News Category
From Date
To Date
Maximum Number of Result

මානව විද්‍යා පර්යේෂණයක් කළ යුතු මාලිමාවේ මන්ත්‍රීලාගේ අධි මාන්නය..

Dec 6, 2025 at 10:11 AM
|

ආපදා අවස්ථාවේදී ආපදාවට පත් ජනතාවගේ සෝසුම් මැදින්   තමන්ව පුම්බවා ගැනීමට සහ තමන්ගේ ජනප්‍රියත්වය ඉහළ දමාගැනීම සඳහා වෙර දරන  මාලිමාවේ මන්ත්‍රීලා ගැන එරන්ද ගිනිගේ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබේ.

එම සටහන පහළින් දක්වා ඇති අතර, ඒහා සම්බන්ධ වීඩියෝවක් ද මෙහිදී අප විසින් පළකරනු ලබන්නේ ඔවුන්ගේ අධි මාන්නය සහ විපතකදී ක්‍රියාකළ යුතු ආකාරය මෙලෙසදැයි අප පාඨකයන්ගේ අවධානයට යොමු කිරීම පිණිසය.

එරන්ද ගිනිගේ ගේ සටහන සහ එම වීඩියෝව පහළින්..

මොනවා වුණත් මාලිමා මන්ත්‍රීවරුන්ගේ අහංකාරය ඔවුන්ට එක්තරා විදිහක ශක්තියක්. මේක ඇත්තට ම මානව විද්‍යා පර්යේෂණයකට සුදුසු නිරීක්ෂණයක්. මෙවැනි බිහිසුණු ආපදාවක් වුණාම සාමාන්‍ය මනුෂ්‍යයෙක් නම් පළමුව තැති ගන්නවා. දෙවනුව ශෝකයට පත් වෙනවා. තෙවනුව නිහතමානීව විසඳුම් සොයනවා. නමුත් මාලිමාවේ මන්ත්‍රීවරු එයට ඉඳුරා වෙනස්. ඔවුන් කිසිම අවස්ථාවක තැති ගත් බවක් පෙන්නුවේ නැහැ. අංශු මාත්‍රයක කනගාටුවක්, සහකම්පනයක් ශෝකයක් පෙන්නුවේ නැහැ. හිටියටත් වඩා අධි මාන්නයෙන් තමයි ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ. මේක හරි අසාමාන්‍ය තත්ත්වයක්.

මේක අපට පැහැදිලි කරන්න පුළුවන් එක විදිහක් තමයි Dunning Kruger ආචරණය. එනම් කිසියම් ක්ෂේත්‍රයක දැනුම හෝ නිපුණතාවය අවම පුද්ගලයන් බොහෝ විට තමන් ගැන අධිතක්සේරුවෙන් හිතනවා. උදාහරණයක් හැටියට කාලයක් ප්‍රසිද්ධව සිටි රැට්ටා ගන්න. ඔහු රාජ්‍ය පාලනය තියා පවුලක්වත් රැකලා අත්දැකීමක් නැති මෝඩ හිස් කවටයෙක්. නමුත් ඊනියා අරගලයේ ඔහු හැසිරුණේ හරියට රටේ ජනාධිපතිකම කරන්න පුළුවන් වගේ. ඔහු එය ඇත්තටම විශ්වාස කළා.

අනෙක් පැත්තෙන්, කිසියම් ක්ෂේත්‍රයක ප්‍රවීනයන් හැම වෙලාවෙම තමන් ගැන අවතක්සේරුවෙන් තමයි හිතන්නේ. බුද්ධිය වැඩි වෙන්න වෙන්න එම පුද්ගලයා සිය තීරණ ගැන සිය වාරයක් හිතනවා. කයිවාරු ගහන්න බයයි. නමුත් මාලිමාවේ මන්ත්‍රීවරු එහෙම නැහැ. ඔවුන් හැසිරෙන්නේ හරියට මේ ආපදාව තමන් ඉතා ම හොඳින් පාලනය කරනවා වගේ. ඒකම තමයි ඔවුන්ගේ ශක්තියත්.

