NPP සෝමේ බුවාගේ නාඩගම..
මේ ජරමර අස්සේ නාට්ටියක් කරපු මේ සෝමේ කියන බුවා ගැනත් දෙයක් කියන්න ඕන.
සෝමේ ජේවිපිකාරයෙක්. NPP කැම්පේන් එකේ ඉදපු, සල්ලි අරන් අනුරට සහ මාලිමාවට වැඩ කරපු බුවෙක්.
දැනුත් මාලිමාව විසින් තෝරාගත්තු කැම්පේන් කරන ලිස්ට් එකේ ඉන්න පොරක්. පැලවත්තේ බුවෙක්.
මිනිහා නුවර ගංවතුර ආධාර වැඩේ පටන් ගනිද්දි, පැලවත්තෙන් මිනිහට සම්බන්ධ කරන්නේ මාලිමාවේ මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක.
චන්ද්‍රසිරි තමයි සෝමෙට ෆැසිලිටේට් කළේ.
ඔහුගේ ප්‍රොජෙක්ට් එකට මහනුවර නගර සභාවේ කාමරයක් දෙන්නෙත් නගරාධිපති චන්ද්‍රසිරි.
ඒ නාගරික කොමසාරිස්වරියගේ අනුමැතියකින් තොරව.
හැබැයි එතන මාලිමාවේ නගරාධිපතිවරයා තුච්ච වැඩක් කළා.
නගර සභාවේ ඕන තරම් ඉඩ තියෙන කාමර තියෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කාමර තුනක් තියෙනවා. හිස් කාමර දෙකක් තියෙනවා.
හැබැයි නගරාධිපතිවරයා සෝමේ කියන බුවාට දෙන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන් රැස් වෙන, කතා කරන, සභාවට ආවම ඉන්න, විපක්ෂය වෙනුවෙන් වෙන් කරපු එකම කාමරය.
ඊටපස්සේ විපක්ෂ මන්ත්‍රීවරු තමන්ට ඉන්න කාමරයක් නගරාධිපතිවරයාගෙන් ඉල්ලුවා.
මේ වගේ ව්‍යවසනයක් වෙලාවක විපක්ෂ මන්ත්‍රීවරු සභාවේ ඉන්න ඕන. කරන්න වැඩ සෑහෙන්න තියෙනවා.
හැබැයි නගරාධිපතිවරයා හිතාමතාම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
දවසක් පුරා විපක්ෂේ මන්ත්‍රීවරු සභාවට ඇවිත් එළියේ හිටගෙන හිටියා.
නගරාධිපතිවරයාට අවශ්‍ය වුණේ ඔවුන් සභාවෙන් එලවලා, දේශපාලනික වාසියක් ගන්න.
මිනිස්සු ඉන්න තැනක් නැතුව එළියේ හිටගෙන ඉන්නේ නෑනේ. ගෙදර යනවා.
එතකොට සභාවේ ඉන්නේ මාලිමාව විතරයි. මිනිස්සුන්ට පෙන්නන්න පුලුවන් විපක්ෂයේ මන්ත්‍රීවරු භූමියේ නෑ. ඉන්නේ අපි විතරයි කියලා.
හොඳම වැඩේ ඒක නෙවෙයි. සෝමේ ඇවිල්ලා මේ කාමරේ යතුර නාගරික කොමසාරිස්ගෙන් ලබා ගන්නේ බලහත්කාරයෙන්. අපි 'ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආවේ' කියලා.
මරු නේ ?
අවසානයට විපක්ෂ මන්ත්‍රීවරු, සෝමෙට විරුද්ධ වෙන්නේ ඔහු පැලවත්තෙන් ආපු ජවිපෙ නියෝජිතයෙක් බව දැනගත්තට පස්සේ.
විපක්ෂ මන්ත්‍රීවරු මුලින් නාගරික කොමසාරිස්ගෙන් මේ ගැන ඇහුවා. ඇය මේ කාමරය තමන් නිල වශයෙන් ලබා දුන්නේ නැති බව කිව්වා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කියලා යතුර අරන් ගියා කියලා කිව්වා.
ඊටපස්සේ විපක්ෂ මන්ත්‍රීවරු නගරාධිපති තමන්ගේ කාමරය පැහැරගත් නිසා සහ තමන්ට විකල්ප කාමරයක් නොදීම නිසා කෝපයට පත් වෙලා සෝමේ එක්ක ගැටුමක් ඇති කරගත්තා.
ඒක ඉතාම ප්‍රෙඩික්ටබල්, වෙල් ප්ලෑන්ඩ් වැඩක්.
සොමේට කොහොමත් තිබුණේ දේශපාලනික උවමනාවක්. මෙතන ගැටුමක් ඇති කිරීමම තමයි මාලිමා නගරාධිපතිවරයාගේ උවමනාව වුණේ.
අවසානයේ විපක්ෂ මන්ත්‍රීවරු ඒ උගුලට අහුවුණා.
ඔවුන් එතනදීත් ප්‍රශ්න කළේ විකල්ප කාමර තියෙනවා. ඇයි ඔහුට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කාමරයම දුන්නේ. එහෙම නම් වහලා දාලා තියෙන කාමර දෙකෙන් එකක් තාවකාලිකව විපක්ෂයට දෙන්න කියලා.
ඒ අවස්ථාව සෝමේ ලස්සනට පාවිච්චි කළා.
සෝෂල් මීඩියා සම්බන්ධ දැනුමක් නැති වයෝවෘද්ද මිනිස්සු සහ සිටුවේෂන් හැන්ඩ්ල් කරන්න නොතේරෙන තරුණ කියන කට්ටියත් සෝමෙගේ උගුලට රැවටුණා.
සෝමේ ඉතාම ලස්සනට ලයිව් ඇවිල්ලා, තමන් අහිංසකයෙක් ය, තමන්ගේ මේ කිසිම දේශපාලනයක් නැති, අවංක වැඩේට මහනුවර විපක්ෂය බකට් අදිනවා කියලා රඟපෑවා.
රටක් ඉදිරියේ සෝමේ අහිංසක වීරයෙක් වුණා. දවසක් කටු කාපු විපක්ෂ මන්ත්‍රීවරු දුෂ්ඨයො වුණා.
සෝමේ කොහොමත් රඟපාන්න දක්ෂ පොරක්.
හැබැයි ඇත්තටම වුණේ සෝමේ කියන පැලවත්තේ බුවා, නගර සභාවේ ඕන තරම් ඉඩ තියෙද්දී, විපක්ෂේ මන්ත්‍රීවරුන්ගේ කාමරේම පැහැරගෙන ගේමක් ගැසීම.
මන්ත්‍රීවරු දවසක් පුරාවටම එලියේ ඉඳලා, අවසානයේ විකල්පයක් නැති තැන ඔහුට විරුද්ධ වීම.
මේ විපක්ෂ මන්ත්‍රීවරු සභාවේ ඉන්න ඕන වෙලාවක් මිසෙක ඉන්න තැනක් නැතුව ගෙදර යන්න ඕන වෙලාවක් නෙවෙයි.
මිනිස්සු නොදන්න මහනුවර පසුබිම් කතාව ඒක!
(අන්තර්ජාලයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..