News Category
From Date
To Date
Maximum Number of Result

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලන නැගීසිටීම පිටුපස තිබුනේ ‘කුල පීඩනය’ ය යන මිත්‍යාව පිළිබඳ නැවත කියවීමක්! - අරුන් සිද්ධාර්ථ්

Dec 17, 2025 at 10:26 AM
|

‘වෙල්ලාර්” නම් ඉහල කුලය විසින්  ප්‍රභාකරන් අයත් ‘කරයියර්’ (ධීවර කුලය) මත ඇති කරන ලද පීඩනය,කුලය පදනම් කරගෙන සිදුකල  වෙනස්කම්, එහිම ප්‍රතිඵලයක් ලෙස සිදුවූ සමාජ බැහැර කිරීම සහ  ආන්තීකකරණයේ ඵලයක් ලෙස ප්‍රභාකරන්ගේ සටන ඇරඹුණු බවත්, පසුව එය දේශපාලන ප්‍රචණ්ඩත්වයක් කරා තල්ලුවූ බවත් දැක්වෙන මතයක් සමාජයේ බහුලව සාකච්ඡාවෙමින් පවතී. මෙම ආඛ්‍යානයට අනුව, ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩත්වයට හේතුවූයේ ‘වෙල්ලාර්’ කුලය විසින් කරයියර් කුලය මත  මුදාහල  පීඩනය, සතුරුකම සහ  විරෝධය බව කියනු ලබන අතර, එම අර්ථ නිරූපණය ජනප්‍රිය කතිකාවන් සහ ඩිජිටල් අවකාශයන්හි කිසියම්  ආකර්ෂණයක් ලබාගැනීමට සමත්වී ඇත. එසේ වෙතත්, ඓතිහාසික සාක්ෂි, ලේඛනාගාර වාර්තා, දේශපාලන විශ්ලේෂණයන්  සහ ප්‍රභාකරන්ගේම නිදර්ශනයන් ට  අනුව එම කතාව නැවත පෙළගැස්වූ විට මෙම ප්‍රකාශය ඉතිහාසගත අසත්‍ය සහ  දේශපාලනික හේතූන්මත ගොඩනගා ඇති බව මැනවින්  ඔප්පු වේ.¹

ප්‍රභාකරන්ගේ පවුල් පෙළපත, ධනය සහ සමාජ අධිකාරිය

ප්‍රභාකරන් ආන්තිකකරණයට ලක් වූ හෝ පීඩිත සමාජ පසුබිමකින් පැවත එන්නෙකු නොවේ. ඔහුගේ පෙළපත පිළිබඳ තොරතුරු වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ ජීවත්වූ පවුල් පිළිබඳ ලේඛණ, කෝවිල් ඔප්පු සහ වාචික ඉතිහාසයන් හරහා ගැඹුරින් සනිටුහන්වී තිබේ:

• මී මුත්තා: තිරුමෙනියාර් වෙන්ගඩසලම්පිල්ලෙයි

• සීයා: තිරුවෙන්ගඩම්

• පියා: වේලුපිල්ලෙයි

• පුතා: වේලුපිල්ලෙයි ප්‍රභාකරන්

1860 ගණන්වලදී, තිරුමෙනියාර් වෙන්ගඩසලම්පිල්ලෙයි හෙවත් ප්‍රභාකරන්ගේ මී මුත්තා, වැල්වෙට්ටිතුරෙයි හි ප්‍රධාන හින්දු කෝවිල් තුනක් ඉදි කර ඇත. ඒවා නම්;

1. වැල්වෙට්ටිතුරෙයි වෛතේස්වරන් කෝවිල

2. වැල්වෙට්ටිතුරෙයි මුතුමාරියම්මන් කෝවිල

3. නෙඩියකාඩු පිල්ලෙයාර් කෝවිල²

19 වන සියවසේ යාපනයේදී, කුල පීඩනයට ලක් වූ ප්‍රජාවන්ට කෝවිල් තුලට ඇතුළුවීම, කෝවිල්  ඉදිකිරීම සහ ඒවායේ භාරකාරීත්වය දැරීම තහනම් ක්‍රියාවක් විය. යටත් විජිත පරිපාලන වාර්තා සහ මිෂනාරි වාර්තා නිරන්තරයෙන් වාර්තා කර ඇත්තේ  පීඩිත කුලවල අයට ආගමික අධිකාරීත්වය (පූජක/භාරකරු) දැරීම  සහ දේපළ හිමිකම දැරීමට ඉඩලබා නොදුන් බවයි .³ එවන් තත්ත්වයක් තිබියදී කෝවිල් ඉදිකිරීමට සහ ඒවා කළමනාකරණය කිරීමට තිබූ සමාජ අවකාශය ප්‍රභාකරන්ගේ සනුහරය සතුව තිබූ සමාජ ආධිපත්‍යය සහ සංස්කෘතික පිළිගැනීම පිළිබඳ පැහැදිලි සාක්ෂයකි.

