ගංවතුර ආපදාව හැසිරවීමට අපොහොසත් වීමෙන් ගෙදර ගිය වැලෙන්සියා නායකයා..
ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයේ ජනාධිපති කාර්ලෝස් මාසෝන් පසුගිය වසරේ දී ක්ෂණිකව ඇතිවූ දරුණු ගංවතුර ආපදාව හැසිරවීමට අපොහොසත් වූ බවට පිළිගනිමින් සිය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ පැවති මහජන පීඩනය, විරෝධතා හේතුවෙන් ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි බීබීසීය ඇතුළු විදෙස් වාර්තා පවසන්නේ.
වැලෙන්සියා යනු ස්පාඤ්ඤයේ ස්වයං-පාලන කලාපයක්. වැලෙන්සියා යන නමින් එහි පළාතක්, නගරයක් සහ එහි ජනතාව ද හඳුන්වනු ලබයි. 1982 දී ස්පාඤ්ඤ රජය විසින් වැලෙන්සියා ජාතීන්ට ස්වයං පාලනයක් ලබාදුන්නේය. ඒ අනුව තමන්ටම වෙනම වූ ආණ්ඩුවක් පිහිටුවා ගනිමින්, තමන්ටම වෙනම ජනාධිපතිවරයෙක් පත්කරගෙන වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහා ස්වාධීන රාජ්‍යයක අයිතිය වැලෙන්සියා ජාතීන්ට හිමිව තිබිණි. ඒ ජූලි 1, 1982 වැලෙන්සියානු ප්‍රජාවේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රඥප්තිය මගින්. කෙසේවෙතත් එහි ස්වයං පාලන ක්‍රමය අර්ධ වශයෙන් ආරම්භ කර තිබුණේ 1977 දී ස්පාඤ්ඤය ප්‍රජාතන්ත්‍රවාදය වෙත සංක්‍රමණය වන අතරතුරයි. 1982 සිට වැලෙන්සියා වෙනම රාජ්‍යයක් ලෙස සියලු නීතිමය තත්ත්වයන් තුළ කටයුතු කරමින් සිටී.
2024 ඔක්තෝබර් 29 වන දින වැලෙන්සියා කලාපයේ පුද්ගලයන් 229 දෙනෙකු ගංවතුරෙන් මියගොස් තිබිණි.
අසල්වැසි ප්‍රදේශවල තවත් අටදෙනෙකු මියගිය අතර, මෙය දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත ලෙසයි සැළකෙන්නේ.
කෙසේ වෙතත්, ගංවතුර විනාශය සිදුවෙමින් තිබියදීත්, කලාපීය ජනාධිපතිවරයා මාධ්‍යවේදිනී මැරිබෙල් විලාප්ලානා සමඟ පැය හතරකට ආසන්න කාලයක් ආපන ශාලාවක ගත කර ඇති බව අනාවරණය වී තිබිණි.
ඔහු දවසේ වැඩි කාලයක් හදිසි රැස්වීම්වලට සහභාගී නොවී සිටි බවයි චෝදනා එල්ල වුණේ.
මාසෝන්ගේ රජය හදිසි අනතුරු ඇඟවීමක් හෝ උපදෙස් වැලෙන්සියා වැසියන්ගේ දුරකථන වෙත නිකුත් කිරීමට අපොහොසත් වූ අතර, එය නිකුත් කෙරුණේ රාත්‍රී 20:00 න් පසුවයි.
ඒ වන විටත් මිනිසුන් දුසිම් ගණනක් මිය ගොස් සිටියේය.
මාරාන්තික ගංවතුර කළමනාකරණය සම්බන්ධයෙන් කොන්සර්වේටිව් ජනතා පක්ෂයේ (PP) මාසෝන් ඉල්ලා අස්විය යුතු බවට වැලෙන්සියාවේ බහුතර ජනතා මත විමසුම්වලදී ඉල්ලා තිබිණි.
ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා අඛණ්ඩ විරෝධතා පැවැත්වූ අතර, මෑතකදී ඔක්තෝබර් 25 වන දින පමණ 50,000 ක් පමණ ජනතාව වැලෙන්සියා වීදිවලට රැස්වුණා. ඉන්පසුව පසුගිය නොවැම්බර් 03 වැනිදා මොහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..