News Category
From Date
To Date
Maximum Number of Result

මධුර ඉංග්‍රීසි -සිංහල ශබ්දකෝෂය නිර්මාණය කළ මාතර උපන් මධුර කුලතුංග..

Dec 18, 2025 at 08:03 AM
|

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු වන මධුර කුලතුංග මෘදුකාංග නිර්මාණය සහ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ විශේෂඥයකු ද වෙයි. සුප්‍රකට මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිර්මාණය කර එම සේවා නොමිලේ ලබා දෙමින් ඔහු ශ්‍රී ලාංකික ජනතාව අතර ගෞරවාදරයට පත්විය. 

1980 මාර්තු 23 වැනි දින මාතර දි උපත ලද මධුර කුලතුංග පවුලේ එකම දරුවාය. ඔහු සිංහල බෞද්ධයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මධුර කුලතුංග ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකි. ඔහු මයික්‍රෝසොෆ්ට් සහතික ලත් පද්ධති ඉංජිනේරු වෘත්තීය සුදුසුකම් සපුරා ඇත.

ඉංග්‍රීසි භාෂාව භාවිතයට යොමු වූ මුල් අවධියේ ඔහුට විවිධ අසීරුතාවලට මුහුණ දීමට සිදුවිය. මෙය දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාවිතා කිරීමේදී බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඇතිවන පොදු ගැටලුවකි. මෙවැනි අවස්ථා වලදී ඔවුහු සම්ප්‍රදායික මුද්‍රිත ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂ පරිහරණයට හුරුවී සිටියද ඒ සඳහා අධික කාලයක් සහ වෙහෙසක් දැරීමට සිදු වන බව මධුර කුලතුංග විසින් අවබෝධ කර ගැනිණි. මෙම අභියෝග ජය ගැනීම සඳහා වචන වල තේරුම ක්ෂණිකව ලබා ගත හැකි ඉලෙක්ට්‍රොනික ශබ්දකෝෂයක් නිපදවීමට ඔහු අදිටන් කළේය.

මධුර කුලතුංග විසින් නිර්මාණය කරන ලද මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය 2002 නොවැම්බර් 23 වැනි දින සිට ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසුණි. පසුව එම ශබ්දකෝෂය මධුර ඔන්ලයින් නමින් අන්තර්ජාලයට ඇතුලත් කරමින් ඔහු ලොව ප්‍රථම ඔන්ලයින් ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයේ නිර්මාණකරුවා බවට පත් විය. ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය මේ වන විට ශිෂ්‍යයින්ට සහ වෘත්තිකයින්ට තම අධ්‍යාපනික කටයුතු වලදී මෙන්ම එදිනෙදා කටයුතු වලදීද අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්විය.

ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ පහසුකම් ඉතා අඩු මට්ටමක පැවති යුගයක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව මධුර කුලතුංග විසින් කරන ලද මෙම නිර්මාණය ඉතිහාස ගත වනු ඇත. මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය සදහා ඇති වෙළඳපොළ වටිනාකම අවබෝධ කරගත් ව්‍යාපාරික ආයතන කිහිපයක් ආකර්ෂණීය මිල ගණන් ඉදිරිපත් කරමින් සමස්ත නිර්මාණයේ අයිතිය මිලදී ගැනීමට උත්සාහ කරන ලදී. සියල්ල මුදලට විකිණෙන කාලයක එම ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මධුර කුලතුංග තම නිර්මාණයේ අයිතිය තමා සන්තකයේම රඳවා ගනිමින් ඉදිරියටත් තම සේවා නොමිලේ ලබා දීම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවයට හේතු විය.

මධුර කුලතුංග විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට කරන ලද නිර්මාණශීලී දායකත්වය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් විසින් ඇගයිනි. මහාචාර්ය ජේ. බී. දිසානායක ඇතුලු විද්වතුන් රාශියකගේ සහභාගීත්වයෙන් 2009 සැප්තැම්බර් 2 වැනි දින මොරටුව විශ්වවිද්‍යාලයේ පැවති සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා දේශණයක් පැවැත්වීමට මහාචාර්ය ගිහාන් ඩයස් විසින් මධුර කුලතුංග වෙත ඇරයුම් කරන ලදී. එම ආරාධනය පිළිගත් ඔහු සම්මන්ත්‍රණය අමතමින් සිදු කළ දේශණය සියල්ලන්ගේ ප්‍රශංසාවට ලක් වුනි.

අන්තර්ජාල පහසුකම් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව නොතිබුණු මුල් අවධියේ සංයුක්ත තැටි මඟින් ජනතාව අතර බෙදා හරින ලද මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය, ශ්‍රී ලංකාවට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ලැබීමත් සමග මේ වන විට මිලියන ගණනක් ඩවුන්ලෝඩ් කර ගෙන ඇත. ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන මධුර ඔන්ලයින් ශබ්දකෝෂය දිනකට 50,000 කට අධික පිරිසක් භාවිතා කරති. ජංගම දුරකථන සඳහා නිපදවූ මධුර ඔන්ලයින් ඇන්ඩ්‍රොයිඩ් වැඩ සටහන ද මේ වන විට ඉතා ජනප්‍රිය වී ඇත.

මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය වචන 230,000 කට අධික ප්‍රමාණයකින් සමන්විතය. විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවකට අදාල පාරිභාෂික පද සොයා ගැනීමේ පහසුකම් සැලසෙන අතර, මෙය විද්‍යාකෝෂයක් ලෙසද භාවිතා කළ හැකිය. ඕනෑම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම සහ සිංහල වචනයක ඉංග්‍රීසි තේරුම සොයා ගැනීමට පුලුවන. වයිල්ඩ්කාඩ් අක්ෂර වන තරු ලකුණ සහ ප්‍රශ්නාර්ත ලකුණ භාවිතා කරමින් වචන සෙවීමේ හැකියාව ඇත. මෙම සියලුම සේවාවන් https://www.maduraonline.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.



සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.