News Category
From Date
To Date
Maximum Number of Result

මුවෙහි මී පැණිත් හදවතේ හලාහල විෂත් රැගෙන යන ජයිශංකර් ගේ මෙහෙයුම..

Dec 23, 2025 at 06:56 PM
|

ජයිශංකර්ට මා තරම් කැමැති ශ්‍රී ලාංකිකයෙක් ඔබට සොයාගත නොහැක... 

ඒ, ඔහුගේ කථිකත්වය, දැනුම, අත්දැකීම්, අති ශූර බුද්ධිය සහ තම රට වෙනුවෙන් ජාත්‍යාන්තරය ඉදිරියේ පෙනී සිටින සිංහ සෙයියාවත් නිසායි. ඔහුගේ සිනහව හුරතල් ය. නමුත් මොළය බිහිසුණු ය. පුරාණ බමුණු වචනවලට අනූව මුවෙහි මී පැණිත් හදවතේ හලාහල විෂත් රැගෙන සතුරා ආක්‍රමණය කරන්නට ජයිශංකර්ට ඇති ශූරත්වය, රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ කෙල පැමිණි ඔහුගේ පියාගෙන් ලැබූ දායාදයකි.

මා ඔහුට කෙතරම් කැමති වුවත්, ජයිශංකර් යනු ඉතාමත් කපටි, සාහසික, දරුණු ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බව නොකියා බැරිය. ඔහු රටට මෙන්ම BJPයටද පක්ෂපාතීය. ඔහුගේ පියාගේ රැකියාව පෙර පැවති රජයන් විසින් නැති කළ බව කතා කරන සෑම විටෙකම වචනවල නැතත් ඔහුගේ මුහුණේ ඉරියව්වලින් පෙන්වන්නේ වෛරයයි. ජයිශංකර් දේශපාලනයේ ඉන්නා තෙක් කොංග්‍රස් පක්ෂයට බලය ලබාගැනීමට ඉඩ නොදෙන සෙයියාවක් ඔහු නිහඬවම පෙන්වයි. පාකිස්තානය ගැන කතාකරද්දී ඔහුගේ මුහුණෙන් ගම්‍යවන, වචනයෙන් සහ ඉරියව්වලින් පෙන්වන අකමැත්ත, නින්දාසහගත බව සහ වෛරී ස්වභාවය සැඟවීමට ඔහු උත්සාහකරන්නේ නැත. අතිශයින්ම වැදගත් අන්තර්ජාතික සමුළුවලදී පවා ඔහු පාකිස්තාන මාධ්‍යවේදීන් හෙළාදකින්නේ සිය රාජ්‍යතාන්ත්‍රික භාවය අවියක් ලෙස භාවිතා කරමිනි. ඉන්දියාවේ තරුණ තරුණියන් බොහෝ දෙනා ජයිශංකර්ට වහ වැටී ඇත්තේ ඔහුගේ මේ පාකිස්තානයට එරෙහි රාජ්‍යතාන්ත්‍රික ප්‍රචණ්ඩත්වයත්, තැනට සුදුසු ලෙස ලබා දෙන බුද්ධිමත් පිළිතුරුත් නිසාවෙනි.

ඔහු ලියන පොත්පත් සියල්ලම වාගේ ඉන්දියාවේ සාහිත්‍යමය ඉතිහාසය ලෝකයාට කවන ඒවාය. ලෝකයේ හොඳම රාජ්‍ය තාන්ත්‍රික පොත ලෙස ඔහු හඳුන්වන්නේ මහා භාරතයයි. මහා භාරතයේ කියැවෙන යුද්ද සහ විසඳුම් එකින් එක ගෙනහරිමින් ඔහු ඒවා පැහැදිලි කරන ආකාරය අසා සිටිද්දී ඔහුගේ මතය ප්‍රතික්ශේපකිරීමට සක්කරයාටවත් බැරිය.