පසුව ප්‍රභාකරන්ගේ පියා මෙම කෝවිල්වල භාරකරුවෙකු ලෙස සේවය කළ අතර, ප්‍රභාකරන්ගේ සහෝදරියන් දෙදෙනෙකු සහ  සහෝදරයෙකු කෝවිල් වත්කම් වලින් ආදයම් උපයන බව ප්‍රාදේශීය කෝවිල් පරිපාලන වාර්තා සහ පවුලේ සාක්ෂි මගින් සනාථ වේ.⁴

ඊට අමතරව, ප්‍රභාකරන්ගේ මී මුත්තා සතුව වෙළඳ යාත්‍රා තිබූ අතර ඔහු දකුණු ඉන්දියාවේ වැල්වෙටිතුරෙයි සහ මලයාව අතර දුම්කොළ වෙළඳාම සිදු කළේය.  මේ හේතුවෙන් ඔවුන්ගේ  පවුල උතුරු පළාතේ සමුද්‍රීය වෙළඳ ප්‍රභූවරයන් අතරට ඇතුළත් විය.⁵

මෙම කරුණු සහ ‘ප්‍රභාකරන්ගේ පවුල කුලහීන ප්‍රජාවකට අයත් ය’ ය කියමන අතර ඇත්තේ බරපතල පරස්පරයකි. 

ප්‍රභාකරන්ගේ පවුල ශ්‍රී ලංකා රාජ්‍ය සේවය සමග තිබූ බැඳීම

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයට ප්‍රභාකරන්ගේ පවුල ගැඹුරු ලෙස බැඳී තිබීමද  ඒ හා සමානව වැදගත්කමකින් යුත් කරුණකි.

ප්‍රභාකරන්ගේ පියා වේලුපිල්ලේ 1943 දී ලංකා රජයේ දුම්රිය සේවයට (CGR) සම්බන්ධ විය. රාජ්‍ය සේවකයන්ගේ නිල පුද්ගල ලිපිගොනු පිරීක්සීමේදී පෙනී යන්නේ පසුකාලීනව ඔහුව ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට මාරු කර යවා ඇති බවයි. 1982 දී ඉඩම් නිරවුල් කිරීමේ අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් ඉඩම් නිලධාරියෙකු ලෙස ඔහු විශ්‍රාමගොස් තිබේ.⁶

ප්‍රභාකරන්ගේ පියා විශ්‍රාම යන විට, එම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා  වූයේ ගාමිණී දිසානායක මහතාය. 1981 දී යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් වූ බරපතල චෝදනාවලට ගාමිණී දිසානායක මහතා  මුහුණ දුන් අතර, එය පාර්ලිමේන්තු විවාද, මාධ්‍ය විමර්ශන සහ මානව හිමිකම් වාර්තාවල පුළුල් ලෙස ලේඛනගතවී ඇත.⁷

මෙම ඓතිහාසික කම්පනය තිබියදීත්, ප්‍රභාකරන්ගේ පියා, වේලුපිල්ලෙයි ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියේය. මෙය ඉදිරිපත් කරනුයේ කැපී පෙනෙන උත්ප්‍රාසයකි. පසුකාලීනව ආයුධ අතටගත් ප්‍රභාකරන් එක්තරා කලක ජනතා විමුක්ති පෙරමුණ සේම ‘රජය වෙනුවෙන් වැඩ නොකරන ලෙස තර්ජනය කරමින් රජයේ සේවකයින් ඝාතනය කර ඇත. එහෙත් විසුළු සහගත කාරණය වන්නේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් වැඩ නොකරන ලෙස අනතුරු ඇඟවූ තැනැත්තාගේ පියා එම රාජ්‍යයේම අඛණ්ඩ සේවකයෙකු ලෙස සේවය කිරීමයි.⁸

මෙම යථාර්ථය අපට පැහැදිලි කරන්නේ ප්‍රභාකරන්ගේ ඊනියා ‘සටන්කාමීත්වය’ කිසිසේත්ම  තමන්ට සිදුවූ  මදිපාඩුවක්,  කුල බැහැර කිරීමක් හෝ රාජ්‍ය ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇති වූ ප්‍රතිඵලයක්  බවට ඇති සමාජ මතය අමූලික, ගල්පැලෙන, පට්ටපල් බොරුවක් බවයි!

