News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු ෆාමකොපියාව..

Dec 19, 2025 at 08:36 AM
|

ඉන්දියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ඉන්දියානු ෆාමකොපියා කොමිෂම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර අත්සන් කරන ලද ගිවිසුමක් මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. මෝඩි අගමැතිතුමා ලංකාවට පැමිණි, ජවිපෙ සිය අප්‍රේල් විරුවන් සමරන අප්‍රේල් 05 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා ය.

මේ පිළිබඳ ඒ දිනවල විවිධ පාර්ශ්ව ප්‍රශ්න කළ විට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පොතක් පෙන්වමින් ඉන්දියානු ෆාමකොපියාව යනු පොතක් බව පවසමින් ප්‍රශ්නයෙන් පළා ගියේය. ඇත්තටම ඇමතිවරයා කිව්වේ සත්‍යයකි. ෆාමකොපියාව යනු පොතකි. ප්‍රශ්නය ඇත්තේ එහි ඇතුලේ සඳහන් වන කරුණුවල ය. ෆාමකොපියා පොතක ඇත්තේ ඖෂධ, ඒවා ක්‍රියාකරන ආකාරය, ඒවායේ මාත්‍රාව, අතුරු ඵල ආදී තොරතුරුය. බටහිර ඖෂධ සම්බන්ධයෙන් ෆාමකොපියා ගණනාවක් ඇත. බ්‍රිතාන්‍ය (BP), ඇමරිකා එක්සත් ජනපද (USP), යුරෝපියානු (Ph. Eur.), ජපාන (JP)  ෆාමකොපියා ඒ අතරින් ප්‍රධාන වෙයි. 

76 වසරක් අප විසින් මූලිකව පාවිච්චි කරන ලද්දේ බ්‍රිතාන්‍ය ෆාමකොපියාවයි. ඊට අමතරව ඇමරිකානු ෆාමකොපියාව ද ලංකාවේ යොදා ගන්නා ලදී. බටහිර වෙදකමට අදාළ බෙහෙත් ගැන බ්‍රිතාන්‍යයෙන් හෝ ඇමෙරිකාවෙන් විස්තර ලබා ගැනීම නිවැරදිම දෙයයි. පෙරහැර කොයි වගේ ද යන්න බලා ගැනීමට නුවර යෑමට පුළුවන් කම තිබිය දී ගංගාරාමයට යෑම අනුවණ කමකි. ගංගාරාමයේත් ඇත්තේ පෙරහැරය. එහි වෙනස දන්නේ නුවර පෙරහැර බැලූ කෙනා ය.  

ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාව යුරෝපීය ප්‍රමිතීන්ට ඉතාම කිට්ටුවෙන් පවත්වාගෙන යෑමට අප මුල සිටම BP යොදා ගැනීම ද ප්‍රබල හේතුවක් විය. 76 වසරක අඩු පාඩු නිවැරදි කිරීමට පැමිණි මාලිමා ආණ්ඩුව බලයට පත් ව 6 මසක් යෑමට මත්තෙන්, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණි වෙලේ කඩිමුඩියේ ඉන්දියානු ෆාමකොපියාව පිළිගැනීමට කටයුතු යෙදීය. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා අත්සන් කර ඇති ගිවිසුමේ දැක්වෙන ආකාරයට ඉන්දියානු ප්‍රමිතියට අදාළ වන ලෙස සලකා බලා ඇති සියලු ඖෂධ ලංකාවේ ලියාපදිංචි කළ යුතුය  (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්ණායක සම්පුර්ණ කරන්නේනම්), [all medicines considered for registration under IP standards should be registered with NMRA, Sri Lanka].

දැන් විමසිය යුත්තේ ඉන්දියන් ෆාමකොපියාව ලංකාවේ පිළිගැනීමෙන් අපට ප්‍රශ්නයක් වන්නේ ද යන්න යි. පැහැදිලිවම එහි ප්‍රශ්නයක් ඇත. එහෙත් ඊට විරුද්ධ වූ අය පවා ඒ ගැන නිශ්චිතව කරැණු නොදැක්වූ හෙයින් මෙම ලිපිය සකස් කිරීමට කල්පනා කළෙමි. 

