News Category
From Date
To Date
Maximum Number of Result

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි..

Dec 2, 2025 at 07:22 AM
|

දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව අතර පෙර නොවූ විරූ ආකාරයේ කේන්තියක් ජනිත වීම සාධාරණ ය. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂාකළේ නායකත්වය, සම්බන්ධීකරණය, සහ හදිසි ප්‍රතිචාරයයි. ඒ වෙනුවට, ඔවුනට මුහුණ දීමට සිදුවූයේ ප්‍රමාදය සහ ව්‍යාකූලත්වයට හේතු වූ, ජීවිත, ජීවනෝපායන් සහ මහජන විශ්වාසය බිඳ දැමූ ආණ්ඩුවේ විනාශකාරී සූදානම් නොමැතිකමයි. ආරම්භයේ පටන්ම, අර්බුදයේ බරපතලකම අවබෝධකර ගැනීමට රජය අසමත් වූ අතර, ඒ සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ග ගන්නා විට පාලනයකළ නොහැකි මට්ටමට සියලු විනාශයන් සිදු වී හමාර ය. 

පූර්ණ බලකායක අණදීමේ අත්දැකීම් සහ ජාතික ආපදා ප්‍රතිචාරයක් මෙහෙයවීමට අවශ්‍ය ආයතනික ගෞරවය යන දෙකම නොමැති ආරක්ෂක ලේකම්වරයකු පත්කිරීම මෙම විවේචනයේ හරයයි. දැවැන්ත ව්‍යසනයක් හමුවේ අර්බුද කලමනාකරණයේ විශේෂඥතාව, යුධ පිටියේ විනය සහ සන්නද්ධ හමුදාවන්ගේ විශ්වාසය අවශ්‍ය ය. 

ඒ වෙනුවට, අපට ඉතිරි වූයේ, බහු නියෝජිතායතන ප්‍රතිචාර සම්බන්ධීකරණය කිරීමට හෝ ක්ෂේත්‍ර නිලධාරීන් අතර විශ්වාසය ඇති කිරීමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තරම් සන්නද්ධ නොවූ නිලධාරියකු පමණි. සුළි කුණාටුවේ බලපෑම පොළවට පතිත වී පැය කිහිපයක් යන්නට මත්තෙන් මෙම දුබලතාවය වඩාත් පැහැදිලි විය. 

බොහෝ සෙයින් ජනප්‍රියත්වය අහිමිකරගත් අමාත්‍යවරුන් දෙදෙනෙකු වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ පෙරමුණට යැවීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ප්‍රතිචාරය තවදුරටත් අඩපණ කළේය. මහජනතාවට, ඔවුන්ගේ පැමිණීම සැබෑ නායකත්වයකට වඩා දේශපාලන රංගනයක් පමණක් විය. පැහැදිලිබව, මඟපෙන්වීම හෝ බියසැක දුරුකිරීම අතින් ඔවුන්ගේ නොහැකියාව ජාතියේ කලකිරීම තවදුරටත් ව්‍යාකූල කළේය. බොහෝ ශ්‍රී ලාංකිකයන්ට, ජාතික හදිසි තත්ත්වයක් මධ්‍යයේ එය හුදෙක් සංදර්ශනයක් පමණක් විය. අග්‍රාමාත්‍ය හරිනි මාධ්‍ය හමුවක් මධ්‍යයේ සිනහවෙමින් ඊට සමාන අගෞරවණීය හැසිරිමක් පෙන්නුම් කළා ය. 

දිට්වා සුළිකුණාටුව මේ වන විට අවම වශයෙන් ජීවිත 153ක් වත් බිලිගෙන ඇති අතර, පුද්ගලයන් 191 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇත. විනාශයේ බරපතලකම එන්න එන්නම ඉහළ යමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ / ජාතික ජන බලවේග රජය සුළිකුණාටුවට වඩා බෙහෙවින් දරුණු දේශපාලන කුණාටුවකට හසු වී ඇත. ජාතික ජන බලවේගයේ බලවත් ම අවිය වූ ජනතා අනුකම්පාව වියැකී යමින් පවතී. නිපුණතාවය සහ අඛණ්ඩතාව පොරොන්දු වෙමින් බලයට පත් වූ රජයකට එවැනි අසාර්ථකත්වයන් දරාගත නොහැකිය. විශේෂයෙන් සිය පළමු සැබෑ ජාතික පරීක්ෂාව වූ මෙම ආපදාව හමුවේ එවන් අසාර්ථකත්වයක් දරාගත නොහැකි ය.  

රජය විසින් පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැරීම ඉතාමත්ම බරපතල අඩුපාඩුවක් සේ සැලකිය හැකි ය. ඒකාබද්ධ සූදානම් යාන්ත්‍රණයක් ස්ථාපිත කරන මෙන් ඉල්ලා කාලගුණ විද්‍යා බලධාරීන් නොවැම්බර් 12 වන දින සිට ම රජයට දැනුම් දීම් සිදුකළ බව වාර්තා වේ. සුළි කුණාටුව තීව්‍ර වීමට සති කිහිපයකට මත්තෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රූපවාහිනියෙන් පවා මෙම අනතුරු ඇඟවීම් නැවත අවධාරණය කළේය. කෙසේවෙතත්, රජය උපකල්පනය කළේ කුණාටුව අවම බලපෑමකින් යුතුව පහව යනු ඇති බවයි. මෙම උදාසීනත්වය, 2019 වසරේ දී ඉදිරියේදී එල්ලවීමට නියමිත පාස්කු ඉරුදින ප්‍රහාරයක් පිළිබඳ දැන සිට බලධාරීන් එහි බරපතලකම අවතක්සේරුකළ අවස්ථාවට බෙහෙවින් සමාන වේ. ශ්‍රී ලාංකිකයෝ මෙම සමානකම වේදනාකාරී ලෙස දැන් අත්විඳිමින් සිටිති.

රජයේ ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිකම අසාර්ථකත්වයට තවත් උදාහරණයකි. අත්‍යාවශ්‍ය සේවා පැහැදිලිව හඳුනා නොගෙන 28 වන සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පරිපාලනය අඩපණ විය. ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් ප්‍රධාන නිලධාරීන් මහජනතාවට වඩාත්ම අවශ්‍ය වූ මොහොතේ සොයාගැනීමට නොහැකි විය. දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල, ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරු අනාගත දූෂණ චෝදනාවලට බියෙන් හදිසි ප්‍රසම්පාදනයන් පවා ප්‍රතික්ෂේප කළහ. මිනිසුන් ඉවත් කිරීම් ප්‍රමාද වූ අතර, ජලය, ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය සැපයුම් නියමිත වේලාවට ලබා දීම ද සිදු නොවිණි.

රාජ්‍ය යාන්ත්‍රණය ඇණහිටීමත් සමඟ සාමාන්‍ය පුරවැසියන් මැදිහත් වීම සිදුවිය. ස්වේච්ඡා කණ්ඩායම් පිහිටුවාගත් ප්‍රජාවන් ආහාර පිළියෙළ කර දී, ප්‍රවාහන පහසුකම් ලබා දී, පවුල් බේරාගෙන, වෛද්‍ය ආධාර ලබා දීමට පවා කටයුතු කර තිබිණි. අර්බුදය මැඬලීමට රජය අරගල කරද්දී ශ්‍රී ලාංකිකයෝ එකමුතුකම සහ මනුසත්කම පෙන්නුම් කළහ.

තත්ත්වය තවත් ව්‍යාකූල කරමින්, අනතුරු ඇඟවීම් ත්‍රෛභාෂිකව ප්‍රචාරය කිරීමට බලධාරීහු අපොහොසත් වූහ. දමිළ බස කතා කරන ප්‍රජාවන්ට අත්‍යාවශ්‍ය යාවත්කාලීනයන් බොහෝසෙයින් ප්‍රමාද වී ලැබිණි. එය රටේ ත්‍රෛභාෂා සන්නිවේදන ප්‍රතිපත්තිය අනවශ්‍ය සහ පිළිගත නොහැකි ලෙස උල්ලංඝනය කිරීමකි.

ජනාධිපති අනුර කුමාර දිසානයක අත්‍යාවශ්‍ය සේවා නම්කරමින් ගැසට් පත්‍රයක් නිකුත්කළේ 29වන දින මධ්‍යහනයේ ය. එවිට අර්බුදය හිනිපෙත්තට ගොස් අවසාන ය. 

දිට්වා සුළිකුණාටුවෙන් හෙළිදරව් වූයේ හුදෙක් රජයේ සූදානම් මඳකමකට වඩා එහා ගිය දෙයකි. ඉන් ගැඹුරු නායකත්ව රික්තයක් හෙළි කළේය. රජය ක්ෂණිකව, විනිවිදභාවයෙන් යුතු ව හා තීරණාත්මක ව ක්‍රියා නොකරන්නේ නම්, තමා බලයට ගෙන ආ විශ්වාසය අහිමි වීමේ අවදානමක් පවතී. ජනපති අනුරගේ මාධ්‍ය සංදර්ශන, විපක්ෂයට පහර දීම සහ මිනිසුන් දේශපාලන දෘෂ්ඨිවාදීන් ලෙස හංවඩු ගැසීම හමුවේ නැතිවී යන්නේ ජනතාවගේ ඉවසීමේ ගුණයයි.

රජයේ ධුරයන් හොබවන පෞද්ගලික අංශයේ චරිතවන හාන්ස් විජේසූරිය, සරත් ගනේගොඩ, අර්ජුන හේරත්, ප්‍රවීර් සමරසිංහ, දුමින්ද හුලංගමුව සහ යෝසෙෆ් හනිෆ් දැන් පෙරමුණ ගෙන නායකත්වය දිය යුතු ය. පරිපාලනයේ නිපුණතාවය සහ විනය තහවුරු කිරීමට ඔවුන ද අපොහොසත් වූවහොත්, ඉදිරි දිනවලදී ඔවුනට ද මහජන කෝපයට මුහුණ දීමට සිදුවනු නොඅනුමාන ය. 

- lankanewsweb

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.