යාපනයේ කුල පසුබිම හා කෝවිල් ප්‍රවේශය පිළිබඳ ඓතිහාසික සන්දර්භය

යාපනයේ පීඩිත කුලවල ජනතාවට කෝවිල් තුලට ඇතුළුවීමට ප්‍රථම වරට අවසර දෙනු ලැබුවේ 1956 දී, නල්ලූර් කන්දස්වාමි කෝවිලෙන් ඇරඹුණු, අඛණ්ඩ දේශපාලන උද්ඝෝෂණවලින් පසුවය. ⁹

1957 අංක 21 දරන සමාජ ආබාධ වැළැක්වීමේ පනත මගින් ශ්‍රී ලංකාව පුරා එතුවක් සිදුකෙරුනු ‘කුල පදනම් කරගත් බැහැරකිරීම’ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කළේය.¹⁰

ප්‍රභාකරන්ගේ පවුල කෝවිල්  ඉදිකර ඒවා පරිපාලනය කලේ ඊට සියවසකට පමණ පෙර බැවින්, ඔවුන් ඓයිතිහාසික චාරිත්‍රානුකූලව බැහැර කරන ලද කුලයකට අයත් බවට කරන ප්‍රකාශ කිසිසේත් ම  පිළිගත නොහැකිය.

මුල් කාලීන රැඩිකලීකරනය සහ වෙනුගෝපාල් මාස්ටර්ගේ භූමිකාව

ප්‍රභාකරන්ගේ දේශපාලන ප්‍රවේශය අප තේරුම් ගත යුත්තේ කුල පීඩනය හේතුවෙන් නැඟෙන  දුක්ගැනවිලි හරහා නොව එහි තිබූ ප්‍රභූ දේශපාලනික හැඩගැන්වීම හරහා ය.

වයස අවුරුදු 14 දී පාසලෙන් ඉවත් වූ පසු, ප්‍රභාකරන්ව ඔහුගේ පියා විසින් වෙනුගෝපාල් මාස්ටර් විසින් පවත්වාගෙන යනු ලබන ‘වැල්වෙට්ටිතුරෙයි ආයතනයට’ රැගෙන යන ලදී. වෙනුගෝපාල් මාස්ටර් ෆෙඩරල් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ අතර එස්.ජේ.වී. චෙල්වනායගම් ගේ සමීප සහචරයෙකි. චෙල්වනායගම් යනු වෙල්ලාලර් කුල අධිපතිවාදියෙකු වූ  අතර, ඒ බව ඔහුගේ කථා, ලේඛන සහ සංවිධාන ජාලයන් තුල ඉස්මතුව දක්නට ලැබුණු ස්ථාවරයකි.¹¹

ෆෙඩරල් පක්ෂ නායකත්වය සමඟ ඇතිවූ  බල අරගලයකින් පසුව, වෙනුගෝපාල් මාස්ටර් එම පක්ෂයෙන් කැඩී “තමිලර් සුයච්චි කලගම්” (දෙමළ ස්වයං පාලන පක්ෂය) පිහිටුවා ගත්තේය. මෙම කාල පරිච්ඡේදය තුල ඔහුගේ පක්ෂය මගින් ප්‍රකාශිත  පත්‍රිකා සහ කථාවලින් ඔහු පහත සඳහන් දෑ වෙනුවෙන් සිටි බව නිරීක්ෂණය වේ:

• සී. සුන්දරලිංගම්ගේ ඊලාම් සංකල්පය

• වෙනම පලාතක් (රටක්) වෙනුවෙන් වූ සෘජු සහ ඉතා දැඩි දෘෂ්ඨිවාදය

• සන්නද්ධ අරගලය දේශපාලන උපාය මාර්ගයක් ලෙස නීත්‍යානුකූල/සාධාරණීකරණය කිරීම

අරුන් සිද්ධාර්ථ්

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.