News Category
From Date
To Date
Maximum Number of Result

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි..

Dec 2, 2025 at 07:22 AM
|

දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව අතර පෙර නොවූ විරූ ආකාරයේ කේන්තියක් ජනිත වීම සාධාරණ ය. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂාකළේ නායකත්වය, සම්බන්ධීකරණය, සහ හදිසි ප්‍රතිචාරයයි. ඒ වෙනුවට, ඔවුනට මුහුණ දීමට සිදුවූයේ ප්‍රමාදය සහ ව්‍යාකූලත්වයට හේතු වූ, ජීවිත, ජීවනෝපායන් සහ මහජන විශ්වාසය බිඳ දැමූ ආණ්ඩුවේ විනාශකාරී සූදානම් නොමැතිකමයි. ආරම්භයේ පටන්ම, අර්බුදයේ බරපතලකම අවබෝධකර ගැනීමට රජය අසමත් වූ අතර, ඒ සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ග ගන්නා විට පාලනයකළ නොහැකි මට්ටමට සියලු විනාශයන් සිදු වී හමාර ය. 

පූර්ණ බලකායක අණදීමේ අත්දැකීම් සහ ජාතික ආපදා ප්‍රතිචාරයක් මෙහෙයවීමට අවශ්‍ය ආයතනික ගෞරවය යන දෙකම නොමැති ආරක්ෂක ලේකම්වරයකු පත්කිරීම මෙම විවේචනයේ හරයයි. දැවැන්ත ව්‍යසනයක් හමුවේ අර්බුද කලමනාකරණයේ විශේෂඥතාව, යුධ පිටියේ විනය සහ සන්නද්ධ හමුදාවන්ගේ විශ්වාසය අවශ්‍ය ය. 

ඒ වෙනුවට, අපට ඉතිරි වූයේ, බහු නියෝජිතායතන ප්‍රතිචාර සම්බන්ධීකරණය කිරීමට හෝ ක්ෂේත්‍ර නිලධාරීන් අතර විශ්වාසය ඇති කිරීමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තරම් සන්නද්ධ නොවූ නිලධාරියකු පමණි. සුළි කුණාටුවේ බලපෑම පොළවට පතිත වී පැය කිහිපයක් යන්නට මත්තෙන් මෙම දුබලතාවය වඩාත් පැහැදිලි විය. 

බොහෝ සෙයින් ජනප්‍රියත්වය අහිමිකරගත් අමාත්‍යවරුන් දෙදෙනෙකු වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ පෙරමුණට යැවීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ප්‍රතිචාරය තවදුරටත් අඩපණ කළේය. මහජනතාවට, ඔවුන්ගේ පැමිණීම සැබෑ නායකත්වයකට වඩා දේශපාලන රංගනයක් පමණක් විය. පැහැදිලිබව, මඟපෙන්වීම හෝ බියසැක දුරුකිරීම අතින් ඔවුන්ගේ නොහැකියාව ජාතියේ කලකිරීම තවදුරටත් ව්‍යාකූල කළේය. බොහෝ ශ්‍රී ලාංකිකයන්ට, ජාතික හදිසි තත්ත්වයක් මධ්‍යයේ එය හුදෙක් සංදර්ශනයක් පමණක් විය. අග්‍රාමාත්‍ය හරිනි මාධ්‍ය හමුවක් මධ්‍යයේ සිනහවෙමින් ඊට සමාන අගෞරවණීය හැසිරිමක් පෙන්නුම් කළා ය. 

දිට්වා සුළිකුණාටුව මේ වන විට අවම වශයෙන් ජීවිත 153ක් වත් බිලිගෙන ඇති අතර, පුද්ගලයන් 191 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇත. විනාශයේ බරපතලකම එන්න එන්නම ඉහළ යමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ / ජාතික ජන බලවේග රජය සුළිකුණාටුවට වඩා බෙහෙවින් දරුණු දේශපාලන කුණාටුවකට හසු වී ඇත. ජාතික ජන බලවේගයේ බලවත් ම අවිය වූ ජනතා අනුකම්පාව වියැකී යමින් පවතී. නිපුණතාවය සහ අඛණ්ඩතාව පොරොන්දු වෙමින් බලයට පත් වූ රජයකට එවැනි අසාර්ථකත්වයන් දරාගත නොහැකිය. විශේෂයෙන් සිය පළමු සැබෑ ජාතික පරීක්ෂාව වූ මෙම ආපදාව හමුවේ එවන් අසාර්ථකත්වයක් දරාගත නොහැකි ය.  

