News Category
From Date
To Date
Maximum Number of Result

15 වසරකට පෙර සිදුවූ මනුෂ්‍යත්වයේ කතාවක්...

Nov 26, 2025 at 08:46 AM
|

ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ චන්දිම සූරියාරච්චි මැතිතුමා ගේ සටහනක් ඇසුරින්...

ඉංග්‍රීසි සටහන මේ සටහන අවසානයේ තිබෙනවා...

මේ කතාවට අවුරුදු 15ක් විතර වෙනවා. ඒ මෙරට බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කිරීමට අපේ ආරක්ෂක හමුදා සිය දිවි පරදුවට තබමින් අවසාන සටනේ යෙදෙන කාලපරිච්ඡේදය...

එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍රාණ ඇපයට තබා සිටි අහිංසක ද්‍රවිඩ වැසියන් බේරා ගැනීම සඳහා මුල්ලි වයිකාල් වල අපේ හමුදා සටන් කරන දින කිහිපය..

එල්ටීටීඊ සංවිධානය යටතේ සිටි ද්‍රවිඩ වැසියන් තමාගේ ග්‍රහණයෙන් මිදී ආරක්ෂක හමුදා වෙතට පලායාම වැළැක්වීම සඳහා එසේ පලා යන අහිංසක ද්‍රවිඩ වැසියන්ට වෙඩි තැබීමට ප්‍රභාකරන්  නියෝග කර තිබුණා...

නමුත් සිය ජීවිතය බේරා ගැනීමට එල්ටීටීඊ ග්‍රහණයෙන් මිදී කෙසේ හෝ ජනතාව ආරක්ෂක හමුදාව වෙත පලා ආවා. එසේ පලා එන යුවළක් සහ ඔවුන්ගේ දින හතක දරුවෙකුත් ඒ අතර වුණා..

එල්ටීටීඊ සංවිධානයේ කෲර ප්‍රහාරයට ඔවුනුත් ලක් වුණා...

මවගේ මුහුණට වැදුනු වෙඩි පහරවල් වලින් ඇය දරුණු තුවාල ලැබූ අතර දින  හතක කුඩා දරුවාත් එල්ටීටී ප්‍රහාරයෙන් දරුණු තුවාල ලැබුවා...

එම කුඩා දරුවා විගසින් ගුවන් මගින් ලේඩි රිජ්වේ රෝහල වෙත එවීමට ආරක්ෂක අංශ කටයුතු කළා....

එම දරුවා යොමුවුණේ විශේෂඥ වෛද්‍ය චන්දිම සූරිය ආරච්චි මහතා වෙතටයි..

එම දරුවාගේ හිසට සහ උදරය ප්‍රදේශයට දරුණු හානි සිදුවී තිබුණා..

මේ දින හතක් වයසෙති කුඩා බිළිඳකුටයි

දරුවාගෙන් දරුණු ලෙස ලේ වහනය වී තිබුණා..

විශේෂඥ වෛද්‍ය චන්දිම සූරියආරච්චි විසින් ශල්‍යකර්ම කිහිපයකටම මේ කුඩා දරුවා භාජනය කරනු ලැබුවා..

වාසනාවකට මෙන් ඊළඟ මාස තුනේ අදහාගත නොහැකි ආකාරයේ සුවපත් වීමක් කරා දරුවා යොමු වුණා..

විශේෂයෙන්ම ඉතාමත් සුන්දර දරු පැටියාව ඉතා පරීක්ෂාවෙන් බලා ගන්නා ලෙස වෛද්‍යවරයා සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබුණා..

එම වාට්ටුවේ කාර්ය මණ්ඩලය ඉතාමත් ආදරණීය ලෙස දරු පැටියා රැකබලා ගත් අතර  කනිෂ්ට වෛද්‍යවරියන් ස්වේච්ඡාවෙන් මේ දරු පැටියාට තමන් විසින්ම මව් කිරි දෙමින් රැකබලා ගැනීම ඉතාමත් සංවේදී සිද්ධියක් බව සඳහන් කළ යුතුයි..

මෙම කුඩා දරු පැටියා ලේඩි රිජ්වේ රෝහලට ඇතුළත් කළ සමයේම උතුරේ යුධ බිමෙන් දරුණු එල්ටීටී ප්‍රහාරයකින් තුවාල ලැබූ ද්‍රවිඩකාන්තාවක් කොළඹම රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණා..

 දිගු කලක් කෝමා තත්ත්වයේ සිටි ඇය ප්ලාස්ටික් සැත්කම් වලින් ද අනතුරුව සුවපත් වීමෙන් පසු යුධ සමයේ අතුරුදහන් වූ සිය දරු පැටියා සොයන බවත් එමෙන්ම තවත් ද්‍රවිඩ කාන්තාවන් දෙදෙනකුද එසේම අතුරුදහන් වූ දරුවන් සොයන බවත් දැනගන්නට ලැබුණා...

ඒ නිසා සැබෑ මව සෙවීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරනු ලැබුවා..

එම පරීක්ෂණයෙන් අනතුරුව සැබෑ මව සොයා ගැනීමට හැකි වූ අතර ඇය කලින් සඳහන් කළ කෝමා තත්ත්වයට පත්ව ප්ලාස්ටික්ස් සැත්කමකටද භාජනය වූ කාන්තාවයි...

වසර 15 කට පසු ඒ කුඩාත් දරුවා අද යොවුන් වියට පා තබන දරුවෙක් ලෙස මවත් සමග පැමිණ යේ ඔහුගේ ජීවිතය බේරාදුන් ඒ විශිෂ්ට ජීවකවරයා විශේෂඥ වෛද්‍ය චන්දිම සූරියආරච්චි මහතා හමුවූ මොහොත...

එම දරුවා අද යාපනයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක හොඳින් සිය අධ්‍යාපන කටයුතු කරමින් සිටිනවා...

ඒ මානුෂීය ගුණය විදහා දැක්වූ,

 විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ චන්දිම සූරිය ආරච්චි මහතා ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ආරක්ෂක අංශවල  ශ්‍රී ලාංකිකයන්ට හිස නමා ආචාර කරමි...

එමෙන්ම යුධ සමය ගැන මෙරට ගැන වේදිකාවල බෙරිහන් දෙන,

  වෙනත් රටවල් වලට ගොස්, 

දේශපාලනයට ඡන්ද හිඟා කෑම සඳහා, 

 ශ්‍රී ලාංකික යුද හමුදාව කළ යුධ අපරාධ ගැන හොයන බවට අදටත් කියන,

 තුට්ටු දෙකේ දේශපාලනඥයින්ට මෙයින් ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙනවා..

එතරම් දරුණු යුද්ධයක් පවතින මොහොතක සිය සෙබලුන් ත්‍රස්තවාදින් හමුවේ මරා වැටෙන මොහොතක මේ කුඩා දරුවා ගුවන් යානයකින් කොළඹ ඒවා ප්‍රතිකාර කිරීමට තරම් අපේ ආරක්ෂක හමුදාව මානුෂීය වූ බව ඒ අමනයන් කිසිදා පවසන්නේ නෑ...

නමුත් මේ කුඩා දරුවාටත් මෑණියන්ටත් තිබෙන කෘතගුණ සැලකීමේ ගුණයට ද අප ගරු කළ යුතුයි...

යාපනයේ සිට කොළඹ විත් සියදිවි බේරාදී මව සොයා දුන් ඒ විශිෂ්ට ජීවකයාට ඔවුන්ගේ ආචාරය පහළොස් වසරකට පසුවත් ඔවුන් පුද කරනවා...

අපේ බොහෝ එවුන්ට නැත්තේ ඒ ගුණයයි...

සමහර ජාත්‍යන්තර මාධ්‍ය සමඟ එක් වී අපේ හමුදාවට කරන අපහාස වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙතින් මේ සිද්ධිය අලලා The Last Phase නමින් වාර්තා වැඩසටහනක්  සකස් කර තිබුණා..

වෛද්‍ය සූරියආරච්චි ගේ සටහන පහතින්..

Like to narrate a interesting story regarding a patient whom I have operated visited me after 15 years!🫠

During the last phase of ethnic war in 2009 Sri lankan Army commenced a humanatarian mission to rescue the tamil civilians who got trapped in the war no fire zone in Mulivaikkal, Mullativu district. LTTE with their leader Prabhakaran kept them as hostage and shot at   any one trying to escape through Nanthikadal lagoon to SL Army controlled area!

Young LTTE tamil couple had decided to escape with their newly born baby. Their own LTTE militants mercilessly shot at them injuring both mother and her 7 day old new born baby and separating them.

Mother's was shot at her head and her nose got completely disintegrated with gun shot injuries.

Baby was airlifted and transferred directly to my ward at LRH. Baby had severe head and abdominal injuries. One of the bullets had entered from front and gone through the bladder and exited from behind near the spine and we didn't expect him to survive as baby had bled a lot!

I did several operations on him over the period of next three months and he made a remakable recovery.

My staff took care of him very well and infact one of my junior lady doctors volunteered to breast feed the baby as she had a new born baby her self at that time!

I had to allocate staff to keep and eye on him specially during the patient visiting hours as he was a very cute adorable baby all alone in a single cot without a guardian. Police couldnt trace the parents and was presumed dead.

Six months later we got to know a probable mother recovering following a coma and complex plastic surgery in nearby National hospital who also had been transferred from war zone during the last stages of the war.

We had to get legal advice from the Courts to identify the real biological mother and do "maternity DNA testing"as two other tamil mothers with missing babies also came forward and claimed the baby as their own!

Later on Ministry Of Defence SL did a documentary video " The Last Phase" based on this incidence to counter attack the "alleged war crimes commited by the SL Army"by the western media.

It was a pleasant surprise when mother and son visited me today. He is studying well  in a leading boys school in Jaffna.😊

- ලාල් ද අල්විස්

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)





සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.