News Category
From Date
To Date
Maximum Number of Result

උම්බලකඩ කුඩු සමග ලිවර් එක දියකිරීම..

Dec 19, 2025 at 06:09 AM
|

අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය.

ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය.

ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය. 

ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත. 

උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහුජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය. බොහෝ සමාගම් උම්බලකඩ විකුනන්නෙ උම්බලකඩ පවුඩර් මිශ්‍රණයක් නමිනි.

එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සඳහනක් ඇත. එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩවලට අමතරව තවත් ඒවා ඇති බවයි.

ඒවා මොනවාදැයි සොයා බැලූ විට පෙනී යන්නේ අප උම්බලකඩ කුඩු කියා කන්නේ අජිනොමොටෝ බවයි.

මෑතකදී පිළිකා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ පිළිකා රෝහලට අතීතයේදී දිනකට පැමිණෙන නවක රෝගීන් ගණන 7-8 පමණ වූ බවයි. වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 80 පමණ වන බව ඔහු ප්‍රකාශ කළේය.

පිළිකාව අප උපතින් අරන් එනවාද, නැතිනම් බහුජාතික සමාගම් අපට පිළිකා හදනවාද යන්න වටහාගත යුතු කාල සීමාව දැන් එළැඹ  ඇත.

ඉස්සර අප දැන සිටියේ ක්ෂණික මෝචනය පමනි. දැන් ක්ෂණික නූඩ්ල්ස්වල සිට හැම කන කෑමක්ම, බීමක්ම ක්ෂණික වී තිබේ.

අපේ ජීවිත ක්ෂණික කරදී ක්ෂණිකව ස්වර්ගයට යන පාර කපාදීම බහුජාතික සමාගම්වල ක්ෂණික කාර්යභාරය වී තිබේ.

මෙකී බහුජාතික සමාගම් ජනතාවගේ ඇස්වලට වැලි ගසන තවත් උපාය මාර්ගයක් ඇත. එනම් ඔවුන් විකුණන ආහාර වර්ග ඇසුරුම්වල ඉදිරිපස 'no added msg' යනුවෙන් ලොකුවට සඳහන් කර තිබීමයි. අපේ රටේ මෝඩ ජනතාව සිතන්නේ මේක මරු කෑමක් කියායි.

එහෙත් ඇසුරුම පිටුපස බැලූවිට යථාර්ථය මොනවාට පැහැදිලි වෙයි. ඉහත 'no added msg' යන පාඨයෙන් කියවෙන්නේ අමතරව msg අඩංගු කර නැති බවයි. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් එක් කරන msg ප්‍රමාණය එහි අඩංගුව ඇත.

බහුජාතික සමාගම් මෙරට ජනතාවට මෙලෙස  වස ගිල්ලවද්දී සෞඛ්‍ය බලධාරීන් නිසොල්මනේ බලා සිටීම විමතිය දනවන කරුණකි. පාරිභෝගික ආරක්ෂා පනත්, පාරිභෝගික අධිකාරිය යනාදී වශයෙන් නහුතයක් අධිකාරි හා සංවිධාන මේ රටේ පිහිටුවා තිබේ. නිදි වැද සිටීම හැර මෙම සංවිධාන කරන වෙනත් කාර්යභාරයක් නැතිදැයි ඇතිවන්නේ බලවත් සැකයකි.

පැණිබීම සම්බන්ධයෙන් ඇති අපූරු කතාවක් මෙහිදී සිහිපත් වේ.

දිනක් පැණිබීම නිෂ්පාදකයකුගේ ගෙදරට ඔහුගේ  හිතවතෙකු පැමිණියේය. තම හිතවතාට ඔහු නිෂ්පාදනය කරන පැණි බීම වීදුරුවක් පිළිගැන්වීය. 

එහෙත් නිෂ්පාදකයා එය පානය නොකළ බැවින් හිතවතා ඒ පිළිබඳ විමසීමක් කළේය. එවිට පැණි බීම නිෂ්පාදකයා දී ඇත්තේ මෙවැනි පිළිතුරකි. 

"පිස්සුද මගේ බල්ලාටවත් දෙනවාද ඔය ජරාව...."

අපි දැන් උම්බලකඩ කුඩු දෙසට හැරෙමු.

උම්බලකඩ කුඩු පැකට්ටුවක් පිටුපස දෙස බලන්න .

එහි සඳහන්ව ඇත්තේ මොනවාද...?

