News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු ෆාමකොපියාව..

Dec 19, 2025 at 08:36 AM
|

ඉන්දියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ඉන්දියානු ෆාමකොපියා කොමිෂම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර අත්සන් කරන ලද ගිවිසුමක් මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. මෝඩි අගමැතිතුමා ලංකාවට පැමිණි, ජවිපෙ සිය අප්‍රේල් විරුවන් සමරන අප්‍රේල් 05 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා ය.

මේ පිළිබඳ ඒ දිනවල විවිධ පාර්ශ්ව ප්‍රශ්න කළ විට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පොතක් පෙන්වමින් ඉන්දියානු ෆාමකොපියාව යනු පොතක් බව පවසමින් ප්‍රශ්නයෙන් පළා ගියේය. ඇත්තටම ඇමතිවරයා කිව්වේ සත්‍යයකි. ෆාමකොපියාව යනු පොතකි. ප්‍රශ්නය ඇත්තේ එහි ඇතුලේ සඳහන් වන කරුණුවල ය. ෆාමකොපියා පොතක ඇත්තේ ඖෂධ, ඒවා ක්‍රියාකරන ආකාරය, ඒවායේ මාත්‍රාව, අතුරු ඵල ආදී තොරතුරුය. බටහිර ඖෂධ සම්බන්ධයෙන් ෆාමකොපියා ගණනාවක් ඇත. බ්‍රිතාන්‍ය (BP), ඇමරිකා එක්සත් ජනපද (USP), යුරෝපියානු (Ph. Eur.), ජපාන (JP)  ෆාමකොපියා ඒ අතරින් ප්‍රධාන වෙයි. 

76 වසරක් අප විසින් මූලිකව පාවිච්චි කරන ලද්දේ බ්‍රිතාන්‍ය ෆාමකොපියාවයි. ඊට අමතරව ඇමරිකානු ෆාමකොපියාව ද ලංකාවේ යොදා ගන්නා ලදී. බටහිර වෙදකමට අදාළ බෙහෙත් ගැන බ්‍රිතාන්‍යයෙන් හෝ ඇමෙරිකාවෙන් විස්තර ලබා ගැනීම නිවැරදිම දෙයයි. පෙරහැර කොයි වගේ ද යන්න බලා ගැනීමට නුවර යෑමට පුළුවන් කම තිබිය දී ගංගාරාමයට යෑම අනුවණ කමකි. ගංගාරාමයේත් ඇත්තේ පෙරහැරය. එහි වෙනස දන්නේ නුවර පෙරහැර බැලූ කෙනා ය.  

ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාව යුරෝපීය ප්‍රමිතීන්ට ඉතාම කිට්ටුවෙන් පවත්වාගෙන යෑමට අප මුල සිටම BP යොදා ගැනීම ද ප්‍රබල හේතුවක් විය. 76 වසරක අඩු පාඩු නිවැරදි කිරීමට පැමිණි මාලිමා ආණ්ඩුව බලයට පත් ව 6 මසක් යෑමට මත්තෙන්, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණි වෙලේ කඩිමුඩියේ ඉන්දියානු ෆාමකොපියාව පිළිගැනීමට කටයුතු යෙදීය. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා අත්සන් කර ඇති ගිවිසුමේ දැක්වෙන ආකාරයට ඉන්දියානු ප්‍රමිතියට අදාළ වන ලෙස සලකා බලා ඇති සියලු ඖෂධ ලංකාවේ ලියාපදිංචි කළ යුතුය  (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්ණායක සම්පුර්ණ කරන්නේනම්), [all medicines considered for registration under IP standards should be registered with NMRA, Sri Lanka].

දැන් විමසිය යුත්තේ ඉන්දියන් ෆාමකොපියාව ලංකාවේ පිළිගැනීමෙන් අපට ප්‍රශ්නයක් වන්නේ ද යන්න යි. පැහැදිලිවම එහි ප්‍රශ්නයක් ඇත. එහෙත් ඊට විරුද්ධ වූ අය පවා ඒ ගැන නිශ්චිතව කරැණු නොදැක්වූ හෙයින් මෙම ලිපිය සකස් කිරීමට කල්පනා කළෙමි. 

