පින්ලන්තය පෙන්වා ලංකාව හයිටියක් කරන්න හදන හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ..
මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පැවැත්වෙන ගුරු පුහුණුවල සිදුවන දේවල් ගැන ඉතාම අපූරු තොරතුරු ගුරුවරුන් හරහා අපට දැන ගැනීමට ලැබෙනවා.
මේ තියෙන්නේ සිංහල විෂය සඳහා පැවැත්වුණු දින හතරක වැඩමුළුවක එක දවසක් ගෙවී ගිය ආකාරය.
උදේ 8 සිට 10.30 දක්වා එකම ගසකට නගින විවිධ සතුන්ගේ පින්තූරය සහිත චිත්‍රයක් පෙන්වමින් අධ්‍යාපනයෙන් සියලු දෙනා සමතුන් කළ යුතු ආකාරය පැහැදිලි කරනවා.ඒ අනුව මාළුවා,ජිරාෆ්, අලියා,කොටියා,වඳුරා ඇතුළු සියලු සතුන්ට ගහට නැඟ ගෙඩි කෑමට හැකි විය යුතුයි.මේක අධ්‍යාපනය ගැන කියන්න 1950 විතර ඉඳලා පතුරු ගහපු සෑහෙන පරන විකාර කතාවක්.හැබැයි ඒක මහා මැජික් එකක් වගේ ආපහු ඉදිරිපත් කරනවා. ඒකෙන් තමයි අධ්‍යාපනයට කරන විකෘතිය සාධාරණීකරණය කරන්නේ.
ඊට පස්සේ දහයයි තිහට තේ බොනවා.
ඊට පස්සේ ගුරුවරු කණ්ඩායම් හයකට බෙදෙනවා.එක කණ්ඩායමකින් දෙන්නා දෙන්නා ඉස්සරහට ගිහින් දුරකථන සංවාදයක් කරන විදිහ රඟපාලා පෙන්නනවා.අනිත් අයට ඒවාට ලකුණු දෙන්න කියනවා.ඊට පස්සේ උපදේශකයෙක් මේ දුරකථන සංවාදවල අඩුපාඩු ගැන පෙන්වා දෙනවා.
ඊට පස්සේ දවල් කෑම කනවා.
ඊට පස්සේ ආපහු ගුරුවරු කණ්ඩායම්වලට බෙදෙනවා.බෙදිලා වෙසක් කාඩ්,උපන් දින කාඩ් වගේ ඒවා හදනවා.ඒවාට ඕන කතුරු,ගම්,පාට පාට කඩදාසි වගේ ඒවා ගුරුවරුන්ට ගෙදරින් අරගෙන එන්න කියලා තියෙන්නේ.මේ විදිහට වෙසක් කාඩ් හැදුවට පස්සේ ඒවා ඉස්සරහට ගිහින් පෙන්නනවා. පෙන්නලා ඒවායේ අඩුපාඩු ගැන කතා කරලා ලකුණු දෙන විදිහ ගැන කියනවා.
ඊට පස්සේ හවස තේ බොනවා.අන්තිමට හවස පහ වෙන කල් කෙටි සමාලෝචනයක් කරනවා.එක දවසක් ඔය විදිහට ඉවරයි.
දවස පුරාම කන බොන එකට අමතරව ගුරුවරු කරලා තියෙන්නේ දුරකථන සංවාද රඟපාන එකයි, වෙසක් කාඩ් හදන එකයි.
ඕක විතරක් නෙමෙයි.දවස් හතරෙන් වැඩි හරියක්ම වැය කරලා තියෙන්නේ ළමයි කරන්න ඕන දේවල් ගුරුවරු කණ්ඩායම් විදිහට බෙදිලා රඟපාන්න.ගුරුවරු සභාව ඉස්සරහට ගිහින් ළමයි වගේ හැසිරෙනවා.වෙසක් කාඩ් හදනවා.දුරකථන සංවාද කරනවා.අඬනවා.හිනාවෙනවා.සිංදු කියනවා.ඔය විදිහට දවස ගෙවෙනවා.