දකුණු ඉන්දියාවේ උපත ලබා දිල්ලියේ හැදී වැඩුණද ඔහු විවාහ වන්නේ ජපන් ජාතික කාන්තාවක් සමග ය. භාෂා 6 ක් පමණ චතුර ලෙස කතා කරන ඔහු හා කරට කර සිටීමට ආසියා මහද්වීපයේම කිසිදු රටකින් අමාත්‍යවරයෙක් සොයාගත නොහැකි ය. Diplomatic services හි ඔහුගේ සේවය කළ වසර ගණන, මෙය ලියන මගේ ජීවිත කාලයටත් වඩා වැඩි ය. බුද්ධි අංශ හා ශක්තිමත් සම්බන්ධතා මෙන්ම විරුද්ධ පාර්ෂවය පක්ෂයක් වුවද රටක් වුවද එයට සිය ඔත්තු කරුවන් රිංගවීමට මෙන්ම, ප්‍රතිවාදියාව වචනයෙන් මෙල්ල කරගැනීමට, ප්‍රතිවාදියාගේ කෙතරම් දරුණු වාග් ප්‍රහාරයකින් වුවද කිසිදු ලෙසකින් චංචල නොවන බව ඔහුගේ මනසේ දැඩි ගතිය ප්‍රදර්ශනය කරයි. ඔහු පෙරළා පහර දෙන විට එම ප්‍රහාරය ඔහු සැලසුම් කරන්නේ ප්‍රතිවාදියාගේ දරාගැනීමේ සීමාවට වඩා කිහිප ගුණයක් ඉහළිනි. 

මීට වසරකට පමණ පෙර ජර්මනියේදී පැවති සමුළුවකදී ඔහු කියා සිටියේ ඉන්දියාව විසින් ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට හොඳ අසල්වැසියෙකු වෙමින් උපකාර කළ නිසා, ශ්‍රී ලංකාවද හොඳ අසල්වැසියෙකු ලෙස එම උපකාර මතක තබාගෙන වැඩ කළ යුතු බවයි. තවත් තැනක ජයිශංකර් යුරෝපයට කෙලින්ම පහර එල්ල කළේ යුරෝපයේ ප්‍රශ්න ලෝකයේම ප්‍රශ්න බවත්, ලෝකයේ ප්‍රශ්න යුරෝපයේ ප්‍රශ්න නොවන බවත් යන මානසිකත්වයෙන් යුරෝපය මිදිය යුතු බව කියමිනි. මා කැමතිම ඔහුගේ කතාවක්නම්, ඇමරිකාවත් සමග සම්බන්ධතා තබාගෙන සිටියදීම ඉන්දියාව විසින් රුසියානු තෙල් මිළදී ගැනීම සම්බන්ධයෙන් බටහිර මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකදී ඔහු දුන් පිළිතුරයි. ලෝකයේ බොහෝ රාජ්‍යතාන්ත්‍රික ගැටළුවලට ඒ කෙටි පිළිතුරෙන් ගතහැකි දේවල් බොහෝයි.

ඉන්දියාව තුළ BJP හි පාලනය තවත් බොහෝ කල් පවත්වා ගැනීමට මෙන්ම ලෝකය තුළ ඉන්දියානු ව්‍යාප්තිය මෙන්ම ආධිපත්‍යය බලාත්මක කිරීමේ මෙහෙයුමට මේ කෙට්ටු මිනිසාගෙන් වන සේවය අප්‍රමාණ ය.

මා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව Soft power technique හරහා ආක්‍රමණය කිරීමට ගෙතූ රාවණා ප්‍රබන්ධය විශ්වාස නොකළ ද, ජයිශංකර් ගැන කියද්දී මගේ මතකයට එන්නේ රාවණා ය. ඔහු එතරම්ම දක්ශ යක්ෂයෙකි.

ඉන්දියාවේ වාසියට ඕනෑම රටක් බිල්ලට ගැනීමට ඔහු දෙවරක් නොසිතයි. තමන්ට වඩා දුර්වල පාලකයින් සිටින රටවල්, ඒ පාලකයින්ගේ මානසික, ශාරීරික මෙන්ම පෞර්ෂ දුර්වලතාද අධ්‍යයනය කරන ජයිශංකර් ඔවුන්ව නම්මා ගන්නේ ඔවුන්ටත් නොදැනීම ය. ඔහු සිය මතයට එකඟ නොවන අය පිළිබඳව අනුකම්පා විරහිත ය. පෞර්ෂයක් සතු නායකත්වයක් ඇති රටවල්වලට ඔහු ඇඟිලි ගසා වැඩ වරද්දාගන්නේ නැත. මෝදි බලයට පත්වී ගතවුණ දශක එකහමාර තුළ, ජයිශංකර් විසින් කිසිදු ලෙසකින් සෘජුවම ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම්වලට ඇඟිලි ගසා නැත. ඒ, ඔහු පරාජය වන ව්‍යාපෘති ආරම්භ කිරීමට අකමැති නිසා ය. නමුත් අනුර නමැති පෞර්ෂයෙන් හීන, දෙවැනි සිරිසේනයා ජනාධිපති වූ දා සිටම ජයිශංකර්ගේ තුන්වැනි ඇස නිරන්තරයෙන්ම පවතින්නේ ශ්‍රී ලංකාව දෙස ය. රට තුළ අර්බුද වැඩිවෙන්න වැඩිවෙන්න ජයිශංකර්ගේ ශ්‍රී ලංකාවට පාන සෙනෙහස වැඩෙයි. අනුරව ස්පර්ෂ කරනු වස් ශ්‍රී ලංකාවට නිතර නිතර පැමිණෙයි. ජයිශංකර්ගේ චරිතය අධ්‍යයනය කළ අයෙකුට මේවා ඒ තරම් සුබ ලකුණු නොවන බව වටහාගැනීම අපහසු නැත.