මෙය උදාහරණයක් ඇසුරෙන් තේරුම් ගැනීමට උත්සාහ දරමු.

මෙට්ෆෝමින් යනු රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම සඳහා ඉතා සුලභ ව භාවිතා කරන ඖෂධයෙකි. එහි සාමාන්‍ය පෙත්තක මෙට්ෆෝමින් හයිඩ්‍රෝක්ලොරියිඩ් මිලිග්‍රෑම් 500ක් අඩංගු වේ.  BP, USP, IP මේ කවර ප්‍රමිතියකට අනුකූලව නිෂ්පාදනය මෙට්මිෆෝමින් පෙත්තක් ගත්ත ද මෙට්ෆෝමින් මිලිග්‍රෑම් 500 (සක්‍රීය රසායන ද්‍රව්‍යය- active ingredient)  වෙනසක් සිදු නොවේ. එසේ නම් ප්‍රමිතියේ වෙනසක් ඇතැයි, ප්‍රශ්නයක් ඇතැයි පවසන්නේ කෙසේද?  මෙට්ෆෝමින් පෙත්තේ ඇත්තේ මෙට්ෆෝමින්න් මිලිග්‍රෑම් 500 පමණක් නොවේ. පෙත්තක් ලෙස සකස් කිරීමට අවශ්‍ය පිෂ්ටමය පිරවුම, වර්ණය ලබා ගැනීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, කල්තබා ගැනීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු තවත් රසායනික ද්‍රව්‍ය එහි අඩංගු වෙයි. ඊට අමතරව මෙටිෆෝමින් සමග ආරම්භයේ සිට පවතින රසායනික අපද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලියේදී ගොඩනැගෙන අතුරු රසායන ද එහි අඩංගු විය හැකි ය. ඒවා අපද්‍රව්‍ය (impurity ) ලෙස හඳුන්වයි.

ප්‍රශ්නය ඇත්තේ මෙතැනය. BP, USP ප්‍රමිතීන් අනුව එසේ තිබිය හැකි අපද්‍රව්‍ය ප්‍රමාණය සහ එම අපද්‍රව්‍යය නිර්ණය කර ගැනීම සඳහා යොදාගත යුතු විද්‍යාගාර පරීක්ෂණය නිශ්චිත වශයෙන් දක්වා ඇත. නමුත් IP අනුව නිෂ්පාදනය කරන මෙට්ෆෝමින්වල රසායනික අපද්‍රව්‍ය  සඳහා එසේ නිශ්චිත වශයෙන් කරැණු දැක්වීමක් සිදුකර නොමැත. පොදුවේ ගතහොත් ඖෂධ  දහස් ගණනකට මෙම ප්‍රශ්නය ඇත (වැඩිදුර අධ්‍යයනයට මේ පත්‍රිකාව කියවන්න https://www.ijdra.com/index.php/journal/article/view/572).

BP සහ USP ප්‍රමිති අනුව ඒ ඒ ඖෂධවල ඇති විවිධ අපද්‍රව්‍ය නිර්ණය කර ගැනීම සඳහා නිර්දේශ කර ඇත්තේ HPLC වැනි පරීක්ෂණාගාර ක්‍රමවේද යි. නමුත් IP අනුව බොහෝවිට දක්වා ඇත්තේ වර්ණය මත පදනම් වූ රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීමේ පැරණි ක්‍රමවේද යි (ඉන්දියාව වැනි අධික ජනගහනයක් වෙසෙන, අධික ඖෂධ පරිභෝජනයක් ඇති රටක ඊට අනුගත පරිදි HPLC පරීක්ෂණ සිදු කරීම ද ප්‍රායෝගක දෙයක් නොවේ; නමුත් ලංකාවට එවන් ප්‍රශ්නයක් නැත). පැරණි රසායනාගාර ක්‍රම මගින් හඳුනාගත හැකි රසායන ද්‍රව්‍ය ප්‍රමාණය මෙන්ම, ප්‍රමාණාත්මක නිරවද්‍යතාවද අඩු ය.

එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ඖෂධවල ඇති අපද්‍රව්‍ය ඉහළ පරාසයක් IP ප්‍රමිතීන් අනුව හිමිවීමයි. BP සහ USP ප්‍රමිතීන්ට අනුකූල ඖෂධ සියල්ලම පාහේ IP ප්‍රමිතිය යටතට වැටුන ද IP ප්‍රමිතියට අදාල ඖෂධ සියල්ල BP සහ USP ප්‍රමිතීන්ට අනුගත නොවීමට මූලික හේතුව මෙය යි. අපද්‍රව්‍ය සඳහා ඉහළ පරාසයක් තිබීම නිසා කාණ්ඩ අතර ඇති අසමානතා සඳහා ද වැඩි ඉඩ ප්‍රස්ථා සැලසේ. IP ප්‍රමිතීන්ට පමණක් අනුකූල ඖෂධවල BP සහ USP ප්‍රමිතීන්ට අනුකූල ඖෂධවලට වඩා ප්‍රශ්නයක් ඇතැයි පැවසෙන්නේ මෙම කරුණු නිසාය. මතුපිටින් බැලූ විට සක්‍රීය රසායනික ද්‍රව්‍යය නිසි පරිදි තිබුණ ද ප්‍රශ්නය ඇති වන්නේ ඒ සමග ඇති අපද්‍රව්‍ය (impurity)හේතුවෙනි.

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක් වෙනත් රටක ෆාමකොපියාවක් පිළිගනු ලබන්නේ නියාමන ආයතනයක් මගිනි. ඒ එම ෆාමකොපියාව පිළිබඳ දීර්ඝ ලෙස අධ්‍යායනය කර එළඹෙන තීරණයකට අනුවයි. එම තීරණය ගත් පසු එකී ෆාමකොපියාවේ ප්‍රශ්නයක් ඇතැයි හැඟුනොත් එකී තීරණය ආපස්සට ගැනීමේ හැකියාවක් ද ඇත. ලංකාවේ සිදු වී ඇත්තේ අමුතුම දෙයකි.  ඉන්දීය ෆාමකොපියාව පිළිගෙන ඇත්තේ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පැමිණි පසු සිදුවන රාජතාන්ත්‍රික ගිවිසුමක ස්වරූපයකිනි. එය හරියට රජීව් ගාන්ධි අගමැතිවරයා පැමිණි විට ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට  ලෙස  හඳුන්වා දුන් ආකාරයට සමානය. 13 වැනි සංශෝධනයෙන් අපට ලැබුණු පළාත් සභා සුදු අලියෙක් බව කියමින් පට්ට ගැසුව ද එය අහෝසි කිරීමට අද සිටින දේශපාලන නායකයෝ අති බහුතරයක් සිහිනෙන් හෝ නොසිතති. ඉන්දියානු ෆාමකොපියාවකට අත්සන් කිරීමෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇද දමා ඇත්තේ ඊටත් වැඩිය බරපතළ ප්‍රශ්නයකටය. 

සරලවම ඇසිය යුත්තේ ඉන්දියානු ෆාමකොපියාව අපට අනුමත කරගැනීමට අවශ්‍යතාවක් තිබිණි ( මා දන්නා පරිදිනම් එවන් කිසිදු අවශ්‍යතාවක් රටක් ලෙස අපට නොතිබිණි) නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ සඳහා විද්වත් මණ්ඩලයක් පත්කර, හැදෑරීමක් කර එය සිදුකර ගන්නේ නැතිව  එහි සභාපතිවරයා ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමග ගිවිසුමකට අත්සන් කරේ අහවල් දෙයකටදැයි යන්නයි ?

- චන්න ජයසුමන

(මුහුණුපොතෙන්)




සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.