ගුරුවරු විශාල පිරිසකගේ කාලය නාස්ති කරගෙන,කෑම බීම,වෙනත් දීමනා,දේශකයන්ගේ දීමනාවලට සැලකිය යුතු මුදලක් වැය කරගෙන මේ වගේ නාඩගම් තමයි දිගටම කරගෙන යන්නේ.
ප්‍රතිසංස්කරණවලින් මොකද වෙන්නේ කියන්න, මොඩියුල්වල තියන දේවල් ගැන කියන්න,ලකුණු දෙන විදිහ ගැන කියලා දෙන්න වැය වුණු සුළු කාලය හැර දවස් හතරේ වැඩි හරියක් කරලා තියෙන්නේ මේ වගේ විකාරවලට කාලය නාස්ති කිරීම විතරයි.
හරි වැරුද්ද කෙසේ වෙතත් ඒ අවශ්‍යම දේවල් ටික ඕන නම් එක දවසකින් කියන්න පුළුවන්.ඉතුරු දවස් ටිකේ වෙන කරන්න දෙයක් නැති නිසා ගුරුවරු කණ්ඩායම්වලට බෙදිලා ළමයි වගේ රඟපාන එක තමයි වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ.
මේවායින් තමයි ආණ්ඩුව නවීන ලෝකෙට ගැලපෙන පට්ට දියුණුයි කියන අධ්‍යාපනයක් හදන්න ලෑස්ති වෙන්නේ. මේවා මොන තරම් විහිලුද කියලා පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා.
හැබැයි මේ ගුරු පුහුණුවලට ගිහින් ආපු ඇතැම් ගුරුවරු තමන් මාර වැදගත් වැඩසටහනකට සහභාගි වුණා වගේ උද්දාමයකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හොඳ ගැන කතා කරනවා.
ඇත්තටම ඔවුන් අධ්‍යාපනය ගැන හෝ ලෝකේ වෙනත් රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද ගැන කිසිම දෙයක් දන්නේ නෑ.කිසිම දෙයක් සන්සන්දනාත්මකව කියවලා හදාරලා නෑ.ගුරු පුහුණුවට කවුරු හරි ඇවිත් කියලා දීපු පට්ට බොරු ටික පරම ඇත්ත කියලා හිතාගෙන පම්පෝරි ගහනවා.ඒ දේශන තියපු අධ්‍යක්ෂවරු, උපදේශකවරු කරන්නෙත් කවුරු හරි තමන්ට කියපු දෙයක් ආපහු වමාරන එක විතරයි.
ඒ කවුරුත් මේවා ගැන ස්වාධිනව අධ්‍යයනය කරලා නෑ.ඒ බොහෝ දෙනෙකුට ගූගල් එකට ගිහින් ඉංග්‍රීසියෙන් ලිපියක් කියවලා තේරුම් ගන්නවත් බැහැ.ඉතින් එහෙම ගුරුවරු තමයි අද මේ ප්‍රතිසංස්කරණ මාර මැජික් එකක් කියලා හිතාගෙන මේවා ගැන කතා කරන්නේ.ඔවුන්ගේ එකම දැනුම් මූලාශ්‍රය මේ ළාමක ගුරු පුහුණුව විතරයි.
ඒ නිසා අපි ගුරුවරුන්ට කියන්නේ කරුණාකරලා මේ පුහුණු වැඩසටහන්වල කියන සුරංගනා කතා ඒ විදිහටම බාර නොගෙන පුළුවන් විදිහට ඒ කතාවල ඇත්ත නැත්ත හොයලා බලන්න.එහෙම නැති වුණොත් මේ බාල සෙල්ලම්වල අනාගත ප්‍රතිපල ඉතාම භයානක විය හැකියි.පින්ලන්තයක් ගැන සුරංගනා කතා කියමින් ලංකාව හයිටියක් බවට පත් කරන මේ ක්‍රියාවලියට හුරේ දැමීමට පෙර මේ ගැන ගැඹුරින් සලකා බැලීම අප කාගේත් වගකීමක්.
- විශේෂ ලියුම්කරුවෙකු විසින්
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්