News Category
From Date
To Date
Maximum Number of Result

"උඹට පිස්සුද ?" මුළු ලෝකයම හිනාවෙද්දි, තමන්ගේ මතය ඔප්පු කරන්න 'බැක්ටීරියා වීදුරුවක්' එක හුස්මට බීපු 'නොබෙල් තෑග්ග' දිනූ පිස්සා!

Dec 20, 2025 at 12:58 PM
|

ලෝකයේ ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් "ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ කොහොමද?" කියලා, ඒ ඕනෑම කෙනෙක් දෙන උත්තරයක් තියෙනවා. ඒ තමයි "බඩගින්නේ හිටියම, වෙලාවට කෑවේ නැති වුණාම, සැර කෑම කෑවම, එහෙමත් නැත්නම් හිතේ තියෙන ස්ට්‍රෙස් එක වැඩි වුණාම තමයි බඩේ ගිලුණ් හැදෙන්නේ" කියන එක. අදටත් අපි විශ්වාස කරන මේ කතාව, මීට දශක තුන හතරකට කලින් මුළු ලෝකයේම වෛද්‍ය විද්‍යාවේ තිබුණ "මහ බොරුවක්" කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ කතාව ඒ බොරුවට එරෙහිව තනිවම සටන් කරපු, තමන්ගේ ජීවිතේ පරදුවට තියලා වෛද්‍ය විද්‍යාව කණපිට පෙරළපු එක්තරා අසහාය තරුණ වෛද්‍යවරයෙක් ගැනයි.

කතාව පටන් ගන්නේ 1980 ගණන් වල මුල් භාගයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින්. ඒ කාලේ රෝහල්වල බඩේ තුවාල (Ulcers) සහ දරුණු ගැස්ට්‍රයිටිස් හැදුණ රෝගීන්ගෙන් පිරිලා හිටියා. වෛද්‍යවරු මේ රෝගීන්ට දිගින් දිගටම උපදෙස් දුන්නේ "ඔයාගේ රස්සාවේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න, මිරිස් කන්න එපා, කිරි බොන්න" වගේ දේවල් විතරයි. සමහර රෝගීන්ගේ තත්ත්වය කොච්චර දරුණු වුණාද කියනවා නම්, ඔවුන්ගේ බඩේ කොටසක් කපලා අයින් කරන සැත්කම් පවා කරන්න සිද්ධ වුණා. මේ අතරේ තමයි බැරි මාෂල් (Barry Marshall) කියන තරුණ වෛද්‍යවරයා සහ රොබින් වොරන් කියන ව්‍යාධිවේදියා එකතු වෙලා අමුතු දෙයක් හොයාගත්තේ. ඔවුන් දැක්කා මේ බඩේ අමාරු තියෙන රෝගීන්ගේ ආමාශය ඇතුලේ "හෙලිකොබැක්ටර් පයිලෝරි" (H. pylori) කියලා දඟර ගැහුණ බැක්ටීරියාවක් ජීවත් වෙනවා කියලා. ඔවුන් ලෝකයට කෑගහලා කිව්වා "මේ ලෙඩේ හැදෙන්නේ ස්ට්‍රෙස් නිසා නෙවෙයි, මේ බැක්ටීරියාව නිසා. ඒ නිසා බඩ කපන්න ඕන නෑ, ප්‍රතිජීවක (Antibiotics) බෙහෙත් දීලා මේක හොඳ කරන්න පුළුවන්" කියලා.

නමුත් සිද්ධ වුණේ ඔවුන් නොහිතපු දෙයක්. එදා හිටපු ලෝක පූජිත මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු මේ තරුණ දොස්තරලා දෙන්නට හිනා වුණා. ඔවුන් තර්ක කළේ "තමුසෙලාට පිස්සුද? මනුස්සයෙක්ගේ බඩේ තියෙන ඇසිඩ් එක කොච්චර සැරද කියනවා නම්, ඒකට යකඩ ඇණයක් දිය කරන්න පුළුවන්. ඉතින් කොහොමද යකෝ ඒ වගේ ඇසිඩ් ගොඩක් අස්සේ බැක්ටීරියාවක් ජීවත් වෙන්නේ? ඕක නිකන් කෑමකින් ආපු විෂබීජයක් වෙන්න ඇති" කියලා ඔවුන් මේ මතය කුණු කූඩෙට දැම්මා. බැරි මාෂල් තමන්ගේ පර්යේෂණ පත්‍රිකා කොච්චර ඉදිරිපත් කළත් වෛද්‍ය සභාවලින් ඒවා ප්‍රතික්ෂේප වුණා. "මේ පොඩි කොල්ලෝ මොනවද දන්නේ" කියන අහංකාරකම එදා වෛද්‍ය ලෝකයේ රජ කළා.

