අනුර සහ ආණ්ඩුව රන්වලව බදා වැලඳ ගනියි...
අනුර හෙලිකොප්ටර් එකේ ගිහින් රන්වලව මිනිස්සුන්ට පේන්න බදාගත්තෙ නැත.
එහෙත් අනුර සහ ආණ්ඩුව තමන්ගෙ එකාව බේරගන්න මුළු රාජ්‍ය යාන්ත්‍රණයම භාවිතා කිරීම ඇස් වලට පේන්නට ගොස් ලංසාව බදාගත්තාට වඩා ප්‍රබලව සිදු කළේය..
එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගිහින් නිමල් ලංසාව බදාගත්තෙ එකලස් කරපු වාහනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට බවත් නිමල් ලංසා එම චෝදනාවට වරදකරු නොවූ බවත් පුන පුනා කිවයුතු නොවේ. එය දැන් ජනප්‍රිය රහසකි.
එහෙත් අනූර සහ ආණ්ඩුව රන්වලව බදාගත්තෙ දුහුල් තිරයක් පිටුපස සිට ෆ්ලෑෂ් ලයිට් ගසා හොර රහසේය. එහෙත් ජනතාව සියල්ල ලයිව් දුට්වේය.
රන්වලගෙ ප්‍රශ්නය ආණ්ඩු පක්ෂයේ ඩෝබීන්, විපක්ෂයෙ විවේචකයන් සියල්ලම අල්ලාගෙන ඇත්තෙ වැරදි තැනකින්ය..
" රන්වල බීලා එලෙව්වාද...? "
" අනතුරින් පසුව රන්වලගෙ හැසිරීම අශෝභනයි.."
" රන්වලගෙ උපාධි බොරුව.. "
" මේ ලංකාවෙ සිදු වෙච්ච පලවෙනි අනතුරද..? "
මේ කිසිම දෙයක් මේ සිද්ධියට අදාළ නැත..
ඒ සියල්ලම පුද්ගලානුබද්ධ කාරණය...
🔴 සැබෑ ප්‍රශ්ණය වනුයේ " නීතියෙ ආධිපත්‍යය" තමාගෙ එකාට පමණක් වෙනස් වූයේ කෙසේද...? යන්නයි...
මේ ආණ්ඩුව බලයට ඒමට පාවිච්චි කළ ප්‍රධාන සටන්පාඨයක් වූයේ " 76 වසරක ශාපය " සහ " 76 වසරක මජර දේශපාලන සිස්ටම් එක වෙනස් කරමු" යන්නයි...
එහිදී " නීතියෙ ආධිපත්‍යය සැමට සමාන විය යුතුය" යන්න පිලිබඳව විශේෂ කතිකාවක් ඇති විය. එය රහසක් නොවේ.
අනුරලා ජනතාවට දුන් පණිවිඩයනම් " උනුත් එකයි මුනුත් එකයි හැබැයි අපි වෙනස් අපි අති පාරිශුද්ධයි" යන්නයි..
රන්වලගෙ ප්‍රශ්නය මේ ආණ්ඩුවෙ අවංකත්වය පරීක්ෂා කිරීමට සිදු කළ ලිට්මස් පරීක්ෂණයකි. ආණ්ඩුව ඒ ලිට්මස් පරීක්ෂණයේදි අසමත්ය.
මෙතන ඇත්තෙ හරිම සරල ප්‍රශ්ණයකි. රොකට් සයන්ස් නැත. එනම් සාමාන්‍ය මනුස්සයෙක් වාහනයක් අනතුරට ලක්වීමෙදි සහ රන්වලගෙ අනතුරේදි මේ රටේ නීතිය සිදු වුණේ සමාන අයුරින්ද..? එපමණය..
උත්තරය හරිම සරලය.. නැත..
0️⃣1️⃣ සාමාන්‍ය මනුස්සයෙක් රිය අනතුරක් සිදු කළා නම් එවෙලෙම බැලුම් පිම්බිය යුතුය. එම බැලුම එවෙලෙම සීල් කරනු ලබයි. අධිකරණයට ඇති ප්‍රබලතම සාක්ෂිය හෙවත් නඩු භාණ්ඩය එයයි.
මෙතනදි එය සිදු කර නැත.
දැන් අද සිට ඔබට මට රිය අනතුරකින් පසුව බැලුමය පිම්බීමට පැය 18 ක නීත්‍යානුකූල ආවරණයක් ඇත. ඒ නීතිය සැමට සමාන විය යුතු නිසාය.
එහෙත් රන්වලගෙ ඇල්කොහොල් පරීක්ෂණය සිදුකරන්නෙ පැය 18 කට පසුය. පැය 18 කට පසුව සිදුකරන Etg පරීක්ෂණයකින් පසුව රුධිරයෙ ඇල්කොහොල් සාන්ද්‍රණය වෙනස් වෙන බව දැනගැනීමට Hippocratic Oath එක දීමට තරම් දැනුමක් අවශ්‍ය නොවේ..
හොදම දේ නම් ආණ්ඩුවෙ හොරණෑව වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාම විත් ලැජ්ජා නැතුව මෙය ප්‍රකාශ කිරීමයි.
0️⃣2️⃣ .අනතුර සිදුවී පැය 72 කක් ගත වී ඇතත් තවමත් එම මත්ද්‍රව්‍ය වාර්තාව නිකුත් කර නැත...
ඔබටත්, මටත් මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදු වූවානම් එවැනි කාලසීමාවක් ලැබෙනවාද...?
0️⃣3️⃣. අනතුරට ලක් වූ තිදෙනාම තවමත් රෝහල්ගතව සිටිද්දී අශෝක රන්වලට ඇප ලැබී ඇත. සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන තොරතුරු අනුව අධිකරණ විනිසුරුවරයා රෝහලටම පැමිණ අශෝක රන්වලට ඇප නියම කර ඇත..
මින් ඉදිරියට නීතියෙ මේ ක්‍රියාපිළිවෙත ඔබටත් මටත් පොදු විය යුතුය..
ප්‍රංශයේ භාරතලා, ඩෝබි බලකාය රන්වලගෙ කරපිටින් වැරැද්ද තබා ආණ්ඩුව සුද්ධ කිරීමෙ බාල ව්‍යායාමයක නිරත වෙමින් ඇත.
අද රන්වල ඉල්ලා අස් වූවත් ආණ්ඩුව විසින් සිදු කළා වූ මේ හිරිකිත සිදුවීම් පෙළගැස්ම සාධාරණිකරණය වන්නෙ නැත..
ලාල්කාන්තලා, මහින්ද ජයසිංහලා අශෝක රන්වලව බේරා ගැනීමෙ මුග්ධ ප්‍රකාශ නිකුත් කරමින් ඇත.
මේ වන විට ආණ්ඩුවෙ පාරිශුද්ධත්වයෙ කන්‍යාපටලයට පරමාණු බෝම්බයක් ගැසුවා වැනිය. දැන් කන්‍යාපටලය තිබූ තැන විශාල අගාධයකි. ලඟ ලඟ තිබූ සිදුරු දෙක පවා එකට යා වී ඇත. ඒ තරමටම කන්‍යාභාවයට හානි සිදු වී ඇත. කොල්ලුපිටියේ කන්‍යාපටල වෑල්ඩින් වෙදාටවත් දැන් එය බද්ධ කළ නොහැකිය.
- නිලන්ත සත්සර ගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්