News Category
From Date
To Date
Maximum Number of Result

විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය පාසල් දරුවන්ට සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම වැඩිහිටියන්ට : LGBTQIA පියවර දෙකක්

Oct 28, 2025 at 01:38 PM
|

ජාත්‍යන්තර මැදිහත්වීම මත ප්‍රවර්ධනය කරන ලද වැඩසටහන් දෙකක් වන පාසල් සඳහා විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය (CSE) සහ සේවා ස්ථානවල විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම (DEI) ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අනුව LGBTQIA ව්‍යාපෘතිය සඳා මුල්‍ය ප්‍රතිපාදන සපයන විදේශීය පරිත්‍යාගශීලීන්ගේ බලපෑම යටතේ ජාතික වටිනාකම් සහ අධ්‍යාපන පද්ධති නැවත සකස් කරමින් පවතින තතවයක් උදා වී තිබේ.

දේශීය සිවිල් සහ දෙමාපිය සංවිධාන වලට අනුව, මෙම ව්‍යාපෘති දෙක ළමුන් සඳහා ආරක්ෂාව සහ වැඩිහිටියන් සඳහා සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් ලෙස ඉදිරිපත් කළද පොදු අරමුදල් ජාල සහ දෘෂ්ටිවාදාත්මක මූලාරම්භයන් එකම ආකාරයකින් ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙම ප්‍රතිපාදන ලැබීමේ විනිවිදභාවය පිළිබඳව ගැටළුවක් පැන නගින අතර මෙම ක්‍රියාවලිය තුල සංස්කෘතික බලපෑම මෙන්ම ජාතියේ ස්වෛරීභාවය අණතුරේ හෙලන තත්වයක්ද මතු කරයි.

වැඩසටහන් දෙකක්, එක් ජාලයක්

විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය පාසල් දරුවන් ඉලක්ක කරන අතර සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම සේවා ස්ථාන සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.

උපදේශකයින් ඒවා ළමයින් අපයෝජනයෙන් ආරක්ෂා කිරීම සහ සමානාත්මතාවය මත පුද්ගලයින් රැකියාවට ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙවලම් ලෙස වර නංවයි. කෙසේ වුවද මෙම පියවරයන් ද්විත්වයම ගෝලීය අනන්‍යතා පාදක ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන් විසින් අරමුදල් සපයන සම්බන්ධීකරණ න්‍යාය පත්‍රයක කොටසක් වේ.

ඉලක්ක කණ්ඩායම් වැඩසටහනේ ප්‍රධාන අරමුණ

ළමයින් ඉලක්ක කර (පාසල්) විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය සහ ලිංගික අයිතිවාසිකම් සංකල්ප හඳුන්වා දීම එක් ප්‍රධාන අරමුණක් වේ. වැඩිහිටියන් ඉලක්ක කර (සේවා ස්ථාන) සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම LGBTQIA+ ප්‍රතිපත්ති රාමු සහ පුහුණුව ලබාදීම අනෙක් ප්‍රධාන අරමුණක් බවට පත්ව තිබේ.

කෙසේ වුවද මෙම මුලපිරීම් දෙකම එකම අරමුදල් ප්‍රභවයන්ගෙන් පැමිණෙන අතර පරම්පරා ගණනාවක් පුරා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය සාමාන්‍යකරණය කිරීම අරමුණු කර ගෙන ඇත. ඒ අනුව අධ්‍යාපනය ක්ෂේත්‍රය තුළ මෙම වැඩසටහන් හඳුන්වා දී දරුවන් හැඩගැස්වීම සහ සේවා ස්ථාන තුළ නිර්මාණය කරන සංස්කෘතිය හරහා වැඩිහිටියන් හැඩගැස්වීම සිදුකරනු ලබයි..

විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය දියත් කිරීම මගින් ඇතිවන බරපතල තත්වය

විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය වැඩසටහන් හඳුන්වා දුන් බටහිර රටවල් කිහිපයක දත්ත විශ්ලේෂණයේදී, ළමා මනස ලිංගිකකරණය කිරීම, යොවුන් වියේ ගැබ්ගැනීම් වැඩිවීම, මානසික සෞඛ්‍ය ගැටළු සහ සිසුන් අතර ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ව්‍යාකූලත්වයට ඇතිවීම දක්නට ලැබේ.

