ලංකාවේ ඹෟෂධ වෙලඳපොළේ මිල අඩු ඉන්දීය ඹෟෂධ වලට ඒකාධිකාරයක් ගොඩනැගීම..
අනුර ඉන්දියාවට ගිහිං ඉන්දියන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ලංකාවේ සෞඛ්‍ය අංශය ඒකාබද්ධ කරන ගිවිසුමකට අත්සන් කලා.
එයට අනුව ඉන්දියාවේ ගෙවල් වල පවා හදන බෙහෙත් පෙති කරල් සහිත ( අන්තර්,ජාළයේ හොයලා බැලුවොත් ඉන්දියාවේ ගෙවල් ආශ්‍රිතව පවා හොරට ඖෂධ නිෂ්පාදනය කරනවා හොයා ගන්න පුළුවන් )
ප්‍රමිතියෙන් අඩු ඉන්දීය ඖෂධ වලින් ලංකාවේ රෝහල් පද්ධතිය පිරෙන්න නියමිතයි..‼️
අන්න එයට කපටි ආන්ඩුවත් සෞඛ්‍ය ඇමතිවරයත් ඉඩ හදන්නේ පහත පරිදි ඖෂධ මිළ පාළනය යන්නට මුවාවෙලයි.
එයට අදාලව බටහිර රටවල්තුළ උසස්,ප්‍රමිතියෙන් නිෂ්පාදනය වන බොහෝ ඖෂඨ ලංකාවට ලැබීම නතර වෙලා එතැනට ඉන්දීය ඖෂධ ආදේශ වෙනවා.
සරළවම මේ මිළ පාළනය තුළින් කරන්නේ ලංකාවේ ඹෟෂධ වෙලදපලේ මිළ අඩු ඉන්දීය ඹෟෂධ වලට ඒකාධිකාරයක් ගොඩ නැංවීමයි.
Sachin Rathwatte (Copied )
පහුගිය දවස්වල ආණ්ඩුවෙන් විශේෂ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළා.
එනම් 'ඖෂධ වලට පාලන මිලක්'.
මාලිමා රජය මැදිහත් වී ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීමට සූදානම් වෙනවා.
එහි බොහෝ කටයුතු දැනටමත් අවසන්.
මේ ප්‍රවෘත්තිය කියවූ සැණින් ඔබට හැඟෙන මුල්ම ප්‍රතිචාරය මොකක්ද ?
'හොඳ වැඩක්' කියලා නේද ?
මිනිස්සු හූරගෙන කන 'ඖෂධ මාෆියාව' නැති කිරීමේ උත්සාහයක් වගේ නේද ?
ඔව්! ඔවුන්ට අවශ්‍යත් ඔබ එහෙම හිතන්න.
............ ........... ........... ...........
මගේ මිත්‍රයෙක් ඉන්නවා.
ඔහු කොලෙස්ටරෝල් සඳහා දිනපතාම ඖෂධයක් (Statin) ලබා ගන්නවා.
එකම ඖෂධ වුනත් එහි වර්ග තුනක් තිබෙනවා.
එක සන්නාමයක බෙහෙත් පෙත්තක් රුපියල් 75ක් පමණ වෙනවා.
ඒ බෙහෙත BP (British Pharmacopoeia). එනම් ඖෂධ සඳහා වන බ්‍රිතාන්‍ය ප්‍රමිතිය සැපිරූ ඖෂධයක්.
එම ඖෂධයේම තවත් සන්නාමයක් තිබෙනවා. එහි බෙහෙත් පෙත්තක් රුපියල් 24 ක් පමණ වෙනවා.
එය IP (Indian Pharmacopoeia) එනම් ඉන්දියානු ප්‍රමිතිය සැපිරූ බෙහෙතක්.
එමෙන්ම මේ බෙහෙතම SPC විසින් වෙළඳපොලට නිකුත් කරනවා.
එහි බෙහෙත් පෙත්තක් රුපියල් 4 යි.
