රතු ශ්‍රමයේ ලෝක පුදුමය..
(2025 දෙසැම්බර් මස 21 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 23 වැනි කොටස)
මිනිස් ශ්‍රමයෙන් කරන්න බැරි දෙයක් නෑ. අපේ ඉතිහාසය නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසාගේ ශ්‍රමයෙන් කියලා තමයි මාක්ස්වාදයෙනුත් කියන්නේ. රට ම පීඩාවට පත් කරලා තියෙන ආර්ථික අර්බුදය මැද්දේ දිට්වා සුළි කුණාටුවෙනුත් බැට කාපු අපිට ගොඩගන්නත් අපේ මිනිස්සුන්ගේ ශ්‍රමයට පුළුවන්. හැබැයි ඒ හපන්කම කරන්න නම් අපේ මිනිස්සුන්ගේ ශ්‍රමය හොඳින් සංවිධානාත්මකව වැඩට යොදාගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕන. ඒත් අපේ රටේ එහෙම ක්‍රමයක් නෑ. ඉතින් අපිට ගොඩ ඒමක් ගැන හිතන්නත් අමාරුයි.
ලිබරල් අන්තවාදය විසින් මිනිස්සු එකිනෙකාගෙන් වෙන් කරනවා. ඉතින් එහෙම පරිසරයක මිනිස් ශ්‍රමයේ ශක්තිය විසිරිලා යනවා. ඒත් සමාජවාදී ක්‍රමයක දී මිනිස් ශ්‍රමය හොඳින් සංවිධානගත කරලා මහ දැවැන්ත වැඩට ඒ සාමූහික ශක්තිය යොදාගන්නවා. 1960 ඉඳලා 1970 දක්වා ගතවෙච්ච දශකයක කාලය තුළ චීනයේ හදපු “රතු කොඩි ඇළ” ව්‍යාපෘතියෙන් කියන්නෙත් ඒ කතාව ම තමයි.
“රතු කොඩි ඇළ” හදලා තියෙන්නේ චීනයේ හ-නන් පළාතේ ලින්-චෝ කෝරළයේ. මේ කෝරළයේ මිනිස්සු ඈත අතීතයේ ඉඳලා ම වතුර නැතුව දුක් වින්දා. 1436 ඉඳලා 1949 දක්වා කාලය ගතවෙච්ච අවුරුදු 514 ක කාලය තුළ මේ ප්‍රදේශය ස්වාභාවික ආපදා 100 කට වැඩි ප්‍රමාණයකින් පීඩාවට ලක්වුණා කියලා වාර්තාවෙලා තියෙනවා. ඒ ආපදා 100 න් 30 ක් ම වාර්තාවෙලා තියෙන්නේ ජල හිඟය හින්දා භෝග වගාව මුළුමනින් ම විනාශවෙච්ච අවස්ථා විදිහට. ඉතින් එහෙම ආපදාවක් ඇතිවුණාම බඩගින්නේ මැරෙනවා ඇරෙන්න වෙනත් විකල්පයක් මේ කෝරළයේ විශාල ජනගහනයකට තිබුණේ නෑ.
ඒ කාලේ ඉඳලා ම මේ කෝරළයට වතුර දෙන ව්‍යාපෘති ඇති කරලා තියෙනවා. මිං යුගයේ (ක්‍රිස්තු වර්ෂ 1368 – 1644 කාලයේ) ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියකින් ගම්මාන කීපයක වතුර ප්‍රශ්නය විසඳුවා. ඒ කාලේ ලින්-චෝ කෝරළයේ වගාබිම් හෙක්ටයාර් 66,000 ක් විතර තිබුණා. ඒත් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියෙන් වතුර ලැබුණේ හෙක්ටයාර් 825 කට විතරයි. 1949 අවුරුද්දේ මහජන චීන ජනරජය ඇති කළාට පස්සේ 1957 දක්වා ලින්-චෝ කෝරළයේ ජල ප්‍රශ්නය විසඳන ව්‍යාපෘති ගණනාවක් ම ආරම්භ කළා. ඒත් ඒවායිනුත් කෝරළයේ පිපාසය සන්සිඳුණේ නෑ.
