අනුර සහ ආණ්ඩුව රන්වලව බදා වැලඳ ගනියි...
අනුර හෙලිකොප්ටර් එකේ ගිහින් රන්වලව මිනිස්සුන්ට පේන්න බදාගත්තෙ නැත.
එහෙත් අනුර සහ ආණ්ඩුව තමන්ගෙ එකාව බේරගන්න මුළු රාජ්‍ය යාන්ත්‍රණයම භාවිතා කිරීම ඇස් වලට පේන්නට ගොස් ලංසාව බදාගත්තාට වඩා ප්‍රබලව සිදු කළේය..
එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගිහින් නිමල් ලංසාව බදාගත්තෙ එකලස් කරපු වාහනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට බවත් නිමල් ලංසා එම චෝදනාවට වරදකරු නොවූ බවත් පුන පුනා කිවයුතු නොවේ. එය දැන් ජනප්‍රිය රහසකි.
එහෙත් අනූර සහ ආණ්ඩුව රන්වලව බදාගත්තෙ දුහුල් තිරයක් පිටුපස සිට ෆ්ලෑෂ් ලයිට් ගසා හොර රහසේය. එහෙත් ජනතාව සියල්ල ලයිව් දුට්වේය.
රන්වලගෙ ප්‍රශ්නය ආණ්ඩු පක්ෂයේ ඩෝබීන්, විපක්ෂයෙ විවේචකයන් සියල්ලම අල්ලාගෙන ඇත්තෙ වැරදි තැනකින්ය..
" රන්වල බීලා එලෙව්වාද...? "
" අනතුරින් පසුව රන්වලගෙ හැසිරීම අශෝභනයි.."
" රන්වලගෙ උපාධි බොරුව.. "
" මේ ලංකාවෙ සිදු වෙච්ච පලවෙනි අනතුරද..? "
මේ කිසිම දෙයක් මේ සිද්ධියට අදාළ නැත..
ඒ සියල්ලම පුද්ගලානුබද්ධ කාරණය...
🔴 සැබෑ ප්‍රශ්ණය වනුයේ " නීතියෙ ආධිපත්‍යය" තමාගෙ එකාට පමණක් වෙනස් වූයේ කෙසේද...? යන්නයි...
මේ ආණ්ඩුව බලයට ඒමට පාවිච්චි කළ ප්‍රධාන සටන්පාඨයක් වූයේ " 76 වසරක ශාපය " සහ " 76 වසරක මජර දේශපාලන සිස්ටම් එක වෙනස් කරමු" යන්නයි...
එහිදී " නීතියෙ ආධිපත්‍යය සැමට සමාන විය යුතුය" යන්න පිලිබඳව විශේෂ කතිකාවක් ඇති විය. එය රහසක් නොවේ.
අනුරලා ජනතාවට දුන් පණිවිඩයනම් " උනුත් එකයි මුනුත් එකයි හැබැයි අපි වෙනස් අපි අති පාරිශුද්ධයි" යන්නයි..
රන්වලගෙ ප්‍රශ්නය මේ ආණ්ඩුවෙ අවංකත්වය පරීක්ෂා කිරීමට සිදු කළ ලිට්මස් පරීක්ෂණයකි. ආණ්ඩුව ඒ ලිට්මස් පරීක්ෂණයේදි අසමත්ය.
මෙතන ඇත්තෙ හරිම සරල ප්‍රශ්ණයකි. රොකට් සයන්ස් නැත. එනම් සාමාන්‍ය මනුස්සයෙක් වාහනයක් අනතුරට ලක්වීමෙදි සහ රන්වලගෙ අනතුරේදි මේ රටේ නීතිය සිදු වුණේ සමාන අයුරින්ද..? එපමණය..
උත්තරය හරිම සරලය.. නැත..
0️⃣1️⃣ සාමාන්‍ය මනුස්සයෙක් රිය අනතුරක් සිදු කළා නම් එවෙලෙම බැලුම් පිම්බිය යුතුය. එම බැලුම එවෙලෙම සීල් කරනු ලබයි. අධිකරණයට ඇති ප්‍රබලතම සාක්ෂිය හෙවත් නඩු භාණ්ඩය එයයි.
මෙතනදි එය සිදු කර නැත.
දැන් අද සිට ඔබට මට රිය අනතුරකින් පසුව බැලුමය පිම්බීමට පැය 18 ක නීත්‍යානුකූල ආවරණයක් ඇත. ඒ නීතිය සැමට සමාන විය යුතු නිසාය.
එහෙත් රන්වලගෙ ඇල්කොහොල් පරීක්ෂණය සිදුකරන්නෙ පැය 18 කට පසුය. පැය 18 කට පසුව සිදුකරන Etg පරීක්ෂණයකින් පසුව රුධිරයෙ ඇල්කොහොල් සාන්ද්‍රණය වෙනස් වෙන බව දැනගැනීමට Hippocratic Oath එක දීමට තරම් දැනුමක් අවශ්‍ය නොවේ..
හොදම දේ නම් ආණ්ඩුවෙ හොරණෑව වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාම විත් ලැජ්ජා නැතුව මෙය ප්‍රකාශ කිරීමයි.
0️⃣2️⃣ .අනතුර සිදුවී පැය 72 කක් ගත වී ඇතත් තවමත් එම මත්ද්‍රව්‍ය වාර්තාව නිකුත් කර නැත...
ඔබටත්, මටත් මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදු වූවානම් එවැනි කාලසීමාවක් ලැබෙනවාද...?
0️⃣3️⃣. අනතුරට ලක් වූ තිදෙනාම තවමත් රෝහල්ගතව සිටිද්දී අශෝක රන්වලට ඇප ලැබී ඇත. සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන තොරතුරු අනුව අධිකරණ විනිසුරුවරයා රෝහලටම පැමිණ අශෝක රන්වලට ඇප නියම කර ඇත..
මින් ඉදිරියට නීතියෙ මේ ක්‍රියාපිළිවෙත ඔබටත් මටත් පොදු විය යුතුය..
ප්‍රංශයේ භාරතලා, ඩෝබි බලකාය රන්වලගෙ කරපිටින් වැරැද්ද තබා ආණ්ඩුව සුද්ධ කිරීමෙ බාල ව්‍යායාමයක නිරත වෙමින් ඇත.
අද රන්වල ඉල්ලා අස් වූවත් ආණ්ඩුව විසින් සිදු කළා වූ මේ හිරිකිත සිදුවීම් පෙළගැස්ම සාධාරණිකරණය වන්නෙ නැත..
ලාල්කාන්තලා, මහින්ද ජයසිංහලා අශෝක රන්වලව බේරා ගැනීමෙ මුග්ධ ප්‍රකාශ නිකුත් කරමින් ඇත.
මේ වන විට ආණ්ඩුවෙ පාරිශුද්ධත්වයෙ කන්‍යාපටලයට පරමාණු බෝම්බයක් ගැසුවා වැනිය. දැන් කන්‍යාපටලය තිබූ තැන විශාල අගාධයකි. ලඟ ලඟ තිබූ සිදුරු දෙක පවා එකට යා වී ඇත. ඒ තරමටම කන්‍යාභාවයට හානි සිදු වී ඇත. කොල්ලුපිටියේ කන්‍යාපටල වෑල්ඩින් වෙදාටවත් දැන් එය බද්ධ කළ නොහැකිය.
- නිලන්ත සත්සර ගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..