News Category
From Date
To Date
Maximum Number of Result

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලන නැගීසිටීම පිටුපස තිබුනේ ‘කුල පීඩනය’ ය යන මිත්‍යාව පිළිබඳ නැවත කියවීමක්! - අරුන් සිද්ධාර්ථ්

Dec 17, 2025 at 10:26 AM
|

‘වෙල්ලාර්” නම් ඉහල කුලය විසින්  ප්‍රභාකරන් අයත් ‘කරයියර්’ (ධීවර කුලය) මත ඇති කරන ලද පීඩනය,කුලය පදනම් කරගෙන සිදුකල  වෙනස්කම්, එහිම ප්‍රතිඵලයක් ලෙස සිදුවූ සමාජ බැහැර කිරීම සහ  ආන්තීකකරණයේ ඵලයක් ලෙස ප්‍රභාකරන්ගේ සටන ඇරඹුණු බවත්, පසුව එය දේශපාලන ප්‍රචණ්ඩත්වයක් කරා තල්ලුවූ බවත් දැක්වෙන මතයක් සමාජයේ බහුලව සාකච්ඡාවෙමින් පවතී. මෙම ආඛ්‍යානයට අනුව, ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩත්වයට හේතුවූයේ ‘වෙල්ලාර්’ කුලය විසින් කරයියර් කුලය මත  මුදාහල  පීඩනය, සතුරුකම සහ  විරෝධය බව කියනු ලබන අතර, එම අර්ථ නිරූපණය ජනප්‍රිය කතිකාවන් සහ ඩිජිටල් අවකාශයන්හි කිසියම්  ආකර්ෂණයක් ලබාගැනීමට සමත්වී ඇත. එසේ වෙතත්, ඓතිහාසික සාක්ෂි, ලේඛනාගාර වාර්තා, දේශපාලන විශ්ලේෂණයන්  සහ ප්‍රභාකරන්ගේම නිදර්ශනයන් ට  අනුව එම කතාව නැවත පෙළගැස්වූ විට මෙම ප්‍රකාශය ඉතිහාසගත අසත්‍ය සහ  දේශපාලනික හේතූන්මත ගොඩනගා ඇති බව මැනවින්  ඔප්පු වේ.¹

⸻

ප්‍රභාකරන්ගේ පවුල් පෙළපත, ධනය සහ සමාජ අධිකාරිය

ප්‍රභාකරන් ආන්තිකකරණයට ලක් වූ හෝ පීඩිත සමාජ පසුබිමකින් පැවත එන්නෙකු නොවේ. ඔහුගේ පෙළපත පිළිබඳ තොරතුරු වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ ජීවත්වූ පවුල් පිළිබඳ ලේඛණ, කෝවිල් ඔප්පු සහ වාචික ඉතිහාසයන් හරහා ගැඹුරින් සනිටුහන්වී තිබේ:

• මී මුත්තා: තිරුමෙනියාර් වෙන්ගඩසලම්පිල්ලෙයි

• සීයා: තිරුවෙන්ගඩම්

• පියා: වේලුපිල්ලෙයි

• පුතා: වේලුපිල්ලෙයි ප්‍රභාකරන්

1860 ගණන්වලදී, තිරුමෙනියාර් වෙන්ගඩසලම්පිල්ලෙයි හෙවත් ප්‍රභාකරන්ගේ මී මුත්තා, වැල්වෙට්ටිතුරෙයි හි ප්‍රධාන හින්දු කෝවිල් තුනක් ඉදි කර ඇත. ඒවා නම්;

1. වැල්වෙට්ටිතුරෙයි වෛතේස්වරන් කෝවිල

2. වැල්වෙට්ටිතුරෙයි මුතුමාරියම්මන් කෝවිල

3. නෙඩියකාඩු පිල්ලෙයාර් කෝවිල²

19 වන සියවසේ යාපනයේදී, කුල පීඩනයට ලක් වූ ප්‍රජාවන්ට කෝවිල් තුලට ඇතුළුවීම, කෝවිල්  ඉදිකිරීම සහ ඒවායේ භාරකාරීත්වය දැරීම තහනම් ක්‍රියාවක් විය. යටත් විජිත පරිපාලන වාර්තා සහ මිෂනාරි වාර්තා නිරන්තරයෙන් වාර්තා කර ඇත්තේ  පීඩිත කුලවල අයට ආගමික අධිකාරීත්වය (පූජක/භාරකරු) දැරීම  සහ දේපළ හිමිකම දැරීමට ඉඩලබා නොදුන් බවයි .³ එවන් තත්ත්වයක් තිබියදී කෝවිල් ඉදිකිරීමට සහ ඒවා කළමනාකරණය කිරීමට තිබූ සමාජ අවකාශය ප්‍රභාකරන්ගේ සනුහරය සතුව තිබූ සමාජ ආධිපත්‍යය සහ සංස්කෘතික පිළිගැනීම පිළිබඳ පැහැදිලි සාක්ෂයකි.