Salt, monosodium glutamate, disodium guanylate, disodium 5- inosinate, corn starch, sugar, palm fat, caramel powder, silica ආදිය එහි අඩංගු බව සඳහන් වේ. මෙයට අමතරව උම්බලකඩ කුඩුද ඇතුළත් කර තිබේ.

ගෙදර උම්බලකඩ කුඩු ටික කොටා ගන්නට කම්මැලි අමන මෝඩ පාරිභෝගිකයෝ උම්බලකඩ නාමයෙන් තම දරුවන්ට අජිනොමොටෝ ගිල්ලවා තමනුත් ඒවා ගිල දමති.

Made in China චිත්‍රපටයේ මෙවන් ප්‍රකාශයක් එයි.

'පාරිභෝගිකයා මෝඩයෙකි'

ලංකාව සම්බන්ධයෙන් නම් එය 100% ක්ම නිවැරදිය. මෝඩයින්ට අමතරව අපි හරකුන්ද වන්නෙමු.

කඩේ උම්බලකඩ කිලෝව රුපියල් 2000 කට ගත හැකිව තිබියදී ඒ වෙනුවට අපි අජිනොමොටෝ දැමූ උම්බලකඩ කුඩු මිශ්‍රණය කිලෝවට රුපියල් 3000 ක් වැයකරමු. (ග්‍රෑම් 40 රුපියල් 120 බැගින් කිලෝ එකට රුපියල් 3000)

අප කන උම්බලකඩ කුඩු මිශ්‍රණයේ තිරිඟු පිෂ්ඨය සහ සීනි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් ගන්නා අතර දිගු කලක් පාවිච්චි කිරීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් වීමටත්  ඉඩ ඇත. ඒ සමගම මෙහි අඩංගු පාම් මේද මගින් ක්‍රියාශීලී ජීවන රටාවක් නැති අපට අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් සහ අක්මාව එසේත් නැත්නම් සිරෝසීස් වැනි රෝග තත්ත්වයන්ට අත වනනු ඇත.

මේ බහුජාතික සමාගම් අපට වස කවනුයේ පාරිභෝගිකයා නොමඟ යවන සුළු වාක්‍යවල සඟවාය. ඒවා මෙසේය.

ස්වභාවික රසකාරක, අනුමත රසකාරක, රස යාමනයන්, මෝල්ටඩ් බාර්ලි, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වභාවික චිකන් රස, ආහාර පදම් කාරක, තිරිඟු සිරප් යනාදී වශයෙනි. 

මේවා සියල්ලේම අඩු වැඩි වශයෙන් සඟවා ඇත්තේ අජිනමොටෝය. නැතිනම් msg ය. 

අජිනොමොටෝ නම් වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා මොනෝසෝඩියම් ග්ලූටමේට් නැතිනම් msg යන මෙම රසායනිකය මදසරුභාවයට, ලිංගික බෙලහීනතාවයට ප්‍රධාන වශයෙන් බලපායි. 

Msg මගින්  මොළයේ ඇති රසය හඳුනා ගන්නා සෛලය අධි උත්තේජනයට ලක් කරයි. ඒ අනුව කටේ දමා ගන්නා ඕනෑම දහජරාවක් ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්ත බව මොළයට සන්නිවේදනය කරයි.

අවසානයේ පුන්නක්කු වුවත් msg දමා එව්වොත් අපේ ජනතාව විසින් ඉමහත් අතිරුචියකින් බුදින තත්ත්වයකට දැන්  පත්ව ඇත. අද අප කරමින් සිටිනුයේ එයයි.

පරිප්පුවලටත් අපට සුප් කැටය දැමීමට අවශ්‍යය. පරිප්පු අප කෑවේ දශක ගණනක් එහා සිටයි. අද ඒ පරිප්පුම අජිනමොටෝ දමා චිකන් රසට කන්නැයි බහුජාතික සමාගම් අපට උගන්වයි.

අපි හිස් මුදුනින්ම ඒවා පිළිගන්නෙමු.

අවසානයේ මේ සියලු දෙනාම ගොඩවන්නේ 119 මහරගම- දෙහිවල බස් එකටය. ගමනාන්තය වන්නේ මහරගම පිළිකා රෝහලයි.

(උපුටා ගැනීමකී)😇

දැනුවත් වීම සදහා පමණි

(අන්තර්ජාලයෙන්)

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.