සිංහල බෞද්ධයන්ට හමුදාවේ දොර විවර කළ ගුණ නොගැයුනු විරුවා - L.H. මෙත්තානන්ද
ජාතික නිදහස් සටනේ වගේම 1956 ජාතික දේශපාලන පෙරලියේ දීත්, සිංහල බෞද්ධයාට අහිමි වූ ස්ථානය නැවත ලබාගැනීම සඳහා සටන් කළ යුග පුරුෂයෙකු ලෙස ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා හඳුන්වාදිය හැකියි. විශේෂයෙන්ම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ සටනේත් එතුමා පුරෝගාමී මෙහෙවරක් ඉටුකලා. හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් සහ මෙත්තානන්ද මහතා එකතුව නිර්මාණය කල බෞද්ධ ජනතා බලවේගය, එවකට තිබූ අධිරාජ්‍ය ගැති එජාප ආණ්ඩුව පරාජය කිරීමට විශාල කාර්යභාරයක් සිදුකළා.
නිදහසින් පසු මේ යුගය වනවිට හමුදා සේවය යනු ලෙහෙසියෙන් පුද්ගලයෙකුට එක්වීමට නොහැකි ඉහළ පෙලේ රැකියාවක් බවට පත්ව තිබුනා. විශේෂයෙන්ම හමුදාවේ ඉහළ නිලතල සියල්ලක්ම දැරුවේ අබෞද්ධයින් විසින්. 60 දශකයේ සිදුවූ හමුදා කුමණ්ත්‍රණයට සහභාගි වුනේ මෙවැන්නන්. බෞද්ධයෙකු වීම හෝ බෞද්ධ පාසලක ඉගෙනුම ලැබීම ආරක්ෂක අංශයේ නිළධාරියෙක් වීමට නුසුදුසුකමක් බවට පත්ව තිබුනා.
මේ වකවානුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කල මෙත්තානන්ද මහතා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දී විදුහල්පතිවරුන්ගේ රැස්වීමකට සහභාගි වෙනවා. එහිදී මෙත්තානන්ද මහතා සමඟ කතාබහක යෙදෙන කතෝලික පාසලක විදුහල්පතිවරයෙකු එතුමාට සරදම් ස්වරයකින් පවසන්නේ,
"Mr. Mettananda, You make soldiers for the army. But I make officers from my school."
(මෙත්තානන්ද මහත්මයා, ඔබ හමුදාවට සෙබළුන් හදනවා. නමුත් මම මගේ පාසලෙන් නිළධාරීන් හදනවා)
මේ ප්‍රකාශයෙන් කෝපයට මෙන්ම කළකිරීමට පත්වන මෙත්තානන්ද මහතා අවස්ථාවක් එනතුරු බලා සිටිනවා. එතුමාගේ මඟපෙන්වීම ලබන ආනන්ද විද්‍යාලයීය කැඩෙට් කණ්ඩායම එම වසරේ හර්මන් ලූස් කුසලානය දිනාගන්නවා. ඒ සමඟම අගමැති ඩඩ්ලි සේනානායක මහතා හමුවීමට යන මෙත්තානන්ද මහතා පවසන්නේ තම පාසලේ සිසුන් මේ ශූරතාවය දිනාගත් නිසා ඔවුන්ට හමුදාවේ නිළධාරී තනතුරුවලට යෑමට අවස්ථාව හිමිවිය යුතු බවයි. අගමැතිවරයා එයට එකඟවීමත් සමඟ හමුදාවේ නිළධාරීන් ලෙස පලමුවරට බෞද්ධයන් සිව් දෙනෙක් පත්වෙනවා. ඒ අර ශූරතාවය දිනූ කණ්ඩායමේ සිසුන් පිරිසෙන් කොටසක්.
මේ ආකාරයට දශකයක් දෙකක් පමණ ගතවන විට ත්‍රිවිධ හමුදාවේ නායකත්වය ඇතුළු ඉහල තනතුරු සියල්ලටම සිංහල බෞද්ධයන් පත්වෙනවා. ඉන්පසු බෞද්ධයන්ට හමුදාවේ ඉහල නිළයන් දැරීමට අවස්ථාව නොදුන් ආගම්වාදී ඒකාධිකාරය අහෝසි වී, ජාති ආගම් භේදයෙන් තොරව දක්ෂයාට අවස්ථාව ලැබෙන ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. රටට ජාතියට ආදරය කරන සැබෑ සිංහලයන් ආරක්ෂක අංශවල ඉහළටම ගමන් කරනවා. ලොව දරුණුම ත්‍රස්ථවාදය පරාජය කිරීමට සමත් වූ හමුදාවක් බිහිවීමට අඩිතාලම සැකසුනේ එලෙසයි. එල්ටීටීඊය විනාශ කළ අවසන් මෙහෙයුමට නායකත්වය ලබාදෙන්නේ එදා මෙත්තානන්ද මහතා නිර්මාණය කල මඟ ගමන්ගත් ආදි ආනන්දීයයන් වීමත් සුවිශේෂී කරුණක්.
එහෙත් රට දැය සමය වෙනුවෙන් මෙතරම් සේවයක් ඉටුකළ ජාතික වීරයෙක් වන මෙත්තානන්ද මහතාට සමාජයෙන් නිසි ගෞරවය නොලැබීම කණගාටුදාකයි. ඉතිහාසයේ අතිශයෝක්තියට නැංවුනු දේශපාලඥයන්ට වඩා දැවැන්ත සේවයක් මෙත්තානන්ද මහතා රට වෙනුවන් ඉටුකළ බව පැහැදිලියි. එතුමා ගුණ නොගැයූ විරුවෙක්...
(අන්තර්ජාලයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..