එකම බෙහෙත, සන්නාම තුනකින්, ප්‍රමිතීන් තුනකින් මිල තුනකට පවතිනවා.
එකක් රුපියල් 75 යි. අනෙක රුපියල් 24 යි. අනෙක රුපියල් 4 යි. විශාල වෙනසක්.
මගේ මිත්‍රයා පාවිච්චි කරන්නේ BP එනම් බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධය.
............... ........... ................ ..............
ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ ප්‍රධාන වශයෙන් ප්‍රමිතීන් තුනකට අයත් වෙනවා.
1) BP - බ්‍රිතාන්‍ය ප්‍රමිතිය
2) USP - ඇමෙරිකානු එක්සත් ජනපද ප්‍රමිතිය
3) IP - ඉන්දියානු ප්‍රමිතිය
ඔබ මිලට ගන්නා බෙහෙත් වලත් මේ අකුරු සටහන් කර ඇති. පරීක්ෂා කර බලන්න.
එකම ඖෂධය වුනත් මේ ප්‍රමිතීන් වෙනස්.
උදාහරණයක් ලෙස ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍යය ප්‍රමිතියේ ඖෂධ (සාපේක්ෂව) උසස් යයි සැලකිය හැකියි.
එයට හේතුව ඒ ඖෂධ වලට පවතින ප්‍රමිතීන් ඉතා ඉහළයි. එමෙන්ම ඖෂධ නිපදවීමට යොදාගන්නා තාක්ෂණය සහ පිරිවැය ඉතා ඉහළයි.
ඒ ඖෂධ උදෙසා සිදු කරන සායනික පරීක්ෂණ වැඩියි. එමෙන්ම ඖෂධයක් පිළිගැනීමට නම් සාධනය කළ යුතු අවශ්‍යතා බොහෝයි.
මේ ප්‍රමිතීන් නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන BP / USP ඖෂධ අනෙකුත් ඖෂධ වලට වඩා මිලෙන් වැඩියි.
නමුත් IP හෙවත් ඉන්දියානු ප්‍රමිතියේ ඖෂධ මිලෙන් අඩුයි.
ඉන්දියාව දැන් මහා පරිමානයෙන් ඖෂධ නිපදනවා.
ඔවුන්ගේ ඖෂධ මිලෙන් අඩුයි.
එමෙන්ම තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් ද සාපේක්ෂව අඩුයි.
ඉන්දියානු ඖෂධ වලට එතරම් දැඩි නියාමනයක් සහ පාලනයක් (බ්‍රිතානයේ සහ ඇමෙරිකාවේ තරම්) නැහැ.
ඔවුන්ගේ ප්‍රධාන වෙළඳපල දකුණු ආසියාව.
එම නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන ඉන්දියානු ඖෂධ, ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධ වලට වඩා මිලෙන් අඩුයි.
................. .................. ..............
ඖෂධ පාලන මිලක් දැමීමෙන් රජය සිදු කරන්නේ මොකක්ද ?
උදාහරණයක් ලෙසට මගේ මිත්‍රයා ලබා ගන්නා ඖෂධයේ උපරිම පාලන මිල රුපියල් 25 ක් කරනවා.
එවිට සිදුවන්නේ කුමක්ද ?
බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු ප්‍රමිතියේ ඖෂධය රුපියල් 25 ට අලෙවි කරන්න බැහැ.
ලාභය කපා දැමුමත් එය රුපියල් 25 ට අලෙවි කළ නොහැකියි.
රුපියල් 75 ඖෂධය, 70 ට අලෙවි කළත් 25 ට අලෙවි කළ නොහැකියි.
එම නිසා ඔවුන්ට ඉතිරිව ඇති එකම විකල්පය ශ්‍රී ලංකාව හැරයාම පමණයි.
නමුත් ඉන්දියානු බෙහෙත් පෙත්ත රුපියල් 25 ට විකිණිය හැකියි.
