බාල බෙහෙත් මාෆියාව පිටුපස සිටින්නේ කවුද?
ඊයේ දින පැවති දෙරණ 360’ වැඩසටහනෙන් හෙළි වූයේ මාලිමා ආණ්ඩුවේ සැබෑ තත්වයයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට එක් රූපවාහිනී වැඩසටහනකට මුහුණ දීමට සමස්ත ආණ්ඩුවම සූදානම් වූ ආකාරය දුටු විට ඔවුන් සත්‍යයට කොතරම් බිය වී ඇත්දැයි පැහැදිලිය.
ජනාධිපති අනුර කුමාර ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලය, රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් සහ සම්බන්ධීකරණ නිලධාරීන් යොදවා තිබුණේ එක් ඇමතිවරයෙකු ආරක්ෂා කර ගැනීමටයි.
වැඩසටහන අතරතුර පවා දුරකථනයෙන් තොරතුරු සැපයීමට වෙනම කණ්ඩායමක් සූදානම් වී සිටියා. තරුණ මාධ්‍යවේදී කළිඳු කරුණාරත්නගේ ප්‍රශ්නවලට බිය වූ ආණ්ඩුව රාජ්‍ය සේවය මෙතරම් අයුතු ලෙස භාවිත කළ වෙනත් කාලයක් ඉතිහාසයේ නැත.
එපමණක් නොව, ගංවතුර ආපදා තත්ත්වයට පෙර දැනුම් දීම් සම්බන්ධයෙන් ඇත්ත වසන් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බිය ගන්වා ලිපි ලබා ගත් බවද හෙළිදරව් විය. කළිඳුට මුහුණ දීමට තිබූ මේ සූදානම ගංවතුරට පෙර තිබුණා නම් අද බොහෝ ජීවිත බේරා ගැනීමට තිබුණා.
වැඩසටහන පුරාවට නලින්ද බොරු කීවා මිස තර්කානුකූලව ජයග්‍රහණයක් ලැබුවේ නැත. නමුත් වැඩසටහන අවසන් වූ පසු, ආණ්ඩුවේ ඩෝබි බලකාය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මෙය මුදල් ගෙවා සිදු කරන පන්නයේ, යථාර්ථයෙන් තොර ප්‍රචාරණයකි. මාලිමා ආණ්ඩුවට අනුව ඔවුන් ජයග්‍රහණය කර තිබුණත්, වැඩසටහන නැරඹූ ඕනෑම කෙනෙකුට සත්‍යය තහවුරු කර ගත හැකිය.
නලින්ද ජයතිස්සගෙන ඇසීමට නොහැකි වූ තීරණාත්මක ප්‍රශ්න:
* බාල ඉන්දියානු ඖෂධ: ඉතිහාසය පුරා මෙරට භාවිතා කළ උසස් තත්ත්වයේ බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු ඖෂධ ඉවත් කර, අද මෙරටට බාල ඉන්දියානු ප්‍රමිතියේ ඖෂධ ගෙන්වන්නේ ඇයි. පාලන මිල නීති නිසා ප්‍රමිතිගත ඖෂධ වෙළෙඳපොලෙන් ඉවත් වී ඇත. නලින්ද මහතා මේ මහා ජාතික අපරාධය සිදු කළේ ඇයි?
* ජීවිත හානි: නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැති මූලික වී ගෙන්වූ ඉන්දියානු එන්නතක් විෂ වී රෝගීන් තිදෙනෙක් මිය ගොස් ඇත. වීදුරු කටු පවා අන්තර්ගත වූ එම එන්නත නිසා බැක්ටීරියා ආසාදනයක් ඇති විය. මේ ජීවිත නැති වීමට වගකිව යුත්තේ කවුද?
* සම්බන්ධතා: බාල එන්නත ලංකාවට ගෙන ආ සමාගමේ අධ්‍යක්ෂවරයා කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර්ගේ නැගණියගේ සැමියා බව වාර්තා වේ. නලින්ද බලයට පත් වූ පසු එම සමාගමට ටෙන්ඩර් රැසක් හිමි වී ඇත. මේ ගනුදෙනු පිටුපස ඇති සැබෑ කතාව කුමක්ද?
මෙය දහසක් බලාපොරොත්තු පොදි බැඳ සිටි යොවුන් ජීවිත බිලිගත් මහා අපරාධයකි. බලය වෙනුවෙන් ජනතාවගේ සෞඛ්‍ය පද්ධතිය මෙතරම් බිඳ දැමීමට කිසිදු ආණ්ඩුවකට අයිතියක් නැත. ආණ්ඩුවේ නොහැකියාව සහ බාල බෙහෙත් මාෆියාවට එරෙහිව ජනතාව අවදි විය යුතුය.
- JeeVan HesLin
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..