තමන් ඇස් පනාපිට දකින සත්‍යය කවුරුත් පිළිගන්නේ නැති තැන බැරි මාෂල්ට යකා නැග්ගා. ඔහු දැනගෙන හිටියා මේක සත්තුන්ව යොදාගෙන පරීක්ෂා කරන්න අමාරුයි, ඒ වගේම මනුස්සයෙක්ට මේ බැක්ටීරියාව කවලා ලෙඩක් හැදෙනකම් බලන් ඉන්න එක නීතියෙන් තහනම් වැඩක් කියලා. ඔහුට ඉතිරි වෙලා තිබුණේ එකම එක විකල්පයයි. ඒ තමයි "තමන්ගේ පරීක්ෂණාගාරයේ ඉන්න මීයා වෙනුවට තමන්වම පාවිච්චි කරන එක". 1984 ජූලි මාසයේ දවසක උදේ වරුවේ ඔහු රෝහලේ ලැබ් එකට ගියා. එතන හිටපු බඩේ අමාරුවක් තිබුණ රෝගියෙක්ගේ බඩෙන් ගත්ත H. pylori බැක්ටීරියා සාම්පලයක් ඔහු වෙන් කරලා ගත්තා. ඔහු ඒ බැක්ටීරියා කෝටි ගණනක් අඩංගු සාම්පලය බීකරයකට දාලා, ඒක දියරයක් වෙන්න මස් සුප් (Beef broth) ටිකක් එක්ක කලවම් කළා. ඊට පස්සේ කාටවත් නොකියා, තමන්ගේ බිරිඳටවත් නොකියා, ඇස් දෙක පියාගෙන ඒ බැක්ටීරියා පිරුණු, කැත පාට දියරය එක හුස්මට කටට හලාගත්තා.

සාමාන්‍යයෙන් සිහිබුද්ධිය තියෙන මනුස්සයෙක් තමන්ට ලෙඩක් හදාගන්න වස බොන්නේ නෑ. ඒත් සත්‍යය වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු ඕනෑම දුරක් යනවා. පළවෙනි දවස් දෙකේ ලොකු වෙනසක් දැනුණේ නෑ. හැබැයි තුන්වෙනි දවස වෙද්දි ඔහුට දරුණු ඔක්කාරයක් සහ බඩේ දැවිල්ලක් එන්න පටන් ගත්තා. පස්වෙනි දවස වෙද්දි තත්ත්වය දරුණු වුණා. ඔහුට දිගටම වමනය යන්න ගත්තා. ඒ වමනය වල තිබුණේ ඇසිඩ් නෙවෙයි, නිකන්ම වතුර විතරයි. ඒ කියන්නේ බැක්ටීරියාව විසින් බඩේ ඇසිඩ් හැදෙන එක අඩපණ කරලා තිබුණා. දවසක් උදේ ඔහුගේ අම්මා ඇවිත් කිව්වා "පුතා ඔයාගේ කටින් එන්නේ නිකන් මළ මිනියක වගේ මහා ජරා ගඳක්නේ" කියලා. ඒක තමයි මේ බැක්ටීරියාවේ ප්‍රධාන ලක්ෂණය. දවස් 10ක් යද්දි ඔහු හොඳටම ලෙඩ වුණා. ඔහු වහාම එන්ඩොස්කොපි පරීක්ෂණයක් කරගත්තා. ප්‍රතිඵලය පුදුම සහගතයි! දවස් 10කට කලින් රෝස පාටට නිරෝගීව තිබුණ ඔහුගේ ආමාශය පුරාම දරුණු තුවාල සහ රතු පැහැති ලප ඇති වෙලා තිබුණා. බයොප්සි පරීක්ෂණයෙන් තහවුරු වුණා මුළු බඩේම "හෙලිකොබැක්ටර් පයිලෝරි" බැක්ටීරියාව පිරිලා කියලා.

ඔහු දිනුවා! "ස්ට්‍රෙස් නැතුව, බැක්ටීරියාවක් නිසා ගැස්ට්‍රයිටිස් හැදෙන බව" ඔහු තමන්ගේ ශරීරයෙන්ම, තමන්ගේ ලේ වලින්ම ලෝකයට ඔප්පු කරලා පෙන්නුවා. ඊට පස්සේ ඔහු කළේ තමන් හොයාගත්ත ප්‍රතිජීවක බෙහෙත් වට්ටෝරුව බීලා තමන්ම සුව වෙන එකයි. දින කිහිපයකින් ඔහු සම්පූර්ණයෙන්ම සුව වුණා. එදා ඔහු කරපු ඒ "පිස්සු වැඩේ" නිසා මුළු වෛද්‍ය විද්‍යාවම කණපිට පෙරළුණා. එදා වෙනකම් "ජීවිත කාලෙම බෙහෙත් බොන්න ඕන, සුව කරන්න බෑ" කියලා හිතාගෙන හිටපු රෝගයක්, ප්‍රතිජීවක පෙති ටිකකින් සති කිහිපයකින් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් බව ලෝකයා තේරුම් ගත්තා. ලෝකයාගේ විහිළුවට ලක් වුණ ඒ තරුණයාට සහ ඔහුගේ සහායකයාට, 2005 වර්ෂයේදී වෛද්‍ය විද්‍යාව සඳහා වන ලොව ඉහළම සම්මානය වන "නොබෙල් ත්‍යාගය" පවා හිමි වුණා.

සමහර මිනිස්සු ඉන්නවා තමන් විශ්වාස කරන දේ වෙනුවෙන්, පොදු යහපත වෙනුවෙන් ඕනම අවදානමක් ගන්න පුළුවන්. අද ලෝකේ කෝටි ගණනක් මිනිස්සු බඩේ තුවාල වලින් පීඩා විඳින්නේ නැතුව, සැත්කම් වලට යන්නේ නැතුව, සාමාන්‍ය බෙහෙත් ටිකකින් සුවය ලබනවා නම්, ඒකට අපි ණයගැති වෙන්න ඕන එදා ලැබ් එකක් ඇතුලේ තනියම ඒ ජරා බැක්ටීරියා වීදුරුව බීපු "බැරි මාෂල්" කියන ඒ උතුම් මනුස්සයාටයි.

තමන්ගේ ජොබ් එක වෙනුවෙන්, තමන් හරි කියලා ඔප්පු කරන්න මේ වගේ රිස්ක් එකක් ගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? 

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.