පසුව ප්‍රභාකරන්ගේ පියා මෙම කෝවිල්වල භාරකරුවෙකු ලෙස සේවය කළ අතර, ප්‍රභාකරන්ගේ සහෝදරියන් දෙදෙනෙකු සහ  සහෝදරයෙකු කෝවිල් වත්කම් වලින් ආදයම් උපයන බව ප්‍රාදේශීය කෝවිල් පරිපාලන වාර්තා සහ පවුලේ සාක්ෂි මගින් සනාථ වේ.⁴

ඊට අමතරව, ප්‍රභාකරන්ගේ මී මුත්තා සතුව වෙළඳ යාත්‍රා තිබූ අතර ඔහු දකුණු ඉන්දියාවේ වැල්වෙටිතුරෙයි සහ මලයාව අතර දුම්කොළ වෙළඳාම සිදු කළේය.  මේ හේතුවෙන් ඔවුන්ගේ  පවුල උතුරු පළාතේ සමුද්‍රීය වෙළඳ ප්‍රභූවරයන් අතරට ඇතුළත් විය.⁵

මෙම කරුණු සහ ‘ප්‍රභාකරන්ගේ පවුල කුලහීන ප්‍රජාවකට අයත් ය’ ය කියමන අතර ඇත්තේ බරපතල පරස්පරයකි. 

ප්‍රභාකරන්ගේ පවුල ශ්‍රී ලංකා රාජ්‍ය සේවය සමග තිබූ බැඳීම

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයට ප්‍රභාකරන්ගේ පවුල ගැඹුරු ලෙස බැඳී තිබීමද  ඒ හා සමානව වැදගත්කමකින් යුත් කරුණකි.

ප්‍රභාකරන්ගේ පියා වේලුපිල්ලේ 1943 දී ලංකා රජයේ දුම්රිය සේවයට (CGR) සම්බන්ධ විය. රාජ්‍ය සේවකයන්ගේ නිල පුද්ගල ලිපිගොනු පිරීක්සීමේදී පෙනී යන්නේ පසුකාලීනව ඔහුව ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට මාරු කර යවා ඇති බවයි. 1982 දී ඉඩම් නිරවුල් කිරීමේ අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් ඉඩම් නිලධාරියෙකු ලෙස ඔහු විශ්‍රාමගොස් තිබේ.⁶

ප්‍රභාකරන්ගේ පියා විශ්‍රාම යන විට, එම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා  වූයේ ගාමිණී දිසානායක මහතාය. 1981 දී යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් වූ බරපතල චෝදනාවලට ගාමිණී දිසානායක මහතා  මුහුණ දුන් අතර, එය පාර්ලිමේන්තු විවාද, මාධ්‍ය විමර්ශන සහ මානව හිමිකම් වාර්තාවල පුළුල් ලෙස ලේඛනගතවී ඇත.⁷

මෙම ඓතිහාසික කම්පනය තිබියදීත්, ප්‍රභාකරන්ගේ පියා, වේලුපිල්ලෙයි ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියේය. මෙය ඉදිරිපත් කරනුයේ කැපී පෙනෙන උත්ප්‍රාසයකි. පසුකාලීනව ආයුධ අතටගත් ප්‍රභාකරන් එක්තරා කලක ජනතා විමුක්ති පෙරමුණ සේම ‘රජය වෙනුවෙන් වැඩ නොකරන ලෙස තර්ජනය කරමින් රජයේ සේවකයින් ඝාතනය කර ඇත. එහෙත් විසුළු සහගත කාරණය වන්නේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් වැඩ නොකරන ලෙස අනතුරු ඇඟවූ තැනැත්තාගේ පියා එම රාජ්‍යයේම අඛණ්ඩ සේවකයෙකු ලෙස සේවය කිරීමයි.⁸

මෙම යථාර්ථය අපට පැහැදිලි කරන්නේ ප්‍රභාකරන්ගේ ඊනියා ‘සටන්කාමීත්වය’ කිසිසේත්ම  තමන්ට සිදුවූ  මදිපාඩුවක්,  කුල බැහැර කිරීමක් හෝ රාජ්‍ය ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇති වූ ප්‍රතිඵලයක්  බවට ඇති සමාජ මතය අමූලික, ගල්පැලෙන, පට්ටපල් බොරුවක් බවයි!