ජයිශංකර් දක්ශයෙකි. නමුත්, ශ්‍රී ලංකාවට හෙණ ගහලා ගියත් ඔහුට පයිසෙක වගක් නැත. ඔහුගේ ගමන් මග වැටී ඇත්තේ ශ්‍රී ලංකාව වැනි කුඩා, දුර්වල, නිසි හැසිරවීමකින් තොර රටවල් හරහා අඛණ්ඩ භාරත් සංකල්පය  සාක්ෂාත් කරගැනීමයි.

මතක තබාගන්න, ජයිශංකර් පෙනී සිටින්නේ කරන්නේ 17 වතාවක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ, LTTE ත්‍රස්තවාදීන්ට ආයුද පුහුණුව ලබා දුන්, ශ්‍රී ලංකා හමුදාවට බටහිරින් පැමිණි කිසිදු චෝදනාවකදී ජිනීවා හි ශ්‍රී ලංකාව සමග හිට නොගත් ඉන්දියාව වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ වර්තමාන භාරකරු මේ වල්ගෙ දෙපරැන්දේ ගහගෙන දෙකට නැමීගෙන නිවට නියාලු සෙයියාවෙන් කියන කියන ගිවිසුම අත්සන් කරමින්, ඒවා රටෙන් සඟවමින්, ව්‍යවස්ථාව වෙනස් කර, විධායක ජනාධිපතිකම ඉවත් කර කිරීමට යන්නේද LTTE ඩයස්පෝරාවේ මෙන්ම ඉන්දියාවේද බලපෑමටයි. නිවට කරණවෑමියා දුටුවාම එළුවත් රැවුල පානවා කීවද ජයිශංකර් හෝ ඉන්දියාව යනු එළුවන් නොවේ. මුලුමහත් ආණ්ඩුවත්, ජනාධිපතිත්, විපක්ෂයේ කිහිපදෙනෙකුත් දැන් මුලුමනින්ම ඉන්දියාවේ ග්‍රහණයට නතුවී අවසන්. කොත්තුව 250 ට කන්න ගෝල්ෆේස් ගිය කා:ල:ක:ණ්:නි රටවැසියන් නිසා රට කෑලි කෑලිවලට කැඩුවද එයට විරුද්ධ වීමට තරම් විපක්ෂ බලයක් පාර්ලිමේන්තුවේද නැත. ඒ නිසා මේ නිවට ආණ්ඩුව තමාගේ පැවැත්මට මුදල් ලබාදෙන ඕනෑම කෙනෙකුගේ පදයට නටා කුමන විනාශයක් ව්‍යවස්ථාවට කළද, උත්තරීතර පාර්ලිමේන්තුවේදී එය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත. ත්‍රස්තවාදී ඉතිහාසයක් ඇති උන්ට බලය ලබා නොදෙන්නැයි පුන පුනාම අපි කීවේ එනිසායි. ත්‍රස්තවාදීන්ට පුරුදු තමාගේ සුඛවිහරණය සලසා ගැනීම සඳහා මුදල් ලබාදෙන ඕනෑම කෙනෙකු වෙනුවෙන්  රටවල් කාබාසිනියා කිරීමයි. ත්‍රස්තවාදියා ඉන් එහා වෙනත් කිසිවක් නොදනියි. උන්ට සල්ලි වීසි කරන ඕනෑම ඩයස්පෝරාවක්, ඕනෑම රටක් ළඟ උන් දණින් වැටෙයි. ඔවුන් ලබා දෙන ඕනෑම task එකක් මිනිසුන් මරා හෝ සම්පූර්ණ කරයි. 

පරාජය කළ යුතු ත්‍රස්තවාදීන්ට රටවල් ලබාදෙන පුරවැසියන් ගැන අප ඇසුවේ පළමු වතාවට ය. ඒ ශ්‍රී ලංකාවේයි. ඔබේ කතිරය ඔබේ මව්බිම විනාශ කරමින් ඇති බව දැන්වත් වටහාගන්න.

(අන්තර්ජාලෙයන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.