එක්සත් රාජධානිය, ස්වීඩනය, ෆින්ලන්තය, ප්‍රංශය සහ නෝර්වේ ඇතුළු සමහර යුරෝපීය ජාතීන් විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය  විෂයමාලාවල නැවත ඇගයීමට හෝ ආපසු හැරවීමට කටයුතු කර තිබේ.

“සංවර්ධිත රටවල් දැන් පසුබසින්නේ නම්, ශ්‍රී ලංකාව අන්ධ ලෙස ඉදිරියට යා යුත්තේ ඇයි?” යන බරපතල ප්‍රශ්නය අප හමුවේ පැන නැගී.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කාර්යභාරය ප්‍රශ්නකාරියි

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය සහ ප්‍රජනක සෞඛ්‍ය වැඩසටහන් දෙකෙහිම ප්‍රධාන ගෝලීය ආධාරකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.ඒ අනුව ශ්‍රී ලංකාවේ විෂයමාලා සංශෝධන ක්‍රියාවලියේ කොටස්කරුවෙකු ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කටයුතු කරන අතර, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට විදේශ මැදිහත්වීමේ ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්න මතු වන බව මෙමගින් තහවුරු වේ.

ළමා "ලිංගික ස්වාධීනත්වය" ප්‍රවර්ධනය කරන විදේශීය ආයතනයක් ශ්‍රී ලංකා පාසල් පෙළපොත් සැලසුම් කිරීමට ආධාර නොකළ යුතු බව ශ්‍රී ලාංකේය අද්‍යාපනඥයන් වටහාගත යුතුය. කෙටුම්පත් විෂය නිර්දේශයට ප්‍රවේශය හෝ එහි අන්තර්ගතය සමාලෝචනය කිරීමට අවස්ථාවක් දෙමාපියන්ට ලබා දී නොමැති වීම බරපතල  ප්‍රශ්නයකි.

ඒ අනුව ප්‍රධාන වශයෙන් බලධාරීන්ගේ වගවීම සම්බන්ධව ප්‍රශ්නකාරී තත්වයක් මතුවේ.

සිවිල් ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් නීති සම්පාදකයින්ගෙන් සහ අධ්‍යාපන බලධාරීන්ගෙන් කරුණු කිහිපයක් පිළිබන්දව පිළිතුරු ලබාදිය යුතු බව අවධාරණය කරනු ලබයි. ඒවා නම්,

1) ශ්‍රී ලංකාව එහි පවතින ලිංගික අධ්‍යාපන වැඩසටහන විදේශීය-නිර්මාණය කරන ලද විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය ආකෘතියකින් ප්‍රතිස්ථාපනය කරන්නේ ඇයි?

2) දේශීය විෂයමාලා නිර්මාණය සඳහා UNFPA හි මැදිහත්වීමට අවසර දුන්නේ කවුද?

3) දෙමාපියන්ගේ කැමැත්ත සහ සංස්කෘතික ආරක්ෂාව සහතික කිරීම සඳහා පවතින ආරක්ෂණ ක්‍රම මොනවාද?

4) විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය නුසුදුසු හෝ ලිංගිකව අන්තර්ගතයන්ට නිරාවරණය වීම වළක්වන්නේ කෙසේද?

5) විදේශ අරමුදල් කොන්දේසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට බලපාන්නේද?

ශ්‍රී ලංකාවේ දැනටමත් ජීව විද්‍යාව, සනීපාරක්ෂාව සහ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන ලිංගික අධ්‍යාපන විෂය මාලාවක් තිබේ. ඒඅනුව එම විෂය මාලාව වැඩිදියුණු කිරීම වෙනුවට එය ප්‍රතිස්ථාපනය කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සමාජය දැනගත යුතු මූලික ප්‍රශ්නයකි.

සේවා ස්ථාන සමානාත්මතාවය සහ ඇතුළත් කිරීමේ  වැඩසටහන් සමඟ ඇති අන්තර්සම්බන්ධතාවය

LGBTQIA ප්‍රචලිත කිරීම පන්ති කාමරවලින් ඔබ්බට විහිදේ. විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන එම පරිත්‍යාගශීලී ජාලයන් ආයතනික පරිසරයන් තුළ විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීමේ (DEI) වැඩසටහන් සඳහා අරමුදල් සපයන බවත්, සමාගම් සර්වනාම ප්‍රතිපත්ති, මිත්‍රත්ව පුහුණුව සහ අනන්‍යතා කෝටා මත පදනම්ව බඳවා ගැනීම් අනුගමනය කිරීමට දිරිමත් කරනු ලබයි.