මෙය උදාහරණයක් ඇසුරෙන් තේරුම් ගැනීමට උත්සාහ දරමු.

මෙට්ෆෝමින් යනු රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම සඳහා ඉතා සුලභ ව භාවිතා කරන ඖෂධයෙකි. එහි සාමාන්‍ය පෙත්තක මෙට්ෆෝමින් හයිඩ්‍රෝක්ලොරියිඩ් මිලිග්‍රෑම් 500ක් අඩංගු වේ.  BP, USP, IP මේ කවර ප්‍රමිතියකට අනුකූලව නිෂ්පාදනය මෙට්මිෆෝමින් පෙත්තක් ගත්ත ද මෙට්ෆෝමින් මිලිග්‍රෑම් 500 (සක්‍රීය රසායන ද්‍රව්‍යය- active ingredient)  වෙනසක් සිදු නොවේ. එසේ නම් ප්‍රමිතියේ වෙනසක් ඇතැයි, ප්‍රශ්නයක් ඇතැයි පවසන්නේ කෙසේද?  මෙට්ෆෝමින් පෙත්තේ ඇත්තේ මෙට්ෆෝමින්න් මිලිග්‍රෑම් 500 පමණක් නොවේ. පෙත්තක් ලෙස සකස් කිරීමට අවශ්‍ය පිෂ්ටමය පිරවුම, වර්ණය ලබා ගැනීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, කල්තබා ගැනීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු තවත් රසායනික ද්‍රව්‍ය එහි අඩංගු වෙයි. ඊට අමතරව මෙටිෆෝමින් සමග ආරම්භයේ සිට පවතින රසායනික අපද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලියේදී ගොඩනැගෙන අතුරු රසායන ද එහි අඩංගු විය හැකි ය. ඒවා අපද්‍රව්‍ය (impurity ) ලෙස හඳුන්වයි.

ප්‍රශ්නය ඇත්තේ මෙතැනය. BP, USP ප්‍රමිතීන් අනුව එසේ තිබිය හැකි අපද්‍රව්‍ය ප්‍රමාණය සහ එම අපද්‍රව්‍යය නිර්ණය කර ගැනීම සඳහා යොදාගත යුතු විද්‍යාගාර පරීක්ෂණය නිශ්චිත වශයෙන් දක්වා ඇත. නමුත් IP අනුව නිෂ්පාදනය කරන මෙට්ෆෝමින්වල රසායනික අපද්‍රව්‍ය  සඳහා එසේ නිශ්චිත වශයෙන් කරැණු දැක්වීමක් සිදුකර නොමැත. පොදුවේ ගතහොත් ඖෂධ  දහස් ගණනකට මෙම ප්‍රශ්නය ඇත (වැඩිදුර අධ්‍යයනයට මේ පත්‍රිකාව කියවන්න https://www.ijdra.com/index.php/journal/article/view/572).

BP සහ USP ප්‍රමිති අනුව ඒ ඒ ඖෂධවල ඇති විවිධ අපද්‍රව්‍ය නිර්ණය කර ගැනීම සඳහා නිර්දේශ කර ඇත්තේ HPLC වැනි පරීක්ෂණාගාර ක්‍රමවේද යි. නමුත් IP අනුව බොහෝවිට දක්වා ඇත්තේ වර්ණය මත පදනම් වූ රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීමේ පැරණි ක්‍රමවේද යි (ඉන්දියාව වැනි අධික ජනගහනයක් වෙසෙන, අධික ඖෂධ පරිභෝජනයක් ඇති රටක ඊට අනුගත පරිදි HPLC පරීක්ෂණ සිදු කරීම ද ප්‍රායෝගක දෙයක් නොවේ; නමුත් ලංකාවට එවන් ප්‍රශ්නයක් නැත). පැරණි රසායනාගාර ක්‍රම මගින් හඳුනාගත හැකි රසායන ද්‍රව්‍ය ප්‍රමාණය මෙන්ම, ප්‍රමාණාත්මක නිරවද්‍යතාවද අඩු ය.

එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ඖෂධවල ඇති අපද්‍රව්‍ය ඉහළ පරාසයක් IP ප්‍රමිතීන් අනුව හිමිවීමයි. BP සහ USP ප්‍රමිතීන්ට අනුකූල ඖෂධ සියල්ලම පාහේ IP ප්‍රමිතිය යටතට වැටුන ද IP ප්‍රමිතියට අදාල ඖෂධ සියල්ල BP සහ USP ප්‍රමිතීන්ට අනුගත නොවීමට මූලික හේතුව මෙය යි. අපද්‍රව්‍ය සඳහා ඉහළ පරාසයක් තිබීම නිසා කාණ්ඩ අතර ඇති අසමානතා සඳහා ද වැඩි ඉඩ ප්‍රස්ථා සැලසේ. IP ප්‍රමිතීන්ට පමණක් අනුකූල ඖෂධවල BP සහ USP ප්‍රමිතීන්ට අනුකූල ඖෂධවලට වඩා ප්‍රශ්නයක් ඇතැයි පැවසෙන්නේ මෙම කරුණු නිසාය. මතුපිටින් බැලූ විට සක්‍රීය රසායනික ද්‍රව්‍යය නිසි පරිදි තිබුණ ද ප්‍රශ්නය ඇති වන්නේ ඒ සමග ඇති අපද්‍රව්‍ය (impurity)හේතුවෙනි.

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක් වෙනත් රටක ෆාමකොපියාවක් පිළිගනු ලබන්නේ නියාමන ආයතනයක් මගිනි. ඒ එම ෆාමකොපියාව පිළිබඳ දීර්ඝ ලෙස අධ්‍යායනය කර එළඹෙන තීරණයකට අනුවයි. එම තීරණය ගත් පසු එකී ෆාමකොපියාවේ ප්‍රශ්නයක් ඇතැයි හැඟුනොත් එකී තීරණය ආපස්සට ගැනීමේ හැකියාවක් ද ඇත. ලංකාවේ සිදු වී ඇත්තේ අමුතුම දෙයකි.  ඉන්දීය ෆාමකොපියාව පිළිගෙන ඇත්තේ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පැමිණි පසු සිදුවන රාජතාන්ත්‍රික ගිවිසුමක ස්වරූපයකිනි. එය හරියට රජීව් ගාන්ධි අගමැතිවරයා පැමිණි විට ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට  ලෙස  හඳුන්වා දුන් ආකාරයට සමානය. 13 වැනි සංශෝධනයෙන් අපට ලැබුණු පළාත් සභා සුදු අලියෙක් බව කියමින් පට්ට ගැසුව ද එය අහෝසි කිරීමට අද සිටින දේශපාලන නායකයෝ අති බහුතරයක් සිහිනෙන් හෝ නොසිතති. ඉන්දියානු ෆාමකොපියාවකට අත්සන් කිරීමෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇද දමා ඇත්තේ ඊටත් වැඩිය බරපතළ ප්‍රශ්නයකටය. 

සරලවම ඇසිය යුත්තේ ඉන්දියානු ෆාමකොපියාව අපට අනුමත කරගැනීමට අවශ්‍යතාවක් තිබිණි ( මා දන්නා පරිදිනම් එවන් කිසිදු අවශ්‍යතාවක් රටක් ලෙස අපට නොතිබිණි) නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ සඳහා විද්වත් මණ්ඩලයක් පත්කර, හැදෑරීමක් කර එය සිදුකර ගන්නේ නැතිව  එහි සභාපතිවරයා ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමග ගිවිසුමකට අත්සන් කරේ අහවල් දෙයකටදැයි යන්නයි ?

- චන්න ජයසුමන

(මුහුණුපොතෙන්)




සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.