අවශ්‍ය නම් රුපියල් 4 ට ලබා දෙන SPC පෙත්තත්, රුපියල් 25 ක් දක්වා ඉහළ දමා ඉන්දියානු බෙහෙත් පෙත්තට ඇති තරගකාරීත්වය නැති කළ හැකියි.
මේ ඖෂධ පාලන මිලෙන් සිදු කරන්නේ එක් රැයකින් බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ප්‍රමිතියේ ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු බෙහෙත් ඒකාධිකාරියකට පිටිය සැකසීම පමණයි.
එමගින් ආර්ථිකමය වශයෙන් රුපියල් 75 BP ඖෂධය ලබා ගත හැකි පුද්ගලයාට, ඉන්දියානු ඖෂධය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති වෙනවා.
සැබැවින්ම ඖෂධ පාලන මිලක් දැමීමේ යථාර්තය ඒක.
මින්පෙර මේ ක්‍රියාවම පැරසිටමෝල් සඳහා සිදු කළා.
සිදු වූණේ එතෙක් යුරෝපයෙන් ගෙන්වූ උසස් තත්ත්වයේ පැරසිටමෝල් ශ්‍රී ලංකා වෙළඳපොලේ නැතිවීම සහ ඉන්දියානු පැරසිටමෝල් එකම විකල්පය වීම පමණයි.
එයින් ඉන්දියානු පැරසිටමෝල් වල මිල රුපියලකින් හෝ ඉහළ ගියා මිසෙක සතයකින් හෝ පහළ ගියේ නැහැ.
අදත් ඔබ පැරසිටමෝල් මිලට ගන්නේ එදා මිලටමයි. පාලන මිලෙන් සිදුවූයේ ඔබට යුරෝපීය පැරසිටමෝල් අහිමි වීම පමණයි.
ඉතින් මේ ඖෂධ පාලන මිල යනු මෙරට ඖෂධ වෙළඳපොල තනිකරම ඉන්දියාවට පාවා දීමේ ව්‍යාපෘතියක්.
එමගින් උසස් තත්ත්වයේ ඖෂධ ශ්‍රී ලාංකිකයාට ඇහැරීම මිසෙක, එක සතයකින් ඖෂධ මිල පහල යන්නේ නැහැ.
................ ............ ............. ...........
මෙය සිදුවන්නේ පසුගිය දා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් එක් ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස විය හැකියි.
ගිවිසුම් අත්සන් කළ සැණින්ම පුබුදු ජයගොඩ මේ පිළිබඳව හෙළිදරව්වක් කළා.
නමුත් නලින්ද ජයතිස්ස සුපුරුදු උද්ධච්ඡ ස්වරණයෙන් සහ විහිලුවෙන් එය ප්‍රතික්ෂේප කළා.
ගිවිසුම් හත රජය ප්‍රසිද්ධ නොකළත් මේ සිදුවන ක්‍රියා අනුව අදාල ගිවිසුම් වල අන්තර්ගතය අපිට උපකල්පනය කළ හැකියි.
මේ රුපියල් බිලියන ගණනක් වටිනා මෙරට ඖෂධ වෙළඳපොල තනිකරම ඉන්දියාවට පාවා දීමේ උත්සාහයක්.
එමෙන්ම ඔබට උසස් ප්‍රමිතියේ ඖෂධ ලබා ගැනීමට ඇති අවස්ථාවන් නැති කිරීමක්.
එදා ඉන්දියාවෙන් ළූණූ ආනයනය කළ පිටකොටුවේ ව්‍යාපාරිකයා සහ ඉන්දියානු ළුණූ විකිණු සිල්ලර කඩේ මුදලාලි ඝාතනය කළ ජවිපෙ, අද බලයට පත් වී, බල ලෝභකම නිසා, ඉන්දියාව තරහා කර ගැනීමේ අකමැත්ත මත ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ සෞඛ්‍ය ඉන්දියාවට පාවා දෙන්නේ මෙලෙසයි.
- නුවන් මොණරවිල -
(අන්තර්ජාලයෙන් උපුටා ගැණිනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..