News Category
From Date
To Date
Maximum Number of Result

රටේ මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය, සංස්කෘතිය එක්ක තිබ්බ ජවිපෙ ඇරියස් එක..

Dec 3, 2025 at 05:53 AM
|

අනුර, මේ වැඩේ නවත්තන්න! 

ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය, සංස්කෘතිය එක්ක ලොකු ඇරියස් එකක් තිබුණා.

ඔවුන් බලයට එන්න කළින් සෘජුවම ඒ ගුණාංග විවේචනය කළා.

දැන් ඔවුන් බලයට ඇවිල්ලා, මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය, හිත උණුවෙන හැඟීම් නැත්තටම නැති කරන්න අනියමෙන් කටයුතු කරමින් ඉන්නවා.

ජනතා විමුක්ති පෙරමුණ තමයි ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලන පක්ෂය.

ඔවුන්ට දෙස්, විදෙස් ආයෝජන සහ වත්කම් රුපියල් බිලියන පනහකට වඩා ඇති.

නමුත් ඔවුන් ඉන් එක රුපියලක් මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ.

ඉතාම ලෝභ, මනෝ ව්‍යාධියකින් පෙළෙන, බහිරවයෙක් වගේ ටිල්වින් සිල්වා ඒ නිධානය ආරක්ෂා කරනවා. ඔහු හරියට මට්ට කුණ්ඩලි කතාවේ එන අධින්න පුබ්බක සිටුවරයා වගෙයි.

ඔහුට කොච්චර සල්ලි තිබුණත් මදි.

ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් වුනත් දීලා පුරුද්දක් නැති, අනුන්ගෙන් ගන්න කැමති මිනිස්සු. 

ඔවුන් ජීවිතේට එක රුපියලක් පිනට දීලා නැහැ. අනිත් මිනිස්සුන්ගෙන් එකතු කළා විතරයි. 

ඉබ්බන්ගෙන් පිහාටු ගත්තත් ජෙප්පෙක්ගෙන් රුපියලක් ගන්න බැහැ.

නමුත් දැන් ඔවුන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ.

ගංවතුර ඇවිත් මුල් දවස් දෙකේ ආණ්ඩුවේ කවුරුවත් එළියටවත් බැස්සේ නැහැ. ඔවුන් එහෙම සහකම්පනයක් තියෙන මිනිස්සු නෙවෙයි.

නමුත් රටේම මිනිස්සු එළියට ආවා. කෑම පැකට් හැදුවා. වියළි ආහාර ලොරි පිටින් එකතු කළා. 

ඊටපස්සේ ආණ්ඩුවට විවේචන එල්ල වෙන්න ගත්තා. 

ආණ්ඩුවේ මන්ත්‍රීලා, ඇමතිලා, පැලවත්තේ නියෝජිතයො එළියට බැස්සේ එතකොට. විවේචන නිසා.

හැබැයි මේ කවුරුවත් තමන්ගේ සතයක්වත්, අනිත් මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්න කැමති, පරිත්‍යාගශීලි මිනිස්සු නෙවෙයි.

ඔවුන් මොකක්ද කළේ ? ඉතාම තුච්ච විදියට, සංවිධානාත්මකව සාමාන්‍ය මිනිස්සුන්ගේ මහන්සිය හොරා කන්න පටන් ගත්තා.

● මුලින්ම ජගත් මනුවර්ණ දළදා මාලිගාවට පැනලා, මාලිගාවෙන් බත් පැකට් පැහැරගෙන, උගේ වැඩක් වගේ බෙදුවා.

● ඊළගට මාතර අර්කම් ඉල්ලියාස්, මාතර සාමාන්‍ය මිනිස්සු එකතු කරපු, මාතර සාමාන්‍ය මිනිස්සු පරිත්‍යාග කරපු බඩු තොගයක් රතු තරුවෙන් වගේ බදුල්ලට බෙදුවා.

● කළුතරින් සාමාන්‍ය මිනිස්සු එකතු කරපු බඩු තොගයක් ගම්පොළ රතු තරුවෙන් වගේ බෙදුවා.

● රට පුරා මිනිස්සු ලොරි වලට එකතු කරලා ගෙන එන බඩු දැන් රාජ්‍ය නිළධාරීන් හරහා පැලවත්ත නියෝජිතයන් භාරයට ගනිමින් සිටිනවා.

අහිංසක මිනිස්සු සංවිධානය වෙලා එකතු කරපු බඩු, තමන්ගේ වගේ බෙදන්න ජවිපෙ කටයුතු කරනවා.

● විශාලතම හොරකම සිදුවෙන්නේ යූත් එකේ. එතන ටොන් ගණනක බඩු තිබෙනවා. දැන් ජාතික තරුණ සේවා සභාවේ ඉන්න පැලවත්තේ නියෝජිතයො එතන භාණ්ඩ නිකුත් කරන්නේ පක්ෂයේ ඉල්ලීමට. 

මේ සාමාන්‍ය මිනිස්සු තමන්ගේ හොඳ හිතින් සමාජ ජාලා ක්‍රියාකාරිකයන්ට පරිත්‍යාග කරපු බඩු. ආණ්ඩුවේ උන් ඇවිත් ව්‍යාපෘතිය බඩු එක්කම හයිජැක් කළා. සමාජ ජාලා ක්‍රියාකාරිකයො එතනින් එලෙව්වා.

දැන් ආණ්ඩුවේ ඇමතිලාගේ, මන්ත්‍රීලාගේ කෝල් එකට යූත් එකෙන් බඩු නිකුත් කරනවා. හමුදාවටවත් එතනින් බඩු නැහැ.

● අද උදෑසන විජිත හේරත්ගේ ඉල්ලීමකට ගම්පහ බෙදන්න යූත් එකෙන් භාණ්ඩ තොගයක් නිදහස් කෙරුණා.

● ජවිපෙ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්, පැලවත්ත නියෝජිතයක් රට පුරා කොතන හෝ කුමන හෝ භාණ්ඩයක්, බත් පැකට් එකක් බෙදුවොත් ඒ ඔවුන්ගේ වැඩක් නෙවෙයි. උස්සපු බඩු තොගයක්.

මේක ඉතාම නරක, තුච්ච වැඩක් වෙන්නේ මේ මංකොල්ලය නිසා විතරක් නෙවෙයි.

මේවා දකින සාමාන්‍ය මිනිස්සු කලකිරෙනවා.

ඔවුන් තමන්ගේ පොකට්ටුව හිස් කර කර බඩු ගෙනිහින් දුන්නේ, තමන්ට ගොඩක් සල්ලි තියෙන නිසා නෙවෙයි.

අනිත් මිනිස්සුන්ගේ දුකේදී, කරදරයකදී ඔවුන්ගේ පපුව උණුවෙන නිසා.

තමන්ගේ ආහාර වේලක සල්ලි කැප කරලා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරපු මිනිස්සු හිටියා.

තමන්ගේ පිගි බෑන්ක් කඩලා ඒවයේ සල්ලි වලින් භාණ්ඩ පරිත්‍යාග කරපු පොඩි දරුවො හිටියා.

ණය වෙලා උදව් කරපු කොල්ලො කෙල්ලො හිටියා. 

ඔවුන් කවුරුත් තමන්ගේ මුදලින්, තමන් පරිත්‍යාග කරපු බඩු ආණ්ඩුව දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නවාට කැමති නැහැ.

ඊලගට සිදුවෙන්නේ මේවා දකින මිනිස්සු පරිත්‍යාග කිරීම ප්‍රතික්ෂේප කිරීම.

ඔවුන්ගේ මහන්සිය, සල්ලි නිර්ලජ්ජිත පැලවත්තේ තක්කඩි විසින් සොරා කනවා දකින ඔවුන් කලකිරෙනවා.

මේ මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ කියපු ආණ්ඩුවක්. හැබැයි කළින් ආණ්ඩු මේ විදියට මිනිස්සු පරිත්‍යාග කරපු බඩු උස්සලා, තමන්ගේ ලාංඡන ගහලා බෙදුවේ නැහැ.

මේ වැඩේ නිසා අනාගතයේ මේ රටේ මිනිස්සු පිනට දෙන්න, පරිත්‍යාග කරන්න දෙපාරක් හිතාවි. මේ රටේ ලොකුම සම්පත මිනිස්සුන්ගේ හොඳ හිත. ඒක නැති කරන්න එපා. 

ඒ නිසා දෙවියන්ගේ නාමයෙන් ඉල්ලන්නේ.

ඔය ජරා වැඩේ නවත්තපල්ලා

අහිංසක මිනිස්සුන්ට වතුර බෝතලයක් තමන්ගේ සල්ලි වලින් අරන් දෙන්න, හිත දෙන්නේ නැත්නම් පාඩුවේ ගෙවල් වලට වෙලා හිටපල්ලා.

මුල් දවස් දෙකේම, හැමදෙයක්ම කළේ සාමාන්‍ය මිනිස්සු.

ආණ්ඩුවක් හිටියේ නැහැ. දැනුත් මිනිස්සුන්ට ඉතුරු ටිකත් කරන්න පුලුවන්.

එකතු වෙන බඩු, භාණ්ඩ දැකලා දැන් ඒවට කෙල හල හලා මිනිස්සුන්ගේ හොඳ හිත කොල්ල කන්න එපා.

ඒවා මහ නරුම වැඩ. 

ඒ වගේම මේ භාණ්ඩ එකතු කරන්න මුල් වුණු සමාජ ජාලා ක්‍රියාකාරිකයන්ට, ගඟසිරිපුර පොඩි හාමුදුරුවො වැනි භික්ෂූන් වහන්සේලාට දැන් වගකීමක් තිබෙනවා.

කරුණාකර ඔබ විශ්වාස කරලා, මිනිස්සු ලබා දුන්නු බඩු, පහත් දේශපාලනය වෙනුවෙන් හොරකම් කිරීමට ඉඩ දෙන්න එපා. ඔබගේ විරෝධය මැද ඔබගේ මහන්සිය හොරකම් කරනවා නම් ඒ ගැන රටට කියන්න.

- සචින් රත්වත්තේ

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.