අභ්‍යන්තර ප්‍රතික්‍රියා සහ ආයෝජන මත ප්‍රතිලාභ අඩුවීමෙන් පසු සමහර ජාත්‍යන්තර සමාගම් එවැනි වැඩසටහන් අඩු කර ඇති අතර, එම වැඩසටහන් රාමු දැන් අධ්‍යාපනය හරහා ළමුන් වෙත හරවා යැවීමේ අනතුර දැඩිව පැන නැගී ඇත.

පුළුල් සංස්කෘතික සහ ස්වෛරීභාවය පිළිබඳ ගැටළු

ගෝලීය සමානාත්මතාවය සහ අයිතිවාසිකම් පදනම් කරගත් අධ්‍යාපන පදනම් යටතේ සංස්කෘතික සම්මතයන් සහ පවුල් ව්‍යුහයන් නැවත සකස් කිරීමේ සම්බන්ධීකරණ උත්සාහයක මෙම පිරිස් නිරත වෙති.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතික රාමු දේශීය වශයෙන් තීරණය කළ යුතු ඒවා මිස ජාත්‍යන්තර ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හෝ මුල්‍ය ප්‍රදානයන් සලසන රජයන්ගේ කාර්යභාරයක් නොවේ.

“ළමුන් ආරක්ෂා කිරීම භීතිකාවක්" නොව “සදාචාරාත්මක සහ ව්‍යවස්ථාපිත යුතුකමක්”ක් බව අප අවධාරණය කරමු.

ආධාරකරුවන් සුරකින LGBTQIA වැඩසටහන් 

මේ අතර, විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය සහ සමානාත්මතාවය සහ ඇතුළත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් පෙනී සිටින ආධාරකරුවන්  එවැනි වැඩසටහන් ආරක්ෂාව, ඇතුළත් කිරීම සහ නවීන අධ්‍යාපන ප්‍රමිතීන් ප්‍රවර්ධනය කරන බවට ව්‍යාජ මත පතුරුවා හරිති. නමුත් මෙම මුලපිරීම් අපයෝජනය වැළැක්වීම, වෙනස්කම් කිරීම අඩු කිරීම යන ව්‍යාජයන්ට යටත්ව  ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් රාමු සමඟ පෙළගැස්වීම අරමුණු කර ගෙන තිබෙන බව හොඳින් පැහැදිළි වේ.

ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක

සාකච්ඡා තීව්‍ර වන විට, ශ්‍රී ලංකාව යෝජිත විස්තීර්ණ ලිංගික අධ්‍යාපන විෂය මාලාව සමඟ ඉදිරියට යනවාද නැතහොත් සංස්කෘතික වටිනාකම් සමඟ වඩාත් ගැලපෙන දේශීයව සංවර්ධනය කරන ලද ආකෘතියක් අනුගමනය කරනවාද යන මංසන්ධියට පැමිණ තිබේ.

ඒ අනුව අවදානමට ලක්ව තිබෙන්නේ, හුදෙක් අධ්‍යාපන ප්‍රතිපත්තිය පමණක් නොව පුද්ගලයෙකුගේ ළමා විය, පවුල් ව්‍යුහය සහ ජාතික ස්වෛරීභාවය බව තේරුම් ගත යුතුය. එමගින් පමණක් ජාතිය ගමන්ගත යුතු මග හෙළි පෙහෙළි කර ගත හැක.

ශෙනාලි වඩුගේ මහත්මිය විසින් රචිත   CSE for Kids. DEI for Adults. Same Funders. Same LGBTQIA Agenda ලිපිය ඇසුරින් සැකසුණි.

සැකසීම -  ජීවන්ත ජයතිස්ස 

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.
ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම නඩුව අවසන් කරගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව අමතමින් චෝදනාවක් එල්ල කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලමින් රොහින්ග්‍යා සරණාගතයෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබීමත් සමඟ ඒ පිටුපස සිටින බලවේග පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ පිවිසුම ආසන්නයේදී ඇමරිකානු Saildrone Explorer ඔත්තු බැලීමේ යානයක් විනාශ කළ බවයි. එම යානය මුහුදේ ගිනි ගනිමින් තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනද එම සංවිධානය විසින් නිකුත් කර තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ප්‍රධාන පුවත්

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.