රජය විසින් පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැරීම ඉතාමත්ම බරපතල අඩුපාඩුවක් සේ සැලකිය හැකි ය. ඒකාබද්ධ සූදානම් යාන්ත්‍රණයක් ස්ථාපිත කරන මෙන් ඉල්ලා කාලගුණ විද්‍යා බලධාරීන් නොවැම්බර් 12 වන දින සිට ම රජයට දැනුම් දීම් සිදුකළ බව වාර්තා වේ. සුළි කුණාටුව තීව්‍ර වීමට සති කිහිපයකට මත්තෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රූපවාහිනියෙන් පවා මෙම අනතුරු ඇඟවීම් නැවත අවධාරණය කළේය. කෙසේවෙතත්, රජය උපකල්පනය කළේ කුණාටුව අවම බලපෑමකින් යුතුව පහව යනු ඇති බවයි. මෙම උදාසීනත්වය, 2019 වසරේ දී ඉදිරියේදී එල්ලවීමට නියමිත පාස්කු ඉරුදින ප්‍රහාරයක් පිළිබඳ දැන සිට බලධාරීන් එහි බරපතලකම අවතක්සේරුකළ අවස්ථාවට බෙහෙවින් සමාන වේ. ශ්‍රී ලාංකිකයෝ මෙම සමානකම වේදනාකාරී ලෙස දැන් අත්විඳිමින් සිටිති.

රජයේ ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිකම අසාර්ථකත්වයට තවත් උදාහරණයකි. අත්‍යාවශ්‍ය සේවා පැහැදිලිව හඳුනා නොගෙන 28 වන සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පරිපාලනය අඩපණ විය. ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් ප්‍රධාන නිලධාරීන් මහජනතාවට වඩාත්ම අවශ්‍ය වූ මොහොතේ සොයාගැනීමට නොහැකි විය. දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල, ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරු අනාගත දූෂණ චෝදනාවලට බියෙන් හදිසි ප්‍රසම්පාදනයන් පවා ප්‍රතික්ෂේප කළහ. මිනිසුන් ඉවත් කිරීම් ප්‍රමාද වූ අතර, ජලය, ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය සැපයුම් නියමිත වේලාවට ලබා දීම ද සිදු නොවිණි.

රාජ්‍ය යාන්ත්‍රණය ඇණහිටීමත් සමඟ සාමාන්‍ය පුරවැසියන් මැදිහත් වීම සිදුවිය. ස්වේච්ඡා කණ්ඩායම් පිහිටුවාගත් ප්‍රජාවන් ආහාර පිළියෙළ කර දී, ප්‍රවාහන පහසුකම් ලබා දී, පවුල් බේරාගෙන, වෛද්‍ය ආධාර ලබා දීමට පවා කටයුතු කර තිබිණි. අර්බුදය මැඬලීමට රජය අරගල කරද්දී ශ්‍රී ලාංකිකයෝ එකමුතුකම සහ මනුසත්කම පෙන්නුම් කළහ.

තත්ත්වය තවත් ව්‍යාකූල කරමින්, අනතුරු ඇඟවීම් ත්‍රෛභාෂිකව ප්‍රචාරය කිරීමට බලධාරීහු අපොහොසත් වූහ. දමිළ බස කතා කරන ප්‍රජාවන්ට අත්‍යාවශ්‍ය යාවත්කාලීනයන් බොහෝසෙයින් ප්‍රමාද වී ලැබිණි. එය රටේ ත්‍රෛභාෂා සන්නිවේදන ප්‍රතිපත්තිය අනවශ්‍ය සහ පිළිගත නොහැකි ලෙස උල්ලංඝනය කිරීමකි.

ජනාධිපති අනුර කුමාර දිසානයක අත්‍යාවශ්‍ය සේවා නම්කරමින් ගැසට් පත්‍රයක් නිකුත්කළේ 29වන දින මධ්‍යහනයේ ය. එවිට අර්බුදය හිනිපෙත්තට ගොස් අවසාන ය. 

දිට්වා සුළිකුණාටුවෙන් හෙළිදරව් වූයේ හුදෙක් රජයේ සූදානම් මඳකමකට වඩා එහා ගිය දෙයකි. ඉන් ගැඹුරු නායකත්ව රික්තයක් හෙළි කළේය. රජය ක්ෂණිකව, විනිවිදභාවයෙන් යුතු ව හා තීරණාත්මක ව ක්‍රියා නොකරන්නේ නම්, තමා බලයට ගෙන ආ විශ්වාසය අහිමි වීමේ අවදානමක් පවතී. ජනපති අනුරගේ මාධ්‍ය සංදර්ශන, විපක්ෂයට පහර දීම සහ මිනිසුන් දේශපාලන දෘෂ්ඨිවාදීන් ලෙස හංවඩු ගැසීම හමුවේ නැතිවී යන්නේ ජනතාවගේ ඉවසීමේ ගුණයයි.

රජයේ ධුරයන් හොබවන පෞද්ගලික අංශයේ චරිතවන හාන්ස් විජේසූරිය, සරත් ගනේගොඩ, අර්ජුන හේරත්, ප්‍රවීර් සමරසිංහ, දුමින්ද හුලංගමුව සහ යෝසෙෆ් හනිෆ් දැන් පෙරමුණ ගෙන නායකත්වය දිය යුතු ය. පරිපාලනයේ නිපුණතාවය සහ විනය තහවුරු කිරීමට ඔවුන ද අපොහොසත් වූවහොත්, ඉදිරි දිනවලදී ඔවුනට ද මහජන කෝපයට මුහුණ දීමට සිදුවනු නොඅනුමාන ය. 

- lankanewsweb

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.