක්, ඕනෑම රටක් ළඟ උන් දණින් වැටෙයි. ඔවුන් ලබා දෙන ඕනෑම task එකක් මිනිසුන් මරා හෝ සම්පූර්ණ කරයි. 

පරාජය කළ යුතු ත්‍රස්තවාදීන්ට රටවල් ලබාදෙන පුරවැසියන් ගැන අප ඇසුවේ පළමු වතාවට ය. ඒ ශ්‍රී ලංකාවේයි. ඔබේ කතිරය ඔබේ මව්බිම විනාශ කරමින් ඇති බව දැන්වත් වටහාගන්න.

(අන්තර්ජාලෙයන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.