යාපනයේ කුල පසුබිම හා කෝවිල් ප්‍රවේශය පිළිබඳ ඓතිහාසික සන්දර්භය

යාපනයේ පීඩිත කුලවල ජනතාවට කෝවිල් තුලට ඇතුළුවීමට ප්‍රථම වරට අවසර දෙනු ලැබුවේ 1956 දී, නල්ලූර් කන්දස්වාමි කෝවිලෙන් ඇරඹුණු, අඛණ්ඩ දේශපාලන උද්ඝෝෂණවලින් පසුවය. ⁹

1957 අංක 21 දරන සමාජ ආබාධ වැළැක්වීමේ පනත මගින් ශ්‍රී ලංකාව පුරා එතුවක් සිදුකෙරුනු ‘කුල පදනම් කරගත් බැහැරකිරීම’ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කළේය.¹⁰

ප්‍රභාකරන්ගේ පවුල කෝවිල්  ඉදිකර ඒවා පරිපාලනය කලේ ඊට සියවසකට පමණ පෙර බැවින්, ඔවුන් ඓයිතිහාසික චාරිත්‍රානුකූලව බැහැර කරන ලද කුලයකට අයත් බවට කරන ප්‍රකාශ කිසිසේත් ම  පිළිගත නොහැකිය.

⸻

මුල් කාලීන රැඩිකලීකරනය සහ වෙනුගෝපාල් මාස්ටර්ගේ භූමිකාව

ප්‍රභාකරන්ගේ දේශපාලන ප්‍රවේශය අප තේරුම් ගත යුත්තේ කුල පීඩනය හේතුවෙන් නැඟෙන  දුක්ගැනවිලි හරහා නොව එහි තිබූ ප්‍රභූ දේශපාලනික හැඩගැන්වීම හරහා ය.

වයස අවුරුදු 14 දී පාසලෙන් ඉවත් වූ පසු, ප්‍රභාකරන්ව ඔහුගේ පියා විසින් වෙනුගෝපාල් මාස්ටර් විසින් පවත්වාගෙන යනු ලබන ‘වැල්වෙට්ටිතුරෙයි ආයතනයට’ රැගෙන යන ලදී. වෙනුගෝපාල් මාස්ටර් ෆෙඩරල් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ අතර එස්.ජේ.වී. චෙල්වනායගම් ගේ සමීප සහචරයෙකි. චෙල්වනායගම් යනු වෙල්ලාලර් කුල අධිපතිවාදියෙකු වූ  අතර, ඒ බව ඔහුගේ කථා, ලේඛන සහ සංවිධාන ජාලයන් තුල ඉස්මතුව දක්නට ලැබුණු ස්ථාවරයකි.¹¹

ෆෙඩරල් පක්ෂ නායකත්වය සමඟ ඇතිවූ  බල අරගලයකින් පසුව, වෙනුගෝපාල් මාස්ටර් එම පක්ෂයෙන් කැඩී “තමිලර් සුයච්චි කලගම්” (දෙමළ ස්වයං පාලන පක්ෂය) පිහිටුවා ගත්තේය. මෙම කාල පරිච්ඡේදය තුල ඔහුගේ පක්ෂය මගින් ප්‍රකාශිත  පත්‍රිකා සහ කථාවලින් ඔහු පහත සඳහන් දෑ වෙනුවෙන් සිටි බව නිරීක්ෂණය වේ:

• සී. සුන්දරලිංගම්ගේ ඊලාම් සංකල්පය

• වෙනම පලාතක් (රටක්) වෙනුවෙන් වූ සෘජු සහ ඉතා දැඩි දෘෂ්ඨිවාදය

• සන්නද්ධ අරගලය දේශපාලන උපාය මාර්ගයක් ලෙස නීත්‍යානුකූල/සාධාරණීකරණය කිරීම

අරුන් සිද්ධාර්ථ්

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.