ලින්-චෝ කෝරළය හරහා ගලාගෙන යන ගංගා ඉතාමත් ඉක්මනින් ම හිඳෙනවා. ඉතින් ඒ ගංගා මුල් කරගෙන ක්‍රියාත්මක කරන වාරිමාර්ග ව්‍යාපෘති සාර්ථකවෙන්නේ නෑ. මේ කාරණය තේරුම්ගත්ත ඒ කෝරළයේ මිනිස්සු තමන්ගේ ප්‍රදේශයට වතුර ගේන්න පුළුවන් බාහිර මූලාශ්‍රයක් ගැන හොයන්න පටන්ගත්තා. මේ ප්‍රදේශයට 1958 දී ආපු මාඕ ත්ස-තුංගේ විශේෂ කණ්ඩායමක් ඉදිරිපත් කරපු අදහසක් තමයි මේ ගවේෂණයට අවශ්‍ය පෙළැඹීම ලබාදුන්නේ. “කෝරළයේ වතුර නැති නම් පිට පළාතකින් ගේන්න පුළුවන්” කියලයි ඒ කණ්ඩායමේ අය කිව්වේ. ඉතින් ඒ කතාවට ඇහුම්කන් දීපු ලින්-චෝ කෝරළයේ පක්‍ෂ කමිටුවේ ලේකම්වරයා (යං කුයි) මේ අදහස බොහොම තදින් ම හිතට ගත්තා.
මේ අලුත් අදහස තදින් ම හිතට ඇරැගෙන වැඩ කරපු යං කුයි ඇතුළු කණ්ඩායම අලුත් ජල මූලාශ්‍රයක් හොයාගත්තා. ඒක තිබුණේ ලින්-චෝ කෝරළයට වයඹ පැත්තෙන් ෂන්-ශි පළාත හරහා ගලන චුඕ-චං ගංගාවේ. ඉතින් ඒ ගංගාවේ ඉඳලා ලින්-චෝ කෝරළයට වතුර ඇරැගෙන එන ව්‍යාපෘතියක් සැලැසුම් කරන වැඩේ 1959 ඔක්තෝබර් මාසේ දී ම පටන්ගත්තා. ඒ වෙද්දිත් 1959 – 1961 කාලයේ චීනයට වදදීපු මහා සාගතය පටන් ඇරැගෙනයි තිබුණේ. (1958 ජුලි මාසයේ කහ ගඟ පිටාරගැලීමෙන් තමයි ඒ මහා සාගතය ආරම්භ වුණේ. ඒ මහා ගංවතුරින් මිනිස්සු ලක්‍ෂ හත හමාරක් විතර පීඩාවට පත්වුණා). මහා සාගතයෙන් තදින් ම පීඩාවට පත්වෙච්ච ප්‍රදේශයක් බවට ලින්-චෝ කෝරළයත් පත්වෙලා තිබුණා.
අලුතින් සැලැසුම් කරපු වැඩපිළිවෙළ “චුඕ-චං ගංගාවේ ජලය ලින්-චෝ කෝරළයට හැරැවීම ව්‍යාපෘතිය” කියලා නම් කෙරුණා. 1960 පෙබරවාරි මාසයේ දී ව්‍යාපෘතියේ වැඩ පටන්ගන්න දින නියම කරගත්තා. හැබැයි ඒ වෙද්දිත් ලින්-චෝ කෝරළය මහා සාගතයෙන් හොඳට ම බැටකමිනුයි තිබුණේ. වගා කරන්න පුළුවන් බිම් හෙක්ටයාර් 10 ක් විතරයි ආරක්‍ෂා වෙලා තිබුණේ. කෝරළ ආණ්ඩුව සන්තකව යුවාන් දශ ලක්‍ෂ තුනක මුදලක් තිබුණා. මෙහෙම වැඩකට යොදවන්න පුළුවන් ශිල්පියෝ 28 දෙනෙක් කෝරළයේ හිටියා. සැලැසුම් කරපු මහ වැඩේට ඒ සම්පත් ප්‍රමාණය කොහොමවත් ප්‍රමාණවත් නෑ.
මහ ප්‍රපාතාකාර කඳු වැටියක බිත්තියේ තමයි ප්‍රධාන ඇළ මාර්ගය කපන්න සැලැසුම් කරලා තිබුණේ. ඒ දුෂ්කර බිමේ ඇළක් කපනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒත් මේ ඇළ කපන වැඩේ එක දවසකින්වත් කල්දාන්න යං කුයි ලේකම්තුමා ඇතුළු කෝරළ ආණ්ඩුව කැමැතිවුණේ නෑ. කලින් සූදානම් කරගත්ත විදිහට ම 1960 පෙබරවාරි මාසයේ දී ඇළ කපන්න පටන්ගත්තා. මේ වැඩේ වෙනුවෙන් මිනිස්සු දස දහස් ගානක් ඉතාමත් සංවිධානාත්මකව යොදවන්න ලින්-චෝ කෝරළ ආණ්ඩුවට පුළුවන් වුණා. වැඩේ පටන් ඇරැගෙන දවස් 20 ක් ඇතුළත (මාර්තු 10 වැනි දා) ඇළේ නම වෙනස් කරන්න කෝරළ ආණ්ඩුවේ ලේකම් යං කුයි යෝජනා කළා. ඉතින් අලුත් නමක් මේ ඇළට ලැබුණා. “රතු කොඩි ඇළ” කියන්නේ ඒ අලුත් නම. වැඩට බැහැපු මිනිස්සුන්ගේ ජීවගුණය තවත් සැරට ම අවුස්සන්න මේ අලුත් නමට පුළුවන් වුණා.
මෙච්චර ලොකු වැඩක් කරන්න ඕන යන්ත්‍ර සූත්‍ර කිසිම දෙයක් ලින්-චෝ කෝරළ ආණ්ඩුවට තිබුණේ නෑ. ඉතින් මිනිස්සු උදලු, කුළුගෙඩි - ගල් කටු ඇරැගෙන ඒ රළු පොළොවත් එක්ක හැප්පෙන්න පටන්ගත්තා. ගල් පුපුරුවන්න ඕන වෙඩි බෙහෙත් ඒ මිනිස්සු ම හදාගත්තා. සල්ලි නැති හින්දා සිමෙන්ති හදන වැඩෙත් ඒ අය ම කළා.
මෙච්චර ලොකු වැඩක් කරන්න ඕන කරන අත්දැකීම් ලබාගෙන තිබුණේ නැති හින්දා මුල් දවස්වල ම ලොකු අනතුරුත් සිද්දවුණා. මේ වැඩේ සැලසුම් කරන්න මූලිකවෙච්ච ප්‍රධාන ඉංජිනේරුවා (වූ ත්සූ-ථැයි) පවා එහෙම අනතුරකින් මියගියා. 1960 මාර්තු 28 වැනි දා ඔහු මියගියේ පහළින් ගල් බෝරයක් පුපුරවද්දි ඉහළින් පෙරළිලා ආපු මහ ගල් කුට්ටියකට යටවෙලා. මේ විදිහට ඇළ කපන ව්‍යාපෘතියේ දී 81 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා.
