රෝහණ විජේවීර සහෝදරයා එදා...
මධ්‍යම කඳුකරයේ භූ විද්‍යාත්මක පිහිටීම අනුව එය අශ්‍රිතව ජලාශ ඉදිකිරීම ඉතා අසාර්ථක, ඉතා භයානක කාර්යයක් බව ප්‍රථමයෙන් පෙන්වා දුන් දේශපාලනඥයා රෝහණ විජේවීරය.
ඔහු 1965-70 අතර කාලයේ මහවැලි යෝජනා ක්‍රමයේ අසාර්ථක භාවය පිළිබඳව ඉතා දීර්ඝ ලෙස කරුණු දක්වා තිබෙනවා.
රෝහණ විජේවීර, 1971 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කටඋත්තරය පහතින් දැක්වෙනවා.
“මධ්‍යම කඳුකරය කියන්නේ අපේ රටට තියෙන ලොකුම සම්පත. එයට ලොකුම හානිය සිදුකළේ අධිරාජ්‍යවාදීන්. ස්වාභාවික වනාන්තර පද්ධතිය විනාශ කරලා කෝපි, තේ වගා කළා. දැන් මහවැලි ස්කිම් එකෙන් කරන්න හදන්නේ ඒකෙ අනිත් එක. පොල්ගොල්ලෙ පිම්රෝස් කන්දෙන් පටන් ගෙන අඩි 1000 සමෝච්ච රේඛාවෙන් ඉහත ජලාශ ගණනාවක් හදන්න යනවා. ඒක භයානක තත්ත්වයක්. ඓතිහාසික රාජධානි සමයේ අඩි 1000න් පහත වැව් 32,000ක් හදපු සිංහල රජවරුමධ්‍යම කඳුකරයේ එකම වැවක්වත් හැදුවේ නැහැ. මධ්‍ය කඳුකරයේ බෑවුම තියෙන්නේ උතුරට, හරියට පැත්ත ගහපු ඊ අකුරක් වගේ. දකුණ තමයි උස. කිරිගල්පොත්ත, නමුණුකුල, ඊළඟට එල්ක් ප්ලේස්, හෝර්ටන් ප්ලේස්, සානු. මේ පිහිටීම හරිම වැදගත්. රට වටේ ගංගා 103ක් ගලන්නෙ මේ ආශ්චර්යවත් පිහිටීම නිසා.
එදා රජවරු මේ කඳුකරයට අත තිබ්බේ නෑ. තද නීති දමල ආරක්‍ෂා කළා. අපි ධාතුසේන රජුගෙන් ඉගෙන ගන්න ඕනෑ. කලා ඔයට ෙදාළොස්බාගෙ කඳුවලින් ලැබෙන ජලය තෙත් කලාපය මායිමේ ඉදි වූ යෝධ ඇළෙන් වියළි කලාපයට තල්ලු කළා. ඒක ඉතා අසීරු වැඩක්. සැතපුමට අඟලක් බැස්සුවා. අද නවීන විද්‍යාවට ඒක කරගන්න බෑ. දැන් මේ ආණ්ඩු පොල්ගොල්ල ඉඳලා නැඟෙනහිරට, ඊසානට වතුර ගන්න තියෙන මාර්ගය හරස් කරනවා. සම්පූර්ණයෙන් අහුරලා උතුරට අඹන් ගඟට ටනල් එකක් කපනවා. භූගෝල විද්‍යාත්මකව මෙතැන භු ගර්භයේ තියෙන්නේ විපරීත හුනුගල් පාෂාණය. පොළොව යට විශාල උමං නිර්මාණය වී තිබෙනවා. පතල් සෑදී තිබෙනවා. පොළොව යටට හෑරුණු දෝනාවල් තියෙනවා. මාතලේ ප්‍රදේශය පිහිටා තියෙන්නේ හුනුගල් පාෂාණ තට්ටුවක් උඩ. මේක ජලාශ හදන්න ගියොත් අපට ස්වාභාවිකව ලැබුණු ගංගාවන් නැති වෙනවා. අද නොවෙයි අනාගතයේ මේ රටේ ජනතාවට භයානක විපාක විඳින්නසිදුවෙනවා.
රෝහණ විජේවීර 1971 ලබාදුන් මෙම කට උත්තරය මගින් මධ්‍ය කදුකරය අද මුහුණදි ඇති බරපතල ඛේදවාචකය පිලිබදව ඔහු මීට දශක පහකට පමණ පෙර කල්තියා දැක තිබුණ බව මනාව පැහැදිලිවේ.
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්‍ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..