නමුත් මට හිතෙනවා මේක DK ආචරණයට එහා ගිය මනෝ විකාර තත්ත්වයක් කියා. මාලිමාවේ ඉන්නේ තරමක් sociopathic පිරිසක්. ඒකට කියන්නේ Antisocial Personality Disorder. ඔවුන් සමාජ විරෝධීන්. ඔබ බලන්න මාලිමාවුන් කිසිම හිරිකිතයක් නැතුව මේ ව්‍යසනය තුළ ඔවුන්ව ප්‍රවර්ධනය කර ගන්නවා නේද? ඒ කියන්නේ පොදු සමාජයේ වේදනාව ගැන ඔවුන්ට සත පහක වගක් නැහැ. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ආත්මාර්ථය ගැන පමණයි. අපට පේනවා වෙනත් අය කෑම ආධාර අරගෙන ගියාම මාලිමාවුන් ඒවා බලහත්කාරයෙන් ඩැහැ ගෙන තමන්ගේ වගේ බෙදනවා. ඔවුන්ට ඒක වරදක් ලෙස පෙනෙන්නේ නැහැ. ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවකුත් නැහැ. ඔවුන් හරිම impulsive. කටට එන දේ කියනවා. ඇඟට කඩා පනිනවා. අන් මත ඉවසන්නේ නැහැ. එහෙම කරලා ඒ ගැන කිසිම පසුතැවීමකුත් නැහැ. මේවා තමයි sociopathic ලක්ෂණ.

මේකට හේතුව ඔවුන් බොහෝ දෙනා කුඩා කල සිට ලද කටුක අත්දැකීම් විය හැකියි. නැත්නම් ඒ ප්‍රවර්ගයේ මිනිස්සු එකතු වෙන්නේ මාලිමාවට. මොකද එතන ඔවුන්ට ඔවුන්ගේ මනෝ ව්‍යාධිය උපරිමයෙන් බලගන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔවුන්ගේ කුණුහරුප බලකාය වගේ එකක් වෙන කිසිම පක්ෂයකට හදන්න බැහැ. මොකද එවැනි සමාජ විරෝධී චර්යාවකට අනුබලය සහ අනුග්‍රහය ලැබෙන්නේ මාලිමාවෙන් පමණක් නිසා.

කොහොම වුණත් මාලිමාවේ ශක්තියත් මේකමයි. ඔවුන් හැසිරෙන්නේ කිසිම ව්‍යසනයක් සිදු වුණේ නැති ගාණට. තවමත් හරියට ගණන් කරන්න බැරි තරම් දරුවන් සහ වැඩිහිටියන් ගණනාවක් පස් යට වැළලිලා. නමුත් මාලිමාවුන් හිනා වෙනවා. Photoshoot කරනවා. පාරම් බානවා. අභියෝග කරනවා. අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම වෙනසක් නැතුව වෙනදා වගේ ම ලොකු ටෝක් දෙනවා. ජනමනස manipulate කරනවා. මේක ඉතාම අසාමාන්‍ය අමුනුෂ්‍ය චර්යාවක්. නමුත් ඒ නිසාම ඔවුන් පවතිනවා. බොහෝ විට ඔවුන් මේ ව්‍යසනය ඔවුන්ගේ මෙම අසාමාන්‍ය චර්යාව තුළින් ම වසා දමාවි. මට හිතෙනවා සති දෙකක් යනකොට මෙහෙම ව්‍යසනයක් වුණාද කියවලත් කවුරුවත් කථා කරන එකක්වත් නැහැ කියලා. ඒකත් ප්‍රශ්න විසඳන එක ක්‍රමයක්. ධර්මය අපට මග වේවා!

- එරන්ද ගිනිගේ


සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.