මෙහෙම එක දිගට ම වැඩ කරලා 1965 අප්‍රේල් 5 වැනි දා වෙද්දි ප්‍රධාන ඇළ මාර්ගය කපලා ඉවර කළා. ප්‍රධාන ඇලෙන් වතුර බෙදා හැරීමත් ඒ එක්ක ම ආරම්භ කෙරුණා. (ඉතින් ඇළ කපා ඉවරවීමේ සැමැරුම් දිනය අප්‍රේල් 5 වැනි දාට යෙදාගෙන තියෙනවා). අනිත් ප්‍රධාන ඇළ මාර්ගත් 1966 අප්‍රේල් වෙද්දි කපලා අවසන් කෙරුණා. ශාඛා ඇළ මාර්ග සහ බෙදාහැරීම් ඇළ මාර්ග ඔක්කොම 1969 ජුලි වෙද්දි කපලා අවසාන කළා. ඉතින් මේ විදිහට සම්පූර්ණ කරපු “රතු කොඩි ඇළ” ව්‍යාපෘතියට ලින්-චෝ කෝරළයේ වගා බිම් හෙක්ටයාර් 37,000 කට කිට්ටු ප්‍රමාණයක් අස්සද්දන්න පුළුවන් වුණා.
මේ ඇළ ඉංජිනේරුමය විශ්මකර්ම වැඩක් විදිහටත් සළකනවා. ඒ මුල් අවුරුදු 9 ක කාලය තුළ නිර්මාණය කරපු සම්පූර්ණ ඇළ මාර්ග පද්ධතිය කිලෝ මීටර් 1500 ක් විතර දිගයි. ඒ අතරින් ප්‍රධාන ඇළ මාර්ගය කිලෝ මීටර් 71 ක් දිගයි, මීටර් 8 ක් පළලයි. ඇළ ඉවුරු මීටර් 4 කට වඩා උසයි. මේ ඇළ මාර්ග පද්ධතියට උමං 42 කුත් ජල පාලම් 150 කුත් ඇතුළත්. “තරුණ උමග” කියලා නම් කරලා තියෙන දිග ම උමං මාර්ගය මීටර් 616 ක් දිගයි. මුළුමනින් ම තරුණ ශ්‍රමයෙන් කැනපු හින්දා තමයි ඒ නම දීලා තියෙන්නේ. ඔක්කොම උමං මාර්ගවල සම්පූර්ණ දිග කිලෝ මීටර් 4 ක් විතර ඇති. සාමාන්‍ය තත්ත්වයන් යටතේ මේ ඇළට තප්පරයක දී වතුර ඝන මීටර් 20 ක් ඇරැගෙන යන්න පුළුවන්.
පසුකාලීනව මේ ඇළ මාර්ග පද්ධතිය තව ලොකු මහත් කරලා තියෙනවා. ඉතින් දැන් “රතු කොඩි ඇළ” වාරිමාර්ග පද්ධතිය කිලෝ මීටර් 2500 ක් විතර දිගයි. මේ ඇළ මාර්ග පද්ධතියට ජලාශ 48 ක් සහ පොකුණු 346 ක් එකතුවෙලත් තියෙනවා. වතුර ඝන මීටර් දෙකෝටි තිස් ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් රඳවාගැනීමේ හැකියාවත් මේ ඇළ මාර්ග පද්ධතියට ලැබිලා තියෙනවා. ඉතින් “රතු කොඩි ඇළ” කියන්නේ මිනිස් ශ්‍රමයේ මහිමය ලෝකයට ම පෙන්නපු අපූරු නිර්මාණයක්.
ඒ හින්දා ම, “රතු කොඩි ඇළ” ප්‍රදේශය සංචාරක කලාපයක් බවටත් පත් කරලා තියෙනවා. මේ හපන්කම ගැන කියන චිත්‍රපටි, ටෙලි නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. පාසල් පෙළ පොත්වලටත් මේ ඇළ කැපීමේ කතාව ඇතුළත් කරලා තියෙනවා. 8 වැනි ශ්‍රේණියේ ළමයි ඉගෙනගන්න චීන ඉතිහාසය පොතෙනුත් මේ ඇළ කැපීමේ හපන්කම ගැන කියනවා. මේ ව්‍යාපෘතිය චීන ජාතියේ මහා ජයග්‍රහණ ලැයිස්තුවටත් ඇතුළත් කරලා තියෙනවා.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
පින්තූරය: කඹවල එල්ලිලා ඇළ කපන්න හවුල්වෙච්ච මිනිස්සු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා
මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි