ලංකාවේ ඹෟෂධ වෙලඳපොළේ මිල අඩු ඉන්දීය ඹෟෂධ වලට ඒකාධිකාරයක් ගොඩනැගීම..
අනුර ඉන්දියාවට ගිහිං ඉන්දියන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ලංකාවේ සෞඛ්‍ය අංශය ඒකාබද්ධ කරන ගිවිසුමකට අත්සන් කලා.
එයට අනුව ඉන්දියාවේ ගෙවල් වල පවා හදන බෙහෙත් පෙති කරල් සහිත ( අන්තර්,ජාළයේ හොයලා බැලුවොත් ඉන්දියාවේ ගෙවල් ආශ්‍රිතව පවා හොරට ඖෂධ නිෂ්පාදනය කරනවා හොයා ගන්න පුළුවන් )
ප්‍රමිතියෙන් අඩු ඉන්දීය ඖෂධ වලින් ලංකාවේ රෝහල් පද්ධතිය පිරෙන්න නියමිතයි..‼️
අන්න එයට කපටි ආන්ඩුවත් සෞඛ්‍ය ඇමතිවරයත් ඉඩ හදන්නේ පහත පරිදි ඖෂධ මිළ පාළනය යන්නට මුවාවෙලයි.
එයට අදාලව බටහිර රටවල්තුළ උසස්,ප්‍රමිතියෙන් නිෂ්පාදනය වන බොහෝ ඖෂඨ ලංකාවට ලැබීම නතර වෙලා එතැනට ඉන්දීය ඖෂධ ආදේශ වෙනවා.
සරළවම මේ මිළ පාළනය තුළින් කරන්නේ ලංකාවේ ඹෟෂධ වෙලදපලේ මිළ අඩු ඉන්දීය ඹෟෂධ වලට ඒකාධිකාරයක් ගොඩ නැංවීමයි.
Sachin Rathwatte (Copied )
පහුගිය දවස්වල ආණ්ඩුවෙන් විශේෂ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළා.
එනම් 'ඖෂධ වලට පාලන මිලක්'.
මාලිමා රජය මැදිහත් වී ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීමට සූදානම් වෙනවා.
එහි බොහෝ කටයුතු දැනටමත් අවසන්.
මේ ප්‍රවෘත්තිය කියවූ සැණින් ඔබට හැඟෙන මුල්ම ප්‍රතිචාරය මොකක්ද ?
'හොඳ වැඩක්' කියලා නේද ?
මිනිස්සු හූරගෙන කන 'ඖෂධ මාෆියාව' නැති කිරීමේ උත්සාහයක් වගේ නේද ?
ඔව්! ඔවුන්ට අවශ්‍යත් ඔබ එහෙම හිතන්න.
............ ........... ........... ...........
මගේ මිත්‍රයෙක් ඉන්නවා.
ඔහු කොලෙස්ටරෝල් සඳහා දිනපතාම ඖෂධයක් (Statin) ලබා ගන්නවා.
එකම ඖෂධ වුනත් එහි වර්ග තුනක් තිබෙනවා.
එක සන්නාමයක බෙහෙත් පෙත්තක් රුපියල් 75ක් පමණ වෙනවා.
ඒ බෙහෙත BP (British Pharmacopoeia). එනම් ඖෂධ සඳහා වන බ්‍රිතාන්‍ය ප්‍රමිතිය සැපිරූ ඖෂධයක්.
එම ඖෂධයේම තවත් සන්නාමයක් තිබෙනවා. එහි බෙහෙත් පෙත්තක් රුපියල් 24 ක් පමණ වෙනවා.
එය IP (Indian Pharmacopoeia) එනම් ඉන්දියානු ප්‍රමිතිය සැපිරූ බෙහෙතක්.
එමෙන්ම මේ බෙහෙතම SPC විසින් වෙළඳපොලට නිකුත් කරනවා.
එහි බෙහෙත් පෙත්තක් රුපියල් 4 යි.
එකම බෙහෙත, සන්නාම තුනකින්, ප්‍රමිතීන් තුනකින් මිල තුනකට පවතිනවා.
එකක් රුපියල් 75 යි. අනෙක රුපියල් 24 යි. අනෙක රුපියල් 4 යි. විශාල වෙනසක්.
මගේ මිත්‍රයා පාවිච්චි කරන්නේ BP එනම් බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධය.
............... ........... ................ ..............
ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ ප්‍රධාන වශයෙන් ප්‍රමිතීන් තුනකට අයත් වෙනවා.
1) BP - බ්‍රිතාන්‍ය ප්‍රමිතිය
2) USP - ඇමෙරිකානු එක්සත් ජනපද ප්‍රමිතිය
3) IP - ඉන්දියානු ප්‍රමිතිය
ඔබ මිලට ගන්නා බෙහෙත් වලත් මේ අකුරු සටහන් කර ඇති. පරීක්ෂා කර බලන්න.
එකම ඖෂධය වුනත් මේ ප්‍රමිතීන් වෙනස්.
උදාහරණයක් ලෙස ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍යය ප්‍රමිතියේ ඖෂධ (සාපේක්ෂව) උසස් යයි සැලකිය හැකියි.
එයට හේතුව ඒ ඖෂධ වලට පවතින ප්‍රමිතීන් ඉතා ඉහළයි. එමෙන්ම ඖෂධ නිපදවීමට යොදාගන්නා තාක්ෂණය සහ පිරිවැය ඉතා ඉහළයි.
ඒ ඖෂධ උදෙසා සිදු කරන සායනික පරීක්ෂණ වැඩියි. එමෙන්ම ඖෂධයක් පිළිගැනීමට නම් සාධනය කළ යුතු අවශ්‍යතා බොහෝයි.
මේ ප්‍රමිතීන් නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන BP / USP ඖෂධ අනෙකුත් ඖෂධ වලට වඩා මිලෙන් වැඩියි.
නමුත් IP හෙවත් ඉන්දියානු ප්‍රමිතියේ ඖෂධ මිලෙන් අඩුයි.
ඉන්දියාව දැන් මහා පරිමානයෙන් ඖෂධ නිපදනවා.
ඔවුන්ගේ ඖෂධ මිලෙන් අඩුයි.
එමෙන්ම තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් ද සාපේක්ෂව අඩුයි.
ඉන්දියානු ඖෂධ වලට එතරම් දැඩි නියාමනයක් සහ පාලනයක් (බ්‍රිතානයේ සහ ඇමෙරිකාවේ තරම්) නැහැ.
ඔවුන්ගේ ප්‍රධාන වෙළඳපල දකුණු ආසියාව.
එම නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන ඉන්දියානු ඖෂධ, ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධ වලට වඩා මිලෙන් අඩුයි.
................. .................. ..............
ඖෂධ පාලන මිලක් දැමීමෙන් රජය සිදු කරන්නේ මොකක්ද ?
උදාහරණයක් ලෙසට මගේ මිත්‍රයා ලබා ගන්නා ඖෂධයේ උපරිම පාලන මිල රුපියල් 25 ක් කරනවා.
එවිට සිදුවන්නේ කුමක්ද ?
බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු ප්‍රමිතියේ ඖෂධය රුපියල් 25 ට අලෙවි කරන්න බැහැ.
ලාභය කපා දැමුමත් එය රුපියල් 25 ට අලෙවි කළ නොහැකියි.
රුපියල් 75 ඖෂධය, 70 ට අලෙවි කළත් 25 ට අලෙවි කළ නොහැකියි.
එම නිසා ඔවුන්ට ඉතිරිව ඇති එකම විකල්පය ශ්‍රී ලංකාව හැරයාම පමණයි.
නමුත් ඉන්දියානු බෙහෙත් පෙත්ත රුපියල් 25 ට විකිණිය හැකියි.
අවශ්‍ය නම් රුපියල් 4 ට ලබා දෙන SPC පෙත්තත්, රුපියල් 25 ක් දක්වා ඉහළ දමා ඉන්දියානු බෙහෙත් පෙත්තට ඇති තරගකාරීත්වය නැති කළ හැකියි.
මේ ඖෂධ පාලන මිලෙන් සිදු කරන්නේ එක් රැයකින් බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ප්‍රමිතියේ ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු බෙහෙත් ඒකාධිකාරියකට පිටිය සැකසීම පමණයි.
එමගින් ආර්ථිකමය වශයෙන් රුපියල් 75 BP ඖෂධය ලබා ගත හැකි පුද්ගලයාට, ඉන්දියානු ඖෂධය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති වෙනවා.
සැබැවින්ම ඖෂධ පාලන මිලක් දැමීමේ යථාර්තය ඒක.
මින්පෙර මේ ක්‍රියාවම පැරසිටමෝල් සඳහා සිදු කළා.
සිදු වූණේ එතෙක් යුරෝපයෙන් ගෙන්වූ උසස් තත්ත්වයේ පැරසිටමෝල් ශ්‍රී ලංකා වෙළඳපොලේ නැතිවීම සහ ඉන්දියානු පැරසිටමෝල් එකම විකල්පය වීම පමණයි.
එයින් ඉන්දියානු පැරසිටමෝල් වල මිල රුපියලකින් හෝ ඉහළ ගියා මිසෙක සතයකින් හෝ පහළ ගියේ නැහැ.
අදත් ඔබ පැරසිටමෝල් මිලට ගන්නේ එදා මිලටමයි. පාලන මිලෙන් සිදුවූයේ ඔබට යුරෝපීය පැරසිටමෝල් අහිමි වීම පමණයි.
ඉතින් මේ ඖෂධ පාලන මිල යනු මෙරට ඖෂධ වෙළඳපොල තනිකරම ඉන්දියාවට පාවා දීමේ ව්‍යාපෘතියක්.
එමගින් උසස් තත්ත්වයේ ඖෂධ ශ්‍රී ලාංකිකයාට ඇහැරීම මිසෙක, එක සතයකින් ඖෂධ මිල පහල යන්නේ නැහැ.
................ ............ ............. ...........
මෙය සිදුවන්නේ පසුගිය දා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් එක් ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස විය හැකියි.
ගිවිසුම් අත්සන් කළ සැණින්ම පුබුදු ජයගොඩ මේ පිළිබඳව හෙළිදරව්වක් කළා.
නමුත් නලින්ද ජයතිස්ස සුපුරුදු උද්ධච්ඡ ස්වරණයෙන් සහ විහිලුවෙන් එය ප්‍රතික්ෂේප කළා.
ගිවිසුම් හත රජය ප්‍රසිද්ධ නොකළත් මේ සිදුවන ක්‍රියා අනුව අදාල ගිවිසුම් වල අන්තර්ගතය අපිට උපකල්පනය කළ හැකියි.
මේ රුපියල් බිලියන ගණනක් වටිනා මෙරට ඖෂධ වෙළඳපොල තනිකරම ඉන්දියාවට පාවා දීමේ උත්සාහයක්.
එමෙන්ම ඔබට උසස් ප්‍රමිතියේ ඖෂධ ලබා ගැනීමට ඇති අවස්ථාවන් නැති කිරීමක්.
එදා ඉන්දියාවෙන් ළූණූ ආනයනය කළ පිටකොටුවේ ව්‍යාපාරිකයා සහ ඉන්දියානු ළුණූ විකිණු සිල්ලර කඩේ මුදලාලි ඝාතනය කළ ජවිපෙ, අද බලයට පත් වී, බල ලෝභකම නිසා, ඉන්දියාව තරහා කර ගැනීමේ අකමැත්ත මත ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ සෞඛ්‍ය ඉන්දියාවට පාවා දෙන්නේ මෙලෙසයි.
- නුවන් මොණරවිල -
(අන්තර්ජාලයෙන් උපුටා ගැණිනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා